556

 

 

sgමාර කට්ටක් කාලා යූ. එන්. පී. එකේ කට්ටිය අතට ආපු බලය ජෝන් අමරතුංගගේ කළබගෑනිය නිසා අවුලට ගිහින්. වැඬේ ජෝන් බාස්ට යයිද?


ජෝන් අමරතුංග මහත්තයට විශ්වාසභංගයක් ගේනවට මම දේශපාලනිකව කැමැතියි. පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන රීති පද්ධතිය ඇතුළෙ ජනාධිපතිවරයකුට හෝ අගමැතිවරයකුට හෝ අග විනිසුරුවරයකුට නැත්නම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට විශ්වාසභංගයක් ගේන එකට පුරවැසියකු විරුද්ධ වෙන්නෙ නෑ. ඒක නිසා පුරවැසියකු විදියට මම මේකට කැමැතියි. මෙයාට විතරක් නෙවෙයි තවත් කෙනෙක් වුණත් වැරැුද්දක් කරනව නම් විශ්වාසභංගයක් ගේන්න  ඕන.


මේක ඇතුළෙ දැන් අපට ලස්සන ගේම් එකක් දේශපාලනිකව බලන්න පුළුවන් වෙනවා. අගමැතිතුමා කියනවා ජෝන් අමරතුංගට ගෙනාපු විශ්වාසභංග යෝජනාව පරාජය වුණොත් පාර්ලිමේන්තුව විසුරුවලා ඡුන්දෙකට යනවා කියලා. ඒ එක්කම කියවෙනවා එහෙම වුණොත් දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න 69 දෙනෙකුට විශ‍්‍රාම වැටුප අහිමි වෙනවා කියලා. මේ 69 දෙනා අතරෙ තමයි වැඬේ තියෙන්නෙ. මේ 69 දෙනා රටට මොනවා කිව්වත් ඔවුන් ඇත්තටම කවුද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ මේ විශ්වාසභංගයෙන්. ඒ අයට තීරණ දෙකක් තියෙනවා. ඔවුන් ඉදිරියේදී කි‍්‍රයා කරන ආකාරය අනුව ඔවුන් කවුද කියලා හඳුනා ගන්න  ලෙස ජනතාවට ආරාධනා කරනවා.

 

1

 


වෙනසක්  ඕන කියලා මොර දීපු අය හිතපු වෙනසමද සිද්ධ වුණේ?


ප‍්‍රභාකරන් මරලා එල්.ටී.ටී.ඊ. විනාශ කළාම අපේ රටට මහා ලොකු දෙයක් ලැබෙයි කියලා මිනිස්සුන්ගෙ බලාපොරොත්තුවක් තිබුණා. දකුණෙ සිද්ධවුණු සියලූ ප‍්‍රශ්නවලට වගකිව යුත්තා විදියට චෝදනා ලැබුවෙ ප‍්‍රභාකරන්. ඉතින් ප‍්‍රභාකරන් මැරුණම මේ ප‍්‍රශ්න ඔක්කොම හරියයි කියලා ඒක දශක 3ක් විතර තිස්සේ තිබුණු විශ්වාසයක්. ඒක මම හිතන්නෙ මන්දමානසික කි‍්‍රයාවක්. ප‍්‍රභාකරන් මැරුණට පස්සෙ අර හිතපු කිසිම දෙයක් වුණේ නෑ. ප‍්‍රභාකරන් පරාජය කිරීමෙන් පස්සේ ඒ පරාජයේ උත්කර්ෂය ටික කාලයක් යනකොට පත්වෙනවා ෆැසිස්ට්වාදී පාලනයක ආරම්භයක් ලෙසට. එතකොට ප‍්‍රභාකරන් පරාජය කළා වගේම මිනිස්සුන්ට වුවමනා වෙනවා මේ ෆැසිස්ට්වාදී පාලනය පරාජය කරන්න. මම මේ පැසිස්ට්වාදී කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ කියන පුද්ගල සාධකය නෙවෙයි. ආගම, ජාතිය, සහ වර්ගවාදය මුල් කරගෙන හදන දේශපාලන න්‍යාය පත‍්‍රයක් තුළ ෆැසිස්ට්වාදී මොඩලය රටක හට ගන්නවා. ඉතින් පසුගිය කාලේ සිද්ධ වුණේ මහ ලොකු වෙනසක් නෙවෙයි. පාදඩ ධනපතියන්ගෙන් ක්ලැසික්ස් ධනපතියන්ට බලය මාරුවීමක් විතරයි මෙතනදි සිද්ධ වුණේ.

