නයි නළඟන නමින් ප‍්‍රකට කොල්ලූපිටියේ ක්ලියෝපැට‍්‍රා රාත‍්‍රි සමාජ ශාලාවේ නළඟනකවූ දන්තුරේ නිරෝෂා විමලරත්න සිය කුළුඳුල් දරුවා බිහි කළ බව පසුගිය සතියේ වාර්තා විය. නිරෝෂා ප‍්‍රසිද්ධියට පත් වූයේ නාගයකු ද සමග එම සමාජ ශාලාවේ රංගනයේ නිරත වූ නිසාය.
කොළඹ රාත‍්‍රි සමාජ ශාලා එසේත් නැතහොත් නයිට් ක්ලබ්ස් යනු මොනවා ද? ඒ ගැන සොයා බැලීමකි මේ.
.jpg)
රාත‍්‍රි සමාජ ශාලා යනු කොළඹ සංස්කෘතියේ උප සංස්කෘතියක් ලෙස පිරිසක් හඳුන්වති. දුප්පතුන්ගේ මුදල් හූරා කන තැනක් ලෙස තව පිරිසක් හඳුන්වති. ශ‍්‍රී ලංකාවට සංචාරකයන් අද්දවා ගැනීමට ඇති ස්ථානයක් ලෙස ද තවත් පිරිසක් කියති.
කොළඹ රාත‍්‍රි සමාජ ශාලා තිහක් පමණ තිබේ. ඉන් වැඩිමනක් ඇත්තේ හෝටල ආශ‍්‍රිතවය. ප‍්‍රධාන පෙළේ රාත‍්‍රි සමාජ ශාලා පහක් පමණ කොළඹ වෙයි. සමාජ ශාලාවක් පවත්වාගෙන යෑම සඳහා ආපනශාලා බලපත‍්‍රය සහ මත්පැන් විකිණීමේ බලපත‍්‍රය අවශ්‍යය. කොළඹ ඉඩ පහසුකම් ඇති රාත‍්‍රි සමාජ ශාලා ඉතා සීමිතය. බොහෝ සමාජ ශාලාවල අවම ඉඩක් ඇති නිසා ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් ආ විට තදබදයක් දැනෙයි. ඉඩ පහසුකම් සහිත විශාලම රාති‍්‍ර සමාජ ශාලාව ඇත්තේ කොල්ලූපිටියේය.
රාත‍්‍රි හතට පමණ විවෘත වන සමාජ ශාලා අලූයම හතර පමණ වන තෙක් ක‍්‍රියාත්මක වෙයි. සාමාජ ශාලාවලට ඇතුළු වෙද්දී ගාස්තුවක් ගෙවිය යුතුය. බොහෝ සමාජ ශාලාවල ඇතුළත් වීමේ ගාස්තුව ලෙස රුපියල් පන්සියයක් අය කරයි. මුදල් ගෙවා ටිකට්පත මිල දී ගත යුත්තේ ආරක්ෂක අංශවලිනි.
සෑම රාති‍්‍ර සමාජ ශාලාවකම පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයෝ සිටිති. ඔවුහු ශාලාව ඉදිරිපිටට වී ආරක්ෂක රාජකාරියේ නිරත වෙති. බොහෝ සමාජ ශාලාවලට ගනුදෙනුකරුවන් ඇතුළු කර ගන්නේ පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. ඒ අවි ආයුධ ආදිය ඇතුළතට ගෙන එතිය යන සැකය නිසාය. අයුධ ආදිය රැුගෙන රාත‍්‍රි සමාජ ශාලාවට ඇතුළු වීම එම සංස්කෘතියට පටහැනිය. ඇතැම් සමාජ ශාලා අසළ ආරක්ෂකයෝ දහ පහළොස් දෙනෙක් ද, තවත් සමාජ ශාලා අසළ පස් හය දෙනෙක් ද වෙති.
ගනුදෙනුකරුවන් එද්දී ආරක්ෂකයන් විසින් ඔවුහු පිළිගනු ලබති. ඇතුළතට එන පුද්ගලයාගෙන් පුද්ගලයාට පිළිගනු ලබන ආකාරය වෙනස්ය.
