IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රටටත් ලජ්ජා කරන සීගිරියේ වටපිටාව

අද වන විට ලොව පුරා ජනතාව වැඩි වශයෙන් සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත. එසේ පැමිණෙන සංචාරකයන්ගෙන් බහුතරයක් දෙනා සීගිරිය නැරඹීමට අමතක නොකරති. ඒ ලොව අට වැනි පුදුමය ලෙස ජනතාව අතර පැතිර ඇති මතයත් සමගිනි.

දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීමත් සමග සීගිරියේ මෙන්ම පිටස්තර අයගේ ද ආදායම සරුවී ඇත.

සීගිරිය දෙස් විදෙස් සංචාරකයන්ට පෙන්වා මුදල් උපයන මධ්‍යම සංස්කෘතික අරමුදලටත් අරමුදල් තර විය. කරත්ත සවාරි, අලි පිටේ සවාරි පමණක් නොව සංචාරකයන්ට  ආහාරපාන සපයන, වතුර බෝතලය සපයන කෙනාගේ පවා සරු කාලය පැමිණ ඇති බව පැහැදිලිය. එම අය එසේ සතුටු වුව ද සීගිරියට පැමිණෙන විදේශීය සංචාරකයන් සීගිරියෙන් පිටව යන්නේ දැඩි කනස්සල්ලෙන් බව අපට ආරංචි විය. ඒ අනුව අපි එම තොරතුරු සොයා සීගිරියට ගියෙමු.
 සීගිරියට ගිය අප දුටු දර්ශනත් සමග පසක් වූයේ පසුගිය වසරේ ලංකාවට පැමිණි දසලක්ෂ වැනි සංචාරකයා වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සංවිධාන කර තිබූ උත්සවයයි. මන්ද එහි දී සංචාරක මණ්ඩලයේ ඉහළ නිලධාරීන් දැක්වූ අදහස් ද නිසාවෙනි.

 ඉනාමලූව සිට සීගිරියට ප‍්‍රවිශ්ඨ මාර්ගය ඉතාම හොඳ තත්ත්වයේ පවතී. එහෙත් සංචාරකයන්ට වාහනවලින් බැස සීගිරිය අවට ඇවිදීමට නොහැකිය. සීගිරි නගරය තනි කර අපායකි. සීගිරියට ප‍්‍රවිශ්ඨ වීමට ඇති බොරලූ මාර්ගය අප යන විට අලින් නිදා ගන්නා තරම් විශාල වළවල්වලින් ගහණය. විදේශිකයන්ගේ සුදු කකුල් රතු පසෙන් වැසී ගොසිනි. ඔවුන් සීගිරි ගල දෙස බලාගෙන මඩ වළවල්වලින් ගමන් කරද්දී ලංකාවේ සිටින අපට ද දැණුනේ මහා දුකකි.
 සීගිරි නගර මධ්‍යයට පැමිණි අප දුටුවේ ඊට හාත්පසින්ම වෙනස් දසුන්ය. ගරා වැටුණු කඩ පෙළවල් මෙන්ම සුනඛයන්ගෙන් ගහණ වූ මඩ වළවල්වලින් පිරුණු දසුන්ය. ලොව අට වැනි පුදුමය බලන්නට එන විදේශිකයන් මෙම දසුන් දැක පුදුමයට පත්වී සිටිති. සීගිරි නගරයේ දී අපට හමුවූ  ඕස්ටේ‍්‍රලියානු ජාතික ගුරුවරියක වූ බාබරොක් මහත්මිය තමන් සීගිරියේ දී අත් විඳි දේ මෙසේ අප සමග පැවසුවාය.

”මම හරිම ආසයි ලංකාවට. ඒ නිසයි සැමියත් එක්ක ආවේ. ලංකාව හරිම ලස්සනයි. අපි සීගිරිය බලන්න ආවා. හැබැයි මුදල් අය කරන එක විතරයි. පහසුකම් ගැන හරිම දුකයි. අපි සීගිරි අවට ඇවිදින්න ගියා. ඒ මාර්ගවල පයින් යන්න බෑ. සීගිරියේ පදිංචි අය කොහොම ඉන්නවද කියලා හිතා ගන්නත් බෑ.”
අපි ඇය සමග ඉන් එහාට කතා කරන්නට නොගියෙමු. ඇයට සමු දුන් අපි සීගිරියේ පදිංචි ජනතාව සමග ද කතා කළෙමු. සීගිිරියේ පදිංචි අලි සෆාරියක් පවත්වාගෙන යන පි‍්‍රයරංජන කුමාර මහතා මෙසේ පැවැසීය.