ඒක නිසා කවුරුවත් විශ්වාස කරන්න එපා මේක මහා විප්ලවයක් කියලා. මේ බලය මාරුවීම නිසා සිද්ධවුණු දේ තමයි තිබුණු ධනපති ක‍්‍රමයේ පාදඩ විලාසය ටිකක් අඩුවීම. අපි මේක මැතිවරණ ප‍්‍රචාරණ රැුස්වීම්වලදීත් කිව්වා. ඒකයි අපි ඒ රැුස්වීම්වලදී කිව්වෙ ඇත්ත අරගලය තියෙන්නෙ 8 වෙනිදායින් පස්සෙ කියලා. කාටත්  ඕන වුණේ කුඹුරට හානි කරන සතා එළවගන්න. දැන් සතා එළෙව්වට පස්සෙ ලියදි බෙදා ගැනීමේදී ප‍්‍රශ්න එනවා. ඒක ස්වභාවිකයි. දැන් ඒක තමයි සිද්ධ වෙන්නේ.

අලූත් ආණ්ඩුවෙ ගුණ අගුණ දින ගණනින් මැන බැලෙන මේ දවස්වල කෝ ඔය 8 වෙනිදායින් පස්සෙ තමයි අපේ අරගලය තියෙන්නේ කියලා කියපු අය? එහෙම අය හොයාගන්නත් අමාරුයි වගේ.


ලංකාවෙ දේශපාලන බලය මාරුවුණු සෑම අවස්ථාවෙම වගේ අරගලයේ මුලින් වැඩ කරපු පොඩි පිරිසට පේන්නෙ නැති තරමට විශාල දේශපාලන පෝලිමක් හැදෙනවා. බලයට ආපු නායකයෝත් පෝලිමේ අග ඉඳගෙන ”ආපසු හැරෙන්” කියල කියනවා. එතකොට අරගලයේ සැබෑ කොටස්කාරයෝ දැන් පෝලිමේ අග්ගිස්සෙ. මුල ඉන්නෙ අර හොරට ඉඳපු අය නායකයින්ට බොරු කප්පරක් කියලා තනතුරු තාන්න මාන්න අර ගන්නවා.

 

2


මේ මොහොතේ තත්ත්වය ගැන කතා කරනව නම් මම හිතන්නේ සැබෑ අරගලකරුවෙක් නම් කරන්න  ඕන මේ දින 100 කිසිදු තනතුරක් බාර නොගෙන ඉන්න එක. මොකද මේ අරගලය යම් ප‍්‍රමාණයකට සාක්ෂාත් වෙන්නෙ ඉදිරි මහ මැතිවරණයෙන්. දැන් තියෙන දේශපාලන විලම්බීතභාව නැති වෙන්නේ මහ මැතිවරණයෙන් පස්සේ. දැන් පාර්ලිමේන්තුව විලම්භීතයක්නේ. ජනාධිපතිවරණයෙන් අපි සීත ගඟුල පහුකළා. මහ මැතිවරණයෙන් මහගිරිදඹ නගින්නයි තියෙන්නේ. මහගිරි දඹ නැග්ගොත් විතරයි ගිරිමුදුනට නැගල පද්මෙ වඳින්න පුළුවන්.


