IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


​වෘත්තියේ ගෞරවය රකින්න බැරි වෘත්තිකයන් සිටිය යුතුද?

මේ රට යනු සිදු නොවිය යුතු බොහෝ දේ සිදුවෙමින් පවතින රටක් බවට පත්ව තිබේ. එය එක් අතකින් ආර්ථික අර්බුදයේ එක් අතුරු පලයක් විය හැකිය. ආර්ථික අර්බුදය මිනිස් අධ්‍යාත්මය සසල කරවමින් තිබේ. එම පරිසරය තුළ කිසිදු ක්ෂේත්‍රයකට තමන්ගේ ගරුත්වය ආරක්ෂා කර ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් අමුතු කම්පනයක් ඇතිකර ගත යුතු ද නැත.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ එක් ප්‍රවෘත්තියක සිරස්තලය වූයේ ‘නීතිඥයෝ පිරිසක් දෙනෝදාහක් ඉදිරියේ අම්බානකට නෙළලා’ යන්නය.

විශ්වාස කිරීමට අසීරු වුවද මෙම ප්‍රවෘත්තියට පාදකවී තිබෙන්නේ නිට්ටඹුව පොලිසියට නවක තරුණ නීතිඥයකු කළ පැමිණිල්ලකි.  එම පැමිණිල්ලෙන් කියැවෙන්නේ නිට්ටඹුව මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන නීතිඥවරයකු අධිකරණයේ සිට කළගෙඩිහේනට කැඳවාගෙන ගොස් නීතිඥවරයකු, නීතිඥවරියන් ඇතුළු පස් දෙනකු විසින් දෙනෝදාහක් බලා සිටිය දී තමන්ට පහර දුන් බවය.

මෙම පැමිණිලිකාර නීතිඥයා කලක සිට ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක යටතේ සේවය කර ඇතැයි ද ඔවුන් දෙදෙනා පසුව වෙන්ව රාජකාරි කරමින් සිටිය දී දින කිහිපයක සිට ඔවුන් දෙදෙනා අතර පෞද්ගලික ආරවුලක් මත බහින්බස් වීමක් සිදුවී ඇතැයි ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. එදිනම දහවල් නීතිඥවරියන් දෙදෙනකු හා එක් නීතිඥවරියකගේ සැමියා කනිෂ්ඨ නීතිඥවරයාගේ නිවසට ගොස් ඔහුගේ පියාට ද තර්ජනය කර ඇති බව ද පැවසේ.

එදිනම සවස කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයේ රාජකාරි කරමින් සිටියදී වෙනත් අධිකරණයක සේවය කරන නීතිඥයකු පැමිණ ඔහුගේ කාරයේ කනිෂ්ඨ නීතිඥයා දමාගෙන ගොස් තිබේ. ඔහු යෑමට නොහැකි බව කියද්දී කැඳවාගෙන ගිය නීතිඥවරයා පහර කෑමට ලක් වූ කනිෂ්ඨ නීතිඥවරයාගේ පළමු ගුරුවරයා බව ද හෙළිවී තිබේ. කනිෂ්ඨ නීතිඥයා නිල කබාය පිටින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සමඟ කළගෙඩිහේන ප්‍රදේශයට ගමන් කර ඇතැයි ද අදාළ නීතිඥවරියගේ නිවස ආසන්නයේදී තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් හා එක්ව අතින් පයින් පහර දී තිබෙන බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

එම මෝටර් රථයෙන් පැමිණි පිරිස අතර ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය ඇතුළු නීතිඥවරියන් කීප දෙනකු ද එක් නීතිඥවරියකගේ සැමියා ද සිට ඇතැයි ද ඔවුන් පහර දෙන විට පහර නොදෙන ලෙසට බැගෑපත්ව කළ ආයාචනා ගණන් නොගත් බවද කනිෂ්ඨ නීතිඥවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය. ඔහු ජ්‍යෙෂ්ඨ නීතිඥවරියගේ නිවසට කැඳවාගෙන ගොස් සමාව ගන්නා ලෙස බලකර ඇතැයි ද බියට පත්ව සිටි ඔහු සමාව ගැනීමෙන් පසු තව දුරටත් පහර කෑමට ලක් වූ බවද පැමිණිලි කර ඇත. ජ්‍යෙෂ්ඨ නිතීඥවරියගේ පුතකු ද තමන්ට පහර දුන් බව ද ආපසු එමින් සිටිය දී නීතිඥවරියකගේ සැමියා යළිත් වතාවක් පහර දුන් බවද පැමිණිල්ලේ සඳහන්ය. කනිෂ්ඨ නීතිඥයා වතුපිටිවල රෝහලට ඇතුල්වී ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් සිද්ධිය පොලිසියට පැමිණිලි කර තිබේ.

බොහෝ ආසන්න මෑත කාලයේ දී සිංහල භාෂාවට අලුත් නාම පදයක් එක්විය. එම නාම පදය නම් ‘සිඟිති පාතාලය’ යන්නය. එම නාම පදය නිර්මාණය වූයේ අහේතුකව නොව සහේතුකවය. දැනට අප තුළ ඇති භීතිය වන්නේ සිඟිති පාතාලය මෙන්ම ‘‘නීතිඥ පාතාලය’’ යනුවෙන් ද නාම පදයක් එක්විය හැකි ද යන්නය.

නීතිඥයෝ යනු නීතිය පිළිබඳ දත් පිරිසක් වෙති. එහෙත් චණ්ඩි රැඟුම් ප්‍රදර්ශනය කර ඇති නීතිඥයන්, නීතිඥවරියන් මෙම සමාජය හමුවේ තබා ඇති ආදර්ශය කුමක්ද? ‘වැටත් නියරත් ගොයම් කානම් කාට කියම්ද ඒ දුක’ අපට අවසාන වශයෙන් ඇසීමට තිබෙන්නේ එම ප්‍රශ්නය වේ.

(***)



අදහස් (1)

​වෘත්තියේ ගෞරවය රකින්න බැරි වෘත්තිකයන් සිටිය යුතුද?

Deepal Nirosh Thursday, 01 February 2024 08:49 PM

මේ නෝනා මහත්වරුන්ට මොන වෘත්තීය ගෞරවයක්ද? පසුම්බිය තර කර ගැනීම පමණයි අවශ්‍යතාව... පහුගිය කාලේ රටේ විරෝධතා පෙළින් පෙළ පැවතෙද්දී අත් අඩංගුවට ගත් සාමකාමී විරෝධතාකරුවන් වෙනුවෙන් නොමිලයේ පෙනි හිටියා, ඇප ලැබෙනකොට අධිකරණය ඉදිරිපිට පෙළ ගැහිලා තාලෙට අප්පි තාං තාං තාං... සන්දර්ශන කෙළවරක් නැහැ. ඒත් අද? ඇටිකෙහෙල් කෑ උගුඩුවෝත් වතුර තිබහක් දැනුණොත් කෑ ගහනවාලු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site