(*** මොරටුව - රේඛා තරංගනී ෆොන්සේකා)
මුංඇට, උඳු පිටි, කහ සහ පොල් පැණිවල මිල ගණන් ඉහළ යෑමත් පොල් තෙල්වල පිළිකාකාරක තිබෙන බවට තහවුරුවීමත් නිසා සිය ව්‍යාපාර අවදානමකට ලක්ව ඇති බව බව රස කැවිලි වෙළෙන්දෝ පවසති.
එසේම කැවුම්, කොකිස්, මුං කැවුම් පිසීමට විශාල වියදමක් දැරීමට සිදුවීමත් නිසා තම ආදායම් කඩාවැටී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
ළඟ එන සිංහල හා හින්දු අවුරුදු චාරිත්‍ර සැමරීමට සකසන කැවුම්, කොකිස්, රස කැවිලි හැදීමට අවශ්‍ය වන අමුද්‍රව්‍යවල වෙළෙඳපොළේ මිල ගණන් ඉතා ඉහළ අගයකට පත්ව ඇති ආකාරය වෙළෙඳසල් සහ සුපිරි වෙළෙඳසල්වල සංචාරයේ නියැළුණු අපට ද දැකගත හැකි විය.
ඒ අනුව මුංඇට කිලෝවක මිල රුපියල් නවසිය අසූවකටත්, උඳු වළලු සෑදීමට ගන්නා උඳු පිටි කිලෝවක මිල රුපියල් එක්දාස් අටසීයක් ලෙසත්, කොකිස් වර්ණ ගැන්වීමට යොදන වර්ණක වන කහ කුඩු ග්‍රෑම් පනහක මිල රුපියල් තුන්සිය අසූවක් ලෙසත්, පැණි බෝතලයක මිල හාරසිය තිහක් ලෙසත්, රසකැවිලි සුවඳ ගැන්වීමට යොදන කරඳමුංගු ග්‍රෑම් දහය රුපියල් දෙසීයක් ලෙසත් දැකගත හැකි විය.
පසුගිය වසරේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නොසිතූ ලෙස කඩා වැටුණු සිය රසකැවිලි ව්‍යාපාරය මේ වසරේ රසකැවිලි සෑදීමට ගන්නා බඩු මිල ඉහළ යෑම නිසා කබලෙන් ලිපට වැටී ඇතැයි රසකැවිලි වෙළෙන්දෝ වැඩිදුරටත් සඳහන් කළහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එක් වූ මාදින්නාගොඩ රස කැවිලි වෙළෙඳාමේ යෙදෙන ටී. අනුර මහතා මෙසේ පැවසීය.
මේ වෙනකොට මුංඇටවල මිල ගණන් දරාගන්න බැරි තරම් ඉහළ ගිහිල්ලා. මුං කැවුමක් රුපියල් පනහකටවත් දෙන්න අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒත් මම මුං කැවුමක් රුපියල් හතළිහකට මිල කරලා තියෙනවා.
කඩේ මුංඇට කිලෝවක් නවසිය අසූවක් වෙනවා. මුංඇට කිලෝ එකක් අරගෙන ඒකට හාල් පිටි, සීනි, පැණි වගේ අඩුම කුඩුම එකතු කරල කැවුම හැදිල එනකොට ඒකට සරිලන මිල කිව්වාම ගන්න එන මිනිස්සු දුවනවා,
පැණි කැවුම්වලට රුපියල් තිස්පහක් අපි අයකරනවා. කොකිස් රුපියල් විස්සකට අපි විකුණනවා. උඳු වළලුවලට මිල නියම කර ගන්න අපහසු තත්ත්වයක් තියෙන්නේ.
මොකද හාල්පිටි සමග උඳු පිටි මිශ්‍ර කළේ නැත්නම් නියම පදම මතුවෙන්නේ නැහැ. මේ බඩු මිල ඉහළ ගියා කියලා රස්සාවට බොරු කරන්න අමාරුයි.
ඒ නිසා මේ දවස්වල පාඩුපිට තමයි අපි ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ. කොකිස් එකක් වුණත් රුපියල් විස්සකට දෙන්නෙත් හරි අමාරුවෙන්. මොකද කොකිස් හදන්න යොදාගන්න කහවල ගණන් පොල්වල ගණන් බැලුවහම එළොව පොල් පේන තත්ත්වයක් තමයි වෙලා තියෙන්නේ.
බැද්දගාන ප්‍රදේශයේ පදිංචිකාරියක වන රස කැවිලි ව්‍යාපාරයේ යෙදෙන එම්.ඒ. ඥානසීලි මහත්මිය මෙසේ පැවසුවාය.
මම විකුණන්නෙ කොණ්ඩ කැවුම්, නාරං කැවුම්, ආස්මි, කොකිස් විතරයි. මුං කැවුම් හදලා විකුණ ගන්න අමාරුයි. මොකද මුං කැවුමට ගාන කිව්වහම මිනිස්සු ඒවා ගන්න කැමති නැහැ. එක කැවුමක් රුපියල් පනහක් කිව්වත් කැවුම් දහයක් ගන්නකොට පාරිභෝගිකයන්ට ඒ මිල දරා ගන්න අමාරුයි කියලා මම දන්නවා.
මේ දවස්වල රටේ තියෙන පොල්තෙල් ප්‍රශ්නෙ නිසා අපෙන් කැවුමක් ගන්න ආවහම සමහර නෝනලා මහත්තුරු පොල්තෙල්වල තත්ත්ව සහතික හොයනවා.
මේ කැවුම් බදින්නේ පිළිකාකාරක පොල් තෙල් දාල ද කියල අහනව.
