IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


2015 ඔබට කොහොමද?

SLD_20141228_C002-2

 

 

2015 වර්ෂය ජනවාරි මස 1 වෙනි බ‍්‍රහස්පතින්දා අලූයම 6.22 ට හිරු උදාවත් සමඟ ආරම්භ වේ. මෙම වේලාවට අදාල තත්කාල කේන්දරයේ ධනු ලග්නය හා සිංහ නවාංශකය වන අතර කැති නැකතේ 1 වන පාදයයි. ගුරු හෝරාවේ, ගුරු පංචම හෝරාව වන අතර සූක්‍ෂම හෝරාවද ගුරුට අයත්ය.

5666
රවි තමාට මිත‍්‍ර ග‍්‍රහයෙකුට අයත් කැති නැකතේ 4 පාදයේද, සඳුද තමාට මිත‍්‍ර ග‍්‍රහයෙකු වූ රවිට අයත් කැති නැකතේ 1 පාදයේද, කුජ ඔහුගේම දෙනට නැකතේ 2 පාදයේද, බුධ තමාට මිත‍්‍ර ග‍්‍රහයෙක් වූ රවිට අයත් උත‍්‍රසල නැකතේ 1 පාදයේද, ගුරු තමාට සතුරු ග‍්‍රහාය වූ බුධට අයත් අස්ලිය නැකතේ 4 පාදයේද සිකුරු ද සතුරු ග‍්‍රහයෙකු වූ රවිට අයිති උත‍්‍රසල නැකතේ 2 වන පාදයේද, ශනි තමාටම අයත් අනුර නැකතේ 2 වන පාදයේද, රාහු තමාට සතුරු ග‍්‍රහයා වූ සඳුට  අයත් හත නැකතේ 4 වන පාදයේද, කේතු සතුරු ග‍්‍රහයෙකු වූ බුධට අයත් රේවතී නැකතේ 2 වන පාදයේද පසු විය.


2015 වර්ෂය පුරාවට සෙනසුරු ග‍්‍රහයා වෘශ්චික රාශියේ සතුරුව හැසිරීමද ගුරු කටක රාශියේ උච්චව ජූලි 14 අඟහරුවාදා අලූයම 6.20 දක්වා පසුවී  එතැන් සිට වර්ෂය පුරාම මිත‍්‍රරාශියක් වූ සිංහයට පිවිසීම යන කරුණු සලකා බලා 2015 වර්ෂය රටට මෙන් ඒ ඒ ලග්න හිමියන්ට කෙසේ බලපානු ඇතිද? විමසා බැලිය යුතුය.


අප රට ගැන සලකා බැලූවහොත් සුභ-අසුභ මිශ‍්‍රපල ලැබෙන වර්ෂයක් වේ. ගුරු බලවත්වීම මත රට තුළ ආගමික ප‍්‍රබෝධයක් ඇතිවේ. පෙරට වඩා ආගමික නායකයින් රාජ්‍ය නායකයින්ට ධර්මයෙන් අනුශාසනා කරනු ලබන්නාහ. රජයට හෝ විපක්ෂයට හෝ පොදුවේ මහ සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයින්ගේ උපදෙස් ලැබේ.


ශනි සතුරු රාශිගත වීම රටට යහපත් නැත. මීට වර්ෂ 30 කට පෙර ශනි වෘශ්චික රාශියේ සතුරු රාශිගතවූ විට අප රටට විදේශීය බලපෑම් තදින් ඇතිවිණ. එම තත්ත්වයට සමානව 2015 වර්ෂයේදී විදේශීය බලපෑම් ඇතිවේ.


දේශගුණික විපර්යාශයන්ද ඇතිවේ. නියඟයෙන් මෙන්ම ජල ගැල්මෙන්, නාය යාමෙන්, සුළි සුළං යනාදියෙන් ජනතාව පීඩාවට පත්විය හැකිය. හදිසි අනතුරු, කලකෝලාහල, වංචා, දූෂණ තවදුරටත් පවතී. එහෙත් එවැනි අයට භේදයකින් තොරව නීතිය කි‍්‍රයාත්මක වනු ඇත.


සෙනසුරුගේ බලපෑම රටට මෙන් ජනතාවට එතරම් හිතකර නොවන බැවින් ඉවසීමෙන්, තමන් අදහන ආගමට අනුකූලව දැහැමින් ජීවත්වීමට උත්සාහ ගන්න. ඒ ඒ ලග්නවලට බලපාන අන්දම මේ සමග ඇත. තමන්ගේ ජන්ම පත‍්‍රය අනුවද ලබා ඇති දශා, අතුරු දශා අනුවද සඳහන් කර ඇති කරුණු හා නොගැලපීමට පුළුවනි. ජ්‍යොතිෂවේදියෙකු ආධාරය ඇතුව ඔබට කෙසේදැයි වැඩිවිස්තර දැනගත හැකිය.

