දේශීය අර්තාපල් අස්වැන්න වෙළඳපොළට ලැබෙමින් පවතින අවස්ථාවේ ආනයනික අර්තාපල් බද්ද රුපියල් 40 කින් අඩු කිරීම නිසා තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි දේශීය අර්තාපල් ගොවියන් පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. රුපියල් 55 ක් වශයෙන් පැවැති ආනයනික අර්තාපල් බද්ද ඉකුත් 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 15 දක්වා අඩුකර තිබෙන බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
ගොවි ජනයාට දිරි දෙන කතා වගකිවයුත්තන්ගෙන් නිතර ඇසේ. පොහොර සහනාධාරය දීම මගින් එම කතා ක්‍රියාත්මක කරන බවක්ද පෙනේ. එහෙත් ඇතැම් අවස්ථාවල ගනු ලබන තීන්දු තීරණ නිසා ගොවියාට දිරි දෙන කතා මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීම්ද වතුරේ යන තත්ත්වයට පත්වේ. ආනයනික අර්තාපල් බද්ද රුපියල් 40 කින් අඩු කිරීමට ගත් තීරණයද එබන්දකි.
දේශීය වෙළඳ පොළ මේ වනවිට අර්තාපල් අස්වැන්නෙන් පිරී යමින් තිබෙන බව ගොවියෝ කියති. වැලිමඩ හා නුවරඑළිය අර්තාපල් මේ වනවිට වෙළෙඳපොළට ලැබෙමින් පවතින අතර යාපනයේ අර්තාපල් ඉදිරි දිනවලදී ලැබීමට නියමිත බවත් වාර්තා වේ. පිටකොටුවේ තොග වෙළඳපොළේ ආනයනික හා දේශීය අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 110 ක් වශයෙන් පැවැති බවත් ආනයනික අර්තාපල් බද්ද රුපියල් 40 කින් අඩු කිරීම තුළ එම තොග මිල රුපියල් 75 දක්වා අඩුවිය හැකි බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
මෙරට ගොවියා ගොවිතැනෙහි යෙදෙන්නේ අතිශය දුෂ්කර හා අකාරුණික කොන්දේසිවලට යටත්වය. කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ ගොවියාට අත්වූ ඉරණම කෙතරම් දුක්ඛිතද යන්න වටහා ගැනීම අසීරු නැත. ඉතා වෙහෙසකාරීව ගොවිතැන් කළද එම අස්වැන්න විකුණා ගැනීමට මගක් ඔවුන්ට නොවීය. එබඳු දුෂ්කරතා මැද වුවත් ඔවුහු ගොවිතැනෙහි නියැළෙති. එම ගොවියාට හැකිතාක් ලාබ ලබාදීමේ අරමුණ පෙරදැරිව තීන්දු තීරණ ගත යුතුය. එහෙත් සිදුවන්නේ එය නොව වෙනකකි.
ව්‍යාපාරිකයාගේ පළමු අරමුණත්, දෙවැනි අරමුණත් තෙවැනි අරමුණත් ලාබ ලැබීමය. ඒ සඳහා ගැනීමට ඇති පියවර කුමක් වුවද ඔවුහු ඒ සඳහා පෙළඹෙති. මේ මොහොතේ වඩාත් ලාබදායී වන්නේ අර්තාපල් ගෙන්වීමනම් ඔවුහු අර්තාපල් ගෙන්වති. වඩාත් ලාබදායී වන්නේ වෙනත් භෝගයක් ගෙන්වීමනම් ඔවුහු එය කරති. වෙළෙන්දාගේ ස්වරූපය එයයි. එහෙත් ඒ වෙනුවෙන් ගොවියා බිල්ලට දිය යුතු නැත. දේශීය අර්තාපල් අස්වැන්න වෙළඳපොළට ලැබෙමින් පවතින මොහොතේ ආනයනික අර්තාපල් බද්ද රුපියල් 40 කින් අඩු කිරීම යනු මේ මොහොතේ දේශීය අර්තාපල් ගොවියාගේ බොටුව මිරිකීමකි.
