IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


අති නවීන කෙසෙල් පටක රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක්

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික සහාය
විමුක්ති එස්. රුද්‍රිගු
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික සහාය ඇතිව, උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහජන චීන සමූහාණ්ඩුව සමග එක්ව උතුරුමැද පළාතේ මහඉලු‍ප්පල්ලම පිහිටි සේවාස්ථ පුහුණු ආයතනයේදී අති නවීන කෙසෙල් පටක රෝපණයට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් විවෘත කර ඇත.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහාය ඇතිව ස්ථාපිත කර ඇති මෙම රසායනාගාරය ඔස්සේ, උතුරුමැද, උතුර සහ වයඹ පළාත්වල ගොවීන්ට උසස් තත්වයේ කෙසෙල් පටක රෝපණ ද්‍රව්‍ය සපයනු ඇත.
මෙම පහසුකම මෙමගින් රෝගවලින් තොර, ඉහළ අස්වැන්නක් ලබාගත හැකි කෙසෙල් රෝපණ ද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු වනු ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කළේය. එමගින් නිෂ්පාදකයන්ට ඵලදායිතාව, ගුණාත්මකභාවය සහ ලාබදායීත්වය වැඩිදියුණු කරගැනීමට හැකියාව ලැබෙන බව එම සංවිධානය පැවැසුවේය.



අදහස් (0)

අති නවීන කෙසෙල් පටක රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site