ලෝකයේ බොහෝ දේවල් වලට මෙන්ම සිනමාවටද තරඟ ඇත්තේය. එහිදි සිනමාවද තරඟ කරති. ජය ගනිති, පරාජය වෙති, කුසළාන දිනති, සම්මාන ලබති. මලල ක‍්‍රීඩාවට ඔලිම්ෆික්, පාපන්දුවට ලෝක කුසළාන, බයිසිකලයට ප‍්‍රංශ සවාරිය මෙන් සිනමාවටද ඔලිම්ෆික් ඇත්තේය. ලෝකයේ සුප‍්‍රසිද්ධ අග නගරයන් හෝ සුවිශේෂි අනු නගරයන් හරහා වර්තමානය වන විට විවිධ අන්තර් ජාතික සිනමා තරඟ මෙම විශ්වය පුරාවට විසිරී මහ ඉහලින් මංගල්‍යයන් මෙන් පැවැත්වේ. ඒ අතරින් හොලිවුඞ් ඔස්කාර්, බර්ලින් , මොස්ට‍්‍රාර් වැනීසිය , එංගලන්තයේ බාපා , ප‍්‍රංශයේ කෑන්ස් , ඩෝවිල් යනු මෙම අන්තර් ජාතික උළෙලයන් අතර ලෝක ප‍්‍රසිද්ධ විශිෂ්ඨ ශ්‍රේණියේ ඇති සමහරක් දැවැන්තයෝය. ඉහත සදහන් උළෙලකට තම සිනමා නිර්මානයක් සුදුසුකම් ලැබීම සිනමා කලාවේ නියුතු සංවේදි දැවැන්ත නිර්මාන කරුවන්ගේ එකම බලාපොරොත්තුවක් මෙන්ම අන්තර් ජාතික ගොමුව තුල තම කෘතිය ඇගැයීමට ලක්වීම ඔහු හෝ ඇය ජීවිතයේ ලබා ගන්නා වටිනාම අවස්ථාවකි. එවැනි වාසනා මහිමයන් හිමි කර ගත්තෝ සිනමා සමාජයේ විරලය. සාපේක්ෂක ලෙස ලෝක සිනමා ක්‍ෂේත‍්‍රය තුල ශ්‍රීලාංකික සිනමාව සැසඳීමේදි ලබන අගයන් එතරම් ධන මට්ටමක නොපවතී. එසේ නමුදු විශිෂ්ඨ නිර්මාන නැතුවාද නොවේ. ඒ අතරින් ශ්‍රී ලංකා සිනමා ක්‍ෂේත‍්‍රයේ වර්තමානයේ සිටින දැවැන්තයන් අතර අති දක්ෂ නිර්මාණශීලි, සංවේදිශීලි සිනමා බිහි කරන්නෙකි ප‍්‍රසන්න විතානගේ.
