බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් නගරය හරිත වර්ණයෙන් බබළන තිරසාර එමෙන්ම සාධාරණ ජනපදයක් ලෙස ලෝකයේ ඉදිරියට ගෙන ඒම සඳහා රජය, පෞද්ගලික අංශය සහ සාමාන්‍ය ජනතාව සමඟ එක්ව වැඩ කිරීම අරමුණු කර ගනිමින් 2015 මැයි 07 වැනි දින පැවැත්වීමට නියමිත බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණයට කොන්සර්වේටිව් පක්ෂයෙන් කේම්බි‍්‍රජ් ඡුන්ද කොට්ඨාසයෙන් තරග වදින ඇය 36 වියේ පසු වන චමාලී ප‍්‍රනාන්දු ය.
1979 දී නැගෙනහිර මිඞ්ලන්ඞ්වල උපත ලද චමාලිගේ මව වනිතා ෆර්නෑන්ඩුය. පියා සුමාල් ෆර්නෑන්ඩු ය. ඔවුහු ශ‍්‍රී ලාංකිකයෝ ය. ඇගේ පියා එංගලන්තයේ නීතීඥයකු ලෙස පුහුණුවීමට ප‍්‍රථමයෙන් ලංකාවේ කළුතර නීතීඥ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත. ඔහුට වනිතා ෆර්නෑන්ඩු මෙනවිය මුණ ගැසී ඇත්තේ නීතීඥයතු ලෙස තවත් සුදුසුකම් හදා ගැනීමට ඔහු එංගලන්තයට පැමිණි පසුව එංගලන්තයේදීය. ඇගේ මව 1976 දී එංගලන්තයට පැමිණ ඇත්තේ හෙදියක් ලෙස පුහුණු වීමටය. කෙසේ වෙතත් වසරක පමණ ඇසුරකින් පසු ඔවුන් විවාහ වී ඇති අතර විවාහයෙන් පසු එංගලන්තයේ පදිංචි වී ඇත. පසුව ඇගේ මව වින්නඹු මාතාවක් ලෙස සේවය කර තිබේ. චාමලී ෆර්නෑන්ඩු වන ඇගේ දියණියගේ දරු උපත සිදු කර ඇත්තේ ඇය විසින්මය. එම සිදුවීම චමාලි ප‍්‍රනාන්දු මෙසේ විස්තර කරයි.
”මම උපත ලැබූ දිනයේ රෝහලට යාමට දෙමාපියන්ට කාලයක් තිබුණේ නැහැ. එම නිසා මා උපත ලැබුවේ නිවසේදී. මාගේ පියා කම්පනයට පත්වූවත්, මාගේ මව, වින්නඹු මාතාවක් බැවින් ඇය තනිවම මගේ උපත සිදුකරලා. කිසිවෙකුගේ සහයක් නොමැතිව. අපිට තිබෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවා ක‍්‍රමයක්. ඊට ලොවම ඊර්ෂ්‍යා කරනවා. අපි එය රැුකගත යුතුයි. අපිට ඒ ගැන ආඩම්බරයි”
වසර 4කට පෙර ඇගේ පියා විශ‍්‍රාම යාමට ප‍්‍රථමයෙන් වසර 30ක කාලයක් එංගලන්තයේ නීති ආයතනක සේවය කර ඇත. එම නිසා දේශපාලනමය හා නීතිමය වටපිටාවක් සහිත පවුලක හැදී වැඩණු චමාලි, පියාගේ අඩිපාරේ යමින් ලන්ඩනයේ විශ්වවිද්‍යාල ආයතනයෙන් නීතිය හැදෑරුවාය.
2002 වසරේදී අධිනීතිඥයකු ලෙස සුදුසුකම් ලැබුවේ Inns of court school of Law ආයතනයෙනි. ඉන්පසුව ඇය 2012 වසරේදී ඇමෙරිකාවේ නිව්යෝර්ක්වලදී අවසරලත් නීතිවේදිනියක් ලෙස දිව්රුම් දුන්නාය. එංගලන්තයේදී ඇය ලැබූ නීතිමය පරිචය තුළ නීතිය සැලසුම් කිරීම, සේවානියුක්තිය, මූල්‍ය වංචා හා පුද්ගල හා ආයතනවල අයිතීන් ආදී විෂය ක්ෂේත‍්‍රයන් දැක්විය හැකිය.