පදවි තානාන්තර ගැනීම සම්බන්ධයෙන් බාල, පහත්, බොළඳ, ආත්මාර්ථකාමී, පෞද්ගලික ඇජෙන්ඩා එකකට ගියොත් ඒ යන කෙනාට අරගලකරුවෙක් වෙන්න බෑ. සැබෑ අරගලකරුවෝ මේ දින 100 ඇතුළෙ තමයි හිටපු ස්ථාවරයේ ඉන්න  ඕන.

 


එතකොට ඔය තනතුරුවලට පොරකන්නෙ ”ආපසු හැරෙන්” කිව්වම පෝලිමේ ඉස්සරහ හිටපු අයද?


ගොඩක් දෙනෙක් එහෙම අය තමයි. මම නම් විශ්වාස කරන්නෙ බොහෝ ආයතනවලට පත්වෙන්න  ඕන දක්ෂ කළමණාකරුවන් මිසක් නලාකරුවො නොවෙයි. සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයට අදාළ ආයතනවලට වුණත් අවශ්‍ය වෙන්නේ ඒ වගේ කළමණාකරුවො. මාධ්‍ය ආයතනවලට වුණත් එහෙමයි. එහෙම කළමණාකරුවො කියන එකවෙනුවට හිතවත්තු ඒ තැන්වලට ආදේශ වුණොත් වැඬේ අවුල්. මගේ නමත් ඔය කීප තැනකට යෝජනාවෙලා තිබුණා. මම හිතුවා මේ දින 100 ඇතුළෙ එවැනි දේකට යන්නෙ නෑ කියලා. මොකද අරගලය ඉවර නෑ. අරගලය අතරමඟ දාලා යන්නේ ගනුදෙනුකාරයෝ. 1971 ඇත්ත අරගලකාරයෝ පාවාදීම් නොකර මේ පොළොවෙ මැරෙනවා. ඒත් ඒ අරගලයේ දේශපාලනය තුළ වාටියේ ගෑවිලා හිටපු අය ලංකාවෙන් පැන්නා. අදත් ඔය යුරෝපයේ ඉන්නෙ එහෙම අය. 89 දිත්  ඕකම වුණා. ඇත්ත අරගලකාරයා පනින්නෙ නෑ. මම විශ්වාස කරන්නේ මහින්ද රාජපක්ෂ කියන්නෙ අරගලකාරයෙක්. එයා ”ස්ටේ‍්‍රට් ෆයිටර්” කෙනෙක්. කීයටවත් එයා රට දාලා යන එකක් නෑ. එයා අරලියගහ මන්දිරෙන් ගිහිල්ලා කාල්ටන් ගෙදර ජනේලෙ එල්ලිලා මිනිස්සුන්ට කතා කළේ. අරගලකාරයා එහෙම තමයි. හැබැයි බැසිල් රාජපක්ෂ වැඬේ වැරදුණු ගමන් යනවා. එයා වෙලාවට ආව, ගනුදෙනුව කළා, ගනුදෙනුව ඉවර වෙච්ච ගමන් ගියා. මහින්ද රාජපක්ෂ දිගටම හිටියා. එයා දිනන්න පෙරත් හිටියා. දිනලත් හිටියා. පැරදිලත් ඉන්නවා. ඒක තමයි වෙනස.

අරගලකාරයයි, ගනුදෙනු කාරයයි අඳුනගන්න  ඕනෑම ආණ්ඩුවක් ප‍්‍රවේසම් වෙන්න  ඕන. පදවි තානාන්තරවලට කෑදරකමින් ඒ හා හඹාගෙන ගිය සියලූ දෙනා මං සලකන්නේ ගනුදෙනුකාරයෝ විදියට. ආණ්ඩුවට මං අවවාද කරනවා මේ අයගෙන් ප‍්‍රවේසම් වෙන්න ෂුවර් එකටම මෙ අය ගනුදෙනුව ඉවරවුණු ගමන් යනවා. වැඬේ තියෙන්නේ අරගලකාරයින්ට දේශපාලකයෝ කැමැති නෑ. හැබැයි රටකට  ඕන ගනුදෙනුකාරයෝ නෙවෙයි අරගලකාරයො.

