IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


විශ්වාසභංගයේ සැඟවුණු ප්‍රශ්න

සමගි ජනබලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සැළකිල්ලට ගැනීමේ දී, අවධානය යොමුකළ කරුණු කිහිපයක් ඇත. එකක් වන්නේ, රජය නියෝජනය කළ මුත් එකිනෙකා සමග බිඳී සිටි පාර්ශවයන් එයින් එකතු වුනේද? යන්නය. විශ්වාසභංග යෝජනාවට විරුද්ධව පෙනී සිටීම, ඉන්ධන මිල ඉහළ දැමීමට පක්ෂව පෙනී සිටීමක් වුවද සන්ධාන රජයේ සාමාජිකයෝ එදා පාර්ලිමේන්තුවේ දී එකාවන්ව කටයුතු කළහ.

 

නමුත්, පෞද්ගලිකව ඔවුන්ට ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වෙනස් අදහස් ඇත. කොටින්ම, අමාත්‍ය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතුව ඇතැයි මුලින්ම අදහස් පළකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවා සිය ඡන්දය භාවිතා කළේ විශ්වාසභංගයට විරුද්ධවය.

මෙම යෝජනාව ජයග්‍රහණය කරවීමක් සමගි ජනබලවේගය අපේක්ෂා නොකළ බව සත්‍යයකි. නමුත් එය ඉදිරිපත් කිරීම සමගම පිළිතුරු නොමැති ප්‍රශ්න ගොන්නක් ද, ඔවුන් නිර්මාණය කර ඇත.

තනි පුද්ගලයෙක්ට නොව සමස්ත රජයටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඔවුන් කටයුතු නොකළේ මන්දැයි යන්න එකකි. එසේ කළේ මේ සම්බන්ධයෙන් මෘදු පිළිවෙතක් අනුගමනය කිරීමට වුවමනා වූ නිසා ද?

ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව නොව සමස්ත රජයට එරෙහිව ඉදිරිපත් කරන්නක් ලෙස එයට සංශෝධනයක් එකතු කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවසන් මොහොතේ දී ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. එය ස්ථාවර නියෝගවලට අනුකූල නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීන්දු කළේ ය.

මටත් එරෙහිව විශ්වාසභංගයක් ගේනවද

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ගැන නොදන්නෙක් ද නොවේ. ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා විශ්වාසභංග යෝජනාව හාස්‍යයට ගෙන තිබූ අතර සමගි ජනබලවේගයේ සාමාජික කබීර් හෂීම් මහතා අදහස් දැක්වීමට නැගී සිටි අවස්ථාවේ ඔහු පාර්ලිමේන්තු සහායකයකු අත හෂීම් වෙත සියතින් ලියූ සටහනක් යොමු කළේ ය.

“මට එරෙහිවත් විශ්වාසභංග යෝජනාවක් ගේන්න බැරි ද?” යැයි එහි සඳහන්ව තිබිණ.

රජයේ සාමාජිකයන්ට අමතරව සමගි ජනබලවේගයේ ඇතැම් සාමාජිකයන් ද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීම තවත් වැදගත් ප්‍රතිඵලයක් විය. ඩයනා ගමගේ (ජාතික ලැයිස්තුව), අරවින්ද කුමාර් (බදුල්ල දිස්ත්‍රික්කය), අලි සබ්රි රහීම් (පුත්තලම දිස්ත්‍රික්කය), සහ ඉෂාක් රහ්මාන් (අනුරාධපුර දිස්ත්‍රික්කය), ඔවුහු වූහ.

සමගි ජනබලවේගයේ හවුල්කාර දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙක් වන මුෂාරෆ් මුතුනාබ්දීන් (මඩකළපුව දිස්ත්‍රික්කය) යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කළේය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ තවත් සාමාජිකයන් සිව්දෙනෙක් එදින සභාවාරයට පැමිණ සිටියේ නැත. මේ වන විට රෝහල්ගතව සිටින සිලෝන ජනතා කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් මහතා ද ඒ අතරට ඇතුළත්ය.

එසේවුවත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළේය. එහෙයින් සමගි ජනබලවේගයේ විශ්වාසභංග යෝජනාව හරහා රටේ ප්‍රධාන විපක්ෂයේ පවතින වෙනස්කම් ද කරළියට පැමිණි බව කිව හැකිය.

ඉහත සදහන් කළ මන්ත්‍රීන් පක්ෂයේ මතයට පරිබාහිරව කටයුතු කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර පළමු අවස්ථාවේ දී ඔව්හු 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කළහ.