ආරක්ෂකයන් දොර විවර කර දුන් පසු ඇතුළතට යද්දීම සිතෙනුයේ වෙනමම ලෝකයකට පා තැබුවා සේය. අඩ අඳුර මැද්දේ අධික ශබ්දයෙන් ඇසෙන සංගීතයකි. සමාජ ශාලාවෙන් ශාලාවට එම සංගීත රටාව වෙනස්ය. සංගීතයේ රිද්මය වෙනස්ය.
ප‍්‍රධාන දොරටුවෙන් ඇතුළතට යද්දී ගනුදෙනුකරුවන් පිළිගන්නට එන්නේ කාන්තාවෝය. අඩ අඳුරේ ඔවුන් පෙනෙන්නේ සුරූපිණියන් ලෙසය. තොල්, නියපොතු පාට කර විවිධ හැඩයන්ට කොණ්ඩය සැකසූ කාන්තාවෝ අඳින විලාසිතාව ද එකිනෙකාට වෙනස්ය. සරාගී අයුරින් ඔවුන් හැසිරෙන්නේ ගනුදෙනුකරුවන් ඇද බැඳ ගැනීමටය. අඳින පළඳින ආකාරය පමණක් නොව ගමන් කරන, කතා කරන විලාසය ද ඒ ආකාරයටමය.
ගනුදෙනුකරුවන් පිළිගෙන ආසන වෙත කැඳවාගෙන යාමේ වගකීම ඇත්තේ ඔවුනටය. නිතර නිතර සමාජ ශාලාවට එන පිරිස් බොහෝ විට තෝරා
ගන්නේ එකම යුවතියකි. විවිධ යුවතියන් තෝරා ගන්නා පිරිස් ද නැතුවාම නොවේ.
කොළඹ සෑම සමාජ ශාලාවකම පාහේ ගණිකා සේවය සිදු වන බවට ඇති මතයේ සම්පූර්ණ සත්‍යතාවක් නැත. බොහෝ සමාජ ශාලාවල
ගණිකා වෘත්තිය සඳහා කාමර නැත. ඇත්තේ විවෘත පෙදෙසක් පමණි. සත්‍ය වශයෙන්ම සමාජ ශාලාවල දී සිදු වන්නේ සරාගී ලෙස හැසිරෙන කාන්තාවක පිරිමින් සමග ලිංගිකව හැසිරීම නොව ඔවුන් සමග මධුවිත සප්පායම් වීමයි.
එක් දිනක් පැමිණෙන ගනුදෙනුකරුවකු නැවත එම සමාජ ශාලාවටම පැමිණෙන ලෙස ආකර්ශනය කර ගැනීමේ වගකීම ඇත්තේ සමාජ ශාලාවේ සිටින යුවතියන්ටය. ඒ නිසා ඔවුහු හැකි තරම් ගනුදෙනුකරුවනට අවශ්‍ය ආකාරයට හැසිරීමට උත්සාහ ගනිති. වයස අවුරුදු 20, 21 සිට 43, 44 දක්වා පමණ කාන්තාවෝ ඒවායේ සේවය කරති. නිය, තොල් වර්ණ ගන්වා, විවිධ විලාසිතාවලට ඇඳගෙන සිටින නිසා අඩ අඳුරේ ඔවුන්ගේ වයස තීරණය කිරීම අසීරුය.
තමාට බීමට මත්පැන් බෝතලයක් රැුගෙන දෙන්නැයි යුවතියෝ ගනුදෙනු කරුවන්ගෙන් ඉල්ලති. සරාගී බසට සහ හැසිරීමට සිත යන ගනුදෙනුකරුවෝ ඇයට අවශ්‍ය කරන මත්පැන් වර්ගය අරගෙන දෙති.
ගනුදෙනුකරුවා අසීමිතව මත්පැන් පානය කරද්දී තරුණිය මත්පැන් පානය කරන්නේ සීමා සහිතවය. ඇය සීමා සහිතව පානය කළත් තව තවත් ඇයට මත්පැන් අවශ්‍ය බව කියමින් ඒවා තරුණයා ලවා මිල දී ගැනීමට ඔවුහු උත්සාහ කරති.
