සිසු දරුවන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන ඔවුන්ගේ ඉලක්ක සපුරාලීම උදෙසා වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම විදහා දක්වමින් උසස් අධ්‍යාපනය හදාරන සිසුන් අතර අධ්‍යාපනික ණය යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කිරීමට බැංකුව, ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනය (APIIT) සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.
මෙම ගිවිසුම යටතේ කොමර්ෂල් බැංකුව විසින් APIIT හි සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපනික අභිලාශ ඉටුකර ගැනීම වෙනුවෙන් ආකර්ෂණීය සහ දැරිය හැකි ණය පහසුකම් ලබා දෙනු ඇත. බැංකුවේ අධ්‍යාපනික ණය හරහා රුපියල් මිලියන 10ක උපරිමයකට යටත් ව පාඨමාලා ගාස්තුවෙන් සියයට 90ක් දක්වා ආවරණය කරන අතර විකුණුම් මිලෙන් සියයට 100ක් දක්වා ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා රුපියල් මිලියනයක් දක්වා ණය පහසුකම් ලබා දේ. තවද, වසර දෙකක් දක්වා සහන කාලයක් සහ ලියකියවිලි ගාස්තු සඳහා සියයට 50ක් දක්වා නිදහස් කිරීමක් ද සිසුන්ට ලැබෙන බව බැංකුව පවසයි.
APIIT ආයතනය පරිගණක, ව්‍යාපාර, නීතිය සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල ඩිප්ලෝමා, උපාධි සහ පශ්චාත් උපාධි පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකි. එය එක්සත් රාජධානියේ ස්ටැෆර්ඞ්ෂයර් විශ්ව විද්‍යාලය සහ මැලේසියාවේ ආසියා පැසිෆික් තාක්ෂණ හා නවෝත්පාදන විශ්ව විද්‍යාලය සමග අනුබද්ධිත ය.
මෙම සහයෝගීතාවෙන් සිසුන්ට තමන් තෝරාගත් අධ්‍යන ක්ෂේත්‍රවල තම අධ්‍යාපන කටයුතු මූල්‍යමය අතින් වඩාත් නම්‍යශීලීව ඉටුකර ගැනීමට අවස්ථාව ලබා දීමෙන් මනා කුසලතාවලින් හෙබි ශ්‍රම බළකායක් අනාගතයට බිහි කිරීමට දායක වනු ඇත.
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ.
අධ්‍යාපනික ණය පහසුකම් පුළුල් කිරීමට කොමර්ෂල් බැංකුව APIIT ශ්‍රී ලංකා සමග හවුල්වෙයි