 

3

 


ඔබ කියන විදියට මේ ආණ්ඩුවට සෙට්වුනු නොම්මර එකේ ගනුදෙනුකාරයා සෝමරත්න දිසානායක. හැබැයි රතන හාමුදුරුවො එහෙම මේ ගනුදෙනුකරුවන්ට තැන දුන්නා කියලා කියනවා. කොහොමද මෙහෙම ”ඞීල්” සිද්ධ වෙන්නේ?


මේ වෙලාවෙ ඔය සිදුවීමේ වගකීම ගන්න  ඕන රතන හාමුදුරුවොවත් ජනාධිපතිවරයාවත් ජනමාධ්‍ය ඇමැතිවරයාවත් නෙවෙයි. මේකෙ වගකීම සම්පූර්ණයෙන් ගන්න  ඕන සෝමරත්න දිසානායක. ඔහුට ස්වයංව තක්සේරු කරන්න තිබුණ මේ කරන වැඬේ හරිද වැරදිද කියලා. ඒක නිසා මේක ඔහුත් එක්ක බේරගන්න  ඕන දෙයක්. මොකද මේක ඔහුගෙ ප‍්‍රතිපත්ති පිළිබඳ ප‍්‍රශ්නයක්. මම නම් යමක් දුන්නු පළියට ගන්න කෙනෙක් නෙවෙයි. මම මීට කලිනුත් කිව්වා ආයිස්වර්යා පෙන්නලා ගී‍්‍රස් ගහේ නැගපං කිව්වට මම නගින්නෙ නෑ. මොකද බෙට්ට වගේ පහළට වැටෙන බව මම දන්න නිසා. ඒක නිසා  ඕන කෙනෙකුට තමන් ගැන ස්වයං විවේචනයක් තියෙන්න  ඕන.

 


මාධ්‍ය සංදර්ශන කියන චෝදනාවෙන් එහාට ගිහිල්ලා සිදුවුණු වංචා දූෂණ පිළිබඳ හොයන්න ඇත්ත වුවමනාවක් තියෙන බව ආණ්ඩුව පෙන්නනවද?


දේශපාලන පක්ෂ නායකයොම දැන් කියනවා දූෂිතයින්ට ඡන්දෙ දෙන්න එපා කියලා. එහෙම අය දැනටත් ඉන්නවා කියලත් කියනවා. එතකොට මේ අයට කලින් නොමිනේෂන් දුන්නෙ කවුද? එයාලම මේ හොරුන්ට නොමිනේෂන් දීලා මිනිස්සුන්ට කියනවා ඡුන්දෙ දෙන්න එපා කියලා. දූෂිතයින් කරපු දූෂණ ගැන පරීක්ෂණ කරන්න  ඕන තමයි. හැබැයි ඒකට අල්ලස් කොමිසම ඉස්සරහ වැඩ දැම්මට නම් වැඩක් නෑ. කොමිසම ඉස්සරහ මීඩියා ෂෝ දාලා වැඩක් නෑ. ඇතුළෙ ආකෘතියට ගහන්න  ඕන.


අපිට කියන්න තියෙන්නේ ඉදිරි දැක්මක් ඇතුව එළඹෙන මැතිවරණවලදී හොරුන්ට දූෂිතයින්ට නොමිනේෂන් දෙන පක්ෂවලට එරෙහි වෙන්න කියලා. ඒක මගේ  පුරවැසි යෝජනාවක්. මේක හැම පක්ෂයටම අදාළයි. ලංකාවෙ මෙච්චරකල් වුණේ දූෂිතයින්ට එක පක්ෂයකින් නොමිනේෂන් දුන්නේ නැතිවුණාට වෙන පක්ෂයකින් අඬගහලා ටිකට් එක දෙනවා. සියලූ පක්ෂවල මේ විනය හැදෙන්න  ඕන.