තරුණයා මත්පැන් හෝ වෙනත් දෙයක් වැඩි වශයෙන් මිල දී ගැනීම ඔහු සමග සිටින තරුණියට හොඳය. ඒ ඇයට කොමිස් මුදලක් ලැබෙන බැවිනි.
තමා සමග සිටින ගනුදෙනුකරුවන්ගේ බිල වැඩි වන තරමට කොමිස් මුදල වැඩිය. බොහෝ සමාජ ශාලාවක එම කොමිස් මුදල දිනපතා ගෙවනු ලබයි.
සාමාජ ශාලාවල සිටින තරුණියන්ට මාසික වැටුපක් ගෙවන අතර එය සාමාජ ශාලාවෙන් සමාජ ශාලාවට වෙනස් වේ. රුපියල් 25,000ක් 30,000ක් පමණ මාසික වැටුපට අමතරව දිනපතාම ගෙවන කොමිස් මුදල නිසා සමාජ ශාලා කාන්තාවනට මුදල් පිළිබඳ ගැටලූවක් මතු නොවේ. ඇතැම් විට
ගනුදෙනුකරුවෝ ද ඔවුනට යම් මුදලක් ලබා දෙති.
සමාජ ශාලාවල වැඩි වශයෙන් සිටිනුයේ දුර බැහැර ප‍්‍රදේශවල තරුණියෝය. ඇතැම් පිරිස් හිතවත්කම් මතත්, තවත් අය පුවත්පත් දැන්වීම් මගිනුත් ඒවායේ සේවයට පැමිණ සිටිති.
කොළඹ ඇතැම් සමාජ ශාලාවල නර්තන කණ්ඩායම් සිටී. එක් නළඟනකට දිනකට රුපියල් දෙදහසක් පමණ ගෙවයි. නයි නළඟන සිටි සමාජ ශාලාවේ වැඩි වශයෙන් ඉන්දියානු සම්ප‍්‍රදායට බර නර්තන ඉදිරිපත් කරති. නටන යුවතියන්ට මල් මාලා දැමීමේ ඉන්දියා සම්ප‍්‍රදාය එම සමාජ ශාලාවේ ද ක‍්‍රියාත්මක වේ. එහි ඇති විශාල පීටිකාවේ යුවතියන් නටද්දී ඊට පසෙකින් මල් මාලා තබා ඇත. සමාජ ශාලාවට පැමිණ නටමින් විනෝද වන්නෝ රුපියල් 400ක් දී එම මල් මාලාවක් මිල දී ගෙන එය නළඟනට පළඳවති. ඉන් රුපියල් සියයක කොමිස් මුදලක් නළඟනට හිමි වේ. බොහෝ විට විදේශීය තරුණයෝ එම සම්ප‍්‍රදායට ප‍්‍රියතාවක් දක්වති.
කොළඹ ප‍්‍රසිද්ධ සාමාජ ශාලා දෙක තුනකට වැඩි වශයෙන් එන්නේ ශ‍්‍රී ලාංකිකයන් නොව විදේශිකයන්ය. වැඩි වශයෙන් ගනුදෙනුකරුවන් සමාජ ශාලා වෙත එන්නට පටන් ගන්නේ රාත‍්‍රි නවය පසු වූ විටය.
තනිව පැමිණෙන ඇතැමෙක් සමාජ ශාලා යුවතියන් සමග සිය පෞද්ගලික තොරතුරු පවා කියනුයේ හිත සැහැල්ලූ කර ගැනීමටය. තවත් ඇතැමෙක් ඇති තරම් බොරු වමාරා යුවතිය රවටාගෙන වෙන වෙන දෑට පොළඹවා ගැනීමට තැත් කරති.
මත්පැන් පානයෙන් පසු බොහෝ දෙනෙක් වේග රිද්මයට යුවතියන් සමග නර්තනයේ යෙදෙති.