පරිසරය සම්බන්ධයෙන් ඇය තුළ පවතින සංවේදිතාව සහ පරිසරය ආරක්ෂා කි
”කේම්බි‍්‍රජ් කියන්නෙ ඉතාමත් ලස්සන නගරයක්. විද්‍යාවේ, පර්යේෂණයන්ගේ, නව සොයාගැනීම් ආදී බොහෝ ක්ෂේත‍්‍රයන්ගේ පුරෝගාමීන් මේ නගරයෙන් බිහි වී තිබෙනවා. කේම්බි‍්‍රජ්වලින් ආරම්භ කර සමස්ත ලෝකයම සැබෑ පාරිසරික වෙනසක් කරා මෙහෙය වීම මගේ අරමුණයි. |
රීමට ඇය තුළ පවතින නොසන්සිඳෙන ආශාව සනාථ කරන හොඳම සාධකය වන්නේ ඇය පරිසරය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය සමග සම්බන්ධ වී ප‍්‍රතිපත්ති උපදේශකවරියක ලෙස ක‍්‍රියා කිරීමයි.
ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය ලැබීමට පෙර එනම් අවුරුදු 16 කට පෙර බි‍්‍රතාන්‍යයේ අර්බරි පාරේ ජීවත් වූ අවධිය සිහිපත් කරන ඇය සඳහන් කරන්නේ යම් දිනෙක දේශපාලනයට අවතීර්ණ වී තමන් ජීවත් වූ මේ අපූරු නගරයට යමක් ප‍්‍රදානය කළ යතු බව ඇය තරයේ සිතට ගත් බවයි. එනම් තමන් උසස් පෙළ විභාගය වෙනුවෙන් දේශපාලන විද්‍යාව හැදෑරූ සමයේ සිට දේශපාලනයට පිවිසීමේ කැමැත්තක් ඇති වුණු බව ය.
”කේම්බි‍්‍රජ් කියන්නෙ ඉතාමත් ලස්සන නගරයක්. විද්‍යාවේ, පර්යේෂණයන්ගේ, නව සොයාගැනීම් ආදී බොහෝ ක්ෂේත‍්‍රයන්ගේ පුරෝගාමීන් මේ නගරයෙන් බිහි වී තිබෙනවා. කේම්බි‍්‍රජ්වලින් ආරම්භ කර සමස්ත ලෝකයම සැබෑ පාරිසරික වෙනසක් කරා මෙහෙය වීම මගේ අරමුණයි. ඒ වෙනුවෙන් යන මාගේ දේශපාලන ගමනේ ප‍්‍රමුඛතා වන්නේ, ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ සාධාරණ හරිත තිරසර සමාජයක් ගොඩනැගීම යන කරුණුය.” යනුවෙන් ඇගේම වචනවලින් ඇය සඳහන් කරයි.නීතිමය කටයුතුවලට අමතරව මානසික රෝගීන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ඇය මානසික රෝගීන් සඳහා අත්පළඳනාවක් පැළඳවිය යුතු බවට යෝජනා කර තිබේ. සමාජයෙන් මානසික රෝගීන් අවශ්‍ය සැලකිල්ල ලබා ගැනීම සඳහා ඇය එම යෝජනාව කර ඇති අතර එය මේ වන විට බි‍්‍රතාන්‍ය දේශපාලන වේදිකාවේ වඩාත් කතාබහට ලක්ව ඇත.
ලන්ඩනයේ බීබීසී මාධ්‍යයේ දේශපාලන වැඩසටහනකදී ඇය තමා ගැනම විස්තර කර ඇත්තේ ”තමන් ප‍්‍රායෝගික දේශපාලන ප‍්‍රතිපත්ති ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට සහ තමා නියෝජනය කරන ආසනයට වගවී ක‍්‍රියා කරන නව දේශපාලන යුගයක කොටසක් වන බවයි.” මධ්‍යම පාන්තික පුරුෂයන් විසින් ආධිපත්‍ය පතුරවාගෙන සිටින එක්සත් රාජධානියේ් දේශපාලනය වර්ණවත් කිරීමට බලාපොරොත්තු වන චමාලි ප‍්‍රනාන්දු පිළිබඳව ටයිම්ස් පුවත්පත විස්තර කරන්නේ ”ඇය දේශපාලනයේදී ඇදහිය නොහැකි ලස්සනක්” යනුවෙනි.
ලන්ඩන් දේශපාලනය වෙනස් වී ඇති බවත් කෙන් ලිවින්ග්ස්ටන්ගේ විනාශකාරී ආසාවන් නිසා ජනතාව හෙම්බත් වී සිටින බවත් ඇය තවත් වරෙක අවධාරණය කළාය.