බලවතුන්ගේ ඇස වැඩි වශයෙන් යොමුවන්නේ ගොවියා දෙසට නොව ව්‍යාපාරිකයා දෙසට වීම බහුලව දකින්නට ලැබෙන්නකි. දේශපාලන වේදිකාවලින් නිතර එල්ලවන චෝදනාවක් වන්නේ ව්‍යාපාරික ගජ මිතුරන්ට අවශ්‍ය පරිදි බලවතුන් තීන්දු තීරණ ගන්නා බවය. මෙම චෝදනාව කොතෙක් බරපතළ ලෙස එල්ලවීමද යත් ජාතික නිදහස සමරන උළෙලේදී ජාතිය අමතමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේ ‘‘තමන් කිසිවිටෙකත් ගජ මිතුරු ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පරිදි තීන්දු තීරණ නොගන්නා’’ බවය. එම ප්‍රකාශයට අත්පොළසන් දිය යුතුය. එහෙත් එම ක්‍රියාමාර්ග සෑම තැන්හිම එලෙසින්ම ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමක් කරන්නේනම් එයද වැදගත් වනු ඇත.
ගොවියා ආරක්ෂා කිරීම රජයේ පරම වගකීම බව මැතිවරණ ප්‍රචාරක වේදිකාවල මෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහිද සඳහන්ය. ගොවියා බලාගෙන සිටින්නේ මෙම ප්‍රකාශ හා මුද්‍රිත අක්‍ෂර ජීවමාන යථාර්ථයක් බවට පත්වනතුරුය. ගොවියා ආරක්‍ෂා කිරීමට යැයි පවසා ආශ්චර්ය පෑමට අවශ්‍ය වන්නේ නැත. හාස්කම්වලින් ගොවියා ආරක්‍ෂා වන්නේද නැත. ගොවියා ආරක්ෂා කිරීම යනු ගොවිතැනට අවශ්‍ය පහසුකම් ලබාදීමය. අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීමය. එම අස්වැන්න වෙළඳපොළේ විකිණීමට අවශ්‍ය පරිසරය සකස් කරදීමය. එය එසේ වුවහොත් මඩ සෝදාගත් කල ගොවියා සිහසුනට කෙසේ වෙතත් සිනා සිසී ගෙදර යනු ඇත.
යම් දේශීය අස්වැන්නක් වෙළඳපොළට එකතුවන මොහොතේ වඩාත් නිවැරැදිව කළ යුතුවන්නේ එම භෝගයෙහි ආනයනික භෝගයට සීමා මායිම් පැනවීමය. මෙම සරල කරුණ නොදන්නා විශේෂඥයන් අදාළ අමාත්‍යාංශවල සිටිය නොහැකිය. එහෙත් සිදුවන්නේ එයමනම් එමගින් පැහැදිලිවන්නේ ගොවියාට වඩා ව්‍යාපාරිකයාට ළං වූ පිරිස් ඔවුන්ගේ මනදොළ සැපයීම වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා බවය. එය කිසි ලෙසකින් හෝ ඛේදවාචකයකින් වෙනස් නොවන්නකි.
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දේශීය අල අස්වනු එද්දී රට අල බද්ද බස්සන්නේ ඇයි
fairoos Thursday, 25 February 2021 09:26 AM
සර්ගේ හැමදේම තියෙන්නේ බයියන්ව සතුටු කරවන කතා තමයි... සිංහල ඡන්ද වලින් දිනුවා කිය කියා ඉන්න එක. එනකොට කිව්වේ ගොවියාට මුල්තැන... කරනකොට අනික් පැත්ත.
