IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


හාලිඇල හොල්මන් බංගලාව

ජනතා වතු සංවර්ධන මණ්ඩලය අපේ රටේ තේ වතු පාලනය කළ සමයේ බදුල්ල කාර්යාලය යටතේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ තේ වතු 52ක් තිබුණි. හාලිඇල දික්වැල්ල වත්ත ඉන් එකකි. හාලිඇල සිට ඇටම්පිටිය දක්වා විහිදුන එම තේ වත්තේ ඞීන්ස්ලන්ඞ් කොටස පිහිටා ඇත්තේ ඇටම්පිටිය නගරයට නුදුරිනි. මා ජනවසම බදුල්ල ප‍්‍රධාන කාර්යාලයේ සේවය කළ කාලේ දික්වැල්ල වත්තට ගිය නමුත් ”ඞීන්ස්ලන්ඞ්” බංගලාව ගැන දැන ගන්නට ලැබුණේ වතු පාලකයෙකු වන ඇටම්පිටියේ නන්දන විජේවර්ධන මහතාගෙනි. ඔහු පැවසූ අන්දමට දුරාතීතයේ ඞීන්ස්ලන්ඞ් වත්ත ඞීන් නමැති මහත්මයෙකුට අයත්ව තිබූ පුද්ගලික තේ වත්තකි. පාවහන් පිටරටින් ආනයනය කළ සමයේ එහි නියෝජිතයෙකු ද වූ ඞීන් මහතා ධනවතෙකි. ඔහු ජීවත්වූ බංගලාව තේ වත්ත මධ්‍යයේ පිහිටි අතර එහි නම වූයේ ”ඞීන්ස්ලන්ඞ්” බංගලාවයි. මෙය එදවස විවිධ මල් වර්ග මෙන්ම සරුසාර එළවළු වගාවකින් ද සමන්විත විය. මල් බලන්නට දුර ප‍්‍රදේශවලින් පවා පැමිණ ඇත්තේ මෙම බංගලාවටය. සිංහ කටින් වතුර වැටෙන නාන තටාකය බංගලාවට පහළින් නිර්මාණය කර තිබිණ. සෙල්මුවා පියගැට පෙළකින් නාන තටාකයට යන පාරේ දෙපස මල් වැල්ය. පළතුරුය. පෙයාස් වගාව ද සරුය. බංගලාවට නුදුරින් තේ කම්හල පිහිටියේය. ඉඩම් රජයට පවරා ගැනීමේ වැඩ සටහන යටතේ ඞීන් මහතාගේ තේ වත්ත පමණක් නොව මේ බංගලාව ද රජයට පවරාගෙන පාලනය ජනවසමට ලබා දුන්නේ දික්වැල්ල වත්තේ කොටසක් ලෙසට යා කරමිනි. ඒ වන විට ඞීන් මහතා වයෝවෘද්ධව සිටියේය. දරුවන් ද නොවීය. ජනවසමට ගැනීමෙන් පසු මෙම බංගලාවේ සහකාර වතු අධිකාරිවරු මෙන්ම ජනවසම ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද වරින් වර මෙය නිල නිවාසය කර ගෙන විසූහ. මෙසේ තිබිය දී දේශපේ‍්‍රමී භීෂණ සමය උදා වූයේ ඌව පළාතට ද භීතිය කැඳවමිනි. තේ කම්හල් 8ක් ද ගිනිබත් විය. මා සේවය කළ බදුල්ල හිඟුරුගමුව පිහිටි ජනවසම බදුල්ල ප‍්‍රධාන කාර්යාලය ද උදෑසන අප සේවයට යන විට අළුවී තිබිණ. එය සිවු මහල් තේ කම්හල් ගොඩනැගිල්ලක ස්ථාපනය කර තිබිණ. බෞද්ධ භික්ෂූන් වහන්සේලා 11 නමක් ඇතුළු ප‍්‍රදේශයේ විශාල පිරිසක් ඝාතනයට ලක් වූහ. දිවයිනේ කීර්තිමත් දේශපාලනඥයකු වූ එවකට ඌව පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා වූ පර්සි සමරවීර මහතාගේ නුගතලාව නිවසට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූයේ ද මේ කාලයේදීය. ජනේලයකින් එල්ල කළ මේ බෝම්බ ප‍්‍රහාරයෙන් පර්සි සමරවීර මහතාගේ කකුලකට තුවාල සිදුවූ අතර කාන්තාවන් දෙදෙනෙක් සුළු තුවාල ලැබූහ. ඉන් පසු වැඩි ආරක්ෂාව සඳහා පර්සි සමරවීර මහතා දැඩි රැුකවල් මැද ඞීන්ස්ලන්ඞ් බංගලාව් ජීවත් විය. පර්සි සමරවීර මහතා ළඟ වසර 15ක් රියදුරෙකු ලෙස සේවය කළ ඞී.