IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


අගෝස්තුවේ උද්ධමනය සියයට 1.5 ක් දක්වා ඉහළට

අගෝස්තු මාසයේදී මෙරට ජාතික උද්ධමනය සියයට 1.5 ක් දක්වා ඉහළ ගිය බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව අගෝස්තු මාසයේ මෙරට ලක්ෂමය මතුපිට උද්ධමනය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මෙම කරුණු සඳහන් කරයි. පසුගිය ජූලි මාසයේදී ජාතික උද්ධමනය සියයට 0.7 ක අගයක් ගෙන තිබුණි. 
මෙහිදී ජූලි මාසයේදී සියයට 2.2ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 2.9ක් දක්වා ඉහළ නැග තිබේ. එසේම ජූලි මාසයේදී සියයට -0.6ක් වූ ආහාර නොවන කාණ්ඩයද අගෝස්තු මාසයේදී සියයට 0.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

 



අදහස් (0)

අගෝස්තුවේ උද්ධමනය සියයට 1.5 ක් දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site