 

419

 

m

 

 

1              

වයස් භේදයකින් තොරව ඔබට 2015 වර්ෂය පුරාවට සෙනසුරු අෂ්ඨම ඒරාෂ්ඨකය පවතී. ඔබේ ජන්ම කේන්දරයේ 7 වැන්නේ හෝ 10 වැන්නේ සෙනසුරු නැතිනම් ශනි තැන්පත් නම් අසුභ පල ගෙන නොදේ. සෙනසුරු මේෂ ලග්නයෙන් උපන් අයෙකුට පාපි ග‍්‍රහයෙකු වන බැවන් ඔබේ ජන්ම කේන්දරයේ 4, 5, 8 වැන්න යන ස්ථාන තුනෙන් එකක සිටින්නේ නම් ඔබට අසුභ පල ගෙනදේ. සෙනසුරු මහ දශාව හෝ අතුරු දශාව ගත කරන්නේ නම් අපල වැඩිවේ. යම් අයෙකුගේ ගුරු ග‍්‍රහයා 4 වැන්නේ තනිව පසුවන්නේ නම් ඔබට සුබපල ගෙන දෙනු ඇත.


අධ්‍යාපනය


ඉහත දක්වා ඇති ආකාරයට ගුරු 4 වැන්නේද ශනි 7 හෝ 10 වැන්නේ නම් ඔබ පෙනී සිටින  ඕනෑම විභාගයකින් උසස් ලෙස සමත් වේ. එසේ නොමැති නම් ඔබට සාර්ථක ප‍්‍රතිඵල ලබාගත නොහැකිය.

 


රැකියාව


ශනි 10 වැන්නේ තැන්පත්ව ගුරු 4 වැන්නේ නම් රැුකියාවේ උසස්වීම් ලැබේ. රැුකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටුවේ. ගුරු, ශනි දුර්වලව තැන්පත් නම් බලාපොරොත්තු ඉටු නොවේ.

 


විවාහ ජීවිතය


ශනි 7 වැන්නේ තැන්පත්ව ගුරු 4 වැන්නේ අයට විවාහ ජීවිතයේ සැපත ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ.

 


රෝග


වයස අවු. 55 ට වැඩි අයට විශේෂයෙන් රෝගා බාධා ඇතිවේ. සෙනසුරු 8 වැන්නේම තැන්පත්ව සෙනසුරු මහ දශාව ගත කරන්නේ නම් තදබල අපල ගෙන දිය හැකිය. ඉතා ප‍්‍රවේශම් වන්න.

 

2


ශනි ඔබට සුබ ග‍්‍රහයෙකු වන අතර ගුරු පාපී ග‍්‍රහයෙකි. සඳු හැර අන් සියලූ ග‍්‍රහයින්ගෙන් සුබපල ලබා දේ. එසේ වන්නේ එම ග‍්‍රහයින් ඔබගේ ජන්ම කේන්දරයේ තැන්පත් බල දුබලතාවය මතය.

 


අධ්‍යාපනය


ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන අයට සුබයි. උසස් අධ්‍යාපනය ලබන අයගේ සෙනසුරු තැන්පත් ස්වභාවය පමණක් නොව අනෙකුත් ග‍්‍රහයින් තැන්පත් ආකාරයට වෙනස් වේ.

 


විවාහ ජීවිතය


ශනි ඔබට සුබ ග‍්‍රහයෙක් වුවත් 2015 වර්ෂය පුරාවට 7 වැන්නේ පසුවන බැවිනි. විවාහ ජීවිතයේ ප‍්‍රශ්න පැන නගිනු ඇත. අවිවාහකයින්ට විවාහ තවදුරටත් කල් යනු ඇත.

 


රැකියාව සහ ආර්ථික තත්ත්වය


ඔබේ රැකියාව ගැන සලකා බැලිය යුත්්්තේ සෙනසුරු ග‍්‍රහයාගෙනි. ඔබේ ජන්ම කේන්දරයේ ශනි 3, 4, 7 වැන්නේ තැන්පත් නම් රැකියාවේ ප‍්‍රශ්න මතුවිය හැකිය. 6, 9, 10 වැනි ස්ථානයක ශනි තැන්පත්ව සිටින අයගේ තමන් කරන රැුකියාවේ දියුණුවත් දැකිය හැකි වනු ඇත. ඔබේ ආදායම පාලනය කරනු ලබන්නේ ගුරු සහ බුධ ග‍්‍රහයින්ය. ගුරු ඔබට පාපී ග‍්‍රහයෙක් නිසා අසුබ ස්ථානයක තැන්පත් නම් ආදායම කෙරේ බලපෑම් කරනු ඇත.

