IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ලංකාවටත් දැන් 'ටෝනේඩෝ'

මා බාල කාලයේ හදිසියේම දිනක නිවස ඉදිරිපිට තාර පාරට අගල් හයක් පමණ දිගැති මාඑවෙක් අහසින් වැටෙනවා මම දුටුවෙමි. වහා පැන ඒ මාඑවා අල්ලාගත් මම වතුර බේසමකට දැමූ විට ඌ පිහිනා ගියේය. මෙය එකළ මට මහත් පුදුමයක් විය. ‘‘පුතේ සුළි සුළං වර්ගයක් තියෙනවා හැමදේම අහසට ඇදලා ගන්න. අන්න ඒ වෙලාවක අහසට ඇදිල ගියපු මාඑවෙක් ඔතනට වැටෙන්නට ඇති’’ සීයා කීවේය. එදා මට ඒ ගැන කිසිසේත්ම අවබෝධ කැර ගැනීමේ ශක්තියක් තිබුණේ නැත. නමුත් පසු කලෙක මම ”ටෝනේඩෝ” නමැති තත්ත්වය පිළිබඳව දැන ගතිමි. ශක්තිමත් ටෝනේඩෝවකට වාහන, දොර ජනෙල් පවා ඉහළට ඔසවා ගැනීමේ හැකියාවක් ඇති බව ඇසූ මම ටෝනේඩෝ ශී‍්‍ර ලංකාවෙන් වාර්තා නොවීම පිළිබඳ සැනසුම් සුසුම් හෙඑවෙමි. නමුත් දැන් ඒ සියල්ල කණපිට පෙරළී ඇත. පසුගිය සති දෙකක කාලයේදී ශී‍්‍ර ලංකාවේ වෙරළබඩ තීරයේ ටෝනේඩෝ තත්ත්ව කිහිපයක් ම දක්නට ලැබුණු බව මාධ්‍ය වාර්තාවල පළවිය. ටෝනේඩෝ අපරටට යම් පමණකින් ආගන්තුක වුව ද ඇමෙරිකාවට එය අරුමයක් නොවේ. ලොව වැඩිම ටෝනේඩෝ සංඛ්‍යාවක් වාර්ෂිකව වාර්තාවන ඇමෙරිකාවේ ඇතැම් වර්ෂවලදී වාර්තාවන ටෝනේඩෝ තත්ත්ව 1000 ක් පමණ ඇති බව ඇමරිකාවේ කාලගුණ විද්‍යා අංශ පවසයි. වරින් වර ශී‍්‍ර ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලින් ස්වභාවික ආපදා සිදුකරන ක්ෂණික චණ්ඩමාරුත ගැන අසන්නට ලැබේ. මේවා සාමාන්‍ය ජනවහරේ සුළි සුළං යැයි හැඳින්වුව ද ඒවා බොහෝ විට සුඑ ප‍්‍රමාණයේ ටෝනේඩෝ තත්ත්වයන්ය. අකුණු සහිත වැසි ඇති කරන කැටි වැහි වලාකුඑ පවතින  ඕනෑම අවස්ථාවක මෙලෙස ටෝනේඩෝ ඇතිවිය හැකි බව විද්‍යාඥයෝ පවසති. කැටි වැහි වලාකුළක ආයු කාලය විනාඩි 20 ක් 30 ක් පමණ වන බැවින් ටෝනේඩෝවේ ආයු කාලය ද මිනිත්තු 20 ක් හෝ 30 ක් පමණ වේ. හොඳින් වර්ධනය වූ කැටි වැහි වලාවකින් ආරම්භවන ටෝනේඩෝවක් කුඩා ප‍්‍රමාණයේ ප‍්‍රචණ්ඩ සුළි සුළගක් ලෙස කි‍්‍රයාත්මක වේ. මෙහිදී නිවෙස් වහළ, දොර ජනෙල්, ගෘහ භාණ්ඩ ආදී සියල්ල ඔසවා විසුරුවා දැමීමට සමත්වේ. මෙවැනි ටෝනේඩෝ කි‍්‍රයාත්මක වන වපසරිය කිලෝ මීටර දෙකක් හෝ තුනක් පමණ වේ. ටෝනේඩෝ හැසිරීම සහ එහි ස්වරූපය සැලකිල්ලට ගනිමින් බඹරය සහ පුනීල හැඩැති වශයෙන් කොටස් දෙකකට බෙදා තිබේ. විද්‍යාඥයන් පවසන්නේ ටෝනේඩෝවක විශ්කම්භය මීටර 100 ක් පමණ වන බවයි. එය සතු පැයට කිලෝ මීටර 400 ක පමණ වේගයෙන් හමා යන සුළං හේතුවෙන් දැඩි ආපදා සිදුවේ. ටෝනේඩෝවක ප‍්‍රමාණය එහි ප‍්‍රබලතාවය හෝ එයින් සිදුවන හානිය මැනීමේ මිනුම් දණ්ඩක් නොවේ. මුහුදේ හෝ විශාල ජලාශයන්හි වර්ධනය වූ විට දියගොබ වළා යනුවෙන් හැදින්වෙන මේවා ගොඩබිමට පැමිණි විට ටෝනේඩෝ නමින් හඳුන්වයි. ලෝකයේ ඇතිවන