IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


රුපියලේ බලය මවා පෑමෙන් වැඩක් නෑ

පාතාලයේ නැඟිටීම, රටේ ආරක්ෂාව අනතුරකද? රුපියලේ අගය බාල්දුවීමට බලපෑ සාධක, අපනයන නැංවීමට ගෙන ඇති පියවර මොනවාද? සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම යනාදී කරුණු සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සහ අාර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - රට පාතාලයට යටවෙලාද?

පිළිතුර - බොහෝවිට මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය බවට පත් වෙන්නේ කෙනෙකුට වෙඩි තැබීමක්, බෝම්බයක් ගැසීමක්, ඝාතනයක් වගේ සිද්ධියක්. එක්කෝ ජනතාවත් මේ වගේ කතා කියවන්න කැමැත්තක් තිබෙනවා. නැති නම් මාධ්‍යවලටත් තමන්ගේ අලෙවිය, රේටින්ස් වැඩිකර ගන්න මේවා අවශ්‍ය වෙනවා. ඒක එක පැත්තක්. ඇමෙරිකාව වැනි රටක් ගත්තොත් ප්‍රධාන පුවත්පත් හෝ මාධ්‍යවල මේවා පළකරන්නේ නෑ. වෙනම ටැබ්ලොයිඩ් තියෙනවා. ‘‘නැෂනල් ඉන්ක්වයර්’’ එයට උදාහරණයක්. හැබැයි නිව්ෙ‌යා්ක් ටයිම්ස් පුවත්පතේ තිබෙන්නේ හරයක් තිබෙන කතා. පාතාලය, මිනීමැරුම් ගැන ඒ පුවත්පතේ කියන්නේ නැතුවා නෙමෙයි. එවැනි සිද්ධි නිරන්තරයෙන්ම ප්‍රමුඛ කොට ගන්නේ නෑ.

ඒ කොහොම වුවත් පාතාල සිද්ධිවල සංඛ්‍යාත්මක වැඩිවීමක් තිබෙනවද කියා පොලිස්පතිතුමාගෙන් මම විමසුවා. දත්ත අනුව එහෙම වැඩිවීමක් නැති බව එතුමා කිව්වා. යම් ක්‍රමයකට පාලනය වී තිබෙන බවයි එතුමා කියන්නේ. එහෙත් පසුගිය දින කීපයේ මාධ්‍යවල සිරස්තල දෙස බැලුවාම මිනීමැරුම් යනාදිය සිදුව තිබෙනවා. නිව්ස් ඇලර්ට්වලත් එන්නේ මේ වගේ පුවත්. උත්තරේ වෙන්නේ ‘ඔව්’ සහ ‘නෑ’ දෙකම. ඇත්තටම දත්ත නැති නිසා මේවා කොයිතරම් ප්‍රතිශතයකින් අඩුවෙලාද වැඩිවෙලාද කියා කියන්න මට බැහැ. එහෙත් මාධ්‍ය දිහා බැලුවාම මේක වැඩිවෙලා වගෙයි පේන්නේ.

ප්‍රශ්නය - හැබැයි වත්මන් ආණ්ඩුව යටතේ පාතාලය හිස ඔසවලා කියලයි චෝදනා නැඟෙන්නේ. නීතිය ක්‍රියාත්මකවීමක් නැතිද?