”සීගිරියට එන සංචාරකයෝ මෙහේ රැුඳිලා ඉන්නවා හරිම අඩුයි. සීගිරිය බලන්න රුපියල් තුන්දාස් අටසියයක් අය කරනවා. හැබැයි ඒ අයට සීගිරිය බලලා අවට ඇවිදින්න බෑ. මේ පදිංචි වෙලා ඉන්න ජනතාව අතරට ඇවිල්ලා තැඹිලි ගෙඩියක් බොන්ඩ බෑ. මොකද මේ පාරවල් හරියට වාරිමාර්ග වගේ. කුණු කසළ පිරිලා. මේවා කියන්න කෙනෙක් නෑ. සල්ලි උපයන මධ්‍යම සංස්කෘතික අරමුදලට කිව්වත් ප‍්‍රාදේශීය සභාවට කිව්වත් පලක් නෑ. ඒ නිසා අපිත් ඔය සුද්දෙකුට අලියෙක් පෙන්නලා පිටේ රවුමක් යවලා කීයක් හරි හොයා ගෙන ජීවත් වෙනවා.”

 සීගිරියේ පදිංචි නිහාල් ජයවර්ධන මහතා ඊට වෙනස් කතාවක් කීවේය.

 ”සීගිරියේ පදිංචි අපි පුදුම කරුමයක් ගෙවන්නේ. සීගිරි නගරය පුරාවිද්‍යා එකට අයිතියි කියලා වෙළෙඳසලක් හදා ගන්න දෙන්නේ නෑ. වැසිකිළියක් හදන්ඩ දෙන්නේ නෑ. හැබැයි තෙමි තෙමී හරි අටවාගෙන මේ වෙළෙඳාම් කරන කඩවලින් ප‍්‍රාදේශීය සභාව බදු මුදල් නම් ගන්නවා.  

”අද වන විට සීගිරියේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල මාර්ගවල බස් රථයක් තියා පයින්වත් යන්න බැරි තත්ත්වයට පත් වෙලා. හැබැයි අපේ සීගිරිය පෙන්වලා දවසකට ලක්ෂ ගාණක් මුදල් උපයනවා. ඒ මුදල් කොහාට යනවද අපි දන්නේ නෑ. ඒ මුදල්වලින් සීගිරිය වගේ තව ගලක් හදන්න පුළුවන්. අඩුම තරමේ ඒ සල්ලිවලින් පාරක් තොටක්වත් හදනවා නම් ඔය එන සංචාරකයෝ ගමේ ඇවිදලා බලලා යාවි. එතකොට මේ පැත්තේ අයටත් අඩුම තරමේ තැඹිලි ගෙඩියක් හරි විකුණලා ජීවත් වෙන්ඩ පුළුවන්.”

 සීගිරිය යනු සංචාරක කලාපයකි. සීගිරිය නගරයේ අයිතිය ඇත්තේ දඹුල්ල ප‍්‍රාදේශීය සභාවටය. ඒ නිසාම අපි එහි සභාපති කේ.ජී. සෝමරත්න මහතාගෙන් ද විමසීමක් කළෙමු.

 ”මේ දවස්වල වහින නිසා ප‍්‍රදේශයේ මාර්ග නම් බහුතරයක් විනාශ වෙලා. හැබැයි සීගිරියේ මාර්ග හදන්න අපි වෙනම සල්ලි සොයන්න  ඕනෑ. සීගිරිය අපේ බල ප‍්‍රදේශයේ තිබුණත් අපේ මාර්ග පාවිච්චි කළත් අපි කුණු කසළ ඇද්දත් සතයක්වත් අපිට ලැබෙන්නේ නැහැ. එක වාහන නැවතුම්පොළක් විතරක් අපි කරනවා. මම රජයටත් ඇමැතිවරුන්ටත් ජනාධිපතිතුමාටත් දැනුම් දී සිටියේ සීගිරිය පෙන්වලා උපයා ගන්න මුදල්වලින් සීයට එකක් හෝ ප‍්‍රාදේශීය සභාවට දෙන්න කියලයි. මේ සීගිරිය පෙන්නලා අති විශාල මුදලක් උපයනවා. හැබැයි ඒ සල්ලිවලින් ප‍්‍රදේශයේ සංවර්ධනයට කිසිදු දායකත්වයක් නෑ. මධ්‍යම සංස්කෘතික අරමුදල ශක්තිමත් වෙනවා. එච්චරයි වෙන්නේ. අපට හැකි පරිදි මාර්ග ටික හදන්න බලන්නම්.”