 


පහුගිය කාලේ දේශපාලන නායකයින්ට වැඩ වැරැුදුණේම ඇන්දිල්ල සහ ඇඳගැනිල්ල නිසා නේද?


දේශපාලන නායකයින් වටා අන්දන පිරිසක් ඉන්නවා හැමදාම. දේශපාලන නායකයින්ට අවබෝධයක් තියෙනව නම් වටේ ඉන්න උන් තමාව අන්ඳවනවා කියලා ඒකෙන් බේරෙන්න පුළුවන්. නමුත් නායකයින්ට එහෙම තේරෙන්න නැතිනම් ඒක විනාශයක්. ඒවගේම එහෙම අන්ඳන ඇන්ඳිල්ලට අහුවෙලා ඇඳගන්න සූදානම් අයත් ඉන්නවා. මහින්ද රාජපක්ෂ වටා එහෙම අන්දන කට්ටිය කී දෙනෙක් හිටියද. අන්දලා අන්දලා අන්තිමට දේවත්වයට ඔසවන්න ඔන්න මෙන්න තිබුණෙ. දැන් එයා ආපහු ඡුන්දෙට එනවනම් එයාම යෝජනා කරන්න  ඕන තමන්ව අන්දපු, තමන්ට කේලම් කියපු, තමන් බොරුවට පුම්බපු පිරිසට නොමිනේෂන් දෙන්න එපා කියලා. එහෙම කියපු ගමන් එයා ආපහු කරළියට ගේන්න හදන තුන් හතර දෙනාට තමයි මුලින්ම කට උත්තර නැති වෙන්නේ. මිනිහෙක්ව අන්ඳනවා කියන එක තරම් මිනිහෙකුට කරන්න පුළුවන් විනාශයක් තවත් නෑ. ඒක නිසා මම යෝජනා කරනවා, ලංකාවේ දේශපාලන නායකයෝ වහාම වටේ ඉන්න අන්දන්නන්ගෙන් ගැලවෙන්න වෛරස් ගාඞ් එකක් දාගන්න කියලා. එහෙම නැති වුනොත් ප‍්‍රශස්ති කියල කියලා අන්දන ඇන්දිල්ලට මේ වන්දිභට්ටයින්ගෙ වෛරස් එකට අහුවෙන්න පුළුවන්. විශේෂයෙන් මම කියනවා මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාට වහාම වෛරස් ගාඞ් එකක් දා ගන්න කියලා. නැත්නම් අතීත පාඩම ඉගෙන ගන්න බැරිව යනවා. මං හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දැන්වත් මේ වෛරස් ගාඞ් එක දාගෙන ඇති කියලා.

 


”වෙලේ සුදා” කියන්නේ මේ අලූත් ආණ්ඩුවට ගොඩයන්න ලැබුණු මාර බෝනස් එකක් වගේ නේ?


සමහර ආණ්ඩු තමන්ට දෙන ඊසි කැච් එකත් මිස් කර ගන්නවා. ඒක මාර පාඩුවක් වෙන්න පුළුවන් ආණ්ඩුවෙ පැවැත්මට. වෙලේ සුදා කියන්නේ මේ ආණ්ඩුවට ලැබුණු ඊසි කැච් එකක්. මිස් කළොත් අපරාදෙ. මේ දින 100 ඇතුළත මේ වෙලේ සුදා කියන ඊසි කැච් එක මිස් කළොත් ආණ්ඩුවට පසුතැවිලි වෙන්න වෙයි. මේක හරියට ප්ලේ වුණොත් ගොඩක් අයට ඇඩ‍්‍රස් නැති වෙනවා.

 


ඉස්සරහට එන මහ මැතිවරණය මොකකින් මොකක් වෙයිද?


