දියර පොහොර බෝතලයක් ඇමරිකානු ඩොලර් 5 බැගින් මිලදී ගත හැකිව තිබියදී ඩොලර් 10 සහ ඩොලර් 12.45 බැගින් ඒවා මිලදී ගැනීම නිසා රජයට රුපියල් කෝටි හැත්තෑ එකක පාඩුවක් සිදුවූ බව අනාවරණය කෙරෙන විගණන වාර්තාවක තොරතුරු නොබෝදා අප පුවත්පතේ පළවූයේය. එම දියර පොහොර නිෂ්පාදන සමාගමේ වෙබ් අඩවියේ සඳහන් පරිදි මිලි ලීටර් 500ක ධාරිතාවකින් යුතු බෝතලයක වටිනාකම ඇමරිකානු ඩොලර් 3.185 කි.
මෙරට කෘෂිකර්මාන්තයේ නියැළුණු ගොවි ප්‍රජාව ඇතුළු සමස්ත ජනතාවටම එරෙහිව සිදුකළ වංචාවක හා අසාධාරණයක තොරතුරු මෙම විගණන වාර්තාවට අදාළ ගනුදෙනුවේ ඇති බව පෙනී යයි. මෙවැනි වංචා සහගත ගනුදෙනු පිළිබඳව වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මෙවැනි වංචා සහගත රාජ්‍ය ගනුදෙනු පිළිබඳව දැන් පාඨකයාට හොඳ හැටි අසා පුරුදුය.
මෙවැනි විගණන වාර්තා පිළිබඳ පුවත් නිතර පළ වුවද රජයට සිදුවූ පාඩුව අයකර ගත් අවස්ථා පිළිබඳ වාර්තා වූ අවස්ථා ඉතා විරලය. මේ හැම ගනුදෙනුවකම පාඩුව රජයට සිදුවූයේ යයි එම වාර්තාවලින් පැවසුණද, එම පාඩුව දරන්නේ රටේ පොදු ජනතාවය. පොදු ජනතාව උසුලන බදුබරට, පොදු ජනතාව උසුලන උද්ධමනයට, පොදු ජනතාව උසුලන නේකවිධ දුක් කන්දරාවලට මෙවැනි අයථා ගනුදෙනු සෘජුව හෝ වක්‍රව හේතුවෙයි.
රටේ විදේශ සංචිත හිඟවීම නිසා මෙරට ජනයා නේකවිධ දුක් කරදර වින්දෝය. රටේ අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යාම නිසා මේ රට ජනයා විඳින අසීරුතා අප්‍රමාණය. පොහොර ඇතුළු යෙදවුම් මිල ඉහළ යාම නිසා මෙරට ගොවි ජනතාව අනන්ත අපහසුතා හා දෝමනස්ස විඳගනිති.
රාජ්‍ය ගනුදෙනු උදෙසා දැඩි මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහයේ විධි විධාන පැවතුණත් ඒ සියල්ල තිබියදී, මෙවැනි වංචා සිදුවන බව නිතර වාර්තාවේ. රෝගීන්ට දෙන බේතට පවා සායම් දියකර දෙන තත්වයට රාජ්‍ය ගනුදෙනු වැටී තිබීම අතිශය කනගාටුදායකය.
මේ ආකාරයේ අයථා ගනුදෙනුවල ප්‍රතිඵලය ආර්ථිකයේ විවිධ අංශවලට අයථා ප්‍රතිඵල ලබාදී අවසානයේ පොදු ජනතාවගේ අසීරුතාවලට ඒවා හේතුවන ආකාරය සරලව පෙන්වාදිය හැකිය.
විදේශ සංචිත අර්බුදයක ගිලී යාන්තමින් ගොඩ ආ අවධියක, රාජ්‍ය ගනුදෙනු කිරීමේදී ඩොලර් ඉතිරි කර ගැනීම කෙරේ අවධානය යොමු කිරීම අතිශය වැදගත්ය. ඩොලර් පහකට මිලට ගත හැකිව තිබූ දියර පොහොර බෝතලයට ඩොලර් 12 බැගින් ගෙවූ විට ඩොලර් ඉතිරි කරගත හැක්කේ කෙසේද?
නොසැලකිල්ලෙන් හෝ වංචා සහගත සිතින් එවැනි ගනුදෙනු කළ යුතු බවට තීරණය කළ විට රටට විදේශ විනිමය කෝටි ගණන් අහිමි වීම අරුමයක් නොවේ.
මෙවැනි ජාත්‍යන්තර ගනුදෙනුවලදී රටේ කෘෂි කර්මාන්තය වැටී ඇති තත්වය හා ගොවීන් වැටී ඇති දුක්ඛිත තත්වය එවැනි තීරණ ගත් බලධාරීන්ට පෙනුණේ නැතිද? දරා ගත හැකි අවම මිලකට ගොවියාට යෙදවුම් ලබාදීමේ වගකීම බලධාරීන්ට නොමැතිද? යන පැනය පාඨකයා වෙනුවෙන් අසන්නට සිදුවේ.
අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යාම නිසා රටේ පොදු ජනයා දැඩි දුක්ඛිත තත්වයකට මුහුණ දී ඇත්තේය යන කාරණය රහසක් නොවේ. රටේ පාසල් සිසුන්ගෙන් වැඩි හරියක් නිසි පෝෂණය නොලබන බව සමීක්ෂණ කිහිපයකින්ම අනාවරණය වූයේය. එවැනි තත්වයක් මැද ආහාර නිෂ්පාදනය සුලභ කිරීම සඳහා, ආහාරවල නිෂ්පාදන මිල අවම කිරීම පිණිස, ගොවියාට අවම මිලකට යෙදවුම් ලබාදීමේ වගකීම බලධාරීන්ට පැවරී ඇත.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආණ්ඩුවට කෝටි 71ක පාඩුවක් සිදුවූයේ කාගේ වරදින්ද?
බන්ඩාර Saturday, 27 January 2024 06:37 PM
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද මේ අවනඩුව...? වගකිව යුතු අධිකාරි බලය තිබෙන උන්දැලාම මෙහෙම කරනවා නම් ඔවුන්ට අධිකාරි බලය ලබා දුන් උන්නැහැ වග කියන්න ඕනෑ. ඉහළ නිලධාරින්ගේ කියුම් කෙරුම් අධීක්ෂණයට නියාමනයට විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත මණඩලයක් ස්ථාපිත කළ යුතුයි...
saman Sunday, 28 January 2024 05:43 AM
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ කෘෂිකරම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර වෙනසක් නොමැත. සියල්ල සිදුවන්නේ දුෂිත දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව අතරමැදියන් සමග කරනාවූ ගනු දෙනු මගිනි.
Lalla Friday, 09 February 2024 12:24 PM
දෝෂය අමාත්‍යාංශයද ඇමැතිවරුද?