IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


මැයි දිනය සැමරූ හැටි

ලෝකය නිමැවී තිබෙන්නේ හිරුගේ රැස්වලින් හා මවුගේ කිරිවලින් යැයි මැක්සිම් ගෝර්කි ලීවේය. ඒ ලෝකය අලූත් වෙවී ඉදිරියට යන්නේ පීඩිත කම්කරුවාගේ දෑතේ මහන්සියෙනි. මැයි දිනය ඒ පීඩිත කම්කරුවාගේ දිනයයි.

ජනපති මැයි රැලියේ

පීඩිත කම්කරුවා හැමදාමත් අයුක්තියේ හා අසාධාරණයේ යකඩ සපත්තුවට පෑගී සිටියි. හේ නොනැවතී සූරාකෑමට ලක්වෙයි. එයට එදිරිව යුක්තිය හා සාධාරණත්වයේ නාමයෙන් නැගී සිට සටන් කළ යුතු බවට චිකාගෝ නුවර කම්කරුවෝ සංඥාවක් දුන්හ. පැය අටක වැඩ දිනයක් ඉල්ලා ඔවුහු වීදි මතට පිවිසියහ. පාලකයෝ සුපුරුදු තුවක්කුවෙන් උත්තර දුන්හ. වෙඩි වැදී ළය පැලී බිම වැටුණ සටන් සගයන්ගේ සිරුරු ඔසොවාගෙන චිකාගෝ නුවර කම්කරුවෝ සටන් කළහ. ඒ මහා මිනිස් අනුරාගය බයිනෙත්තු තුඩට වඩා බලවත් විය. එහෙයින් ඔවුන්ගේ සටන විජයග‍්‍රහණයෙන් නිමාවට පත්විය. පීඩිත කම්කරුවාට පැය අටක වැඩ දිනයක් ලැබුණේ ඒ චිකාගෝ නුවර කම්කරුවන්ගේ රුධිරයේ හා ජීවිත පූජාවේ ආනුභාවයෙනි.

මැයි දිනය ඒ අභීත වීරවරයන්ගේ ස්මරණ දිනය වන්නාසේම සකලාකාර අගතීන්ට එරෙහිව සම්මුති විරහිත අරගල සඳහා පීඩිත කම්කරුවාගේ ශක්තිය එකමිටට එකතු කරන දිනයද වන්නේය.

ඒ කම්කරු දිනය හෙවත් මැයි දිනය ඉකුත්දා සැමරිණි. අග නගරයේ වීදි මත මෙන්ම රටේ බොහෝ ප‍්‍රදේශවල වීදි මත දුක් විඳින පීඩිතයාගේ හඬ රැව් දුන්නේය. එමගින් දිනාගත් යමක් වේද යන ප‍්‍රශ්නය පසෙකලා මැයි දිනය සැමරූ අයුරු මෙතැන් සිට ලියා දක්වමු.

හිටපු කම්කරු ඇමැතිවරයකු රටේ ජනාධිපතිව සිටින එම ජනාධිපතිවරයා නායකත්වය දෙන බලවේගයේ මෙහෙයවීමෙන් මෙවර මැයි දිනය සැමරුණේ කොළඹ නෙළුම් පොකුණ අසලින් ඇරැඹී බොරැල්ල කැම්බල් පිටිය දක්වා දිග හැරුනු යෝධ පෙළපාලියත් හා කැම්බල් පිටියේ පැවැති රැළියක් සමගිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි පෙළපාලිය ඇරැඹුණු නෙළුම්පොකුණ රඟහල අසලදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්වීම පාක්ෂිකයන්ගේ උද්යෝගය තියුණු කරවන්නක් විය. රට නගන මැයි රැල්ල මැයෙන් පැවැති නිදහස් සන්ධාන මැයි දින සැමරුමේදී පීඩිත ජනයාට අගනා ත්‍යාගයක් ලැබිණි. ඒ ජනාධිපතිවරයා අතිනි. ”විදුලි බිල අඩු කිරීම” ඒ ත්‍යාගය විය.

විපක්ෂනායක රනිල්  වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විපක්ෂයේ විරෝධය කුළුගැන්වූ මැයි දින සැමරුම රටේ ස්ථාන තුනක පැවැත්විණි. ඒ සිරිකොත මන්දිරයේ, කුරුණෑගල හා බදුල්ලේදීය. ප‍්‍රධාන මැයි පෙළපාලිය හා රැළිය පැවැතියේ කුරුණෑගල මාළිගාපිටියේය. ඇදහැළුණු මහ වර්ෂාව නොතකා මාළිගාපිටිය පිරෙන්න ජනයා රොක්වී සිටියහ. විපක්ෂයේ විරෝධය නියෝජනය කරන දේශපාලන නායකයන් පිරිවරාගෙන රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනයා ඇමතූ රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ, ”ජනතා මුදල් පික් පොකට් ගහන පාලනය නිමාකර හම්බ කරන මුදලින් බරක් නැතිව ජීවත්විය හැකි එජාප ආණ්ඩුව එන වසරේ පිහිටුවන බවය.