දේශපාලන පොර පිටියට ඇය තරුණ වැඩි බව ඇතැමුන් පැවසුවත් බි‍්‍රතාන්‍ය පුවත්පත් සඳහන් කරන්නේ ඇය නිවැරදි ගිනි පුපුරක් හා (a right firework) සරඹ සැරයන් වරියක (a drill sergeant) බවත්ය.
යුද්ධයෙන් පසුව එංගලන්තයේදී නැවතත් ශක්තිමත් වෙමින් යන දෙමළ ඩයස්පෝරාව නැවැත්වීමට කටයුතු කරන්නේද යනුවෙන් මාධ්‍ය ඇසූ පැනයට ඇය මෙසේ පිළිතුරු දී ඇත. ” කොටි හිතවතුන් සහ පුළුල් ඩයස්පෝරාව අතර වැදගත් වෙනසක් ඇති කළ යුතුයි. කල්ලි කණ්ඩායම්වල සහ දරුණු කොටි කණ්ඩායම්වල බලපෑම් සහ උත්සාහයන් තරු පහේ සන්නිවේදන කණ්ඩායම්වලට සමාන වෙයි. පාර්ලිමේන්තුව තුළ සමබර හඩක් සුරක්ෂිත කළ යුතුයි. සමාජ ඒකාබද්ධතාවක් ඇති කළ යුතුයි.”
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි
අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එංගලන්ත පාර්ලිමේන්තුවට ඡන්දෙ ඉල්ලන ලංකාවේ තරුණිය චාමලී
මහින්ද Thursday, 30 April 2015 11:00 AM
අනේ දුවේ, ලකාවේ මන්ත්‍රී කෙනෙක් වෙන්න බැරිද? මෙහාට ඕනෑ ඔයා වගේ කට්ටිය (නි)
චන්ද්‍රා බමුණුසිංහ Monday, 04 May 2015 02:17 PM
මම ඔයා ගැන හරිම සතුටුවෙනවා. ඔබට ජය වේවා! (නි)
නිමල් සිරිවර්ධන Wednesday, 29 April 2015 11:01 AM
සුබ පැතුම් ! (බ)
කරුණාරත්න Friday, 01 May 2015 09:43 PM
චාමලීගේ හැකියාවන් ගැනත් බලපොරොත්තු ගැනත් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ගොඩාක් සන්තෝෂයි. හෘදයාංගමව සහ පරාර්ථකාමීව කටයුතු කරන්න ඔබට ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා! එවිට යුක්තියේ යුක්තිබාවය ගොඩ නැඟෙනවා. එවිට ඔබ බලාපොරොත්තු වන පරිදි එංගලන්තයටත් නව දේශපාලන පාඩමක් කරලා පෙන්වන්න පුළුවන්. ඔය රටේ නොබිඳෙන දේශපාලන තරුවක් වෙලා අපේ ශ්‍රී ලංකාවට විශාල සෙතක් අත්කරලා දෙන්නත් හැකිවෙනවා නොඅනුමානයි. ඔබට ජයෙන් ජය!!! (නි)
එල්ටන් ප්‍රනාන්දු Thursday, 30 April 2015 06:12 AM
කළුතර තිස්ස මැදි විදුහලේ ආදී ශිෂ්‍ය ( ක්‍රිකට ගැසූ ) සුමල් ප්‍රනාන්දු මහතාගේ දුවණියට අපේ ආචාරය (ම)
නාවිනි Friday, 01 May 2015 05:15 AM
අපේ මාතෘ භුමිය තුළ සුද්දා විනාශ කර දැමු හරිත ස්වභාවික ධන සම්පත් ගැන ගිනි තබා පුරන් කර දැමු වෙල්ලස්සය වැනි තැන් ගැනද ,ඔය රාජිනීගේ ඔටුන්නේ ඇත්තේ අපේ පුරන් අප්පු , කැප්පෙටිපොල ගොන්ගාලේ ගොඩ බණ්ඩා වැනි වීරයින්ගේ රුධිරයෙන් රත්පැහ ගැන්වුණු මැණික් කැට වලින් බවත් මහා බ්‍රිතාන්‍යට මතක් කර දෙන්නටත් ඔබට බුද්ධියේ ඇස විවර වීමට හේතු වාසනා වේවා ! (බ)
චන්න බුවනෙක Thursday, 30 April 2015 03:35 PM
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබට ජය.(බ)
අබරන් Wednesday, 06 May 2015 05:05 AM
චන්ද්‍රා ,මම ඔයා ගැනත් හරිම සතුටුයි (නි)
දුමින්ද Thursday, 30 April 2015 08:05 AM
සිහින සැබෑ වෙන අවස්ථා දුර්ලභ නොවේ.(හේ)