මොකකින් මොකක් වුණත් මට ප‍්‍රාර්ථනාවක් විතරක් තියෙනවා. ඒ තමයි මෙච්චර දවස් දේශපාලනයේ හිටපු ඇට්ටකුනා වෙච්ච, ජරාජීර්ණ, පෙන්ෂන් යන්න  ඕන පිරිස වහාම ගෙදර යවන්න ඡුන්ද දායකයෝ පෙළ ගැහෙයි කියලා! මේ රට තවදුරටත් නාකි මහල්ලන්ටම අයිති නෑ. මේ රට අයිති කොල්ලන්ට කෙල්ලන්ට. ඊළඟ පරම්පරාවට. තරුණ අත්වලට සහ තරුණ සිත්වලට දේශපාලනයෙත් ඉඩ වැඩිවෙන්න  ඕන. අපි සියලූ පක්ෂවලට යෝජනා කරනවා විශ‍්‍රාම සුවය විඳින්න  ඕන අයට ඒකට ඉඩදීලා දූෂණය නොවුණු තාරුණ්‍යයට ඉඩ දෙන්න කියලා.

 


තියෙන තත්ත්වය උඩ වාසි අවාසි කොහොම වෙයිද?


ගෙදර යන්නෙ කවුද තව දුරටත් ඉන්න  ඕන කවුද කියලා තීරණය කරන්නෙ ජනතාව. කොහොම හරි දිනනවා කියලා හිටපු අයටත් ජනතාව ජනවාරි 8 වෙනිදා උත්තරයක් දුන්න. මහ මැතිවරණයෙදි මිනිස්සු ගොඩක් අයට පණිවුඩයක් එවයි. එදාට ගෙදර යන්න සූදානම්වෙලා ඉන්න.

 


ජනතා විමුක්ති පෙරමුණට මොනවා වෙයිද?


ඔවුන් ස්ථිර වශයෙන්ම ආසන දහයකට වැඩි ප‍්‍රමාණයක් ගනීවි කියලා මම විශ්වාස කරනවා.

 


උපුල් ශාන්ත සන්නස්ගල ඉදිරි මහ මැතිවරණයට තරග කරනවා කියලා පැතිරෙන ආරංචියෙ ඇත්ත නැත්ත මොකක්ද?


මං ගැන එළියෙ එක එක කතා තියෙනවා. පහුගිය දවස්වලත් එහෙම කතා ඇතිවුණා. හැබැයි ඔය පැතිරුණු ආරංචි තාම ඇත්ත වෙලා නෑ. මම තාම උදේ නැගිටලා ටියුෂන් පංතියට ගිහිල්ලා උගන්නලා ගෙදර යනවා.

 


එහෙම ආරංචි මේ හුළඟට ආවෙ නිකං වෙන්න බෑ.


මං හිතන්නෙ පහුගිය ඡන්දෙට මං ”එක්ස්පෝස්” වුණා වැඩියි කියලා. මං අවුරුදු තිහක් විතර බිංගෙයි දේශපාලනය කරපු කෙනෙක්. මෙහෙම ඉඳලා සමාජයට දේශපාලන වශයෙන් වැඩිපුර අනාවරණය වෙනවා පහුගිය දවස්වල. එතකොට මිනිස්සු අතර අදහසක් ඇති වෙනවා ඇති මම මැතිවරණයට තරග කරනවා කියලා. මම නිවැරැුදිව ඒක තීරණය කළ යුතු දෙයක්. මම ජීවිතේ ”ලැප්” හතරක දුවපු කෙනෙක්. මේ දුවන්න හදන්නේ අන්තිම ලැප් එක. ඒක හරියට දුවන්න  ඕන. නැතිනම් කකුල පැටලිලා ඇදගෙන වැටෙන්න ඉඩ තියෙනවා. මං වැටෙන්න සූදානම් මිනිහෙක් නෙවෙයි.

 


මෛතී‍්‍රපාල ජනාධිපතිතුමාගේ පළවෙනි රූපවාහිනි සම්මුඛ සාකච්ඡාව කරන්න ඔබට චාන්ස් එක ලැබෙන්නෙ කොහොමද?