ප‍්‍රසන්නගේ සිනමාව තුල බොහෝ දෙනා නොදකින කලාත්මක ත‍්‍රිකෝණ , වර්නය , සංවේදිත්වය , සරල සත්‍ය හා හෙලිදරව්ව ආදි සංකලනයන්ගෙන් හැඩ වැඩ වීම තුල ඔහුගේ සිනමා නිපැයුම් විශිෂ්ඨ මෙන්ම ඇගැයීමටත් සමාජ කථිකාවටත් ලක් කෙරේ. එය සිනමාවක සිදුවිය යුත්තක් මෙන්ම නිර්මාණයක සාර්ථක බව සැගවී ඇත්තේම එතැනය. ලෝක සිනමාව තුල ප‍්‍රංශයද ආන්ෙදාා්ලනාත්මක කෘති බිහි කරන රටකි. එමෙන්ම කලාවට සුවිශේෂි සැලැකිල්ලක් මෙන්ම කාලාවට ආදරය කරන රටකි ප‍්‍රංශය. ප‍්‍රංශ ඉතිහාසය තුල එවැනි සාක්ෂි වලින් පිරී පවති. එබැවින් ප‍්‍රංශය විසින් පවත්වන අන්තර් ජාතික සිනමා උළෙලයන් ලෝක සිනමා ක්‍ෂේත‍්‍රයේ මහ ඉහලින් පැසසුමට මෙන්ම විශාල පිලිගැනීමකටද ලක්වී ඇත්තේය. ඒ අතරින් ප‍්‍රංශයේ ඊසාන දිශාවේ ජර්මනියේ දකුනු දේශ සිමාවට මායිම්ව පිහිටි වෙසුල් නම් අනු නගරය කේන්ද්‍ර කොට 1994දී ආරම්භ කල ආසියාව දෙසට යන ඌධත පාඨය ඇතුලත් ආසියානු කළාපයේ සිනමා කෘති සදහා අන්තර් ජාතික සිනමා උළෙලක් පැවැත්වේ. ආසියාව හා මැද පෙර දිග රට වලට සිමා සහිත එම කළාපයේ රටවල් 45ක් අතරින් තෝරා ගත් සිනමා කෘති 70 කින් 25ක් අවසාන වටයට තෝරා එයින් විවිධ අංශ සදහා සම්මාන පිරිනමනු ලැබේ. 2013 වසරේ 19 වන වරටත් පැවැත්වූ ප‍්‍රංශයේ ඉහත සිනමා උළෙලට ප‍්‍රසන්න විතානගේ ගේ ඔබ නැතුව ඔබත් එක්ක නම් වූ ඉන්දු ශ්‍රී ලංකා නළු නිළි සංයෝජනයකින් යුත් අගනා සිනමා කෘතිය තේරි පත් වුයේය.
ප‍්‍රසන්නගේ නම වෙනි නිර්මානය වන මෙම සිනමා පටයට ඉහත සිනමා උළෙලේ හොදම නිර්මානයට හිමි සික්ලො ඩෝර් සම්මානය සමග ඡුුරියේ නෙට් ෆැක් කුසලතා සම්මානයත් හිමිකර ගැනීමට සමත් වුයේය. ශ්‍රී ලාංකික අපට එය මහත්වූ ආඩම්බරයකි. හමුදාාවේ සේවය අවසන් කල සරත්සිරි නම් සිංහල තරුනයෙක් කන්ද උඩරට සුදුපාට මීදුමින් පිරි කදු වැටිය පාමුල හරිත වර්ණ ලාකොල පාටින් දළු ලෑ රමණීය තේ වතු අතරේ ජීවිත සටන අරඹයි. අතීීතයේ අමිහිරිදේ අතීතයට නිදන් කරයි.යුධ කළාපයේ ජීවත්වී සහෝදරයන් සදාාහටම අහිමිවු මව් පියන් අස්ථාන ගතවී රැකවරනය ලබන සෙල්වි නම් සුරූපි දෙමල තරුනියක් ඔහුට නෙත ගැටේ. දවස් ගෙවෙන්නේ ආදරය, අසරණකම, තනිවීම එකතු වූ පරිසරයක දෙදෙනා විවාහා ගිවිස ගැනීමෙනි. එක වහල යට ජීවිතය අරඹන නව යුවල; ඔහු ගේ තුල ඇති බුදු මැදුරට උදේ සවස බුදුන් වඳින්නේය. උකස් බඩු වෙළදාාම හොදින් කරන්නේය. අල්මාරියේ සඟවන ලද පිස්තෝලයකුත් ඇත්තේය. ඇය ඇට වලින් සැරසු කුරස මාල අතැතිව අසල පල්ලියේ යාඥා කරන්නේය. ගෙදර වැඩ කරන්නේය.