IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


කැලේ රජාණෝ වෙදාණෝ

බුද්ධදාස නම් වූ රජ කෙනකු ලංකාවේ සිටි බව ඉතිහාසයේ සඳහන් වේ. ඔහු රජකු පමණක් නොව වෙදකු බව ද කියැවේ. එසේ මෙසේ වෙදෙකු නොව සැණින් සැත්කම් කළ දක්‍ෂ වෛද්‍යවරයෙක් විය. දිනක් රජතුමා ගිය මගෙහි නාගයෙක් මහත් වේදනාවෙන් පසු වු බවත්, රජතුමා ඌ අසලට ගොස් පරීක්‍ෂා කිරීමේදී ඌ දරුණු ගෙඩියකින් පීඩා විඳි බවත් දක්නට ලැබී ඇත. රජතුමා තමා ළග තිබූ තියුණු ආයුධයෙන් ගෙඩිය සිදුරුකොට  ඕජස් යවා බෙහෙත් කළ බවත් නයා එයින් සුවපත් වූ බවත් ඒ ඉතිහාස කථාවේ ම සඳහන් වේ. වැදිනායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ ද රැහේ අයට රජ කෙනෙකි. මේ කැලේ රජා ද දක්‍ෂ වෙදැදුරෙකි. වැදි පරම්පරාවෙන් පරම්පරාවට එන වෙදකම තමාට ද පිහිටා ඇති බව මේ වෙදාණෝ පවසති. කැලෙන් සොයාගන්නා මුල්, මල්, පොතු, ගෙඩි, පැණි, කොළ යනාදිය උපයෝගී කරගෙන අපුරු ඖෂධ හදන්නේ  ඔහුගේ අධීක්‍ෂණය යටතේය. කැලේ ඇවිද ගොස් මේවා සොයාගෙන රැහේ අය. නායකයාට සහයවීම පවුලේම සාමාජිකයන් කීප දෙනෙක් ඖෂධ නිපදවීමේ ක‍්‍රියාවලියට හවුල් වන්නෝය. තෛල, කල්ක, ගුලි, මැල්ලූම් යනාදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඇති බොහෝ දේ වැදිනායකයාගේ නිවසේ නිපදවන්නේය. තෛල අතර කෝකටත් තෛලයන්ද මෙහි ඇත. රැහේ අය පමණක් නොව දඹානට එන දේශීය විදේශීය සංචාරකයන් මේ වෙදැදුරාගෙන් බේත් ගැනීමට කැමැත්ත දක්වති. කොණ්ඩය යනවාට දෙන තෙලට වැඩි ඉල්ලූමක් ඇත. හිසේ කැක්කුම, කොන්ද කැක්කුම, බඬේ කැක්කුම යනාදියට  සැණින් සුව දෙන ඔසුද ඔහු ළඟ ඇත. නායකතුමා තෙල් හිසේ ගා පිරිමදින ගමන් තම ලෙඬේ සුවවූ බව සමහරු පවසති. කාන්තාවන්ගේ පියයුරු පිළිකාවලටද තමන් ළඟ ඔසු ඇතැයි වැදිනායකයා කියයි. ඔහුගෙන් ඉදිරියට මේ කැලේ වෙදකම් ගෙනයාම සඳහා ඥාතී කැකුළෙක් ද (තරුණයෙක්) මේ සඳහා පුහුණු කර සිටී. දැන් වැඩි වශයෙන්ම වෙදකම් කරන්නේ ඔහුය. මේ කිසිවක් ව්‍යාපාර මට්ටමින් නොකරන නමුත් පරිසරයෙන්ම ලබා ගන්නා සිරුරට වසක් විසක් නැති මේ ඔසු රැක ගැනීම තමාගේ අභිප‍්‍රාය බවද වැදි නායකයා අවධාරණය කරයි. ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන ලද සහතිකයක් හිමි මේ වෙදැදුරා වෙදකම මෙසේ ආරක්‍ෂා කළත් පාරම්පරික ඇදහිලි ක‍්‍රම රැහේ අය වෙතින්ම ගිලිහී යාම පිළිබඳව කනස්සල්ලෙන් පසුවෙයි. හැම රජකුටම වෙදෙක් වන්නට ද  හැම වෙදෙකුටම රජෙකු වන්නටද බැරිය. වන්නියලැ ඇත්තන් ඒ වරම් දෙකම හිමි දුලබ සම්පතකි. සොබා සම්පතට ළංවෙන තරමට මිනිසුන් නිරෝගී වන බව ඔහුගේ විශ්වාසයයි. වැදි රැහේ ජීවිතය-1 වැදි රැහේ ජීවිතය-2 වැදි රැහේ ජීවිතය-3 වැදි රැහේ ජීවිතය-4 වැදි රැහේ ජීවිතය-5 වැදි රැහේ ජීවිතය-6 වැදි රැහේ ජීවිතය-7 වැදි රැහේ ජීවිතය-8 වැදි රැහේ ජීවිතය-9 වැදි රැහේ ජීවිතය-10 වැදි රැහේ ජීවිතය-11 වැදි රැහේ ජීවිතය-12 වැදි රැහේ ජීවිතය-13 වැදි රැහේ ජීවිතය-14 වැදි රැහේ ජීවිතය-15 වැදි රැහේ ජීවිතය-16

බදුල්ලේ - පාලිත ආරියවංශ
ආයුර්වේද සහතිකය පවුලේ අය විසින් ඖෂධ නිපදවන අයුරු වෙදකම් කරමින්...



අදහස් (0)

කැලේ රජාණෝ වෙදාණෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 12 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 135 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 175 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

Our Group Site