රජයට එරෙහිව සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේ දී, ගත් පළමු උත්සාහය ව්‍යර්ථවීම පිළිබදව අදහස් විමසීමට නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහයන් සාර්ථක වූයේ නැත. ගෙවුණු මාස කිහිපය ඇතුළත, සිය නායකත්වය අරබයා පක්ෂ සාමාජිකයන් අතර නොපහන් හැඟීමක් ගොඩනැගෙමින් තිබීම ඔහුගේ දැඩි අවධානයට ලක්ව තිබූ අතර එය කොතෙක් ද යත් අවසානයේ තමා සම්බන්ධයෙන් වූ විශ්වාසපක්ෂ යෝජනාවකට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන සාමාජිකයන්ගේ අත්සන් ලබාගැනීමට පවා ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

සජබ - සන්ධාන රහස් සබඳතා

එය එසේ සිදුවුව ද, පක්ෂයේ වර්තමාන නායකත්වය සම්බන්ධයෙන් නැවතත් තැන තැන විරෝධතා මතුවීමට පටන්ගෙන තිබේ. මේ අතර ජාතිකත්වය මත ගොඩනැගුණු ඡන්ද පදනමක් හිමි බලවත් දේශපාලකයෙක් මිලිටරිමය අත්පත් කරගැනීමක් හා සමාන අයුරින්, සමගි ජනබලවේගයේ නායකත්වය අත්පත්කර ගැනීමට උත්සාහ කරමින් සිටීම කැපී පෙනෙන්නට ඇත. එම අත්පත් කරගැනීම කිසිසේත්ම බලහත්කාරයෙන් සිදුවන්නක් නොවන නමුත් ඔහු සිය ව්‍යායාමය ගොඩනගමින් සිටින්නේ හමුදාවක් හා සමාන අයුරින්ය.

දැනට, ඔහු ඉතාම සාර්ථක අයුරින් මේ ආකාරයේ ව්‍යුහයන් දිවයිනේ දිස්ත්‍රික්ක පුරා ඇතිකර තිබෙන අතර ඒවා හා බැදුණු පොකුරු රැස්වීම් පැවැත්වීමේ කටයුතුවල ඔහු කාර්යබහුලව සිටී. රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය එයට නියමිත කාර්යය නොකිරීමත් මෙන්ම විවිධ ගැටලු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතුව තිබෙන නිසි ස්ථාවරය අනුගමනය නොකිරීමත් මෙම ව්‍යායාමයේ වැඩි අවධානයට ලක්ව ඇත.

නිසි ස්ථාවරය අනුගමනය නොකිරීමේ ගැටලුවට සමගි ජනබලවේගයේ ඇතැම් සාමාජිකයන් පාලක සන්ධානයේ ඇතැම් නායකයින් සමග පවත්වාගෙනයමින් සිටින්නේයැයි කියන සබඳතාද අයත් වේ. තතු දන්නා අය පවසන ආකාරයට, මෙසේ සබඳතා ඇතිකරගෙන තිබෙන්නේ නියමිත කාර්ය පටිපාටියෙන් බැහැරව සිදුකර තිබෙන මුදල් ලබාදීම් සම්බන්ධයෙන්ය.

අනපේක්ෂිත ප්‍රතිඵල

විශ්වාසභංගයෙන් ලැබුණු තවත් අනපේක්ෂිත ප්‍රතිඵලයක් ද විය.

පෙර අවස්ථාවක මෙම තීරුවෙන් වාර්තා කළ ආකාරයට සන්ධානයේ පාර්ශවකරුවකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, තමන්ව නොසළකා හැර ඇතැයි රජය සමග සිටින්නේ අමනාපයෙනි. මෑතක දී, පැවැති පක්ෂයේ මධ්‍යම කාරකසභා රැස්වීමක දී, මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු වුනු අතර, එහිදී පක්ෂ සාමාජිකයන් කිහිපදෙනෙක්ම (රජයේ තනතුරු නොදරන) කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් විය යුතුව තිබෙන බවය. ඔවුන් විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කළේ වුව, එළැඹෙන අගහරුවාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දූත පිරිසක් සමග ඉහත කාරණය පිළිබද සාකච්ඡා කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකගව ඇත.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ දෙදින පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට පෙර සිටම, සමගි ජනබලවේගයේ ක්‍රියාකාරකම් පදනම් කරගත් සිදුවීම් කිහිපයක්ම විය. එයින් එකක් වූයේ ගෙවුණු ඉරිදා ජනාධිපති මන්දිරයේ දී පැවැති රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමයි.

