ඔහු සමාජ සේවකයෙකි. ගුරුවරයෙකි. නව නිපැයුම්කරුවෙකි. සබෑ දක්ෂයෙකි. නමුත් තවමත් 28 හැවිරිදි වියේ පසුවන්නෙකි. හේ නමින් ධනේෂ් මධුරංග එදිරිසූරියයි. තුල්හිරියේ සාමාන්‍ය පවුලක ඉපිද ගමේ හැදී වැඞී කාලයක් ගමට සේවය කළ ධනේෂ් පරිගණක තාක්ෂණයේ බොහෝ දුර ගොසිනි. අලූතෙන් වෙබ් අඩවි නිර්මාණය කරයි. විවිධ අත්හදා බැලීම් කරමින් විවිධ පරිගණක වැඩසටහන් නිපදවමින් ඔහු තනිවම සතුටු වෙයි. කිසි දිනක ප‍්‍රසිද්ධිය අපේක්ෂා නොකරන්නෙකි.
ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඔස්සේ දෙදහසකට වැඩි මිතුරන් පිරිසක් ඔහු දනී. මිතුරන් ඔහු දන්නේ නව නිපැවුම්කරුවකු ලෙස නොව සමාජ සත්කාරක වැඩසටහන් කරන සමාජ සේවකයකු ලෙසය.
තුල්හිරිය මහා විද්‍යාලයයෙන් හා තෝලංගමුව මධ්‍ය විද්‍යාලයයෙන් ධනේෂ් අධ්‍යාපනය ලබා ඇත. ඔහුගේ පියා බිම්මල් ව්‍යාපාරිකයකු වූ අතර මව රැුකියාවක් කළේ නැත. ඔහුට වැඩිමහළු සහෝදරියන් තිදෙනෙක් සිටිති. (2009 වසරේදී ඩෙංගු රෝගයෙන් පියා මිය ගොස් ඇත.) කුඩා අවදියේ සිට තාක්ෂණය දෙසට නැඹුරු වූ ඔහු අලූතෙන් යමක් සිතන්නට පුරුදු වී සිටියේය. බොහෝ දෙනා දකින දේ ගැන ඔහු වෙනස්ම ආකාරයකට සිතන්නට පුරුදු විය.
”මම මුලින්ම පරිගණකයක් අත පත ගෑවේ 1997දී. එතකොට මට වයස අවුරුදු 12ක් විතර ඇති.
”ඉස්සර මායා බන්ධන කියලා වැඩසටහනක් රූපවාහිනියේ ගියා. එහි එක තැනක තියෙනවා අතේ තියෙන ඔරලෝසුව දොරට ඇල්ලූවාම දොර ඇරෙනවා. මා මායා බන්ධන බලන ගමන් කල්පනා කළේ කොහොමද එහෙම ඇරෙන්නේ කියා. ඉතින් මා එක එක විදියට ඒක කර බැලූවා. අන්තිමට මං ආසන්න සන්නිවේදන පරිපථයක් මගින් මායා බන්ධන වැඩසටහනේ තිබුණු විදියට ඔරලෝසුවක් ඇල්ලූවාම දොර ඇරෙන විදියට හැදුවා.”
ඔහු පරිගණක හා තාක්ෂණය සම්බන්ධ බොහෝ දෑ ඉගෙන ඇත්තේ තනිවමය. පාසල් යන අවධියේ ඔහුට සිටියේ මිතුරන් කිහිප දෙනකු පමණි.
”මම එක එක විදියේ අත්හදා බැලීම් කළා. එහෙම අත්හදා බැලීම් කරද්දි පරිගණකය සමග කතා කළා. එතකොට ගොඩක් අය මට හිනා වුණා මට පිස්සු කියලා. ඒ නිසා පාසල් යන කාලේ මට වැඩියේ මිතුරන් හිටියේ නෑ. මං උසස් පෙළ කළේ කලා අංශයෙන්. සිංහල, භූගෝල විද්‍යාව සහ ඉතිහාසය තමයි කරපු විෂයන්.”
”උසස් පෙළ ඉවර වෙද්දි මට පරිගණක ගැන ලොකු දැනුමක් තිබුණා. උසස් පෙළ ඉවර වෙලා ග‍්‍රාමීය තොරතුරු මධ්‍යස්ථානයකට සම්බන්ධ වුණා. ”
වසර දෙකක් ඔහු එම ග‍්‍රාමීය තොරතුරු මධ්‍යස්ථානයේ කටයුතු කර ඇත්තේ ස්වේච්ඡුාවෙනි. ගමේ ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන අතරතුරු අනෙකුත් සේවා ද ලබා දීමට ඔහු කටයුතු කර තිබිණි.
”ගමේදී ගොඩක් අයට උදව් කරන්න, සමාජ සේවා කරන්න හැකි වුණා. ඒ කාලයේ මගේ වැඩ වලට ගොඩක් උදව් වුණේ මගේ හිටපු පෙම්වතිය. මොකද මං කියන ඒවා අහගෙන හිටියේ එයා. මං අලූත් දේවල් ගැන කියද්දි ගොඩක් අය හිනා වුණා. එයාලා හිතන්න ඇති මට පිස්සු කියලා. මං ඒ කාලෙදි ගමේ අයට හදා දුන්නා එස්එම්එස් එකකින් ගනු දෙනු කරන, බැංකු කටයුතු කරන ක‍්‍රම. මේවා ගැන අන්තර් ජාලයේ දැකලා මට කොළඹට එන්න ආරාධනාවක් ආවා. ඒ ඔස්සේ තමයි මං කොළඹට ආවේ.”
ඔහුම අත්හදා බැලීම් කර ඒවා සාර්ථක කරගෙන ඔහුම සතුටු වෙයි. ඔහුගේ හඬට අනුව පරිගණකයේ යම් යම් ක‍්‍රියා කරන පද්ධතියක් ධනේෂ් නිර්මාණ කළේ 2003/2004 දී ය. පරිගණකය වසා දැමීමට අවශ්‍ය වූ විට අප මෙන් ඔහු බොත්තම් ඔබමින් සිටින්නේ නැත. ඔහු කටින් දෙන විධායනයක් අනුව පරිගණකය ”ෂට් ඩවුන්” වෙයි. වින්ඩෝස් මීඩියා ප්ලේයරය ඔහු ක‍්‍රියාත්මක කරන්නේ පරිගණකයට අත තැබීමෙන් නොව කැමරාව ඉදිරියේ කරන හස්ත මුද්‍රාවෙනි. තවත් හස්ත මුද්‍රාවකින් එහි සින්දු ඉදිරියටත්, ආපස්සටත් යයි. අවශ්‍ය වූ විට සින්දු නවත්වන්නේ ද හස්ත මුද්‍රාවෙනි.
මෙවැනි බොහෝ නිර්මාණ ඔහු තනිවම කළත් කිසිදා ඒ ගැන ප‍්‍රසිද්ධ කරන්නේ නැත.
”මං තනිවම හදනවා. මට ඒවා හැදුවාට පස්සේ ලොකු සතුටක් දැනෙනවා. ඒත් මං මේව ගැන ප‍්‍රසිද්ධ කරන්න කියන්න කැමති නෑ. ගොඩක් වැඩසටහන් ගැන කන්සෙප්ට් එක මං ලියා තියනවා. නමුත් ඒවට අවශ්‍ය දේ ගන්න මට අමාරුයි. මොකද ඒවා මිලදී ගන්න මුදල් යනවා. අනික තාක්ෂණාගාරයක් නෑ. මගේ ලොකු ආසාවක් තියනවා නව අත්හදා බැලීම් කරන්න අවශ්‍ය උපකරණ සහිත විද්‍යාගාරයක් හදන්න.