පිළිතුර - මෙතැන කරුණු දෙකක් තිබෙනවා. ඉස්සර කාලෙ නීතිය තිබ්බේ අතේ. දැන් නීතිය තිබෙන්නේ පොතේ. ලොකුම වෙනස ඒක තමයි. කසළ තේ පිටරට යවන ජාවාරමක් වසර කීපයකට පෙර තිබුණා. අපේ ගෙවල් ප්‍රදේශයෙත් මෙයට සම්බන්ධ අය සිටියා. ඒ අයට වුණේ මොකද්ද? සුදුපාට වෑන් රථයක් තුළ ඒ අය මරාදමා තිබුණා. එහෙමත් ප්‍රශ්න විසඳපු යුගයක් තිබුණා. මාතර සිද්ධියෙන් මියගිය පොලිස් නිලධාරියාට වෙඩිතැබූ පුද්ගලයා පැරැණි ක්‍රමයට ඝාතනය වී තිබුණා. මේකට මංගල ඇමැතිවරයා දැඩි ප්‍රහාරයක් එල්ල කළා. චූදිතයාටත් නීතිය එක සේ ක්‍රියාත්මක විය යුතු බව ඔහු කියා තිබුණා. යම් ආකාරයකට එදා පැවැති ක්‍රමයේ වෙනස්වීමක් අද සිදුව තිබෙනවා.
අපරාධ කියන්නේ මිනීමැරුම් පමණක් නෙමෙයි. මූල්‍ය වංචා, දූෂණ යනාදියත් එයට අයත්. අද සමහරු ලංකාවෙ ඉන්න ලොකුම නීතිඥයන් අල්ලාගෙන ඇප ගන්නවා. නැතිනම් බන්ධනාගාර ගත කරන්න එපා කියා මාස ගණනකට අධිකරණ නියෝග ගන්නවා. මේවා සියල්ල දෙස බලන්න ඕන සමස්ත ක්‍රමවේදයේ වෙනසත් සමඟයි නීතිය තිබෙන්නේ අතේද? පොතේද? චූදිතයකු වරදකරුවකු​ වනතෙක් ඔහු වරදකරුවකු කරන්න අපට බැහැ. පොලිස් නිලධාරියකු ඝාතනය කිරීම අප කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැහැ. එහෙත් සමස්ත වැඩපිළිවෙළේ වෙනස එතැන සිට බලන්න බැහැ. යම් චූදිතයකුට වුවත් ව්‍යවස්ථාවෙන් ඇති අයිතිවාසිකම් රැකෙනවාද කියා බලන්න ඕන. එදා ඒවා රැකුණේ‍ නැහැ. එදා මාධ්‍යවේදීන්ට වුණු දේ අපි දන්නවානේ. ආණ්ඩුවට ආණ්ඩුවේ ප්‍රධානීන්ට අද දැඩි ප්‍රහාර මාධ්‍යයෙන් එල්ල වෙනවා. ඒ නිදහස අද තිබෙනවා.

එදා එහෙම කළාම ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්ට වුණු දේ අපි අමුතුවෙන් කියන්න ඕන නැහැ. සමස්ත ක්‍රමයේ වෙනස්වීමත් සමඟ අධිකරණ ක්‍රියාවලියෙන් සාමාන්‍ය පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ලැබී තිබෙනවා. එහෙම නම් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරන්නේ කොහොමද? ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරන්නේ ව්‍යවස්ථාව අනුව ජනතාවට ඇති අයිතිවාසිකම් දී ඇති නිසාද? නැති නම් ඔය කියන රැල්ල මර්දනය කරන්න පොලිසියට බැරි නිසාද? මේ දෙකම බලපානවා. පොලිසියට මේ ප්‍රශ්නය හරියට පාලනය කරගන්න පුළුවන් වුණා නම් මේක මෙතරම් සමාජගත වෙන්නේ නැහැ. යම් අඩුපාඩුවක් එතැන ඇති බව පිළිගන්නවා. ව්‍යවස්ථාවෙන් ඇති අයිතිවාසිකම් ඒ පුද්ගලයන්ටත් ලැබී ඇති බව කියන්න ඕන.

ප්‍රශ්නය - දකුණේ වගේම උතුරෙත් භයානක අවි ආයුධ සමග පුද්ගලයන් හසුවෙනවා. රටේම ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් මතුවෙලාද?