ඒ. සේරසිංහ පැවසුවේ, බෝම්බ ප‍්‍රහාරය මෙහෙයවා තිබුණේ ඊට පෙරදා මහ ඇමැතිවරයා සමඟ සුහදව කතා කරමින් සිට ගිය පුද්ගලයෙකු බවයි. ලැබුණු තොරතුරක් මත එයා අත්අඩංගුවට ගත්තා. මහ ඇමැතිතුමා ළඟට ගෙනාවට පස්සේ මහ ඇමැතිතුමා එයාගෙන් විස්තර ඇහුවා. ඊට පස්සේ කිව්වා, එයා මුදා හරින්න කියලා. එයා දැන් වැලිමඩ පැත්තේ හොඳට ජීවත් වෙනවා. මහ ඇමැතිතුමා නම් කාගෙන්වත් පළි ගත්තේ නැහැ,” යැයි ද සේරසිංහ කීවේය. පර්සි සමරවීර මහතා පසු කලෙක අභාවප‍්‍රාප්ත වීමෙන් පසු මෙම බංගලාවේ සුළු කාලයක් ඌව පළාත් සභා පුහුණු ආයතනයක් පවත්වාගෙන ගොස් තිබේ. පස්සර සැල්ගහතැන්නේ පුහුණු කළමනාකරණ ඒකකය විවෘත කිරීමෙන් පසු මෙම බංගලාව විනාශ වන්න පටන්ගෙන තිබේ. දොර ජනෙල් බිත්තිවල ගල් පමණක් නොව වැසිකිළි උපකරණ ද ගලවා ගෙන යාමට කම්කරුවන් කටයුතු කර ඇත්තේ පාළු ගෙයි වළං බිඳින්නට අවසර නොගත යුතු නිසාය. මෙසේ පාළුවට ගිය බංගලාවේ හොල්මන් ඇතැයි රාවයක් පැතිර ගියේය. කෙසේ නමුත් මෙය දිගුකාලීන කුලී පදනමක් යටතේ දැන් ලබාගෙන ඇත්තේ ඌව පළාත් සභාවේ අමාත්‍යවරයෙක් වන සෙන්දිල් තොණ්ඩමන් මහතාය. එම ගිවිසුම වන්නේ අලූත්වැඩියා කටයුතු ඔහු විසින් කරන අතර මාසික කුලියෙන් අලූත්වැඩියා වියදම මාසිකව අඩු කිරීමටය. කරන ලද වියදම බැලූවාම ඒක අඩු කරගන්න අවුරුදු තිහ හතළිහක් ඉන්න වේ යැයි තොණ්ඩමන් මහතා කීවේ ජයග‍්‍රාහි සිනාවක් පාමිනි. බිත්ති පවා කඩා වැටිලා, දොර ජනෙල් හොරු අරන් ගිහින්. මේක පාළුවට ගිහින් තිබුණේ. හොල්මන් බංගලාවක් කියලයි ප‍්‍රසිද්ධ වෙලා තිබුණේ. මම කුලී පදනමක් යටතේ වතු සමාගමෙන් ලබා ගත්තා. ගිවිසුම අනුව මම බංගලාව ඇතුළත මුළුමනින්ම නවීකරණය කළා. ආරුමුගම් තොණ්ඩමන් ඇමතිතුමත් මෙහේ ඇවිත් ඉන්නවා. හිතවත් දේශපාලනඥයන් කීප දෙනෙකුත් නිවාඩුව ගත කරලා තියෙනවා. හැබැයි එතකොට ආරක්ෂකයන් ඇතුළු විශාල පිරිසක් ඉන්න නිසා බයක් නැහැ. හොල්මන් නැහැ. නමුත් තනිවම කවුරුවත් මේකේ ඉන්නෙ නැහැ. බංගලාව බලා ගන්න දෙන්නෙක් ඉන්නවා. ඒ ගොල්ලත් ඉන්නෙ බංගලාව පිටින් තියෙන ගොඩනැගිල්ලේ. ඒකේ හිටියත් හොල්මන් වෙනවා කියල ඒ දෙන්නා කියනවා, යැයි සෙල්දිල් තොණ්ඩමන් කීවේ තවත් කොටසක් සඟවා ගෙනය. ඒ තොරතුරු දැන ගැනීමට ඇතිවූ ආශාව නිසා අපි රජීව් හා සසිකුමාර් නමැති එම සේවකයන් හමු වුනෙමු. රජීව් මෙසේ කීවේය. ඔව්, මමයි මූර්තියි තමයි බංගලාව බලා ගන්නේ. දවල් කාලෙට නම් අපි බංගලාවට යන්න බය නැහැ. හැබැයි රෑට නම් බයයි. අපි දෙන්නා ඉන්නෙ බංගලාවට පිටින් තියෙන කාමරයක. එහෙම හිටියත් සමහර දවසට හීනෙන් අපි බය වෙනවා. ශබ්ද ඇහෙනවා. කෑගහන ශබ්ද, හයියෙන් හඬා වැටෙන ශබ්ද, කෙඳිරිගාන ශබ්ද, මේ වගේ ශබ්ද ඇහුනම අපි දෙන්නා බදාගෙන එළි වෙනකම් අවදියෙන් ඉන්නවා. සිකුරාදා හා අඟහරුවාදා දිනවල මේ වගේ සිද්ධි වැඩියි. සමහර දවසට හෝන් ශබ්ද ඇහෙනවා. ඇමැතිතුමාවත් ඇවිල්ලද කියල බලන්න අපි එළියට බැහැල බැලූවම කවුරුවත් නැහැ. සවස 6න් පසු පිටින් කිසි කෙනෙක් එන්නෙ නැහැ. මහ තොණ්ඩමන් ඇමැතිතුමා එන කොට නම් තිහ හතළිහක් විතර ආරක්ෂාවට එනවා. ඒ සමහරු එළි වෙනකම් මුර කරන නිසා එදාට නම් බය නැහැ. සෙන්දිල් ඇමැතිතුමා ආවත් ඉන්නේ ලොකු පිරිසක් එක්ක. එතකොටත් බය නැහැ. තනියම නම් කවුරුවත් ඉන්නේ නැහැ. අපිටත් වඩා හොල්මන් ගැන දන්නේ සින්නයියා, යැයි රජීව් කිව් නිසා අපි සින්නයියා පිල්ලේ රංජිත් හමු උනෙමු. ඔව් සර්, හොල්මන් ඉන්නවා. දවසක් මම දැක්කා ලොකු ඇඟක් තියෙන ගෑනියෙක් ලේ පෙරාගෙන එනවා. ඒ දැකලා බය උණ මම ක්ලාන්තය දාලා වැටුණා. ඊට පස්සේ ලෙඩ වෙලත් හිටියා. ”මම මේ ළඟම ගෙදරක ඉන්නේ. භීෂණ දවස්වල ඉඳලම බංගලාව ගැන දන්නවා. මේකේ වදකාගාරයක් තිබුණා. හැබැයි වෙඩි ශබ්ද ඇහුනේ නැහැ. කෑගහන ශබ්ද ඇහුනා. සමහර දාට ලේ සෝදන්න උණෙත් මට. මේ කාරණාවලින් පස්සේ තමයි හොල්මන් ඇති උණේ.” ඔහු තවත් බිහිසුණු අත්දැකීම් රැසක් අපට කීවේය. මෙම හොල්මන් බංගලාවේ දේශපාලකයන් කිහිප දෙනකු නිවාඩුව ගත කර ඇති නමුත් ඔවුන් ද පැමිණ ඇත්තේ ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙනය. එනිසා ඔවුන් ද හොල්මන් දැක නැති බව කියති. බංගලාවේ ඇතුළත සියලූ සුඛෝපභෝගී අංගයන්ගෙන් සන්නද්ධව අලූත්වැඩියා කර ඇති නමුත් ජරාවාස වී පාළුවට ගිය නාන තටාකය හා බංගලාව ඉදිරියේ ඇති පොකුණ මෙන්ම නාගයන් සහිත හුඹස් දෙක මවා පාන්නේ අද්භූත සිතුවිලිය. හුඹස් තුනක් තිබුණා. අපි එකක් කඩල දැම්මා. ඉතිරි දෙක කඩන්න බයයි. විශාල නාගයන් ඉන්නවා. සමහර දාට බංගලාව ළඟටම නාගයා එනවා. එතකොට අපිට දෙවියන් සිහි වෙනවා, යැයි ද සේවකයෝ කියති. විද්‍යාත්මක මතය වන්නේ හොල්මන යනු මනසෙහි ඇති වන චංචලභාවයයි. කෙසේ නමුත් මෙහි සිදුවූ බව කියන බිහිසුණු සිද්ධි ගැන ඇසුන විට මනස පමණක් නොව පපුව ද නොගැස්සී තබා ගත නොහැකි තරම්ය.