Rata Perata Thursday, 25 February 2021 10:05 AM
මේ වගේ ප්‍රශ්න අහ අහා ඉන්න වෙලාවක් නැහැ. මේ කිසිම දැක්මක් නැති අසාර්ථකම ආණ්ඩුවක්.. ඉක්මණටම එළෙව්වේ නැතිනම් අපිට කියලා රටක්වත් ඉතිරිවෙන එකක් නැහැ.
Nuwan Thursday, 25 February 2021 10:40 AM
ගඟ පලාගෙන ආවේ ඕවාට තමයි ආයුබොවන්ඩ..!!!
amila Thursday, 25 February 2021 11:40 AM
ගොවියන්ට තියෙන්නේ අස්වැන්න වෙළඳපළට නොදා ගබඩා කරන්න.
sunil Thursday, 25 February 2021 12:16 PM
ගොවියාට, අතරමැදියාට මෙන්ම පාර්භෝගිකයාටද දැරිය හැකි සාධාරණ මිලක් වෙළෙඳපොලේ තිබිය යුතුයි.
de silva Thursday, 25 February 2021 07:50 PM
පිටරටින් ගෙන එන අර්තාපල්, නැව් ගාස්තු, වරාය ගාස්තු, විවිධ බදු ගෙවලා ලංකාවේ නිෂ්පාදනය කරන අර්තාපල් වලට වැඩිය අඩුවෙන් දෙන්න පුළුවන් නම් මෙහෙ ගොවියාට බැරි මොකද සාධාරණ මිලකට ඕවා දෙන්න...? ලංකාවේ ආහාර ද්‍රව්‍යවල මිල ඉතා වැඩිය.
Ratne Friday, 26 February 2021 02:06 AM
මෙය රටේ ගොවිතැන් කරන්නන් එයින් ඈත් කිරීමට පාලකයින් විසින් කරනු ලබන ඉතා අසික්කිත ක්‍රියාවකි. දැනට වසර 15-20 කට පෙර බීජ නිෂ්පාදනය (90% ක්) ගොවීන් විසින්ම සිදු කරගත් නමුත් මේ වනවිට ගොවිතැනට අවශ්‍ය වන බීජ නිෂ්පාදනය මහා පරිමාන ආයතන කීපයක් මඟින් ආක්‍රමණය කර ගෙන ඇත. එලෙසම ඉදිරි වසර 10-15 වනවිට ගොවිතැන් කිරීම ද දේශීය/ විදේශීය ආයතන කීපයකට සීමාවනු ඇත. එහිදී පාලකයින්ට මුදල් සන්තෝසම් ලැබෙන බැවින් දැනට කරගෙන යන වන විනාශය ද දෙතුන් ගුණයකින් ඉහළ යනු ඇති අතර, දේශීය ගොවීන් කම්කරු, නාට්ටාමි.. වැනි රැකියා සඳහා යොමු වනු ඇත.
මුණසිංහ Friday, 26 February 2021 02:25 AM
ගොවියා නගා සිටුවා පාරිභෝගිකයා බිල්ලට දිය යුතුත් නැහැ. වී වලට වෙන්න යන්නේ ඒ ටික. 65ට වී ගන්නවා නම් නොමිලේ පෝර ඕනත් නැහැ. අලවලටත් ඒ ටිකම තමයි. පාරිභෝගිකයාට සාධාරණ මිලට ගොවියාට දෙන්න බැරි නම් අල-හාල්-ළූණු ඔක්කොම රටින් ගෙන්විය යුතුයි. වෙන කරන්න දෙයක් නැහැ.
sachith Monday, 01 March 2021 07:12 AM
ඒක තමයි මහත්තයෝ අපේ පාලකයින්ටයි, නිලධාරීන්ටයි තියෙන එකම විනෝදේ...
Kapila Monday, 01 March 2021 10:04 AM
කොයි ආණ්ඩුවත් ගොවියටමයි පහර ගහන්නේ. හැමදාම අඬනවා. ඔලුව නැති පාලකයෝ...