පිළිතුර - මේ සම්බන්ධයෙන් මාධ්‍යයෙන් සාකච්ඡා වෙනවා දැක්කා. සමහරු භීතිකාවක් මවන්න උත්සාහ කරනවා. යුද්ධයක් තිබූ රටක වළදමා තිබෙන ආයුධ වරින් වර හසුවේවි. මේවා සමග මිනිස්සු හසුවේවි. ඒක අලුතෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. එක තැනක වුණු සිද්ධියක් ලොකු කරලා කියන්න බැහැ. බස් එකේ බෝම්බයක් පිපිරුණු වෙලාවෙදි වැදගත් යැයි කියන දේශපාලනඥයන් කිව්වේ මොනවද? ඔන්න කොටි නැගිටලා කිව්වා. කඳවුරක සිටි සොල්දාදුවකු නිවාඩුවට ගෙදර යද්දී හොරකම් කරගෙන ගිය බෝම්බයක් මගදී පිපිරුවා. හැබැයි ඉතින් මේක සමාජගත කරන්න ගියේ වැරැදි ආකාරයට නේ. බොරු ප්‍රවෘත්ති නිර්මාණය කර සමාජ මාධ්‍යවල ප්‍රචාරය කළාම ඒව ඇත්ත කියා ජනතාව සිතනවා. මේ නිසා ඇත්ත බොරු මොකද්ද කියා දන්නේ නැහැ.

ප්‍රශ්නය - රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නය මතුවෙලා ද කියලයි ඔබෙන් ප්‍රශ්න ප්‍රශ්න කළේ?

පිළිතුර - රටේ ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම තිබෙන්නේ අපේ රජයට. විපක්ෂයට නෙමෙයිනේ. ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධ වගකීම රජය ගන්නවා. යම් පසුබෑමක් තිබෙනවා නම් රජය ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න ඕන. සිවිල් ආරක්ෂාවට පොලිසිය සිටිනවා. රටේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව ඉන්නවා. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම ජනාධිපතිතුමත් රුවන් විජයවර්ධන ඇමැතිතුමත් දරනවා. රටේ ආරක්ෂාව පිළිබඳ ලොකු ගැටලුවක් තිබෙනවා කියා මම නම් සිතන්නේ නැහැ. තැන් තැන්වලින් ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කළාට එහෙම ගැටලු මහ පොළොවේ ඇති වෙන්න බැහැ. සුළු දේවල් පවා ලොකු කර පෙන්වන අවස්ථා තිබෙනවා.

එදා සමහර ඇමැතිවරු පාතාලයන්ට රැකවරණය දුන්නා. එක් ඇමැතිවරයකු ප්‍රභූ පර්යන්තයෙන් ගොස් පාතාලයකු ගුවන්යානය ඇතුළට ගෙනගොස් තිබුණා. නූරි වතු අධිකාරී ඝාතනය කළ අත කොටාට එදා දේශපාලන රැකවරණ තිබුණා. ඒ තත්ත්වයත් සමඟයි සසඳන්න ඕන. අද කාටවත් එහෙම බේරිලා යන්න බැහැ. දේශපාලනඥයන්ගෙ පවුල්වල අයටවත් අද බේරෙන්න බැහැ. නීතිය අතට අරගෙන කටයුතු කරපු කාලයත් අද වාතාවරණයත් අතර ලොකු වෙනසක් තිබෙන බව අපි පිළිගන්න ඕන.

ප්‍රශ්නය - බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා චෝදනා කරන ආකාරයට රුපියල මස්තබාල්දු වෙලාම ගියා නේද?