හොඳින් පෙනෙන සේ ඉදි කළ මත්පැන් අලෙවිහලේ විවිධ වර්ගයේ මත්පැන් ඇත. සාමාන්‍ය වෙළෙඳපොළේ මෙන් තුන් ගුණයක් පමණ ඒවායේ මිල වැඩිය. මත්පැන්වලට අමතරව චොකලට්, චීස් වැනි ආහාර වර්ග ද, රාත‍්‍රි ආහාරය ද ඇත.
කොළඹ රාත‍්‍රි සමාජ ශාලා රැුසකටම එන පිරිස් මත්පැන් පානයට පෙර මත් පෙති වර්ගයක් පානය කිරීමට මෑතක සිට හුරු වී සිටිති. ගල්කිස්ස ප‍්‍රදේශයේ බීච් පාටිවලින් ආ බව කියන එම පෙත්තක මිල රුපියල් තුන් දහසකි. තරුණයන් මෙන්ම තරුණියන් ද මෙම මත් පෙත්ත භාවිතයට පුරුදුවී සිටිති. සමාජ ශාලාව ඇතුළතට එන්නෝ හොර රහසේ ඒවා අලෙවි කරති.
ඇතැම් සමාජ ශාලාවල ඉඩකඩ මදිකම නිසා මුළු ශාලාවම සිගරට් දුමෙන් වැසී පවතී. ඇතැම් තරුණියෝ ද පිරිමින් සමග හරි හරියට සිගරට් බොති.
කොළඹ ප‍්‍රධාන පෙළේ සමාජ ශාලාවක සේවය කරන යුවතියක් සිය අත්දැකීම් මෙසේ විස්තර කළාය. ඇය කොළඹින් තරමක් ඈත තරුණියකි. ඇගේ පෞද්ගලිකත්වයට හානි වන නිසා ඇතැම් තොරතුරු පළ කරනවාට ඈ මැලි වූවාය.
මගේ ගම ටිකක් ඈත. කොළඹ නැවතිලා ඉන්නේ. මං ඉස්සර රජයේ හොඳ පිළිගත් රස්සාවක් කළා. ගෙදරින් ගෙනාපු යෝජනාවකින් කසාද බැන්දා. එයත් රජයේ
රැුකියාවක් කළේ. ඔහුගේ කීමට මං රැුකියාවෙන් අයින් වුණා. අපිට දරුවකු ලැබුණා. ටික කාලයක් යද්දී ආරංචි වුණා මෙයාට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා. එයා මාව ඩිවෝස් කරලා වෙන කෙනෙක් බැන්දා. මං ළමයත් එක්ක තනි වුණා.
පත්තරේක දැන්වීමක් දැක්කා මෙහෙම තැනකට කට්ටිය ගන්නවා කියලා. ඒ අනුව මං මෙහේ වැඩට ආවා. දැන් කාලයක ඉඳන් මෙහේ වැඩ. අපි හවස හයට විතර මෙහෙට එනවා. මෙහෙට ඇවිත් තමයි මේ විදියට ලෑස්ති වෙන්නේ. පාන්දර හතර විතර වෙනකම් වැඩ තියෙනවා. හතරට විතර කස්ටමර්ස්ලා එක්කම අපිට යන්න බෑ. කස්ටමර්ස්ලා ගිහින් ටික වෙලාවක් ගියාට පස්සේ තමයි අපිට යන්න පුළුවන්. මෙහෙ ඉන්න වෙලාවෙදි ? කෑම අපිට නොමිලේ දෙනවා.
එන කස්ටමර්ස්ලා හොඳින් තියා ගන්න අපි දැන ගන්න ඕන. කස්ටමර්ස්ලා කැමැතියි අපි ගොඩක් බොනවට. හැබැයි මං බොනවා කියලා පෙන්වනවා. ගොඩක් බොන්නේ නෑ. අපිට දවස ගානේ කොමිස් එක හම්බ වෙනවා.