දැන් මං ගොඩක් කරන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන එක. මට වෙබ් අඩවියක් නිර්මාණය කරන්න යන්නේ සුළු වෙලාවයි. සාමාන්‍ය පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්න යන්නේ සුළු වෙලාවයි.”
ඔහු මේ දිනවල අලූත් අත්හදා බැලීමක් කරමින් සිටියි.
”සාමාන්‍යයෙන් මිනිහෙක් මැරුණම නාඩි වැටෙන එක නවතිනවා. අතේ ඔරලෝසුවක් වගේ එකක් එහෙම නැත්නම් අතට දාන බෑන්ඞ් එකක් නිර්මාණය කරනවා ඒ නාඩි වැටෙන එක හඳුන ගන්න. එතකොට එය දාන් ඉන්න වෙලාවක පුද්ගලයෙක් මිය ගියහොත් ඒ බව අර අත් පළඳනාවෙන් අඳුනගෙන ජංගම දුරකතනයකට එස්එම්එස් පනිවුඩයක් මගින් දැනුම් දෙන්න සහ ඊමේල් පනිවුඩයක් මගින් දැනුම් දෙන්න ක‍්‍රමයක් අත්හදා බලමින් ඉන්නවා.”
”සල්ලි හොයන එකට වඩා මිනිස්සු වෙනුවෙන් උදව් කරන එක ගැන තමා මං හිතන්නේ... ඉන්න ටික කාලේ සම්පූර්ණයෙන්ම තාක්ෂණික සොයාගැනීම් වලට සහ සමාජ සේවයට තමයි ජීවිතය කැප කරන්නේ. කවුරු ළග හිටියත් නොහිටියත් මගේ ගමන මං යනවා...”
ඔහු සමාජ සත්කාර රාශියක් කරයි.
පසුගිය දා මිතුරකු සමග විශේෂ අවශ්‍යතා ඇති දරු දැරියන් විශාල පිරිසකට නත්තල් හා අවුරුදු සාදයක් පවත්වා තෑගිබෝග බෙදා දෙනු ලැබීය. ඊට ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ මිතුරන්ගේ සහාය ද ඔහු ලබා ගෙන තිබිණි. මෙවැනි සත්කාර රැසක් ඔහු කර ඇත.
ගමේ හැදී වැඞී ගමට සේවය කර කොළඹ විත් අලූත් අලූත් දේ අත්හදා බලමින් නිර්මාණය කරමින් තනිවම සතුටු වන ධනේෂ් අපේ කාලයේ සැබෑ දක්ෂයෙකි.
ධනේෂ් මධුරංග - + 94 71 5957545 / + 94 77 3366488 ඊමේල් - [email protected]
ස්කයිප් tcfhelpdesk


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ඔබ ගැන හරි ආඩම්බරයි සහෝදරයා , ඔබට ජයෙන් ජයම ලැබේවා.(නදී)
සුභපැතුම් (දී)
මිනිහෙක් අමාරුවෙන් දෙයක් දිනුවට පස්සේ ඒ මනුස්සයට තෑගි බෝග දෙනවට වඩා ඒ මනුස්සයාට ඒ දේ කරන්න මුලින් අත දුන්න නමි ඒ දේ ඉක්මනින් ලබා ගන්න පුලුවන් අනේ ඒ නිසා මෙයා වගේ අයට රජයෙන් උදවිවක් කරන්න වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන්න(දිල්)
අනේ දෙයියනේ මෙතරම් අශ්චර්යමත් රටක අයි මෙයට තැනක් දීල ඉදිරියට නොගන්නේ ? (අ)