පිළිතුර - මගේ මිත්‍රයට කියන්න එක කතාවක් තිබෙනවා. අනෙක් රටවල් සමග සසඳන විට රුපියලේ තත්ත්වය මොකද්ද කියා කියන්නම්. රුපියලේ අගය රඳා පවතින්නේ දිගුකාලීනව හා මධ්‍ය කාලීනව අපට ලැබෙන ඩොලර් ආදායම මතයි. අපනයන, සංචාරකයන් හා අපේ අය පිටරටවලට ගොස් රැකියා කර ලබන ආදායම් අනුව රුපියලේ අගය රඳා පවතිනවා. කෙටි කාලීනව විදේශ ණය මෙයට බලපානවා. ඒ වගේම මධ්‍ය කාලීනව සෘජු විදේශ ආයෝජන බලපානවා. අපට තිබෙන ඩොලර් සංචිත වෙළෙඳපොළට මුදාහැර රුපියලේ අගය අල්ලගෙන ඉන්න පුළුවන්. ගිය ආණ්ඩුව කාලෙ රුපියල් 108 මට්ටමේ පවත්වාගෙන ඉන්න බව කිව්වා. 108 සිට 112ට ගොස් දින තුන හතරකින් ඩොලරයක වටිනාකම රුපියල් 134ට ගියා. එහෙම වුණේ සංචිත වෙළෙඳපොළට මුදාහැර රුපියලේ අගය රැකගන්න බැරි නිසයි. දැනට අපට ඩොලර් බිලියන 10ක සංචිත තිබෙනවා. මේ සංචිත වෙළෙඳපොළට මුදාහැර රුපියලේ අගය 155ට 156ට අල්ලගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක දිගුකාලීන විසඳුමක් නෙමෙයි.

සමහරු මහ බැංකු අධිපතිට දෝෂාරෝපණය කරනවා. ඒක වැරැදියි. එතුමා දේශපාලනඥයකු නෙමෙයි. එතුමා අනුගමනය කරන්නේ රටට වඩාත්ම යෝග්‍ය වැඩපිළිවෙළයි. ඒ නිසා සමහර වෙලාවට ආණ්ඩුව අපහසුතාවට පත්වෙනවා. රුපියල අවප්‍රමාණය වෙනවට දේශපාලනඥයා කැමැති නැහැ. හැබැයි මහ බැංකු අධිපතිතුමා රුපියල දකින්නේ ආණ්ඩුවට ඕන හැටියට හෝ වෙනත් අයකුට ඕන ආකාරයට නෙමෙයි. දැන් අපනයන තරමක් වර්ධනය වෙමින් තිබෙනවා. මේක තව වැඩිකර ගන්නයි බලන්නේ.

මහ බැංකු අධිපතිට තිබෙන්නේ දේශපාලනයෙන් තොර වගකීමක්. දියුණු රටවල පවතින්නේ එහෙම වාතාවරණයක්. ඇමෙරිකාවේ මහ බැංකු අධිපතිවරයා ට්‍රම්ප්ට ඕන හැටියට ඩොලරය තියා ගන්නේ නැහැ. හොංකොං, සිංගප්පූරුව ආදී රටවල මහ බැංකු නැහැ. අපේ රට මෙච්චර කල් ඇන ගත්තේ සෑම දෙයක්ම පටු දේශපාලන කෝණයකින් බැලීම නිසයි. කෙටිකාලීනව රුපියලේ අවප්‍රමාණයක් හෝ අධිප්‍රමාණයක් පැවතීම මහා දේශපාලන ප්‍රශ්නයක් හැටියට නොගෙන තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට අවශ්‍ය තාක්ෂණික තීරණ ගන්න අපට පුළුවන් වෙන්න ඕන. ඒ දැනුම, බුද්ධිය, පරිණත බව ඇති අයට එයට ඉඩ දෙන්න ඕන. රුපියලේ අගය පාලනය කිරීම ගැන දේශපාලනඥයන් දන්නේ මොනවද?

2012 - 2016 දී රුපියලට මොකද වුණේ. ඒවා සමඟයි අද තත්ත්වය දෙස බලන්න ඕන. මහ බැංකුව තාක්ෂණිකව අවශ්‍ය කටයුතු කරනවා.

ප්‍රශ්නය - රටේ අපනයන ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින පරිසරයකදීත් මෙවන් තත්ත්වයක් ඇති වී තිබෙන්නේ ඇයි?

