(විනීතා එම් ගමගේ)
අභාවප්‍රාප්ත ඞී සෙනෙවි එපිටවත්ත මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයා මෙන්ම භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකුද විය.
මහාචාර්ය එපිටවත්ත මහතා 2002 ඔක්තෝබර් සිට 2003 දෙසැම්බර් දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති වශයෙන් කටයුතු කළ අතර එම විශ්වවිද්‍යාලයේ කලා පිඨයේ පිඨාධිපති සහ භුගෝල විද්‍යා අංශ ප‍්‍රධානී වශයෙන්ද සේවය කළේය.
එම විශ්ව විද්‍යාලයේම උපාධිදාරියකු වන ඒ මහතා පළමු උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලැබූ අතර අනතුරුව මොරටුව විශ්ව විද්‍යාලයේ නගර හා ග‍්‍රාම නිර්මාණ අංශයෙන් විද්‍යාපති උපාධියක් ද ලබා ගත්තේය.
අනතුරුව එංගලන්තයේ ෂෙෆිල්ඞ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති එපිටවත්ත මහතා ජෛව භුගෝල විද්‍යාව පිළිබදව පර්යේෂණ රැසක් සිදු කළේය.
ඔහු දක්ෂ දේශකයෙකු සහ කථිකයෙකු වශයෙන් ප‍්‍රසිද්ධියට පත්විය. පාරිසරික සංරක්ෂණය පිළිබදව මහජනතාව සහ සිසු දරුවන් අතර දැනුම බෙදාහැරිමේ අදහසින් රුපවාහිනි වැඩසටහන් පැවැත්වීමටද හෙතෙම කටයුතු කළේය.
ඒ අනුව සිංහරාජ වනාන්තරය පිළිබඳව සකස් කළ වාර්තාමය වැඩසටහනක් ජාතික රුපවාහිනියේ විකාශනය විය.
ඒ මහතා උසස් පෙළ හදාරන සිසු දරුවන් සඳහාත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප‍්‍රයෝජනය සඳහාත් පොත්පත් සහ ප‍්‍රකාශන රැසක් එළිදැක්වූවේය.
සරල හා චාම් දිවිපෙවෙතක් ගත කළ එපිටවත්ත මහාචාර්යවරයා පිළිවෙල හා ක‍්‍රමාණුකූල බව නිතර අගය කළ අයෙකි. බොරලැස්ගමුවේ තම නිවසේ සිට විශ්ව විද්‍යාලය වෙත ඔහු පැමිණියේ පාපැදියෙනි.
එමෙන්ම යුද හමුදා ස්වේච්ඡා සේවයටද එක්ව සිටි එපිටවත්ත මහතා කොතලාවල ආරක්ෂක සේවා විශ්ව විද්‍යාලයට ද සංස්කෘතික අරමුදලට සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය වෙත ද තම සේවය සැපයීය.
මහාචාර්ය එපිටවත්ත මහතා දියණියන් දෙදෙනකුගේ පියෙකි.ඒ මහතාගේ බිරිඳ වන මල්සිරි ජේ සෙනෙවිරත්න මහත්මිය පරිපාලන සේවයේ නිලධාරිනියක වන අතර බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කරන්නීය.
ඉකුත් 2 වැනිදා අභාවප‍්‍රාප්ත එපිටවත්ත මහතාගේ අවසන් කටයුතු හෙට (04) සවස 4 ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත ය. දේහය බොරලැස්ගමුව සරණපාල පෙරේරා මාවතේ පිහිටි ඒ මහතා ගේ නිවසේ තැන්පත් කර ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මහැදුරු එපිටවත්තගේ චාම් දිවිගමන
Tilak Sunday, 03 September 2017 01:02 PM
ඉතා කණගාටුයි. හොඳ මනුස්සයෙක්... නිවන් සුව පතමි...