IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ඔළුවේ අඟක් තිබ්බ මිනිහෙක්

මිනිස් ජීවිතයේදී අංගසම්පූර්ණ ලෙස අඟ පසඟ පිහිටා තිබුණත් පසුකාලීනව අංගෝපාංග අහිමිවීම ස්වාභාවික හේතු හා වෙනත් හේතු මත සිදුවී සමාජයෙන් ඉවත් වී කොන්වන වැඩි පිරිසක් අදටත් අසරණ තත්ත්වයෙන් සමාජගතව වෙසෙන බව නොරහසකි. එවන් පුද්ගලයින් රැකබලා ගැනීම නිසි ලෙසකින් සිදු නොවන බැවින් බහුතරයක් මහමහට පවා වැටෙන අතර යුද්ධයෙන් අසරණ වූ පිරිස් රැකබලා ගැනීම රණවිරු සෙවණ වැනි ආයතනවලින් කරගෙන යයි. මේ සියලූ දේවලට වඩා හාත් පසින්ම වෙනස් ආකාරයට උපතේදී සිදු නොවී දරුමල්ලන් පවා හදා වඩා වසර 50 ක් ගතවූ පසු හදිසියේම අස්වාභාවික ලෙස හිසේ අඟක් සෑදීමට පටන් ගැනීම නිසා වසර 49 ක්ම සමාජයෙන් සැඟව රහසිගතව විසීමට සිදුවූ අරුම පුදුම සිදුවීමක් පසු ගියදා මහරගම බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ බාහිර රෝගී අංශයේ වෛද්‍ය රුවනී මෙන්ඩිස් මහත්මිය වෙතින් අනාවරණය කර ගැනීමට හැකිවිය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පර්යේෂණායතනයේ බාහිර රෝගී අංශයේ ප‍්‍රතිකාර සඳහා යෙදී සිටින ආයුර්වේද වෛද්‍ය රුවනි මෙන්ඩිස් මහත්මිය මෙසේ හෙළි කළාය. අප ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට විවිධ රෝගාබාධ සඳහා ඖෂධ සඳහා විවිධ බෙහෙත්වර්ග පර්යේෂණාත්මකව නිපදවා බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර සඳහා භාවිත කරනවා. මා එහි බාහිර රෝගී අංශයේ තවත් වෛද්‍යවරු සමඟ ප‍්‍රතිකාර සඳහා යොමුවී සිටිනවා. ඒ අනුව මෙම අඟ සහිත රෝගියා ඉතා රහසිගතව ප‍්‍රතිකාර සඳහා දින කීපයක් පැමිණි අතර දිනක් මා වෙත පැමිණ තම දුක්බර කථාව හෙළි කළේය. ඒ අනුව තම දරුමල්ලන් සිටියත් හිසේ ඇති අඟ නිසා, වෙනත් සමාජ ආශ‍්‍රයන් සඳහා යොමුවීමට ලැජ්ජාවෙන් සිටිබව හෙළිවී තිබෙනවා. මෙම අඟ ඔහුගේ හිසේ දකුණු පසින් අඟල් 4 ක් පමණ දිගට වැවී ඉහළ එසවී තිබුණි. ඒ අනුව ඔහු රහසිගතව වෙනත් ප‍්‍රතිකාර ක‍්‍රමවලට යොමු වුණත් කිසිවකින් එම අඟ ඉවත් කිරීමට ද නොහැකිවී තිබෙනවා. ඒ අනුව රාගම, කුරුකුලාව පදිංචි ඩබ්ලිව්.