සමහරු ආපුවාම පෞද්ගලික විස්තර කියනවා. නෝනා සලකන්නේ නෑ කියනවා. තවත් සමහරු බොරුවටත් ඒ වගේ දේවල් කියනවා. එයාලාගේ ෆෝන් එක අරගෙන බැලූවහම ගෙදර කට්ටිය එක්ක ළඟදි ගත්ත ෆොටෝත් තියෙනවා. තවත් අය අපේ නොම්මර ඉල්ලනවා. අපිව බඳින්න කැමැතියි කියනවා.
මෙතන විවෘතව තියෙන නිසා ගොඩක් අය හිතන විදියට මොනවත් කරන්න බෑ. අපිට කස්ටමර්ස්ලා එක්ක එළියට යන්න දෙන්නෙත් නෑ. ඉතින් හිතන තරම් දේවල් නම් වෙන්නේ නෑ. සමහර කස්ටමර්ස්ලා ආවහම අපිට කරදරයි. ළඟින් ඉඳ ගත්ත ගමන් වෙන වෙන දේවල්වලට තමයි එයාලා අපු වෙලාවේ ඉඳන් උත්සාහ කරන්නේ.
දවල්ට බෝඩිමට වෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට දවල්ට නිදා ගන්නවා. රෑ එළි වෙනනකම් ක්ලබ් එකේ නිසා දවල්ට අමාරුයි.
මං මෙතන වැඩ කරනවා කියලා ගමේ අය දන්නේ නෑ. මං කියලා තියෙන්නේ වෙන ජොබ් එකක් කරනවා කියලා. තව ටික කාලයක් මේකේ වැඩ කරලා කීයක් හරි හොයාගෙන අයින් වෙනවා.
ඇතැම්හු රැුය පහන් වන තුරු සමාජ ශාලාවෙන් සමාජ ශාලාවට ගොස් මධුවිත සප්පායම් වෙති. තවත් පිරිස් දිනපතා රාත‍්‍රි සමාජ ශාලා වෙත එති. මේ එන බොහෝ දෙනා අතමිට හොඳ හැටි ඇත්තෝය. ඇතුළතට එද්දී පිරී තිබූ මුදල් පසුම්බිය එළියට යද්දී හිස් වීම සාමාන්‍ය දෙයකි. නිතිපතා එන ගනුදෙනුකරුවෝ ද එය හොඳින් දනිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අපිට ගැළපෙන්නෙ නැහැ (නි)
මගේ මහත්තයා මට නැති වුණේ ඔය වගේ නළඟනක් නිසයි (නි)
මට නම් සමාජ ශාලා පිළිබද අදහසක් නැ. නමුත් මේ දේවල් සංස්කෘතිය රැකෙන විදියට කරන්න පුළුවන් කියල හිතෙනවා නම් එක බොහොම වැරදි මතයක්. මොනවා වුණත් මේ සමාජ ක්‍රමය තුල ස්ත්‍රිය වෙළද භණ්ඩයක් වෙලා ඉවරයි. එක තමා ඇත්ත. අපි වෙන කාන්තාවන් දිහා බලන කොට එයාගේ ඇග දිහා බලනවා. හැබයි ඒ විදියටම තමන්ගේ බිරිද, දුව, සහෝදරිය, මව, දිහා බැලුවොත් අපිට කේන්ති යනවා. බලන්න අපි කොච්චර අත්මර්ත්කමිද කියල. එකේ මේ ක්‍රමයේ අපිට පුරුදු කරන ක්‍රමය. ඉතින් ඉක්මනටම මේ ක්‍රමය වෙනස් කල යුතුයි හැකි ඉක්මනට. එක මාධ්‍ය වන ඔබලා ගේත් ප්‍රධාන කාර්යයක්. මොකද අපේ දුව දරුවන් හැමෝමත් මේ සමජෙටම මුදා හරින්න වෙන්නේ. මේක බුදු හාමුදුරුවෝ මීට අවුරුදු 2500ක්ත ඉස්සෙල්ල කිව්වා. ඊට පස්සේ එක එක දාර්ශනිකයන් කිව්වා. (අ)