පවුල් ජීවිතය ගත කරන්නේය. ගොළු කල අතීතයක් ඇති වර්තමානයේ ආදරය වැළඳ ගත් යුවලට අතීත අනන්‍යතාවය හෙලිවීම ආදරයෙන් ගලා ගිය ජීවිතය ආදරය, හා වෛරය සමග සිදුවෙන එදිනෙදාා සිදුවීම් සුමට නමුත් ප‍්‍රබල දෙබස් වලින් පණ පෙව් ආදර කතාව නොසිතන ලෙස සුරූපි දෙමල තරුනිය මෙලොවින් සමු ගන්නේය. තරුනයා තනි වන්නේය. එලෙසින් කථා පුවත අවසන්වේ. සම්පීඩනය වූ සාරාංශ කතාව එලෙසය. හමුදාාවේ සිටි සිංහල තරුනයෙක් වුවද දෙමල තරුනියකට ආදරය කිරීමට තරම් මානුෂික හදවත් ඇත්තෝ හමුදාාවේ සිටින බව මනාවට පෙන්නුම් කර ඇත. සුන්දර දසුන්, ප‍්‍රබල දෙබස්, නිහඩ හැගීම්, එකතු කල බෙළඳ නොවූ වර්නවත් කාලෝචිත නිර්මානයක් ලෙස හැදින්විම වරදක් නොවේ. 1881 දි මෙලොව හැර ගිය අපරාධය හා දඩුවම ලොවට හදුන්වා දුන් ශ්‍රේෂ්ඨ රුසියානු නව කථා කරුවෙකු වූ දොස්තොවිස්කි සුප‍්‍රසිද්ධ නවකථා කරුගේ නිර්මානයක සිංහල කථා පුවතක් වූ කීකරු යුවතිය නම් නව කථාවේ නිදන් ගත කල බීජය තුලින් නිර්මානය වු මෙම කථා පුවත ; පුරුෂාධිපත්තිය තුල ස්ත‍්‍රියගේ ජීවන රටාව, ප‍්‍රබලයා විසින් දුබලයා අක‍්‍රිය කිරීම, හා තේරුම් නොගැනීම, හා සාමාන්‍ය ජීවිතයේ ප‍්‍රයෝගිකරනයට ලක්වී ඇති පරිභෝගික වටිනාකම අභියෝගයට ලක් කිරීම, ආදරය හා වෛරය අතර ගැටීම මෙම කෘතියෙන් මනාවට පෙන්නුම් කර ඇත්තේය. ජාතික සංහිදියාව ගැන කථා කරන අපි වගේ රටවල විශේෂයෙන් සිංහල දෙමල සහජීවනයේ අත්තිවාරම සවිමත් විය යුත්තේ කෙසේද? යන්න ප‍්‍රසන්නගේ මෙම කථා පුවතින් ප්‍රෙක්ෂකයාට අවබෝධ කරදේ. එය අවබෝධ කරගත්තෝ අගයති ප‍්‍රසංශා කරති , සම්මාන දෙති. එය අවබෝධ කර නොගත්තෝ සම්ප‍්‍රලාප දොඩවති. එදින ශාලාවේදීම මෙම වෙනස සජීවි ලෙස දැක ගැනීමට ලැබුනේය. එබැවින් මෙම නිර්මාණය ශ්‍රී ලාංකික සිනමා කාන්තාරයේ මතුවු දිය උල්පතක් වැනිය. එයින් දිය දෝතක් දොවනය කර පිපාසය අඩු කළ හැක්කේ නම් කෙරතරම් වටින්නේද?
පසුගියදා පැරීසියේ වටිනා පෞරාණික හිමිකම් ඇති විශේෂ කළාපයක පිහිටි ආසියාතික සංස්කෘතිය හා කලාව සදහා වෙන්වු ඓතිහාසික ගිමේ කෞතුකාගාර ශාලාවේදි එම අවස්ථාව ලැබුනේය. එහිදි එම නිර්මාණය තිරගත වුයේය. එම සිනමා පටයේ අන්තර් ජාතික 43 වෙනි ඉන්දීය සිනමා උළෙලේ හොදම නිළිය ලෙස රිදි මොණරා සම්මානය හිමි කරගත් අන්ජලී පටිල් ඉන්දීය නිළිය හා ශ්‍යාම් ප‍්‍රනාන්දු ප‍්‍රධාන චරිත රඟපාන්නේය. මෙම නිර්මානය ලන්ඩන්, ජපානය, ඩබ්ලින්, කේරලය, කැනඩාවේ මොන්ට්රියල් අන්තර් ජාතික සිනමා උළෙලයන් නියෝජනය කළේය.
