මේ වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කරන ලද පුනරාවර්ථන වියදම රුපියල් කෝටි 27,250කි. මූල ධන වියදම රුපියල් කෝටි 602කි. අමාත්‍යාංශ 54ක පුනරාවර්ථන මුදල් යටතේ වැඩිම මුදල් වෙන් කර ඇති අමාත්‍යාංශ අතුරින් 6 වැනි ස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයයි. මූල ධන වියදම් යටතේ වැඩිම මුදල් වෙන් කළ අමාත්‍යාංශ අතරින් 12 වැනි ස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයට හිමිවී ඇත. පිරිසුදු හා විවෘත මානසිකත්වයකින් යුතු ළදරුවකු වැඩදායක පුරවැසියකු ලෙස සමාජගත කිරීම සඳහා ඔවුන්ගේ දැනුම හා ශිල්පීය නිපුණතාව වර්ධනය කරගත යුතුය. මෙය අධ්‍යාපනයකින් බලාපොරොත්තු වන මූලික හරයයි. පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ දී අල්ලස, පගාව ගත් බවට ඇති චෝදනා සුපුරුදුය. එහෙත් දැන් අලූත් චෝදනාවක් ඉදිරිපත් වී ඇත. එනම් දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීමට පැමිණෙන මව්වරුන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට උත්සාහ දරා ඇති ඇතැම් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පිළිබඳවය. මේ වන විට පාසල් 25කට පමණ මෙවැනි චෝදනා ඉදිරිපත් වී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ප‍්‍රකාශ කළේය. පළමු වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අද විශාලම ප‍්‍රශ්නයකි. මුදල් ලබා ගැනීම පිළිබඳව ඉදිරිපත් වන චෝදනා ඔප්පු කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා සාක්‍ෂි හරියාකාරව ඉදිරිපත් නොවීමයි. පාසල් 1000 වැඩ පිළිවෙළ අවසන් වන විට සිසුන් ඇතුළත් කිරීමේ ප‍්‍රශ්නයට විසඳුමක් ලැබේවි. නව අධ්‍යාපන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා එම ඇමති තනතුරට පත්වූ මුල් කාලයේ දී නිතර ප‍්‍රකාශ කළ කරුණකි. මේ නව අධ්‍යාපන පනත රටේ තිස්නව ලක්ෂයක් දූ දරුවන්ට හා ලක්ෂ දෙකහමාරකට අධික ගුරු පිරිසකට බෙහෙවින් බලපාන්නකි. මෙම පනත සකස් කරන්නේ 1935 සිට මේ දක්වා කි‍්‍රයාත්මක වන පනත් ඒකරාශී කරමිනි. උදාහරණයක් වශයෙන් පහත සඳහන් කරන පනත් ඉදිරිපත් කළ හැකිය. වර්ෂ 1939 අංක 31 දරන අධ්‍යාපන පනත හා ඊට අදාළ සංශෝධන පනත් කෙටුම්පත්, ආධාර ලබන පාසල් පිළිබඳ පනත හා එම පනතේ සංශෝධන කෙටුම්පත්, විභාග පනත, පිරිවෙන් පනත, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පනත, ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත, පාසල් සංවර්ධන මණ්ඩල පනත සහ යුනෙස්කෝ ප‍්‍රඥප්තිය මගින් කි‍්‍රයාත්මක කරන විවිධාකාර එකඟතා යනාදී වශයෙන් අධ්‍යාපනයට අදාළ පනත් විශාල ප‍්‍රමාණයකි. මෙම පනත් පිළිබඳ අවබෝධයක් නොමැතිවීම, බොහොමයක් පනත් යල් පැනගිය ඒවා වීම හා අදට නොගැලපීම යනාදී කරුණු නිසා අනවශ්‍ය දෑ ඉවත් කර කාලානුරූප පනත් කෙටුම්පතක් සකස් කිරීම මෙහි අරමුණවී තිබිණි. මෙම පනත් කෙටුම්පතේ වර්තමාන තත්ත්වය කුමක්දැයි විමසා බැලූවෙමි. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා: පාසල්වල විනය ආරක්‍ෂා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දැනටමත් විශේෂ වැඩ පිළිවෙළක් සකස් කළා. මෙවැනි සිදු වීම් ඔප්පු වන්නේ නම් කිසිදු තරාතිරමක් නොබලා ඒ අයට දඬුවම් ලබා දී තිබෙනවා. ඉදිරියටත් එය එසේමයි. මෙම පනත් කෙටුම්පත දැන් නීතිපතිවරයාට ඉදිරිපත්කර තිබෙනවා. අවශ්‍ය සංශෝධන නිසි ලෙස සකස් කර තිබියදී, එය ප‍්‍රමාදවන බවට චෝදනා කරන්නේ ද්වේශයෙන් බව කිව