IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අධ්‍යාපනයේ ඩිජිටල්කරණය වේගවත් කිරීමට චීනයෙන් ඩො.මි. 20 ක්

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා චීනයෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ක ප්‍රදානයක් ලබාදී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය ජනවාරි මාසයේදී සිදුකළ චීන සංචාරයේදී ඇති කරගත් ද්වී පාර්ශ්වික ගිවිසුමකට අනුව චීනය මෙම ප්‍රදානය ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.
රටපුරා අධ්‍යාපනය නවීකරණය කිරීම අරමුණ කරගත් ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමිවූවේය.
මෙම මුලපිරීම යටතේ තෝරාගත් පාසල් 500 ක් සම්පූර්ණ ‘ස්මාර්ට් පන්ති කාමර’ වලින් සමන්විත කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා පහසුකම් සහ ප්‍රමාණවත් තාක්ෂණික ප්‍රවේශය පිළිබිඹු කරන තක්සේරුවක් මත පදනම්ව විශේෂඥ කමිටුවක් හරහා පාසල් 500 තෝරා ගැනීම සිදුකර තිබිණි. එසේම මෙම ව්‍යපෘතිය මගින් ‘ඉසුරුපාය’ පරිශ්‍රයේ ජාල මෙහෙයුම් කළමනාකරණ ඒකකයක්, මැදිරි කාමරයක් සහ සම්මන්ත්‍රණ ශාලාවක් ස්ථාපිත කිරීමට නියමිතය.



අදහස් (0)

අධ්‍යාපනයේ ඩිජිටල්කරණය වේගවත් කිරීමට චීනයෙන් ඩො.මි. 20 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site