පිළිතුර - මේකට ආසන්නම හේතුව තමයි ඇමෙරිකාව කීපවරක්ම ඔවුන්ගේ පොලී අනුපාත වැඩි කිරීම. අවම වශයෙන් තවත් දෙවරක් පමණ මේ වසරේදී පොලී අනුපාත වැඩිවන බව ඔවුන් කියා තිබෙනවා. අපි ඒකට සූදානම් වෙලා ඉන්න ඕන. ඇමෙරිකාවේ පොලී අනුපාත වැඩිවන විට ලංකාව ආදී රටවල ඇති ඩොලර් ඒ රටට ඇදී යනවා. මේ වසරේ ජනවාරි පළවැනිදා සිට පසුගිය 12 වැනිදා වනවිට ඉන්දීය රුපියල සියයට 6.6කින් අවප්‍රමාණය වෙලා. ඉන්දුනීසියාවේ සියයට 7.7කින්, පෝලන්තය සියයට 6.7කින්, හංගේරියාව සියයට 7.7කින්, පෝලන්තය සියයට 6.7කින්, රුසියාව සියයට 9.9කින්, ද. අප්‍රිකාව සියයට 10.7කින්, තුර්කිය සියයට 20.3කින්, ආර්ජන්ටිනාව සියයට 32.6කින්, බ්‍රසීලය සියයට 11.5කින්, වියට්නාමය සියයට 0.6කින්, ලංකාව සියයට 4.1කින් ආදී වශයෙන් මුදල් ඒකක අවප්‍රමාණය වී තිබෙනවා. ඕස් ට්‍රේලියාවේ පවා සියයට 4.6කින් මුදල් ඒකකය අවප්‍රමාණය වෙලා. මේ වගේ උදාහරණ රාශියක් දෙන්න පුළුවන්. ඉන්දියාවට ඕස්ට්‍ර්ලියාවට ඕන තරම් සංචිත තිබෙනවා. ඒත් ඒ රටවල් මුදල් අවප්‍රමාණය කර තිබෙන්නේ ඇයි? ඔවුන් මෙහෙම කරන්නේ තරගකාරී පරිසරය නිර්මාණය කරගන්න. දේශපාලනඥයන් අකමැති වුණාට මේවා තාක්ෂණික තීරණ.

අවප්‍රමාණය නිසා අපේ බඩුමිල වැඩි වෙන බව ඇත්ත. ආනයන යම් පමණකට අඩු වෙනවා. ඒ වුණත් තමන්ගේ මුදලේ අගය අවප්‍රමාණය වෙනවට කවුරුත් කැමැති නැහැ. රුපියලේ අගය ශක්තිමත් කළ හැකි එකම ක්‍රමය අපේ වෙළෙඳ පොළ ලෝකයට එකතු කිරීමයි. අපනයන වැඩි කරන්න ඕන. වෙන කිසිම ක්‍රමයක් ඕකට නැහැ. බන්දුල ගුණවර්ධන මගේ මිත්‍රයා මේක හොඳටම දන්නවා.

ප්‍රශ්නය - අපනයන වැඩි කරන්න ඕන කිව්වට නිෂ්‍පාදනය නංවන්න ආණ්‍ඩුව ගෙන ඇති පියවර මොකද්ද?