ප‍්‍රංශය යනු ආදරයේ සංකේතයකි. එයිනුත් පැරීසිය යනු එම සංකේතය එළිය කරන පහන් වැටකි. එබැවින් පැරීසිය යනු ආදරයෙන්ම පිරුනු නගරයකි. ප‍්‍රසන්නගේ ඔබ නැතුව ඔබත් එක්ක නිර්මානයේ න්‍යෂ්ඨීයේ හැදින්වීම ආදරය පමනක්ම නොසැහේ යන්නය. ඒ නිසාදෝ ආදරවන්තයන්ගෙන් පිරි ඉතිරී ඇති පෙනෙන මානයේ පිහිටි ලෝක දැවැන්තයෙක්වු සුප‍්‍රසිද්ධ අයිෆල් කුලූන අසල , වේල්සයේ කුමරිය වු ඩයනා කුමරිය ආදරය විඳිමින් අවසන් ගමන් ගිය උමං පාරට අතේ දුරින් හා ලෝකයේ ලස්සනම මාවත ලෙස සැලැකෙන ආදරවන්තයන්ගෙන් පිරි ඉතිරී ඇති ඇවනිව් ෂොම් සිලිසේ මාවතට හූවක දුරින් පිහිටි කෞතුකාගාරයකදි ප‍්‍රසන්නගේ ආදරයේ නිර්මාණය තිරගත වුයේය. එය නැරඹීමට ප‍්‍රංශ ජාතිකයෝ හා විවිධ ජාතින් සමග විශාල ශ්‍රී ලාංකික රසිකයෝ පිරිසක්ද පැමින සිටියෝය. නරඔන්නෝ අතර වැඩි ප‍්‍රතිශතය ප‍්‍රංශ ජාතිකයෝ වූයෝය. ආදරය හදුනන ඔවුන් බොහෝ දෙනා නිර්මාණය පැසසුමට ලක් කළේය.
ඊට අමතරව පැරීසියේ වගකිවයුතු කොටස් එකතුවක සංවිධානත්වයෙන් මෙම සිනමා පටය ශ්‍රී ලාංකිකයන් සදහා වෙනම දර්ශනයක් පෙන්වීමට පැරීසියේ සාකච්ඡාවක් පැවැත් වුවෝය. සුපුරුදු ලෙස තල් අත්තට බොරළුසේ උනුසුම් වාද විවාද, කෙස් පැලෙන නොව කෙස් හැලෙන විග‍්‍රහා වලින් පසු සිනමා පටය පෙන්වීමට සියල්ලෝ ඒකමතික වුවෝය. නමුත් ශ්‍රී ලාංකිකයෙක් නිපැයු විශිෂ්ඨ නිර්මාණයක් නොදැක සිටීමට තරම් පැරීසියේ ශ්‍රී ලාංකිකයෝ අවාසනාවන්තයෝ වුවෝය. විත‍්‍රපටියේ අන්තර්ගතය අන්තවාදි විශ්ලේෂන මත සිදුවන උපකල්පන හා විග‍්‍රහායන් සමාජගත වීම අධ්‍යක්ෂකවරයා අධෛ ර්‍්‍යයට පත් කළේය. එහි ප‍්‍රථිපලය වුයේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දර්ශණයක් නොලැබීමය.
ඕනෑම අන්තවාදයක අවසාන ප‍්‍රථිපලය නොලැබී යාමය. එය ජීවිතය විනාශ කිරීම හෝ විනාශ වීමද විය හැක. ලෝක ඉතිහාසයේ ඒ සදහා ඕනෑ තරම් නිදර්ශන ඇත්තේය. එලෙසෙම පැරීසියේ ශ්‍රී ලාංකික රසිකයන්ටද එවැනි ස්වර්ණමය අවස්ථාවක් නොලැබී ගියෝය. එයට වගකිව යුත්තෝ අන්තවාදීන්ම වන්නෝය.