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘතියේ ඉහළ නිලධාරියකු කියා සිටියේ ලැබෙන සියලූ ආදායම් එදිනෙදා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගිණුමට බැර කරන බවයි.

 ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සංචාරක ප‍්‍රවර්ධනය සඳහා අති විශාල වැඩ පිළිවෙළක්  සැලසුම් කරමින් පවතී. ඒ අනුව 2011 සිට 2016 කාලය තුළ ඩොලර් බිලියන 3000ක විදේශ ආයෝජන ලබා ගැනීමේ සැලසුම් ඇත. සෑම අංශයකින්ම සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සැලසුම් සකස් කරද්දී සංචාරකයන් බහුතරයක් ගැවසෙන සීගිරිය වැනි ලෝක උරුම නගරයක අසිරිය පිළිබඳව මීට වඩා පුළුල්ව සිතා බැලිය යුතුයි.

 සංචාරකයන්ගේ පහසුව සඳහා සීගිරිය ගල ආසන්නයේ ඇති පොලිස් මුරපොළ පුංචි තේ කඩයක් වැනිය. සීගිරිය රෝහලට ගිය විට සංචාරකයන්ට සීගිරිය එපා වනු ඇත.

 මේ සියලූ දෑ සැලකිල්ලට ගෙන සීගිරිය ආරක්ෂා කරමින් මෙහි ජනතාව ද ආරක්ෂා කරමින් කටයුතු කරන්නේ නම් සීගිරියට පැමිණෙන විදේශීය සංචාරකයන්ට ද එය විශේෂිත වනු නිසැකය.

 

සටහන හා ඡායාරූප -  දඹුල්ල කාංචන කුමාර ආරියදාස

පි‍්‍රයංජන කුමාර නිහාල් ජයවර්ධන බාබරොක් මහත්මිය

 

සංචාරකයෝ යන පාරේ මඩ වළවල්



අදහස් (0)

රටටත් ලජ්ජා කරන සීගිරියේ වටපිටාව

නිත්‍යා Saturday, 02 February 2013 03:20 PM

සිගීරියේ පුදුමය බලන්න එන අය වටපිටාව දැක පුදුම වෙනවා ඇත (ස)

:       0       0

චන්දන Monday, 21 January 2013 01:42 PM

ලොව 8 වැනි පුදුමය සීගිරිය. 9 වැනි පුදුමය තමයි මඩ වළවල් පිරුණු අපිරිසිදු නගරය. (නි)

:       0       0

ධම්මික Tuesday, 22 January 2013 12:34 PM

සීගිරිය විතරක් නෙවෙයි.ගොඩක් තැන් මෙහෙමයි.කාටද ඉතින් කියන්නේ....(ස)

:       0       0

ෂර්මිලා Tuesday, 22 January 2013 07:43 PM

ඇත්ත තමයි. අපිත් ගියා පවුල් පිටින් පොඩි ළමයිනුත් අරගෙන. හරිම අපිරිසිදුයි. (නි)

:       0       0

අමරා Tuesday, 22 January 2013 01:23 AM

ඉක්මණින් නිසි පිළියමක් යොදනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. (නි)

:       0       0

දුමින්ද Wednesday, 23 January 2013 08:56 AM

මධ්‍යම සංස්කෘතික අංශයේ අය ඇයි නිහඩ? (නි)

:       0       0

අසිත Wednesday, 23 January 2013 07:32 PM

කෝ ගමේ සංවර්ධනය? කියන තරම් මොනවත් සාර්ථක නැහැ වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 629 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17612 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 726 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site