IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


අතුකෝරළ ග්‍රීන් ටී වෙළෙඳපොළට

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ


පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවෙන් දියවැඩියාව වැනි බෝනොවන රෝගවලට ගුණදායක ලෙස නිෂ්පාදනය කෙරුණු අලු‍ත්ම නිෂ්පාදනයක් වන අතුකෝරළ ග්‍රීන් ටී වෙළෙඳපොළට හඳුන්වාදීමේ උත්සවයක් එම තේ කර්මාන්ත ශාලාවේ සභාපති, විධායක අධ්‍යක්ෂ අනුර අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
එහිදී පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කෙරුණු පළමු අතුකෝරළ ග්‍රීන් ටී තේ නිෂ්පාදනය එම කර්මාන්ත ශාලාවේ සභාපති හා විධායක අධ්‍යක්ෂක අනුර අතුකෝරළ මහතාගේ මව වන කරුණාවතී මහීපාල මහත්මියට ඒ මහතා අතින් පිළිගැන්වීම කැපී පෙනුණි.
සිය නව තේ නිෂ්පාදනය අනෙක් තේ නිෂ්පාදන මෙන් දේශීය වෙළෙඳපොළ ජය ගෙන විදෙස් වෙළෙඳපොළට ද හඳුන්වාදී මෙරටට ඩොලර් ගෙන එන නිෂ්පාදනයක් ලෙස මුළු ලොව පුරාම ව්‍යාප්ත කරන බව පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ සභාපති අනුර අතුකෝරළ මහතා පැවසීය.    



අදහස් (0)

අතුකෝරළ ග්‍රීන් ටී වෙළෙඳපොළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site