සෙලාන් බැංකුව මෙරට විශාලතම ජාත්‍යන්තර රථවාහන හා රථවාහන උපාංග ප්‍රදර්ශනය වන Colombo Motor Show ප්‍රදර්ශනය සමග පවත්වාගෙන දීර්ඝකාලීන සමීප හවුල්කාරීත්වයෙහි තවත් පියවරක් සනිටුහන් කරමින්, අඛණ්ඩව 8 වැනි වරටත් එහි නිල බැංකු හා ලීසිං සහකරු ලෙස කටයුතු කරයි. බොහෝ දෙනකු ඉමහත් උනන්දුවෙන් බලා සිටින ප්‍රදර්ශනයක් වන මෙහි 2025 අදියර නොවැම්බර් 21, 22 සහ 23 යන දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන Colombo Motor Show මෙවරත් ලොව නවතම මෝටර් රථ, උපාංග, අමතර කොටස්, ලිහිසි තෙල්, ටයර්, බැටරි සහ වෙනත් නිෂ්පාදන හා සේවා ප්‍රදර්ශනය කරන වෙළෙඳ කුටි 200 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වනු ඇත.
නිල බැංකු හා ලීසිං සහකරු ලෙස මෙම ප්‍රදර්ශනයට සහභාගී වෙමින්, නරඹන්නන්ට පුළුල් පරාසයක පැතිරුණු සේවා හා ප්රතිලාභ පිරිනැමීමට සෙලාන් බැංකුව බලාපොරොත්තු වෙයි. ආකර්ෂණීය ලීසිං පහසුකම්, ස්ථානීය ලීසිං තක්සේරු සේවා, පිරිසැකසුම් ගාස්තු සඳහා විශේෂ වට්ටම් සහ විශේෂ පොලී අනුපාත ආදිය ඊට ඇතුළත් වේ.
අඛණ්ඩව 8 වැනි වරටත් Colombo Motor Show නිල බැංකු හා ලීසිං සහකරු සෙලාන් බැංකුව