ටෝනේඩෝ වලින් ඉතා විශාල සංඛ්‍යාවක් දුර්වල ඝනයේ ටෝනේඩෝ වෙයි. නවීන තාක්ෂණයේ සහායෙන් මහ වැසි, අකුණු සහිත වැසි සහ සුළි සුළං පිළිබඳ කල් තියා දැනුම් දීමේ ක‍්‍රමයන් ඇතත් ටෝනේඩෝවක් කල්තියා හඳුනාගැණීමේ ක‍්‍රමයක් මෙතෙක් සොයාගෙන නැත. ඇමෙරිකාව ඇතුඑ බොහෝ රටවල් මේ සඳහා ක‍්‍රමවේදයක් සකස් කිරීමට දිගින් දිගටම පර්යේෂණයන්හි නිරතව සිටියි. ඔවුන් පවසන්නේ ටෝනේඩෝ වර්ධනය කරන වලාකුඑ අධික අකුණු ප‍්‍රමාණයක් විසර්ජනය කරන බවයි. අප රටෙහි ටෝනේඩෝ වැඩි පුරම වාර්තා වන්නේ අන්තර් මෝසම් හෙවත් මාර්තු සිට අපේ‍්‍රල් දක්වා කාලයේදී සහ ඔක්තෝබර් සිට නොවැම්බර් කාලයේදීය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාර කාලගුණ විද්‍යාඥ ඞී.ඒ. ජයසිංහආරච්චි මහතා කියා සිටියේ නිරිත දිග මෝසම් කි‍්‍රයාත්මක වන කාලයේදී සාමාන්‍යයෙන් ටෝනේඩෝ හටනොගන්නා බවයි. නමුත් වායුගෝලයේ ඇතිවන කැලඹිලි සහිත තත්ත්වයන් හේතුවෙන්  ඕනෑම මොහොතක ටෝනේඩෝ හටගන්නා බවත් පසුගිය සතියේ ඇතිවූයේ එවැනි ටෝනේඩෝ බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසිංහආරච්චි මහතා මෙසේ ද කීවේය. ශී‍්‍ර ලංකාවට ටෝනේඩෝ කියන්නේ අලූත් දෙයක් නොවේ මීට පෙර අවස්ථා කිහිපයකදීම ටෝනේඩෝ තත්ත්වයන් ඇතිවුනා. නමුත් අද වගේ මාධ්‍ය මගින් ඒවා ප‍්‍රචාරය නොවූ නිසා ජනතාවගේ අවධානය අඩුයි. ඇමෙරිකාවේ වගේ විශාල වශයෙන් හානිකර ටෝනේඩෝ ඇතිවී නැහැ. ටෝනේඩෝවක් ඇතැම් විට පැයට කිලෝ මීටර 500 ක පමණ වේගයෙන් හමා යාමට ඉඩ තිබෙනවා. ජයසිංහආරච්චි මහතා පවසන්නේ ටෝනේඩෝවක් හඳුනාගත හැක්කේ එය සිදුවීමෙන් අනතුරුව බවයි. සුළං හමායාමෙන් පසු සිදුව ඇති හානියේ ස්වභාවය බලපා ඇති ප‍්‍රදේශය පිළිබඳ පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය ටෝනේඩෝවක් බව ස්ථිරවම කිව හැකියැයි ද හෙතෙම කීවේය. විද්‍යාඥයන් පවසන්නේ ටෝනේඩෝ ඇතිවීමටනම් අකුණු ඇතිකිරීමට සමත් කැටි වලාකුළු වඩාත් පොළොව සමීපයෙන් පිහිටිය යුතු බවයි. එවැනි අවස්ථාවක් නිර්මාණය වන  ඕනෑම මොහොතක ටෝනේඩෝවක් හටගැනීමට ඉඩ තිබේ. ශී‍්‍ර ලංකාවට ටෝනේඩෝ වැනි භයානක ස්වභාවික උවදුරු නොමැතියැයි බොහෝ කලක් අප පුරසාරම් දෙඩුව ද අපේ රටට ද විනාශකාරී ටෝනේඩෝ  ඕනෑම මොහොතක කඩා වැදීමට ඉඩ තිබේ.

සජීව විජේවීර / ඡායාරූප - ක‍්‍රිෂාන් ජීවක ජයරුක්
මුහුදෙන් මතු වූ සුළං පහර



අදහස් (0)

ලංකාවටත් දැන් 'ටෝනේඩෝ'

ඇස් ගුල්ලා Friday, 29 June 2012 10:56 AM

ඔච්චරයි අඩුවට තිබුණේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 521 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17209 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 693 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site