IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘‘අන්‍යෝන්‍ය බදු”‍ සංශෝධනයේදී ලංකාවට විශේෂත්වයක්


විමුක්ති එස් රුද්‍රිගු


ඇමෙරිකාව ‘‘අන්‍යෝන්‍ය බදු”‍ ක්‍රමයට සිදු කළ සංශෝධනයේදී ශ්‍රී ලංකාවට විශේෂත්වයක් ලැබී ඇතැයි විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ඊයේ (10) ප්‍රකාශ කළේය.

අප්‍රේල් මාසයේදී පැනවීමට යෝජනා කළ සියයට 44 ක තීරු බද්ද, සියයට 30 දක්වා අඩුකර තිබෙන බවත් එය රටකට ලැබුණු ඉහළම බදු අඩු කිරීම බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. මෙය ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ඇති සාර්ථක ද්විපාර්ශවික සබඳතා වල සහ දෙරට අතර සිදුවූ සාකච්ඡා වල ප්‍රතිඵලයක් බවද හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සාකච්ඡා කළ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තුතියක් පිරිනමන බවත් ඇමෙරිකානු පරිපාලනයටද ස්තුතිවන්ත වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.



අදහස් (0)

‘‘අන්‍යෝන්‍ය බදු”‍ සංශෝධනයේදී ලංකාවට විශේෂත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site