IMG-LOGO

2026 ඔක්තෝබර් මස 01 වන බ්‍රහස්පතින්දා


අඛණ්ඩව හයවැනි වසරටත් සියැට් කැලණි Fitch AA+ ශ්‍රේණිය රඳවා ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස්  ^CKH&  සමාගමට ෆිච් රේටින්ග්ස් ආයතනය අඛණ්ඩව හයවන වසරටත් AA+^ika& ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම, ‘ස්ථාවර දැක්ම’ Stable Outlook&තහවුරු කර ඇත. සමාගමේ අඛණ්ඩ මූල්‍ය ස්ථාවරත්වය සහ ශ්‍රී ලංකාවේ වායු පිරවූ ටයර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ තිරසාර නායකත්වය මෙයින් තවදුරටත් තහවුරු වෙයි. 

zAA+^ika&Z ශ්‍රේණිගත කිරීම ෆිච් ලබා දෙන දෙවන ඉහළම ජාතික ශ්‍රේණිගත කිරීම වන අතර මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ඉතා ශක්තිමත් ධාරිතාවක් පිළිබිඹු කරයි. මිල වෙනස් වීම් සහිත ඉහළ තරඟකාරී වෙළෙඳපොළවලට සමාගමේ නිරාවරණය වීම ද පෙන්වා දෙමින්, ශ්‍රේණිගත කිරීම පිළිබඳව ෆිච් පැවසුවේ දේශීය වායුමය ටයර් නිෂ්පාදන අංශයේ CKH සමාගම ස්ථාපිත කරගෙන ඇති නායකත්වය සහ ඔරොත්තු දෙන මූල්‍ය පැතිකඩ සමාගම සතු ප්‍රධාන ශක්තීන් වන බවයි.

ඉහළ යන යෙදවුම් පිරිවැය සහ ආනයනික ටයර් නිසා තීව්‍ර වන තරගකාරීත්වය මධ්‍යයේ වුව ද, CKH සිය වෙළෙඳපොළ ස්ථානය පවත්වා ගනු ඇතැයි ෆිච් අපේක්ෂා කරන බව නිවේදනය කර ඇත. ඉපැයීම් අඩු වන අවස්ථාවල සහ ඉහළ ආයෝජන අවශ්‍යතා තිබියදීත් සමාගම ප්‍රමාණවත් ණය තත්ව පවත්වා ගනු ඇතැයි ද ෆිච් අපේක්ෂා කරයි.

මෙම නවතම ශ්‍රේණිගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැලණි හෝල්ඩිංග්ස් සභාපති චානක ද සිල්වා මහතා මෙසේ පැවසීය. “ණය ශ්‍රේණිගත කිරීමක් යනු හෙට දවස සඳහා තම අභිලාෂ් ඉටු කර ගැනීමට මූල්‍යමය වශයෙන් සන්නද්ධව සිටින අතරතුර, අද දින නිවැරදි තීරණ ගැනීමට සමාගමකට ඇති හැකියාව පිළිබඳ විශ්වාසයේ මිනුමකි. සියැට් කැලණි මෙම ශ්‍රේණිගත කිරීම අඛණ්ඩව පවත්වා ගැනීම මගින් විනයගරුක භාරකාරත්වය, මෙහෙයුම් අනුවර්තනය කිරීමේ හැකියාව සහ ව්‍යාපාරයේ දිගුකාලීන ශක්තිය මත ආයෝජනය කිරීම කෙරෙහි අප තබන වැදගත්කම තවතවත් ශක්තිමත් කරයි. අපගේ සියලුම පාර්ශවකරුවන් වෙනුවෙන් තිරසාර වටිනාකමක් නිර්මාණය කළහැකි ශක්තිමත්, වඩා තරගකාරී හා බොහෝ හැකියාව සහිත නිෂ්පාදන සමාගමක් ගොඩනැගීම වෙනුවෙන් අපගේ අවධානය යොමු කර සිටින්නෙමු.”

 



අදහස් (0)

අඛණ්ඩව හයවැනි වසරටත් සියැට් කැලණි Fitch AA+ ශ්‍රේණිය රඳවා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site