IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


අනුරපුර දුම්රිය මාර්ගයේ සංඥා සහ විදුලි සංදේශ පද්ධතියකට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 2.5ක්

 


විමුක්ති එස් රුද්‍රිගු


අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා වැඩි දියුණු කරන ලද සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යාපෘතියේ පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක පමණ (ශ්‍රී ලංකා රුපියල් මිලියන 770ක්‍ පමණ) මුදලක් මුදා හැරි බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට සිදුකළ සංචාරය අතරතුරදී දියත් කළ බව මහා කොමසාරිස් කාර්යාලය පැවැසුවේය. ඩොලර් මිලියන 14.87 ක වටිනාකමකින් යුතු ව්‍යාපෘතිය ණයක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණත් පසුගිය දෙසැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාව සිදුකළ සංචාරයේදී එය ප්‍රදානයක් බවට පත් කෙරුණු බවද මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.



අදහස් (0)

අනුරපුර දුම්රිය මාර්ගයේ සංඥා සහ විදුලි සංදේශ පද්ධතියකට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 2.5ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site