යුතුයි. පනතක් ඉදිරිපත් කෙරෙන ක‍්‍රමවේදයක් තියෙනවා. ඉන් බැහැරව කටයුතු කළ නොහැකියි. නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නේ නිවැරදි දේ වඩාත් නිවැරදිව කිරීමටයි. මේ රජය පොරොන්දු ඉටුකරන රජයක් බව අමතක නොකළ යුතුයි. මෙම නව පනත් කෙටුම්පත නිසි පරිදි කි‍්‍රයාත්මක වේවි. ප‍්‍රශ්නය වී තිබෙන්නේ චෝදනා ගැන කතා කරන වැඩි දෙනා ඒ පිළිබඳව ප‍්‍රසිද්ධියේ පැමිණිලි නොකිරීමයි. වඩාත්ම බරපතළ ප‍්‍රශ්නය ජාතික පාසල්වල පළමු වැනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමයි. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී පාසල් කීපයකට පමණක් ඇති තරගකාරිත්වය වැළැක්වීමට සියලූ පහසුකම් ඇති පාසල් 1000ක් පිහිටුවීමේ වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක කෙරෙනවා. සියලූ පහසුකම් ඇති පාසල් 1000ක් පිහිටුවීමේ වැඩ පිළිවෙළ සාර්ථකව ක‍්‍රියාත්මක වෙනවා. මේ වන විට පාසල් 300ක් සංවර්ධනය කෙරෙමින් පවතිනවා. එම පාසල්වලට තොරතුරු තාක්‍ෂණ ගුරුවරු 1000ක් බඳවා ගැනීම මේ මාසයේ දී අවසන් වේවි. විද්‍යා, ගණිත ගුරුවරු හා ඉංග‍්‍රීසි ගුරුවරු 2000ක් බඳවා ගැනීම ලබන මස අවසන් වේවි. මේ සියලූ උපාධි ගුරු පත්වීම් පාසල් පාදක කරගෙන කරනවා. ගුරුවරුන් මාරුවී යාමෙන් පාසල්වල යළි පුරප්පාඩු ඇති වීම වැළැක්වීමටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ගෙන යාමටත් හැකි වන සේ මෙම ගුරුවරු බඳවා ගන්නේ වසර 5ක් මාරු වීම් නොඉල්ලන කොන්දේසිය මතයි. මීට අමතරව තොරතුරු තාක්‍ෂණය, භාෂාව හා ගණිතය සඳහා වෙන වෙනම ඒකක පිහිටුවනවා. මේ සඳහා දෙමහල් ගොඩනැගිලි සකස් කරනවා. අධ්‍යාපන පනත් සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට යෝජනා ඉදිරිපත් කෙරෙනවා. ඇමැතිවරයා කියයි. ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා:- මෙම නව අධ්‍යාපන පනත සකස් කිරීම අධ්‍යාපන ඇමතිවරයා ප‍්‍රසිද්ධියට කරන ලද ප‍්‍රකාශයක් ලෙස සඳහන් කළ හැකියි. එයට හේතුව නම් අදාළ පනත් කෙටුම්පත කි‍්‍රයාත්මක කිරීම අද වනවිට නොකෙරෙන තත්ත්වයට පත්ව තිබීමයි. පනත කි‍්‍රයාත්මක කරනවා වෙනුවට අධ්‍යාපන ඇමතිවරයා විවිධ තීන්දු තීරණ හිතුමතේ කි‍්‍රයාත්මක කරන බවක් පෙන්නුම් කරනවා. පාසල් 1000 වැඩපිළිවෙළ, විෂය මාලා සංශෝධනය යනාදී වශයෙන් ඇමතිවරයාට අවශ්‍ය පරිදි තීන්දු ගනිමින් සිටිනවා. නමුත් මෙම නව පනත සකස් කිරීම පිළිබඳව දැන් කිසිදු ප‍්‍රතිචාරයක් නැහැ. පනත සකස් කිරීම සඳහා ජාතික අධ්‍යාපන කොමිසම මගින් විශාල මුදලක් වැය කර ඇත. විවිධ පුද්ගලයන් ගෙන්වා අදහස් විමසා සකස් කරන ලද කෙටුම්පත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යොමු කර ඇතත් දැන් එය ද රැස් නොවන තත්ත්වයක පවතී. ඇමතිවරයා බලයට පැමිණියේ කිසිදා වෙනස් නොවන පනතක් ගෙන එන බව ප‍්‍රකාශ කරමිනි. එහෙත් දැන් පනත වෙනස් කිරීම වෙනුවට සිදුවන්නේ ඇමතිවරයාට කැමති පරිදි අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කිරීමයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාසල් දාහේ වැඩසටහන කෝ?
වාසල Sunday, 17 June 2012 11:50 AM
"දේශපාලනයෙන් තොර අධ්‍යාපනයක් නෑ.නමුත් අධ්‍යාපනයෙන් තොර දේශපාලනයක් නම් තියෙනවා "
රෝහණ උපුල් කුමාර Sunday, 17 June 2012 02:23 PM
මුංගෙ ඔක්කොම තියෙන්නෙ කටින් බතල හිටෝන වැඩ.
ජෝන්සිනා Monday, 18 June 2012 11:55 AM
නිලධාරින්ට හරි අවෙබෝධයක් පළමුව ලබාදිය යුතයි. එසේ නැතිව කෙතරම් යෝජනා ගෙනාවත් පලක් නෑ.