පිළිතුර - අපනයනයට අපි දෙන ප්‍රමුඛතාව මොකද්ද? ආයෝජකයන් වැඩියෙන් ආයෝජනය කරන්නේ වැඩි ලාබයක් ගන්න පුළුවන් තැන්වල. ඉදිකිරීම්වලට කාලයක් ආයෝජනය කළා. එයින් ලාබ ඉපැයුවා. ඒවා ලෝකයත් සමග වෙළෙඳාම් කරන භාණ්ඩ නෙමෙයි. අපනයන ආයෝජන අඩුවීමට මෙය බලපෑවා. රුපියල ශක්තිමත් කරන්න, රට සංවර්ධනය කරන්න නම් ලෝක වෙළෙඳපොළේ තරගකාරී භාණ්ඩ නිපදවන තැනට අපි යන්න ඕන. ඒකට අවශ්‍ය පසුබිම රජය සකසන්න ඕන. ජී.එස්.පී. ප්ලස් හරහා අපට යුරෝපයට භාණ්ඩ වර්ග 6600ක් බදු නැතිව යවන්න පුළුවන්. දැන් අපනයනකරුවන්ට ඇනවුම් විශාල වශයෙන් ලැබී තිබෙනවා. ධීවර අපනයන ශීග්‍ර ලෙස වැඩිවෙලා. වෙළෙඳ ගිවිසුම් අත්සන් කර අවස්ථාව උදාකරදීම රජයට කරන්න පුළුවන්. අපනයනකරුවන්ට අවශ්‍ය ණය පහසුකම් ලබාදෙන්න පුළුවන්. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා ව්‍යවසායකයන්ගේ කොතරම් පොලී කපා හරිනවාද? සමහර ව්‍යවසායවලට ණය පොලිය බින්දුවයි. තව තැනකදී සියයට හැටකින් පොලිය කපනවා. මෙවැනි ක්‍රමවේද හරහා උත්සාහ කරන්නේ නැවත මේ රටේ අපනයන ආර්ථිකයක් ස්ථාපිත කරන්නයි. ලෝක වෙළෙඳ​පොළෙන් එළියට ඇවිත් අපට තනිවම වෙළෙඳාම් කරන්න බැහැ. ඒ යථාර්ථය වටහා ගන්න ඕන. මේක අභියෝගයක්. අපි ඒක ජයගන්න ඕන. තව වසර කීපයකින් මේ වැඩේ ගොඩදාගන්න අපට පුළුවන්.

ප්‍රශ්නය - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා මුළු ආර්ථිකයම බිල්ලට දෙන්න ආණ්‍ඩුව කටයුතු කරන බවට නැඟෙන චෝදනාව ගැන කියන්නේ මොකද්ද?

පිළිතුර - ඒක සම්පූර්ණයෙන්ම කරුණු විකෘති කිරීමක්. මේ ගිවිසුමේ මූලික අරමුණ සිංගප්පූරු ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීමටයි. අවශ්‍ය ස්ථාවරත්වය ඇති කිරීමයි. ආසියානු වෙළෙඳපොළ අග්නිදිග ආසියානු වෙළෙඳපොළ මේ හරහා අපට විවෘත වෙනවා. විවිධ අසත්‍ය ප්‍රචාර මේ ගැන ගොස් තිබෙනවා. විවිධ ස්වාධීන වෘත්තීයවේදීන් ඒවි කියන බිය පතුරා තිබෙනවා. මෙවන් අයට මේ ගිවිසුම යටතේ ලංකාවට පැමිණ ක්‍රියාත්මක වෙන්න බැහැ. අපි බලන්න ඕන අපේ වෙළෙඳපොළ තවත් විවෘත කර ගන්න. තවත් ව්‍යාප්ත කරගන්න. අභියෝගවල බය වුවොත් කවදාවත් අපට ඉදිරියට යන්න බැහැ. ලාංකිකයෝ බලගුල්ලෝ නෙමෙයි නේ. වියට්නාමය සම්පූර්ණයෙන් වෙළෙඳපොළ විවෘත කළා. ඔවුන් ඒ අභියෝගය ගත්තා. හතර වටේ බදු ගහලා ට්‍රම්ප් දැන් වැඩේ අනාගන්නයි යන්නේ. ඒ මානසිකත්වය අපට ඕන නැහැ. අපට අවශ්‍ය ලී ක්වාන් යූ වගේ මානසිකත්වයක්. මහතීර් මොහොමඩ් වගේ මානසිකත්වයක්. එහෙම මානසිකත්වයක් තිබුණොත් ඉදිරියට යන්න පුළුවන්.