ඞී. ජුලියන් මහතාගේ හිසේ පිහිටි අඟට අප නව පරියේෂණයක් මගින් සොයාගනු ලැබූ ඖෂධ වර්ගයක් අඟ මුල ආලේප කිරීමට සැලැස්සුවා. ඒ අනුව ජුලියන් මහතාත් තම දූ දරුවන්ගේ ආධාර උපකාර සහිතව අප නියම කළ අයුරු නිසිලෙස ඖෂධ පාවිච්චි කරමින් සති දෙකක් ගතවනවිට හිස් මුදුනේ තිබූ එම විශාල අඟ මුලින් ගැලවී වැටුණා. රෝගියා සතුටෙන් අඟත් රැගෙන නැවත සති දෙකකට පසු බාහිර රෝගී අංශයට පැමිණ ඉතා සතුටින් එම ඖෂධය සොයා ගැනීමට වෙහෙසුන සියලූ දෙනාට තුති පළ කිරීමට ද අමතක නොකළේය. ඒ අනුව දැන් එම අඟ තිබුණ ස්ථානයේ තුවාලය සුව කිරීමේ ප‍්‍රතිකාර සිදුකරගෙන යනවා.... වෛද්‍යවරිය කීවාය. මේ සම්බන්ධයෙන් ජුලියන් මහතාගේ දියණියක මෙලෙස පැවසුවාය. අප පවුලේ අය සමඟ තාත්තා වැඩපළ කරගෙන හොඳින් ජීවත්වුණා. ඒත් තාත්තාට වයස 50 පමණ වනවිට හදිසියේම හිස් මුදුනේ හරක් අඟක් මෙන් යමක් ඇතිවී ශීඝ‍්‍රයෙන් ඉහළට වැඞීමට පටන් ගත්තා තාත්තාට සමාජයේ විහිළු තහලූ කරන නිසා නිවසට වෙලා සැඟවිලා සිටියේ. අප එය ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමට ද අකමැති වුනේ තාත්තාට පෙර අසනීපයකට ශල්‍යකර්මයක් සඳහා නිර්වින්දනය කළ පසු සිහි ගැන්වීම ප‍්‍රමාදවෙලා ගොඩාක් ප‍්‍රශ්න ඇති වූ නිසා අප මෙවර බය වුණා සිහිනැති කිරීමට. ඒත් තාත්තාට කෙසේ හෝ මේ තත්ත්වයෙන් මිදීමට අවශ්‍යතාව තිබුණ නිසා තාත්තා ශල්‍යකර්මවලටත් කැමැතිවුණා. ඒත් අපි ඊට ඉඩ දුන්නේ නැහැ. අප මේ ආයුර්වේද වෛද්‍යතුමිය මුණ ගැසීමට ගියා අපට දෙවි කෙනෙකුමෙන් ඉතා  ඕනෑකමින් මේ අලූතෙන්ම සොයාගත් ඖෂධ ගාන්න දුන්නා. අප ඒවා දුන් උපදෙස් අනුව ගාන්න ගත්තා. සතියක් ඇතුළත අඟ බිමට වැටුණා. අප එයත් රැුගෙන ගිහින් පිළියන්දල සිටින වෛද්‍යතුමිය වෙත ගිහින් භාර දුන්නා. ඒ අනුව අපට ආයුර්වේද ප‍්‍රතිකාර ක‍්‍රම ගැන දැඩි විශ්වාසයක් ඇතිවී තිබෙනවා. ඒ නිසා අප තවත් අසනීප වෙනුවෙත් දැනටත් එම ප‍්‍රතිකාර ගනු ලබනවා. දැන් අප කවුරුත් එකට තාත්තාත් සමග සතුටින් ගත කරනවා. දියණිය කියා සිටියාය.

දෙහිවල - එච්.එම්. ධර්මපාල
විශේෂයෙන් සොයාගත් මහරගම ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ආයුර්වේද ඖෂධ ගැල්වීමෙන් අනතුරුව එම අඟ වැටීමෙන් පසු සතුටින් කැමරාවට මුහුණ දුන් අයුරු. තම හිසෙන් ගැලවී වැටුන අඟ වෛද්‍යතුමියගේ භාරයේ තබා ඇති අයුරු



අදහස් (0)

ඔළුවේ අඟක් තිබ්බ මිනිහෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1304 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site