
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ
ශ්‍රී ලාංකේය තේ කලාව නව මානයකට ගෙන යමින් ලෝකය පුරාම සිලෝන් ටී නාමය ප්‍රචලිත කිරීමට අමිල මෙහෙයක නිරතවී සිටින පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ 15 වැනි සැමරුම් උත්සව මාලාව වත්මන් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ අනුර අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා එම තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණි.
හෙළ තේ කෙතට මේ මහා තේ කර්මාන්ත ශාලාව දායාද කළ එහි නිර්මාතෘ සහ ආරම්භක සභාපති ඩී.ඩබ්ලිව්.අතුකෝරළ මහතා දිවංගතවී එදිනට පහළොස් වසක් සපිරීම වස් එදින පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා දිනය ලෙස නම්කර තිබුණි.
එම සැමරුම් උත්සවය ආරම්භ කරමින් පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා සමූහයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ අනුර අතුකෝරළ මහතා සහ ප්‍රධාන උපදේශිකා කරුණා මහීපාල මහත්මිය ,අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ සේවක පිරිස ඩී.ඩබ්ලිව්.අතුකෝරළ ස්මාරකයට එදින (4) පුෂ්පෝපාහාර දැක්වූහ.
ඉන් අනතුරුව ඩී.ඩබ්ලිව්.මහතා අනුස්මරණය කරමින් මහා සාංඝික දානමය පින්කමක් සහ පැන් වැඩීමක් පැවැත්විණ. සිය කර්මාන්ත ශාලාව දිනෙන් දිනම දියුණු කිරීමට ඇපකැපවූ සේවක, සේවිකාවන් ඇගයීමද මීට සමගාමීව සිදු කෙරිණ.
අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ 15 වැනි සැමරුම් උළෙල දා