IMG-LOGO

2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා


අංජලී මුණසිංහ CIPR International හි ලේකම් ධුරයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන ආයතනයක් වන Mark and Comm ආයතනයෙහි Manager, PR & Social Intelligence ලෙස කටයුතු කරන අංජලී මුණසිංහ, මහජන සම්බන්ධතා පිළිබඳ වරලත් ආයතනයේ (CIPR) ජාත්‍යන්තර ආයතනය වන CIPR International හි ලේකම් ධූරය සඳහා පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන ගණනාවක මහජන සබඳතා, ගිණුම් කළමනාකරණය සහ මාධ්‍ය නිරීක්ෂණය සම්බන්ධව වසර දහයකට අධික පළපුරුද්දක් ඇය සතුව පවති අතර, මේ වනවිට ඇය Mark and Comm ආයතනයෙහි කටයුතු කරමින් සිටියි. Mark and Comm  ආයතනය හා සම්බන්ධ වීමට පෙර ඇය AdFactors PR Sri Lanka ආයතනයේ Consultant, Digital Reputation Management ලෙස සේවාදායකයන් වෙත කාලෝචිත හා ප්‍රායෝගික අවබෝධය ලබාදීමට තත්‍ය කාලීන මාධ්‍ය බුද්ධි තොරතුරු හා විශ්ලේෂණ කටයුතු සිදු කරන ලදී. ඊට පෙර ඇය MullenLowe ශ්‍රී ලංකා ආයතනයෙහි Manager, Public Relations ලෙස ද කටයුතු කළාය.

ඇය social listening, crisis communications, sentiment analysis සහ real time media monitoring විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන අතර, ජාතික මාධ්‍ය වෙත ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇය සිය දායකත්වය අඛණ්ඩව ලබාදෙයි.

CIPR International යනු මහද්වීප පහක් පුරා සිටින මහජන සබඳතා වෘත්තිකයන් සම්බන්ධ කරන, සාමාජිකයන් 1,000 කට පමණ ආසන්න සංඛ්‍යාවකින් සමන්විත, මහජන සම්බන්ධතා පිළිබඳ වරලත් ආයතනයේ  (CIPR) විශේෂිත ක්ෂේත්‍ර නියෝජනය කරන කණ්ඩායමකි.  Mark and Comm හි කළමනාකාර අධ්‍යක්ෂ තාන්සිල් තාජුඩීන් මහතා ද CIPR International කමිටුව නියෝජනය කරන අතර ඇය එම ආයතනය සහ කමිටුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පත්වන දෙවැනි පුද්ගලයා බවට පත්වෙයි.

 



අදහස් (0)

අංජලී මුණසිංහ CIPR International හි ලේකම් ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site