පොඩි ජොලියකට ගියාට කමක් නැහැ එ්ත් හැමදාම නෙමේ එක දවසයි (නදී)
මේ ලොව ඇති ලොකුම දඬුවම මරණ දඬුවම නොවේ. එය නම් මුදල් වියදම් කිරීමට ඇති හැකියාවත් අපරිමිත නිදහසත් එකට එක් වූ විට ඇති වන තත්වයයි. (ස)
මිනිසාගේ ස්වභාවය නම් නිරායාසයෙන් වරදේ බැඳීමය. පංච කාම ද්වාරයන් පිනවීම සඳහා මිනිසාගේ ඇති අසීමිත කැමැත්ත අලෙවි කිරීම සඳහා මෙවැනි ස්ථාන පවත්වාගෙන යයි.එසේම එය ලාභදායී පාරිභෝගිකයින් පහසුවෙන් ආකර්ෂණය කරගත හැකි වෙළඳාමකි.අවසානයේදී ලැබෙන ලාභයක් හෝ ආස්වාදයක් නොමැති බව වැටහෙත්දී සතර අපාගතවීම සඳහා අවලංගු කළ නොහැකි ටිකට්පතක්ද සමගින් කල්ප කාලාන්තරයකට වීසා අත ළඟටම පැමිණ හමාරය. (නි)
නලඟන එක්ක යටි ගනුදෙනුවක් තියෙනවා වගේ නේද? (නදී)
පන්සිල් රැකීම තමයි උතුම් (නි)
බලවතුන්ගේ දු පුතුන්ගේ මඩිය හිස්කරනු ලබන ඊනියා සමාජ ශාලා දිවයිනේ සෑම නහරයකම පාහේ ඇති බව නොරහසකි (නි)
මේවා නිසා තමයි රටවල් විනාශ වෙන්නේ (දී)
මෛත්රි පාලනයක් ගෙන්න.. මිනිසුනේ... එතකොට ඔය ඔක්කොම ඉවරයි.. (හේ)
මේවා ලංකාවට කොහෙත්ම ගැලපෙන දේවල් නෙමෙයි (දී)
ඇත්තටම හොදයි කතාව.(හේ)
මෙහෙම දේවල් රටේ තියෙනවා.(හේ)
සුද්දෝ ලංකාවට එන්නේ සිල් ගන්න නෙමෙයි නේද?(දී)
හැම සමාජ ශාලාවකම කෙල්ලන් නැහැ. පිටින් එන කොල්ලෝ කෙල්ලෝ නටලා බීලා ගෙදර යනවා.හැමදම එන කට්ටිය හැමදාම එන අනිත් අයව අඳුරනවා. (නි)
අපිට කොයින්ද මේවට යන්න වෙලාවක්? (නි)
ඕවට කියන්නේ මිච්චා ආජීව කියලා. (නදී)
අකමැති අයට නොගොහින් ඉන්න කියන්න. කැමති අය ගියාවේ. ලෝකය කියන්නේ හොඳ නරක දෙකම තිබෙන තැනක්. (නි)
මේ වගේ දේවල් නැති වුනොත් නිරය අපාය වහන්න වෙනවනේ ඒ නිසා මේවත් තියෙන්න ඕනේ නැත්නම් යමපල්ලන්ට ජොබ්ස් නැති වෙනවා.(හේ)
කවුරු කෙසේ කීවත් අප වැනි බෞද්ධ රටකට හා එයට සදාචාරයක් තිබේ නම් මෙවැනි සමාජශාලා සංස්කෘතිය ගැලපෙන්නේ නැහැ. අවසානයේ පරිහානියට පත්වන්නේ අපම තමා (නදී)
යුවතියෝ මේවයේ වැඩ කරන්නේ ඉතා ලේසියෙන් මුදල් හොයන්න පුළුවන් නිසා. ඔය කියන කඳුළු කතා වලින් 80% ක්ම බොරු ඒවා. (ස)
අනේ කාලේ වනේ වාසේ (දී)
ලෝකේ තුලනය වෙන්න හොඳ නරක දෙකම තියෙන්න ඕනි. තමන් හැදෙන්න තමන්ම දැන ගන්න ඕනි (නදී)