ජපානය, ලන්ඩන්, මොන්ට්රියල්, කේරළය, ඩබ්ලින් යන රටවල අන්තර් ජාතික සිනමා සැනකෙළි නියෝජනය කල, ප‍්‍රංශයේ වෙසුල් සික්ලො ඩොර් සම්මානය දිනු ඔබ නැතුව ඔබත් එක්ක සිනමා නිර්මාණයට පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ගේ කොස් ඇට සම්මානක් නොලැබුනාට කමක් නැතැයි අධ්‍යක්ෂක වරයාට සිතුනේ නම් ? එහිද දෝෂයක් නැත්තේය. එලෙස සිතීම වරදක් නොවන බව සිදුවීම් පෙල ගැසුනු ආකාරය සාක්ෂි දරනු ඇත. ඔබ නැතුව ඔබට ආදරය කල ඔබ නැතුව ඔබත් එක්්ක ආදරයෙන් පිරුණු පැරීසියේදි එලෙස නිමා විය.
ආදරයම පමනක් නොසැහේ !

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වගේ අය තවත් බිහිවුනොත් ඒක භාග්‍යක්. ඒත් මේ ලංකාව අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. (නදී)
මට මෙම නිර්මාණය බලන්නට ලැබීම ගැන සතුටකි. විශිෂ්ට නිර්මාණයක්. උගතුන්ට පමණක් තේරුම් ගත හැකි නිර්මාණයක්. (නි)
ඔබ නියම කලාකාමියෙක්, බුද්ධිමත් පංචේන්ද්‍රියන් තියෙන ,විෂම ලෝකය සරලව,කලාත්මකව අනෙකාට වටහා දෙන එක්තරා ගුරුවරයෙක්.ඔබට සුබ පැතුම්! කලා ලොවේ ඉන්න දක්ෂයින්ව ලෝකය ජයගන්න ඔබේ නිර්මාණ වලට දායක කර ගන්නවා නම් ඔබ නියම,නිර්මල කලාකාමියෙක්. (නි)
පැරිස්, ඉතලි වගේ රටවල් වල වැඩියෙන් ඉන්නෙ ලංකාවෙන් පැනල ආපු අය. ඊට පස්සෙ ලංකාවෙ ඉන්න බැහ කියල නොයෙකුත් බොරු කියල පුරවැසිබාවය ගත්ත අය. ඉතින් මේ අය කොහමද කියන්නේ රටට ජාතියට ආදරය කරන හොද රසිකයන් පිරිසක් කියල? මේ නිර්මාණයෙන් කියවෙනවා 3ක්. (1). අපේ හමුදාව නීතිය හරියට ක්‍රියාත්මක වීම. (2). හමුදා සාමාජිකයන්ට උනුවෙන හදවතත් ඇති බව (3). දෙමල මිනිසුන් තවමත් පරණ මිලේච්ඡ මතවල සිටීමත් සහ වෙනස් නොවෙන බවත්. මෙය තේරෙන්නෙ නැති ප්‍රංශ අට පාස් බොරු කියල රට පාවාදීපු අයට මොන කතාද?(නදී)
ඔබ රටට ආඩම්බරයකි,කොතරම් බාදක ආවත් ඒ සැම ජය ගෙන එදිරියටත් අපේ පුංචි රටට ආඩම්බරයක් ගෙන්න ඔබ තුමන්ට හැකි වේවා..! (ස).