අදහස් (13)

රුපියලේ බලය මවා පෑමෙන් වැඩක් නෑ

Raveendra Tuesday, 03 July 2018 04:43 AM

" රුපියලේ බලය මවා පෑමෙන් වැඩක් නෑ" මෙහි අරුත කුමක් ද ??අචාර්යවරයෙක් කියන කතාව පිළිබදව අපටනම් පැහැදිලිම නැත. මොහු ආර්ථිකය දෙස බලන්නේ කොළපාට කන්නාඩිය පැළදගෙන බව යන්න අපගේ හැගීමයි. තම තමන්ගේ අදාළ " මුසල පාට කන්නාඩි පැළදගෙන " තම රටේ ආර්ථිකය පිළිබදව කතාකරන්නේ " අමරමරි මෝඩයන් " බව ස්ථිරය. තම රටට අවංකව ආදරය කරනා මිනිසුන් තම තමන් වන්දනාමාන කරන " කාලකන්නි පක්ෂ, පාට " ගැන කිසිවිට නොසිතා ආරථික දියුණුව වෙනුවෙන් වෙහෙස මහන්සි වන්නෝය. රුපියලේ අගය ඍණ අගයක් ගන්නේනම් හෝ බාල්දු වන්නේනම් රටේ ආර්ථිකයට හොදක් වේද ??

:       563       1056

ලුම්බිණි Tuesday, 03 July 2018 06:08 AM

රුපියලේ බලය මවා පෑමෙන් වැඩක් නෑ කියන කතාවේ තේරුම අපේ තිබෙන සංචිත වෙළඳපොළට නිකුත් කිරීමෙන් රුපියල් ඉහල අගයකින් තබා ගැනීම තාවකාලිකව හොඳ දෙයක් කියලා පෙනුනත් දිගු කාලීනව තමන්ව රවටා ගැනීමක් පමණයි කියන එකයි.

:       248       565

Bamunuarachchi Tuesday, 03 July 2018 08:40 AM

රුපියලේ අගය පාවෙවී තමයි තියෙන්න ඕනේ එතකොට අපිදන්නවා රුපියලේ නියම අගය මොකක්ද කියලා. නමුත් රුපියලත් බාල්දුවෙලා අපිව ලෝකෙටයි අපේ රටේම සුලුජාතීන්ටයි බාල්දුකලේ ඔබලා. නැතිනම් මෙරටට කොටි සිටියානම් හොඳයි කියපු දෙමළ අය සිටියේ නැත.

:       54       278

athuraThursday, 05 July 2018 05:32 AM

බමුණු කියන කෙනා කොතන බැලුවත් මහින්දට සුදු හුණු තමයි ගාන්නේ.

:       109       16

BamunuarachchiThursday, 05 July 2018 04:43 PM

සත්තකින්ම ඔබ හරි. ඒ මහින්දගෙන් රටට වුන සේවය මහින්දටත් වඩා මම අගය කරන නිසාය.

:       0       232

Bamunuarachchi Tuesday, 03 July 2018 08:46 AM

සිංහලෙන් හොරාගේ අම්මගෙන් පේන අහනවා කියන්නේ ඕකට තමා. දේශපාලකයෙක් රටේ අපරාද වැඩිවෙලාද කියලා පොලිස් ලොක්කාගෙන් ඇසුවාම වැඩී කියන්නේ මොන බූරු ලොක්කද හලෝ ?

:       115       373

Bamunuarachchi Tuesday, 03 July 2018 08:56 AM

"ඒගොල්ලෝ සුදු වෑන්වල දාගෙන ගියාලු" රට සාපයක් වෙලා ඉන්න අපරාද කාරයෝ සුදුවෑන් වලනොවෙයි මිනී කාරෙකේ ගිනිච්චත් තවත් අපරාද කාරයෙකුට මිස සාමාන්‍ය මිනිසුන්ට අතිරුදාව මොකක්ද?