එම අවස්ථාවට ජනපතිවරයා, අගමැතිවරයා සහ මුදල් අමාත්‍යවරයා සහභාගීව සිටියහ. විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කරන්නැයි තෙවරක් සළකුණු කරන ලද නියෝගයක් ඒ වන විටත් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිකුත් තිබිණ. රැස්වීමේ දී, ඉන්ධන මිල ඉහළ දැමීමේ පසුබිම විස්තර කරන්නැයි බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතාගෙන් ඉල්ලා සිටිණු ලැබුණු අතර, ඔහු පැමිණ සිටියේ එවැන්නක් සදහා කල්තියාම සූදානමෙනි.

ප්‍රශ්න 26ක් පමණ සහ ඒවාට පිළිතුරු රැගත් ලැයිස්තුවක් ඔහු රැගෙන විත් තිබුණු අතර, පළමුව ඔහු එහි පිටපත් පැමිණ සිටි මන්ත්‍රීවරු අතරේ බෙදා හැරීමට පියවර ගත්තේය. ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණය තමා තනිව ගත් තීරණයක් නොවන බවත් එය ජනපතිවරයා සහ අගමැතිවරයා සමග එක්ව සාමූහිකව ගත් තීරණයක් බවත් ඔහු නැවත වරක් කියා සිටියේය.

මන්නාරම් ද්‍රෝණියේ තෙල් සංචිත පවතින්නේයැයිද ඒවා ඉක්මනින්ම සොයාගැනීමට යන්නේයැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටීමත් සමග මන්ත්‍රීවරුන් අතර මුණුමුණුවක් ඇති විය.

එක් මන්ත්‍රීවරයෙක් පමණක් නැගී සිට, ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තවදුරටත් ආරවුලක් නොමැති බව පැවසුවේය. කෙසේවෙතත්, එයින් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැළසීමට රජයට දැන් කාලය පැමිණ ඇත.

අනතුරුව රැස්වීමේ කටයුතු සියතට ගත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබදව පැහැදිලි කිරීමක් සිදුකළේය. ප්‍රාථමික ශේෂයේ හිඟය අරබයා මතුව තිබෙන බරපතල තත්ත්වය, එහි සැබෑ ස්වරූපය සඟවා අඩුකර දැක්වීමට තරම් ප්‍රවේසම් වූ ඔහු, විදේශ සංචිත ගැන ගැටලුවක් ඇතිකරගත යුතු නැතැයි පෙන්වා දුන්නේය.

බෙදුම්වාදී යුද සමයේ දී පවා රටේ විදේශ සංචිත ප්‍රමාණයට ඩොලර් බිලියනයක් දක්වා පහත බැසි අවස්ථා තිබූ බව ඔහු සිහිපත් කළේය. කෙසේවුවත්, එවැනි විදේශ සංචිත ප්‍රමාණයක් රටට පැවතියේ බෙදුම්වාදී යුද්දයේ කුමන අවධියේද යන්න ඔහු පැහැදිලි කළේ නැත.

විදේශ සංචිත අඩුවීම ජීවන වියදමට හෝ පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑමට හෝ බලපෑමක් එදවස එල්ල නොකෙරූ අතර යුද්ධය සදහා අවැසි වූ හමුදා උපකරණ ආදිය මිලයට ගැනුණේ චීනයෙනි. ඒවාට තවමත් ගෙවීම් කරන බවත් රහසක් නොවේ.

ඒ සියල්ලට වඩා, යුද මෙහෙයුම් කිරීමට සහ ආරක්ෂක අංශ සාමාජිකයන් හට වැටුප් ගෙවීමේ කටයුතු ආදියටම මුදල් උපයාගැනීම සදහා පනවා තිබූ බදු වර්ග කිහිපයක්ම වූ අතර මෑත සමයේ මෙන් භාණ්ඩ හිගයක් ඇතිවීමට තුඩු දෙන පරිද්දෙන් ඒවායින් ජනතාවට කිසිදු බලපෑමක් සිදු නොවිණ.

- ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි

- පරිවර්තනය - කෝවිද ගුණසේකර



අදහස් (0)

විශ්වාසභංගයේ සැඟවුණු ප්‍රශ්න

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 144 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 329 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 2007 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 123 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 433 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 378 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1095 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 266 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1310 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site