
සිංගර් ශ්‍රී ලංකා සමාගම, 2026 SLIM-KANTARජනතා සම්මාන උළෙලේදී සුවිශේෂී ජයග්‍රහණ තුනක් හිමිකර ගනිමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නට සමත්ව ඇත. ලාංකේය පාරිභෝගිකයන්ගේ විශ්වාසය නැවතත් පෙන්නුම් කරමින් අඛණ්ඩව 20 වැනි වරටත් ‘වසරේ ජනප්‍රියම සන්නාමය‘ ලෙස කිරුළු පළඳින්නට සිංගර් සමාගම සමත් විය.
මෙවර සම්මාන උළෙලේදී සිංගර් සමාගම වසරේ ජනප්‍රියම සන්නාමය, වසරේ තාරුණ්‍යයේ සන්නාමය සහ වසරේ ජනප්‍රියම පාරිභෝගික භාණ්ඩ සන්නාමය යන ගෞරවනීය සම්මාන තුනෙන්ම පිදුම් ලැබීම ද විශේෂත්වයකි. මෙම සුවිශේෂී ඇගයීමෙන් පරම්පරා ගණනාවක් පුරා ලාංකිකයන් සහ සිංගර් සන්නාමය අතර ගොඩනැගී ඇති සුවිසල් සබඳතාව මෙන්ම සිංගර් සන්නාමය කෙරෙහි ඇති නොවෙනස් විශ්වාසය ද මැනවින් පිළිඹිබු වේ.
වසර 20ක් මුළුල්ලේ ලැබූ මෙම ඇගයුම, සන්නාමයේ ශක්තිය පිළිබඳ මනා සාක්ෂියක් පමණක් නොව, තම එදිනෙදා ජීවිතයේ නොවරදින තේරීමක් ලෙස අඛණ්ඩව සිංගර් තෝරාගත් මිලියන ගණනක් පාරිභෝගිකයන්ගේ ජයග්‍රහණයක් ද වේ. දශක දෙකක් පුරා ලාංකිකයන් මෙම සන්නාමය කෙරෙහි සිය විශ්වාසය තබමින් එය තමන්ගේ නිවෙස්වලට, පවුල්වලට සහ අවශ්‍යතා සඳහා හවුල් කරගත් පවුලේ සන්නාමයක් ලෙස ද හැඳින්විය හැකිය.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පැවසීය. ”මෙම ඇගයීම වසර ගණනාවක් පුරා අප සමඟ රැඳී සිටි මිලියන සංඛ්‍යාත ලාංකිකයන්ට කරන උපහාරයක් සේ මා හඳුන්වන්නට කැමැතියි. අඛණ්ඩව 20 වැනි වරටත් වසරේ ජනප්‍රියම සන්නාමය ලෙස නම් කිරීම නිහතමානී ආඩම්බරයක් මෙන්ම අපට ලැබුණු විශාල දිරිගැන්වීමක්. එය අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති දැවැන්ත විශ්වාසයේ පිළිබිඹුවක් වන අතරම, ඔවුන්ගේ එදිනෙදා ජීවිත සුවපහසු කරන්නට අප තෝරා ගැනීම ගැන අපි සැබවින්ම ස්තූතිවන්ත වෙනවා. මෙම සුවිශේෂී ජයග්‍රහණය, අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් වැඩි වටිනාකම්, නවෝත්පාදන සහ අපගේ විශිෂ්ට සේවා රැස අඛණ්ඩව ලබා දීමට අපව තවදුරටත් දිරිමත් කරනවා.”
අඛණ්ඩව 20වැනි වරටත් ‘වසරේ ජනප්‍රියම සන්නාමය‘ සිංගර්