මේක ගැළපෙන්නේ නැහැ කියලා කියන්නේ ඇයි? (නි)
අද සමාජය පිරිහීමට මුලික අඩිතාලම මෙවැනි දුරාචාරයි (නි)
මේවා හොඳ වුණත් හැමෝම මේවට කැමති නැහැනේ! (නි)
ගම්වල දුප්පත් කෙල්ලෝ ටික පවු.! (නි)
ඕවට කැමති අයට යන්න පුළුවන් අකමැති නම් පාඩුවේ ඉන්න පුළුවන්.ඔවයි කියන තරම් නරක දේවල් වෙන්නේ නැත. හැමදේම තියෙන්න ඕන. නැත්නම් නිකන් ඉපදිලා ඔහේ මෙරිල යාවි.(අ)
සල්ලිකාර කොල්ලන්ට නම් හොදයි ඕවා.(හේ)
මේ මතෘකාවෙන්ම ලිපි කිහිපයක්ම පළවුණා . (දී)
මහා පිස්සු මිනිස්සු........... සල්ලි වලට තමාගේ ආත්මය පවා දෙන සත්තු. (ස)
ජීවිත වලට වෙනසක් අවශ්‍යයි තමයි. නමුත් සිංහල අපි බුද්ධිමත් නිසා ඒ වෙනස ශිෂ්ටසම්පන්නව විඳින්න ඕනෑ (නි)
නරකම නැ. වැඩේ හොදයි.
සමාජ ශාලා කියන්නේ වෙන එකක් මේවට කියන්නේ කැරෝකේ සමාජ ශාලා කියල (දී)
රටකට ගිය කල! (නි)
බොරු වැඩ අපි නම් මේවට යන්නේ නැහැ (නදී)
ඉතින් කොයි තරම් හොදද (දී)
කොහොමත් මේවා නවත්වන්න බැහැ (නි)
ගොඩක් මේවට එන්නෙ සල්ලිකාර මිනිස්සු. ඒ නිසා සාමාන්‍ය අපිට මොකද (දී)
ගමේ ගොඩේ කෙල්ලෝ තමයි මේ ව්‍යාපාර නිසා විනාශ වෙන්නේ (දී)
චාමර, ඔබ හරි... මේ හැම දේකම ගන්න කිසිම දෙයක් නැහැ. ඒ හිස් බව තුල ලොකු දෙයක් තියනවා.ඒ යතාර්ථය. (නදී)
සාධාරන සල්ලි හම්බ කරන අය මේවට එන්නේ නැහැ. (ස)
මේවා ලංකාව වගේ රටකට ගැළපෙන්නේ නැහැ (නි)
සමාජය විනාශ වෙන්නේ මේ දේවල් නිසා. (ස)
කොයි තරම් දුප්පත් ගැහැණු සහෝදරියෝ ඉන්නවද මේ දේවල් ඇතුලේ. එදා වේල කන්න නැති අයත් ඉන්නවා. ඇත්තටම මේ සිද්ධවෙන දේවල් මහා පවක්. දුප්පත් අපිට වැඩක් නෑ. එත් මේ අපේම සහෝදර සහෝදරියෝ සල්ලි වලට විනාශ වෙනවා අපිට බලන්න බැ. (ර)
හරිම ලස්සනයි (අ)
මම නම් මේවා අනුමත කරන්නේ නැහැ. මොකද මේක බෞද්ධ රටක් (නි)
සමන් ඔයා හරියටම හරි (අ)
විනෝදාශ්වාදය සඳහා සමාජ ශාලා තිබිය යුතුය. තමන්ගේ සිත්තුල එති ආශාවන් අවිහිංසක ලෙස වින්දනය කිරීමෙන් සමාජයේ සිදුවන බොහෝ අපචාරී ක්‍රියාවන් අඩුවේ. රුපවාහිනි චිත්‍රපට හා ටෙලි නාට්‍ය වලින් නිතර දක්නට ලැබෙන බටහිර සංකෘතිය ලාංකීය සමාජය තුල පෙලපදියම්වී හමාරය. ඉතින් තම තමන්ගේ ආර්ථික මට්ටම හා නිදහස අනුව විනෝදාස්වාදය සඳහා මුදල් සහ කාලය වේය කිරීම වැරද්දක් නොවේ (දී)