සමහර අය මෙතනට ඇවිල්ල කැවුම් කොකිස් පරීක්ෂා කරන්නේ හරියට රසායනාගාරවලින් ආවා වගේ. ඒ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියාම දවසම ඉවරයි. වෙන අවුරුදුවලදී ඕඩර් කරගන්න බැරි තරම් ලැබෙනවා. කීයක් හරි අතටත් ඉතිරි වෙනවා. ඒත් දැන් අතින් දාලා තමයි ඕඩර් එක දෙන්න සිද්ධවෙලා තියෙන්නේ. කොරෝනා වසංගත කාලයේදී අපේ කැවුම්, කොකිස් ව්‍යාපාරය කඩාගෙන වැටුණා.
මේ අවුරුද්දෙවත් මොකක් හරි ක්‍රමයකට ව්‍යාපාරය ගොඩ ගන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වුණත් කැවුමක් හදන්න යන අමුද්‍රව්‍යවල මිල දැක්කහම මේක කරනවට වඩා නොකර ඉන්න එකත් හොඳයි කියලා හිතෙනවා. ඒත් දන්න රස්සාව මේක නිසා මොනව කරන්නද.
මේ සම්බන්ධයෙන් විමසීමට අප ගෘහණියන් කීපදෙනකු ද සම්බන්ධ කරගත් අතර ඔවුන්ගේ අදහස වූයේ ද ආර්ථික අපහසුතාව මැද්දේ සමරන්නට සූදානම් වන සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ රැස කැවිලි හැදීමට මාසේ පඩියම වැය කිරීමට සිදුව ඇති බවයි.
වෙළෙඳපොළේ ඇති පොල් තෙල් හඳුනා ගැනීමට ද තත්ත්වයක් හැකියාවක් නොමැති බව සඳහන් කරන ගෘහණියන් සිය දරුවන්ට පිළිකාකාරක පොල්තෙල් යොදා ආහාර සකසා දීමට මවක් හැටියට හැකියාවක් නොමැති බව ද වැඩිදුරටත් පැවසුවාය.
මේ සම්බන්ධයෙන් වෙළෙඳ කටයුතු ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සම්බන්ධ කරගත් අතර ව්‍යාපාරිකයන් සහ ගෘහණියන්ගේ ගැටලුවලට පිළිතුරු ලබාදෙමින් ඔහු පැවසුවේ මෙය රාජ්‍ය ප්‍රතිපත්ති තීරණයකට අනුව සිදු වූ මිල ඉහළ යෑමක් බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මට අනුව මෙම රටේ ජනතාව ණය වීම වළකා ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණෙන් 1977 වර්ෂයෙන් පසු කෘෂි බෝගයන් වන කහ, සහල්, උඳු, ගම්මිරිස්, කජු, කව්පි, මුංඇට පිටරටින් ගෙන්වීම තහනම් කළ බව ඇමැතිවරයා පැවසීය.
කෙටි කාලීන පැළැස්තර දැමීම වෙනුවෙන් දිගුකාලීන වටිනා වැඩපිළිවෙළක් අඩාල කිරීම කළ නොහැකි බව සඳහන් කළ ගුණවර්ධන මහතා, ජාතික අරමුණ වෙනුවෙන් මේ කන්නයේ කහ, උඳු යාපනය ප්‍රදේශයේ විශාල වශයෙන් වගා කර ඇති බව ද මේ වනවිට ගම්මිරිස් කිලෝවක් රුපියල් 800 වැනි මිලකට මිලදී ගැනීමට ද කටයුතු කර ඇති බව පැවැසීය.
විටින් විට සහන දීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලෝකය පුරා මිනිසුන් ලක්ෂ 28ක් මියගිය අවස්ථාවක උත්සව මහ ඉහළින් සැමරිය හැකි ද යන්න විමසීය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මෙදා අලුත් අවුරුද්දේ රස කැවිලිත් තිත්ත වෙයි
Kamal Koyrala Wednesday, 07 April 2021 10:10 AM
අවශ්‍ය නැහැ.. සෞභාග්‍යයේ දැක්මේ ලිස්ට් එක විමලේ කිව්වේ. ඒකවත් ලැබුණේ නැතිනම් අවුරුද්දට බන්දුලගේ මල්ල ඇතිනේ 69 ලක්ෂයට...
Pradeep Wednesday, 07 April 2021 05:16 PM
කෘෂිකර්මාන්තය මැනවින් දියුණු කරන්න පුළුවන් රටකට වෙලා තියන දෙයක්... අනේ දෙවියනේ අපිට මොනවද ඊට අඩු..? හරි දැක්මක් තියන නායකයෙක් විතරයි. පෞද්ගලිකව මා ළඟත් තියෙනවා. රටේ කෘෂිකර්මය නගා සිටුවිය හැකි වැඩ පිළිවෙලක්. නමුත් කාටද ඒක වටින්නේ...? මට හැකි විදියට ගෙවත්තේ අපට අවශ්‍ය ටික වගා කරගන්නවා හැර මොනවා නම් කරන්නද..?
chathura Thursday, 08 April 2021 05:34 AM
කලවම් කරපු තෙල් 2016 දී ගෙනෙන්න අවසර දීලා, අවුරුදු 4ක් පාවිච්චි කළා. මොනවද කෑවේ කියලා දැන් තමයි දන්නේ... දැන් රජ්‍ය නිලධාරින් බය නැතිව වැඩකරන නිසා ඔක්කොම අහුවෙනවා. මේ අවුරුද්දේ තමයි පොල්තෙල් පරීක්ෂා කරලා වස විස නැතිව කන අවුරුද්ද? ඒ සඳහා කැප වූ රජයේ නිලධාරීන්ට සහ හෙළිකල මාධ්‍යයට බොහොම ස්තුතියි..
dumindaMonday, 12 April 2021 06:02 AM
ආත්ම විශ්වාසය