ඒක චාන්ස් එකක් නෙවෙයි. මම ඒක චාන්ස් එකක් කියලා හිතන්නෙ නෑ. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා දිවුරුම් දෙන තැනට මම ගියේ නෑ. කෝල් එකක් දීලා සුභ පැතුවෙවත් නෑ. මම දින 100 පස්සෙ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් කරපු දේවල්වල හොඳ නරක කියලා කතා කරන්න හිටියෙ. ඒත් සුමාන දෙකකට පස්සෙ ජනාධිපතිතුමාම මට කතා කරලා කිව්වා රූපවාහිනි සාකච්ඡාවක් කරන්න තියෙනවා ඒක ඔයාම කරන්න කියලා. ඒක තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි එතුමාමයි. මම ඒක 60% විතර සාර්ථකව කළා කියලා මම හිතනවා. ඒක 60%ක් වෙන්නේ හිටපු ජනාධිපතිවරු එක්ක කරපු සාකච්ඡා එක්ක සංසන්දනය කළාම. එක සමාන ආසන දෙකක අපි දෙන්නම අසුන් ගත්තේ. මීට පෙර තිබුණෙ ජනාධිපති රජ පුටුවක සේසත් දෙකක් මැද්දේ ඉන්නවා. සන්නිවේදකයා බංකුවක. ඒ වැඩවසම් ආකෘතිය මෙතනදි කැඩුවා. ඒක ජයග‍්‍රහණයක්. ඉදිරියට මෙවැනි සාකච්ඡා කරන අයට ඒක හොඳ සංඥාවක්. ඉතිහාසයේ ප‍්‍රථම වරට සන්නිවේදකයාට ජනාධිපතිවරයා නිසි ගෞරවය දුන්නා. පැය තුන හමාරක විතර ඒ සාකච්ඡාව පැය එකහමාරකට එජස්ට් කරලා දැම්මෙ. නොකියවුණු බොහෝ දේ ඉදිරියේදී ඒක ප‍්‍රචාරය වුණොත් පේ‍්‍රක්ෂකයාට බලාගන්න පුළුවන්. පැවතුණු ආකෘතිය එක පාරටම කුඩු පට්ටම් කරන්න බැරි තත්ත්වයක් උඩ සාකච්ඡාව 60% සාර්ථකවීම ගැන මම තෘප්තිමත්.

 


මේ සාකච්ඡුාව ගැන රාවය පත්තරේ ”ෆෝරම්” එකක් කරලා තිබුණා. මෙවැනි දෙයක් වුණේ ඇයි කියලාද ඔබේ අදහස?


ඒකම පොසිටිව්. ඒක ඇතුළෙ සාකච්ඡා කළ යුතු ෆෝරම් එකක් කරන්න තරම් දෙයක් තිබුණා කියන එකම ලොකු දෙයක්. සංවාදය ඇතුළෙ ප‍්‍රතිසංවාදයක් ගොඩනැගීම හොඳ දෙයක්.

 


ඒ සාකච්ඡුාවෙ සිදුවුණු බොහෝ කාරණා පැත්තක තියෙද්දි මම අහන්න කැමැතියි වැඩි වෙලාවක් අරගෙන අමරදේව උත්කර්ෂයට නැංවීමට හේතුව මොකක්ද කියලා?


ජනාධිපතිතුමා ඉතාම කැමැතියි අමරදේවගෙ සිංදුවලට. ඔහුම යෝජනා කළා ”රත්නදීප” සිංදුව ප‍්‍රචාරය කරමු කියලා. ඉස්සර අපි දැක්කෙ ඔය වගේ සංවාදවල ප‍්‍රචාරය කළේ ”මහරජාණෙනි” වගේ සිංදුනේ. ඒකට වඩා මේක හොඳයිනේ. ජනාධිපතිතුමාගෙ ගෙදර ආව ගිය කෙනෙක් විදියට අමරදේවට ඔහුගේ ගෞරව කිරීමට බාධා කරන්න මට බෑ. තව රස කතා ගොඩක් එජස්ට් නොකරපු සම්පූර්ණ සාකච්ඡුාව ඇතුළෙ තියෙනවා කිව්වෙ ඒකයි.