සටහන, ඡායාරූප: බදුල්ලේ පාලිත ආරියවංශ
ඞීන්ස්ලන්ඞ් බංගලාව බංගලාවට පිවිසෙන ගේට්ටුව නාන තටාකය පොකුණ තුඹස සෙන්දිල් තොණ්ඩමන් සින්නයියා ශෂි කුමාර් රාජු නන්දන



අදහස් (0)

හාලිඇල හොල්මන් බංගලාව

ජානුත් Sunday, 02 December 2012 07:59 AM

අපේ ගමෙත් තියෙනවා හොල්මන් බංගලාවක් අවිස්සාවේල්ලේ (දී)

:       0       0

මුතු Thursday, 29 November 2012 07:21 PM

මටනම් මේවා අහද්දි දකිද්දි හොල්මන් වගේ (ස)

:       0       0

පවිත්‍රා Sunday, 09 December 2012 01:48 PM

මේකනම් ඇත්තටම හරිම පුදුමයි (ස)

:       0       0

අසංග Thursday, 29 November 2012 08:39 AM

ම‍ටනම් මේ කතාව විශ්වාස කරන්න බෑ (ස)

:       0       0

සේරිෆ් Thursday, 29 November 2012 10:01 PM

හොල්මන් කියන දේ ඇත්තක්ද (දී)

:       0       0

ශ්‍රී... Monday, 26 November 2012 01:50 PM

ඔය කතා ඇත්තනම්...., එහෙම වෙන එක ගැන පුදුමයක් නැහැ.... අපි හැමෝටම හොල්මන් අවතාර නොපෙනුන පළියට ඒවා නැහැයි කියලා බැහැර කරන්න බැහැ.............. (දී)

:       0       0

විජය විමල හිමි Monday, 24 December 2012 12:24 PM

ප්‍රතිසංස්කරණය කරන දවස්වල ගැටළුවක් වෙලා නෑ වගේ. කුමක් හෝ එහි සිදුවන බවනම් නොවලහා හැගී යයි (ස)

:       0       0

ශාමා Sunday, 25 November 2012 04:02 PM

බය හිතෙනවා

:       0       0

සංජීව Sunday, 02 December 2012 01:40 AM

මටනම් මේ කට්ටියත් නිකන් හොල්මන් වගෙඉ පෙන්නේ... (නු)

:       0       0

නන්ද හිමි Friday, 30 November 2012 07:37 PM

ඉතින් වාර්තාකරුවන්ට ප්‍රුලුවන්නේ ඇත්ත නැත්ත සොයාගන්න. (නි)

:       0       0

නන්ද හිමි Friday, 30 November 2012 07:46 PM

සමහරවිට ඒකේ හොද ජාවාරමක් කෙරෙනවා ඇති රැට.. (නි)

:       0       0

නිරාන් Wednesday, 28 November 2012 09:59 AM

මෙහෙම දේවල් තියෙන එක මේ ගොඩනැගිලි වල ආරක්ෂාවට හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1880 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 596 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 684 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site