වෛද්‍යවරුන් නොවෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු අංශවල සේවකයන් විසින් දියත් කරන ලද වැඩවර්ජන සහ උද්ඝෝෂණ හේතුවෙන් මෙරට රජයේ රෝහල් පද්ධතිය ඊයේත් සෑහෙන දුරකට අකර්මණ්‍යව තිබිණි. මීට දින ගණනාවකට පෙරදීද මේ ආකාරයටම සෞඛ්‍ය වෘත්තීය සමිති කීපයක් වැඩවර්ජනයක නිරත විය. වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හමුදාවේ නිලධාරීන්ගේද සහාය ඇතිව රාජකාරි ඉටුකිරීම නිසා යම්තාක් දුරකට රෝහල් සේවා කටයුතු පවත්වාගෙන යා හැකි වුවද රජයේ රෝහල් කරා පැමිණි රෝගීහු මහත් පීඩාවකට මුහුණ දුන්හ. එම සටනේ ගිනිපුපුරු එසේම තිබියදී වෛද්‍යවරුන්ද වැඩවර්ජනයකට තීන්දුවක් ගත් බව ඉකුත්දා නිවේදනය කෙරිණි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් එම වර්ජනයට මගපෑදූ පියවර ආපසු හැරවීම නිසා එම වර්ජනය ක්‍රියාත්මක වූයේ නැත.
වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන තීරණය අත්හිටුවීම රෝගීන්ගේ වාසනාවක් වුවද වෛද්‍යවරුන් නොවන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු සේවකයන් දියත් කර ඇති වැඩවර්ජනයෙන් රෝගීහු අතරමංව සිටිති. අධික විය හියදම් සහ ඖෂධ වර්ග හිඟයෙන් බැටකමින් සිටින රෝගීන්ට වැඩවර්ජනයක් යනු මරණයට අතවැනීමකි. ඔවුන්ගේ සමීපතමයන්ගේ සිත් සතන් භීතියට පත් කරවන තත්වයකි. සෞඛ්‍ය සේවකයන්ගේ වැඩවර්ජනයකදී රෝගීන්ට සිදුවිය හැකි අනතුරුවල සීමා මායිමක් නැත. ඇතැම් විට එය රෝගියාගේ මරණය විය හැකිය. එය වැළඳගන්නවා හැර රෝගීන්ට වෙනත් විකල්පයක්ද ඉතිරිව නැත.
පසුගිය දිනවලදී රෝහල්වල ක්‍රියාත්මක වූ වැඩවර්ජන දිනවලදී ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් විඳි දුක් ගැහැට මාධ්‍ය හරහා සියලුදෙනාම දැක බලාගත හැකි විය. රජයේ බලධාරීන් කොතරම් උත්සාහ දැරුවත් එම තත්වයට මුහුණදීම පහසු කටයුත්තක් නොවීය. වෛද්‍යවරුන් සිටියත් බොහෝ රෝගීන්ට සිදුවූයේ ආපසු හැරී යාමටය. සෞඛ්‍ය සේවකයන් වැඩවර්ජනය කිරීම හරහා සිදුවන්නේ මුළු රජයේ රෝහල් පද්ධතියේම ක්‍රියාකාරීත්වය ඇනහිටීමය. එවැනි තත්වයකදී රෝගීන්ගේ ජීවිතය දෙවියන්ට බාරකරනු හැර වෙනත් යමක් සිදුකළ නොහැක. වෛද්‍යවරුන්, හෙද හෙදියන් වැඩවර්ජනයට එක් නොවූවද සෞඛ්‍ය සේවයේ සෙසු සියලු නිලධාරීන් සහ සේවකයන් රාජකාරියට වාර්තා නොකිරීමෙන් රෝහල් පද්ධතියම අඩපණ වූ බව පැහැදිලිය. වෛද්‍යවරුන්ට ලබාදුන් දීමනාව අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ටද ලබාදිය යුතු බවට කරන ඉල්ලීමේ සාධාරණ අසාධාරණ බවද තුලනාත්මකව විමසා බැලිය යුතුය.
මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් සෙවීමේ වගකීම රජයේ බලධාරීන් සතුය. එසේම මෙම දීමනාව ලබාදීම සම්බන්ධයෙන් බලධාරීන්ට මුහුණ දී සිටින්නේ අන්තෝ ජටා - බහි ජටා තත්වයකට බවද පැහැදිලිය. වෛද්‍යවරුන්ට පමණක් මේ දීමනාව ලබාදීමට පියවර ගැනීම සෞඛ්‍ය සේවයේ සෙසු නිලධාරීන් සහ සේවකයන් වැඩවර්ජනයකට උසිගැන්වීමක් වී තිබේ.
වෛද්‍යවරුන් රට හැර යාම රටේ බරපතළ සෞඛ්‍ය සේවා ගැටලුවක් ඇතිකර තිබෙන බවද මෙහිදී සිහිපත් කළ යුතුය. සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් 250ක්ද ඇතුළත් වෛද්‍යවරුන් 1000ක පමණ පිරිසක් පසුගිය දෙවසර තුළ විදේශගත වී ඇති බවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දිගින් දිගටම ප්‍රකාශ කළේ මේ තත්වය වළක්වා ගැනීමේ එක් පියවරක් වශයෙන් හොඳ වැටුප් සහ දීමනා ලබාදීමට කටයුතු කළයුතු බවය.
තම වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ඇති අයිතිය භාවිත නොකරන්නැයි වෛද්‍යවරුන්ගෙන් මෙන්ම සෞඛ්‍ය සේවයේ සෙසු නිලධාරීන්ගෙන් සහ සේවකයන්ගෙන් අපට ඉල්ලා සිටිය නොහැක. එහෙත් වැඩවර්ජන තීන්දු ගතහොත් රජයේ රෝහල් කරා ප්‍රතිකාර පිණිස එන රෝගීන් මුහුණ දෙන දුක්ඛිත තත්වය දෙස සානුකම්පිතව බලන්නැයි අපි මේ සියලු පාර්ශ්වවලින්ම ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සෞඛ්‍ය වැඩ වර්ජනයේදී ජනතාව පැත්තත් බලන්න
Ilanganthilaka Wednesday, 07 February 2024 03:21 PM
වෛද්‍යවරුන් වැඩ වර්ජනයට නොයන හේතුව වෙනම කාරණාවක්... වැටුප් සහ දීමනා මෙම වැඩවර්ජනයේ එක කොටසකි. වෛද්‍යවරුන් හට දීමනා රුපියල් 70,000.00 පමණ වැඩි වනවිට අනෙකුත් සේවකයින් හට එය රුපියල් 5,000.00 ක් පමණ අඩු ප්‍රමාණයකි. රෝහල්වල සේවය කරන සේවකයින්ගෙන් වෛද්‍යවරු යනු සේවයක් සපයන එක කොටසක් පමණකි. අනෙක් සේවකයින්ද විටෙක වෛද්‍යවරුට වඩා සේවයක් සපයයි. එමනිසා ඔවුන්ටද සාධාරණ ලෙස දීමනා බෙදී යා යුතු නොවේද?