 


හිටපු ජනාධිපතිතුමත් අමරදේවයි ලෙස්ටර් ජේම්ස් පීරිසුයි තමන්ගේ බඩට හේත්තු කරගෙන පිංතූර අරගෙන තමන්ගේ ඡන්ද කැම්පේන් එකටත් පාවිච්චි කළා. අනිත් කලාකරුවන් මේකෙන් අප්සට් එකේ හිටියෙ නොපෙන්නුවට. මේ සිද්ධියෙන් ඒකම යළි සිදුවෙයි වගේ සංඥාවක් ආවොත් හරි නෑ වගේ නිසයි මම ඒ ප‍්‍රශ්නය දිගින් දිගට අහන්නේ?


දැන් ළමයෙක් වඩා ගන්න කලිනුත් දෙසැරයක් කල්පනා කරන්න වෙනවා. මොකද ඒකත් දේශපාලකයෝ දේශපාලනිකව කිච කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ආදරේ කරන කලාකරුවෙක් ගැන කතා කරන එක මීට පෙර තිබුණු තත්්ත්වය එක්ක සසඳන්න එපා කියලා මම ඔබට කියනවා. අප්සට් පූර්වාදර්ශයක් හැදුවට පස්සෙ හොඳ දේකටත් ඉඩක් නැතුව යන එක මාර අවුලක්. මිනිස්සු හිතන්නේ හොඳ දෙයක් කරනකොටත් ඒකත් ගේම් එකක් කියලා. මේක කාලකණ්නි තත්ත්වයක්. ඒ කියන්නේ අතීතයේ ජනාධිපතිවරු කරපු වැරැුදිවලට ඇත්තටම කලාකරුවන්ට ආදරේ මිනිහ දිහා වැරැුදි ඇහෙන් බලන්න එපා.

 


මහින්ද රාජපක්ෂ වටා ඉඳපු කලාකරුවො දැන් මෛතී‍්‍රපාල සිරිසේන ළඟට බඩගාන ගමන් කියනව සංස්කෘතික ප‍්‍රතිපත්ති හදන්න  ඕන වගේ කතා. මේ අය මේ එන්නෙ මොකාටද?


මම මීට කලිනුත් කිව්වා වගේ මේ අයගෙන් පරිස්සම් වෙන්න අවශ්‍ය නම් වෛරස් ගාඞ් එකක් වහාම පාවිච්චි කරන්න කියලා මෛතී‍්‍රපාල ජනාධිපතිතුමාට මම නැවතත් මතක් කරනවා ඔබේ ප‍්‍රශ්නයට උත්තරේ එච්චරයි. එතකොට ඔය එන අය මොකාට ආවත් ප‍්‍රශ්නයක් නෑ.

 


ජනාධිපතිවෙලා දෙවතාවක් රජ කරපු මහින්ද රාජපක්ෂ නැවත පාර්ලිමේන්තු පැමිණීම හරියට කොයි වගේද?


ඒක හරියට ඔලිම්පික් දුවලා රිදී පදක්කම ගෙනාපු සුසන්තිකා ජයසිංහට ගමේ මැරතන් එකට දුවල දිනුවොත් පිඟන් සෙට් එකක් තෑගි දෙනවා කියන්න වගේ වැඩක්. මීට පෙරත් මං මේක කියලා තියෙනවා.

 


දින 100 ඇතුළත කිසිම තනතුරක් ගන්නෙ නෑ කියපු ඔබ දින 100 පස්සෙ කොහේ හරි ලොකු පුටුවකදි අපට මුණ ගැහේවිද?


සමහරවිට. ඒත් ඒක ලොකු පුටුවකදි වෙන්න බෑ. මම මගේ ජීවිතය පිළිබඳ මහා අධිනිශ්චයක ඉන්න මිනිහෙක් නෙවෙයි. නමුත් මම මැරෙන තුරු රට වෙනුවෙන් මොනවා හෝ කරාවි.

 

m