:       60       507

Bamunuarachchi Tuesday, 03 July 2018 11:02 AM

හලෝ රටේ වෙන දේවල් තමයි රටේ ජනතාවට පෙන්වා දෙන්නේ. රටේ සිදුවන අපරාධ පෙන්වා නොදෙනවානම් මෙරටේ ජනතාවට පෙවන්න පුළුවන් කිසිමදෙයක් නැහැ. මොකද සංවර්ධන වැඩක් වෙනවාද? මේක කිසිම සැලැස්මක් නැතුව වැඩකරන ආණ්ඩුවක්. මාස ගණන කට පෙර ගෑස්මිල වැඩිකලා එවිට බේකරි නිෂ්පාදනවල මිල වැඩිඋනා දැන් ගෑස්මිල අඩුකලා බේකරි කාරයෝ කියනවා කෑමමිල අඩුකරන්නේ නැහැ කියාලා. හලෝ අඩුගනනේ ස්තීර කැබිනට් මණ්ඩලයක් හදාගන්න පුළුවන් රජයක් ද ඕක............

:       37       408

Bamunuarachchi Tuesday, 03 July 2018 11:13 AM

නිකන් පිස්සු කෙලින්න එපාහලෝ ඔහෙලා කොච්චර අඬ ගැහැව්වත් ආයෝජකයෝ මෙරටට එන්නේ නැත. බැංකු වන්චාවත් සමගම බැංකු සුරැකුම්පත් ලෙස ආයෝජනය කරතිබූ ඩොලර් මිලියන ගණනක් ආපසු ගත්තේ නැවත මෙරටේ ආයෝජනය කොරන්න නොවෙයි. ව්‍යාපාරිකයෙක් ආයෝජනය කරන්න සූදානම් උනාම අදාළ ඇමතියා ව්‍යාපාරයේ කොටස් කාරයෙක් වෙන්න ඉල්ලනවා ඉතින් කවද කැමති මේ කාලකන්නින්ව කොටස් කාරයෝ කරගන්න.

:       94       611

senarath Thursday, 05 July 2018 03:09 PM

ගොඩක් ආචාර්ය උපාධි තියෙන උදවියට ප්‍රයෝගික වැඩ බැහැ. කෝ වොල්ක්වැගන් කොම්පැනිය ආවද ? අද මොන සංවර්දන වැඩක්ද වෙන්නේ ? විදේශගතව රැකියා කරන අහිංසකයෝ ටික එවන මුදල නැත්නම් අද ඩොලරය රුපියල් 200 ටත් එහාට ගිහිල්ලා. ඒ වුනාට ඔවුන්ට තීරුබදු රහිතව තියා, බද්දෙන් අඩක්වත් නිදහසක් දෙන්න මේ එක ඇමතියෙක් කතා කරනවද. ඒ වුනාට මේ දේශපාලුවෝ කෝටි 3 ක 4 ක බදු රහිතව වාහන 2ක 3 ගන්නවා.

:       0       147

ff Friday, 06 July 2018 03:43 AM

1970 සිට කරගෙන ආපු විදියට ආර්ථීකය කලමකරණය කරා නම් අද අපේ රට හොද තැනක.

:       9       54

Bastian Saturday, 07 July 2018 03:10 AM

ඔය පැහැදිලි කිරීම සමහරවිට පිළිගනීවි..., දඹානේ වැද්දෝ. ඔයා අරථික විද්‍යාව පාස්ද කියලා මට සැකයි.

:       0       61

bandaranayake Monday, 09 July 2018 04:19 AM

"ඉස්සර කාලෙ නීතිය තිබ්බේ අතේ. දැන් නීතිය තිබෙන්නේ පොතේ." නීතිය අතේ තියෙන එක හොඳයි වගේ.

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 470 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 378 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 292 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1409 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 73 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 674 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site