එකපාරයි නේද තවම සිනමාපටය පෙන්නුවේ? (නි)
අයියෝ ! ලකී ගණේවත්ත මහත්තයාද සිංහල බෞද්ද ප්‍රශ්ණ ඇසුවේ ? පැරිසියේ අපිට හිනා .(අ)
පැරිසියේ කුමාර මහත්තයා කියලා තියෙන දේ පැරිසියේ ශ්‍රී ලාංකිකයන්ගේ කැලැ පත්තර සංගමයේ සබාපති උන්නැහේත් කියලා තිබුණා.(නදී)
බැලින්නම් සිරිල් කියපුදේ හරි. අට පාස් අය තමයි එහෙ ඉන්නේ.(නදී)
සුභ පතනවා ම්ම් ඔබට (දී)
ප්රසන්න සර් ඔබට සුබ පැතුම්. අපේ කට්ටිය දෙයක් බලන්නේ නැතුව විනිශ්චය කරන එක ප්‍රංශේ ගියත් වෙනස් වෙන්නේ නැති එකනේ පුදුමේ. (නදී)
පැරීසියේ ශ්‍රී ලාංකිකයන් කියන්නේ රටට ජාතියට ආදරය කරන හොද රසිකයන් පිරිසක්. නමුත් අන්තවාදී අදහස් ඉස්මතු කරමින් විදේශ රටවලින් ලැබෙන මිලමුදල් බලාගෙන නිශ්පාදනය කරන සිනමා නිර්මාණයට වලට කොස් ඇට සම්මානක්වත් ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු වන්න එපා. (නි)
පුර අවුරුදු 30 කින් ,බැට කෑ ජාතියක් නැවත සමයේ අරුණලු අතරෙයි හුස්ම පොදක් ගන්නාවිට , නැවත නැවත කුමන මාධ්‍යකින් හෝ පාරන එක හොඳ දෙයක් නොවයි. මීට වඩා ඉදිරි දැක්මක් ඇති , සුභවාදී, ආකල්ප ඇති නිර්මාණ සිදුවෙනවානම් වඩා හොඳයි. (ස)
ඇයි අපිට බැරි මෙවන් කලාකරුවන් තව තවත් දිරිමත් කරලා, ඔවුන්ට අවශ්‍ය පහසුකම් දීලා ඔවුන් හරහා අපේ නැතිවී ගිය සිනමාව නැවත ගොඩගන්න? (නි)
මෙවන් කලාකරුවන් අපේ රටට සම්පතකි (නි)
පසුගිය දිනක පැරීසියේ සිනමා ශාලාවක ප්‍රසන්න විතානගේ කලාකරුවාගේ ඔබ නැතුව ඔබ එක්ක සිනමා පටය ප්‍රදර්ශනය කෙරිණ. ශ්‍රී ලාංකිකයින් සහ විදේශකයින් පිරිසක් මෙය නැරඹීමට පැමිණ තිබිණ.දර්ශණය අවසානයේ චිත්‍රපටය සම්බන්ධව ප්‍රශ්න ඇසීමේ කාලය උදාවිණි. නොයෙක් ඒකාකාරී ප්‍රශ්ණ වලින් පසුව ලකී ගනේවත්ත මහතා අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රශ්ණ කර සිටියේ ඔබතුමා ඇයි අප රටට සහ රණවිරුවන්ට එරෙහිව සිනමාව හසුරුවන්නේ කියායි.එතුමා ඇසුවේ ඉතාම කාලෝචිත ප්‍රශ්ණයකි.නියම ලාංකික සිංහල බෞද්ධයකුගේ ප්‍රශ්ණයකි. තම රටට අවංකවම ආදරය කරන්නකුගේ ප්‍රශ්ණයකි. නමුත් තමන් තමන්ගේ රට වෙනුවෙන් කතාකිරීම අන්තවාදී ක්‍රියාවක් ලෙස දකින්නේ රට පාවාදෙන ද්‍රෝහීන් බව අමුතුවෙන් කීම අවැසි නැති බව ඔබ කවුරුත් පිලිගන්නවා ඇතැයි සිතමි. (නි)
ප්රසන්න අරාබියේ ඉපදුනානම් කෑලි කෑලි වලට කපලා ඔටුවන්ට දායි කන්න.(නදී)