ඇත්තටම අගේ කරන්න ඕනි මේ වගේ අපේ කොල්ලෙක් කරන දේවල් ගැන (අ)
තව අලුත් දේ හිතන්න මේ නිර්මන දැනට ලොකයේ හොයාගෙන තියෙන්න.. (දී)
ඔබට සුබ පැතුම් (දිල්)
මම හිතන්නේ ධනේෂ් සුදුසු වෙන්නේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා සම්බන්ද වීමට කියා. එතන ඔබට දිගු ගමනකට හොද ආරම්භයක් වේවි. (නදී)
සුභ පැතුම් (දී)
ඔබගේ දක්ෂතාවයන් දැක සතුටුයි සහ ආඩම්බරයි. (දිල්)
ඔබගේ දක්ෂතාවයන් දැක අපිට සතුටුයි. තවත් ඉදිරියට යන්න අපෙන් සුභ පැතුම්.(නදී)
ඔබට සුබ පැතුම් (දී)
ඔබ ගැන අප සියලු දෙනාටම ආඩම්බර වෙන්න පුළුවන්. ඔබට ජය! (අ)
ලංකාවට අලුත් තාක්ෂනය එන්න ප්‍රමාද වෙන්නේ අධික මිල නිසා. ආනයනික භාණ්ඩ වල බදු අඩු කලොත් මීට වැඩ තාක්ෂණික දියුණුවක් දකින්නට ලැබේවි. සුබ පතනවා මේ අයියාට. (දී)
කොහොමද ඒ වැඩේ කලේ.මටනම් ගොඩක් සතුටුයි (දිල්)
ඔබේ කරන කටයුතු ස්වාධීන මනසකින් කරගෙන යාමට නම් කිසිම ආයතනයකට, සංවිධානයකට නොබැදී නිදහසේ ඉන්න. ඔබ එවන් දෙයකට බැදුනොත් ඔබේ හැකියාවට හා දැනුමට සීමා පැනවෙනවා.(දිල්)
ඇත්තටම අගේ කරන්න ඕනි මේ වගේ අපේ කොල්ලෙක් කරන දේවල් ගැන....ජයවේවා... (දී)
පුතා, සුද්දට නම් වැඩ කරන්න එපා.(නදී)
නියමයි උනුසුම් සුභ පැතුම් (දී)
ජය වේවා! (නදී)
මට ඔබ පිළිබඳ හරිම සතුටුයි මල්ලී. මම ඔයාට සුභ පතනවා (නි)
සුද්දන් වැනසූ අපේ දියුණුව යලි පන පොවන්නට ඔබට ශක්තිය තිබෙන බව මම විශ්වාස කරනවා ඔබට දිගාසිරි පතමි.(නදී)
,ඔබට දීර්ගයුෂ හා නිරෝගී සුවය ප්‍රර්ථනා කරමි, (දී)
කවුරු හරි ධනවතෙක් පින්වතෙක් ඔහුට උදව් කරනවා නම් ඇත්තටම ඔහු අපේ රටට මැණිකක් වෙයි. ඒ තරම් දක්ෂ පුද්ගලයෙක්. ඔබට දිගු ගමනක් යන්න මම ඔබට සුබ පතනවා. හැමදේම සාර්ථක වෙන්න. (අ)
සතුටුයි මදුරංග මම දන්නවනේ ඔබේ වැඩ එදා ඉදල....මාර සතුටුයි ඔබ ගැන මෙහෙම ලිපියක් දැක්කම (අ)
ඔබගේ දක්ෂතාවයන් දැක අපිට සතුටුයි. තවත් ඉදිරියට යන්න අපෙන් සුභ පැතුම්.(නදී)
විනාශ වී ගෙන යන අපේ රට බබළවන්නට ආ දරුවෙක්. නුඹට සුභ අනාගතයක්! (නි)
ඔයාගේ දක්ෂතාවය ගැන හරිම ආඩම්බරයි. තවත් අලුත් දේ කරන්න හැකි වේවා! (නදී)
මට පුදුමයි මේ දිරිය පුතා ගැන කිසිවෙක් මේ පිටුවට මේ වනතුරු යමක් නොලීම ගැන. යමක් ලියන එක මේ පුතුට කරන උපහාරයක්. (නදී)