සමාජ ශාලාවට ගිය පලියට නරක වෙන්නේ නැහැ. නමුත් බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. මේ තැන් වල බොන විදුරු වලට කාන්තාවන්ට නොදැනෙන්න මත් ද්‍රව්‍ය, කුඩු ආදිය දමන අවස්ථා තිබෙන්න පුළුවන්. කරදරයක නොවැටෙන්න නම් මේ තැන් වලට නොයන එක මොලේ ඇති වැඩක්. (දී)
නයිට් ක්ලබ් කොළඹ තිබ්බට කමක් නෑ.සල්ලි වියදම් කරන්න පුළුවන් කට්ටියට යන්න.කාටවත් මේවා නවත්තන්න බෑ.(හේ)
නයිට් ක්ලබ් යන එකත් නයිට් ක්ලබ් වල වැඩ කරන එකත් මටනම් සාමාන්‍ය දෙයක්... (දී)
රුපියල් 500ක් ඇතුළු වීමේ ගාස්තු ගෙවා අපි ඇතුලට ගියෙමු.මීට වසර තුනකට පමණ පෙර ,සරසවි සිසුන් වූ අප සමාජ ශාලාවලට ගියේ සිදු වන්නේ කුමක්දැයි යන කුතුහලය නිසාය. මැනවින් වාදනය වන සංගීතය,වර්ණවත් විදුලි ආලෝකය මැද්දේ ප්‍රීතියකින් මෙන් නර්තනයේ යෙදෙන කතුන්,පිරිමින් හිස් තුල පුරවා ගත් හිස් කමකින් පෙලෙන බව දුටුවෙමි.පාට තවරාගෙන,අඩනිරුවත පලඳා සරාගී වීමට තටමන කතුන්(ඔවුන් යුවතියන් නොවීය) කිසිම ආකර්ෂණයක් දිනා නොගත්තේ මමත් මතින් එදෙස නොබැලු නිසා වියයුතුය.ඔවුන් මිදිය නොහැකි වරදක් ජීවිතේ කරගෙන ඇතැයි අනුකම්පා සිතුනි. කීවාක් මෙන් තමාගේ මුදල වියදම් කිරීමට චාටුවට එන බව දැන දැනත් ඔවුන් හා දැවටෙන පිරිමි විය.තරුණ පිරිස් විය...මැදිවියේ අයකුදැකීමෙන් මා කම්පා විය."මේ අයගේ පවුල් ජීවිත වල අවුල් ඇති.ඒ පීඩනයෙන් මිදෙන්න මෙහෙ එනවා ඇති." මා කල්පනාවේ වැටුනෙමි.. මල්ලි...ඔයාට වයස කීයද?ඉස්කෝලේ යනවා නේද? මුහුකුරා නොගිය ලාමක පෙනුමැති මා වයස 18ට අඩුයයි ඇය සැක කරන්නට ඇත. ආයේ මෙහෙ එන්න එපා..හරිද! පේනව නේද මේ තරුණ ළමයි ඇවිත් විනාස වෙනවා.. අනංගයකු මෙන් කතුන් වට කර මතින් අඩපණව සිටි තරුණෙකු පෙන්නවමින් ඇය කතා කාලය. ආයෙ මෙහෙ එන්න එපා..! ඒ උපදෙස ඇගේ කතාවෙත් මගේ ගමනෙත් ලොකු ගැඹුරක් මට දැනවීය. එහි සතුටක් නැත.මා සිතට ගත්තෙමි
බොරු වැඩ.....සල්ලි තියෙන අයට හොඳයි. (ස)
යන තැනකට යහපත් දෙයක් කරගත්තොත් තමයි වටින්නේ. (ස)
අපේ රට ලෝකෙන්ම උතුම්ම රට. මේ උතුම් රටේ මේ වගේ විනාශකාරී දේවල් නිසා විනාශවෙලම යාවි . මේ දේවල් තියනකොට හෙටක් ගැන පවා සිතීම මටනම් ප්‍රශ්නයක් . (ස)
රට කන විකාර (නදී)