ජනතා විමුක්ති පෙරමුණද මෙවරද ආකර්ශනීය ලෙස මැයි පෙළපාලිය පැවැත්වීමට සමත්විය. සටන් පාඨවලට වඩා රංගනයෙන් මෙන්ම අනුරූ මගින් සිය පණිවිඩය ප‍්‍රකාශ කිරීමට ජවිපෙ සමත්වූ බව පෙනුණි. ජවිපෙ නායකයන් පෙරටු කරගත් පෙළපාලිය දෙහිවල එස්. ද එස්. ජයසිංහ කී‍්‍රඩාංගණයෙන් ඇරැුඹී හැව්ලොක් ටවුමේ බී.ආර්.සී. පිටිය දක්වා පැමිණියේ සටන්කාමී දහස් සංඛ්‍යාත සාමාජිකත්වයේ සහභාගිත්වයෙනි. බී.ආර්.සී. පිටියේ පැවැති රැුළියේදී ජ.වි.පෙ. නායක සෝමවංශ අමරසිංහ කියා සිටියේ, මේ ආණ්ඩුවට රටේ ප‍්‍රශ්නවලට විසඳුම් නැහැ. එහෙයින් මේ ක‍්‍රමයට  එරෙහිව අරගල කිරීමට සියලූ දෙනා එකමුතු විය යුතු බවය.

 

එජාප නායක රනිල් මැයි රැලියේ

 

සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වුවද ජාතික නිදහස් පෙරමුණ මෙවර තනිවම මැයි දිනය සැමරුවේය. අභියෝගාත්මක තීරණයක් වුවද එය පහසුවෙන් ජය ගෙන සිය පක්ෂයේ ශක්තිය රට හමුවේ ප‍්‍රදර්ශනය කිරීමට ජා.නි.පෙ. නායක ඇමැති විමල් වීරවංශ මහතා සමත්වූ බව පෙනුණි. ජා.නි.පෙ. නායකත්වය පෙරටු කරගත් ජානිපෙ මැයි පෙළපාලිය දෙමටගොඩ ශාන්ත ජෝන් පාසල් කී‍්‍රඩා පිටියෙන් ඇරැඹී මාළිගාවත්ත පී.ඞී. සිරිසේන ක‍්‍රීඩාංගණයට පැමිණියේ දහස් සංඛ්‍යාත ජන සහභාගිත්වයෙනි. ”වෙනම මැයි රැළියක් පවත්වන්නේ එතැන කීමට බැරි දේවල් තිබෙන නිසා බව පැවැසූ ඇමැති විමල් වීරවංශ, ඉඩම් හා පොලිස් බලතල සහිතව උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඇමැති තනතුරු අත්හරිමින් එයට එරෙහිව සටන් කරන බව පැවැසීය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම පක්ෂයේ මැයි රැළිය බත්තරමුල්ල, පැලවත්ත ජී.එම්. බුද්ධදාස කී‍්‍රඩාංගණයේ පැවැත්විණි. මෙම මැයි රැළියට ද අති විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

ජවිපෙන් බිඳුණු පෙරටුගාමී සමාජවාදියෝ දහස් සංඛ්‍යාත සාමාජිකත්වයේ සහභාගිත්වයෙන් මැයි රැළිය පැවැත්වූයේ කොටහේන රත්නම් පිටියේය. ”සමාජවාදී ජීවිතයක්” ඔවුන්ගේ මැයි රැළියේ තේමාව විය.

 

ජානිපෙ මැයි රැලියේදී ඇමැති විමල් වීරවංශ කතා කරමින්

 

මැයි දිනය නිමාවට පත්වී තිබේ. පුංචි පාරවල්වල ලොකු පෙළපාලි රැගෙන යාමේ සතුට පමණක් පක්‍ෂ නායකයන්ට ඉතිරි කරමින් මැයි දිනය ගෙවී යාම වැළැක්විය හැකි දිනයක් එළැඹෙන්නේ නම් එය පීඩිත කම්කරුවාගේ ජයග‍්‍රහණයක්ම වනු ඇත.

 

සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්

 

 



අදහස් (0)

මැයි දිනය සැමරූ හැටි

සම්පත් Thursday, 09 May 2013 02:16 PM

මැයි දිනය කම්කරුවාගේ දිනයයි. අද එය දේශපාලුවන්ගේ බලය පෙන්වන දිනයක් වෙලා.(නදී)

:       0       0

සම්පත් Thursday, 09 May 2013 02:16 PM

මැයි දිනය කම්කරුවාගේ දිනයයි. අද එය දේශපාළුවන්ගේ බලය පෙන්වන දිනයක් වෙලා. (ස)

:       0       0

විමල් Monday, 06 May 2013 07:50 PM

අද ඒකක 60ක් භාවිතා කරන පවුල් අපේ රටේ කොච්චරද ඉන්නේ? සියයට 1 ක් වත් නැති තරම්. (නි)

:       0       0

ලලිත් Sunday, 05 May 2013 04:38 PM

අද මැයි දිනය සමරනවද මරනවද? මේක දැන් නිකම් සෝබන සන්දර්සනයක් වෙලා. හරි නම් මැයි දිනය සැමරිය යුත්තේ කම්කරුවා උනත් අද එය සමරන්නේ දේශපාලනඥයන්. (ත)

:       0       0

ගාමිණී Sunday, 05 May 2013 04:46 PM

මැයි දිනය සැමරිය යුත්තේ කම්කරුවා වුවත් අද එසේ නොවේ. මැයි දිනය සමරන්න ගොවි කම්කරුවන් ලබාපු ජයක් තිබේද? මට නම් කම්කරුවා ලබන ජයක් පෙනෙනතෙක් මානයකවත් නැත. (නි)

:       0       0

ශ්‍රී Tuesday, 07 May 2013 03:46 AM

එදා චිකාගෝ නුවරට ආපු කම්කරුවොයි මෙදා කොළඹට ආව කම්කරුවොයි බලද්දී අහසට පොළව වගේ. එදා කම්කරුවෝ තම ආත්ම අභිමානය වෙනුවෙන් එකතු වුණේ. ඒත් අද..? (නි)

:       0       0

අසෝක Thursday, 09 May 2013 12:59 PM

දිව දෙකේ තලගොයා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1513 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1344 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 482 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site