විමුක්ති එස් රුද්‍රිගු
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ලබාදුන් පොරොන්දු කෙතරම් ප්‍රමාණයක් ඉටුකර ඇත්දැයි මැන බලන ”අනුර මීටරය” ජනතා අයිතියට පත්කළ බව වෙරිටේ රිසර්ච් ආයතනය ඊයේ (13) ප්‍රකාශ කළේය.
‘‘අනුර මීටරයෙන්” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපතිවරණයේදී ලබාදුන් ප්‍රධාන පොරොන්දු 22 ක ප්‍රගතිය මැනබලනු ඇති බවත් මන්ත්‍රී.එල්කේ වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් ”අනුර මීටරය” පරිශීලනය කළ හැකි බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. ජනතාව ඉහළ උනන්දුවක් දක්වන ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ මර්දනය, නීතිය හා සාමය, සහ සමාජ ආරක්ෂණය යන අංශයන් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදුන් පොරොන්දුවල ප්‍රගතිය ”අනුර මීටරයෙන්” මැන බලනු ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
”අනුර මීටරය” සඳහා ප්‍රධාන මුලාශ්‍ර තුනකින් තොරතුරු එකතු කරනු ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
”අනුර මීටරය” ජනතා අයිතියට පත්කරයි