 


රෝගාබාධ


විශේෂයෙන් වැඩිහිටි අයට මුත‍්‍රා රෝග, අර්ශස්, හන්දිපත්වල රෝග ඇතිවිය හැකිය. සෙනසුරු මහ දශාව, අතුරු දශාව, ගුරු මහ දශාව අතුරු දශාව ගත කරන්නේ නම් තදබල රෝග ඇතිවිය හැකිය.

 

3


බුධ, සිකුරු, ශනි ඔබට සුබ පල දෙන ග‍්‍රහයින් වේ. සිකුරු හොඳම සුබ ග‍්‍රහයා වන අතර කුජ තදබල පාපී ග‍්‍රහයා වන්නේය. ඒ අනුව ඔබට සුබ ග‍්‍රහයෙක් වූ සෙනසුරු 6 වැන්නේද, පාපි ග‍්‍රහයෙකු වූ ගුරු 2 වැන්නේ පසුවන අතර වර්ෂය මැදදී ගුරු 3 වැන්නටද ගමන් කරයි.

 


අධ්‍යාපනය


ඔබගේ ලග්නාධිපති බුධ ලග්නයේ 4 වැන්නේ පසුවන්නේ නම් 2015 වර්ෂය තුළ ඉදිරිපත් වන විභාගවලින් උසස් ප‍්‍රතිපල ලැබේ. බුධ 3, 5, 12 වැන්න වැනි ස්ථානයක නම් සාමාන්‍ය සමාර්ථ ලබනු ඇත. බුධ 2, 10 වැන්නේ නම් එතරම් සුබ නැත.

 


රැකියාව


ලැබීමට ඇති යම් තනතුරු ප‍්‍රමාද වනු ඇත. රැුකියා නොමැති අයට රජයේ හෝ රජයට සම්බන්ධ ආයතනවල රැුකියා ලැබීමට ප‍්‍රමාද ඇතිවේ. ආදායමද එතරම් යහපත් නැත.

 


විවාහය


ප‍්‍රමාද වූ විවාහ මෙම වර්ෂයේදී සාර්ථක වනු ඇත. විවාහකයින් අතර සම්බන්ධතා එතරම් යහපත් නැත. කල්පනාකාරීව, ඉවසීමෙන් කටයුතු කරන්න.

 


රෝගාබාධ


ඔබ කුජ මහ දශාව ගතකරන්නේ නම් තදබල රෝග ඇතිවිය හැකිය. විශේෂයෙන් වැඩිහිටි අයට ලේ විෂවීමෙන් ඇතිවන රෝග, වකුගඩු ආශි‍්‍රත රෝද සෑදිය හැකිය.

 

4


සඳු, කුජ, ගුරු යන ග‍්‍රහයින් ඔබට සුබපල උදාකරන අතර, ඉතාමත් සුබ පල කුජ ග‍්‍රහයා ලබා දෙන අතර තදබල අපල ගෙන දෙන්නේ සෙනසුරු නොහොත් ශනිය. ඔබේ ලග්නයේ 2 වැන්නේ 5 වැන්නේ ශනි තැන්පත්ව සෙනසුරු මහ දශාව හෝ අතුරු දශාව ගතකරන්නේ නම් 2015 වර්ෂය තුළ ඔබට සුබ නැත.

 


අධ්‍යාපනය


ඔබට පාපී ග‍්‍රහයා වූ සෙනසුරු 5 වැන්නට පැමිණ සිටින නිසා ඔබේ මූලික අධ්‍යාපන කටයුතුවලට බාධක ගෙන දේ. ගුරු ඔබේ ලග්නයේ හෝ 9 වැන්නේ නම් පමණක් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකිය.

 


රැකියාව


ඔබ කරන කුමන රාජකාරියක් වුව සාර්ථකව ඉටු කළ හැකිය. කුජ ග‍්‍රහයා 10 වැන්නේ තැන්පත් නම් රැුකියාවේ උසස්වීම් ලැබිය හැකිය. රක්ෂා බලාපොරොත්තු වන අයට බලාපොරොත්තු ඉටු වේ. එසේ වුවද ඔබේ ආදායම් තත්ත්වය ඉතා ඉහළ අගයක් ගනු නොලැබේ.

 


විවාහය


විවාහ ජීවිතයේ ගැටළු මතු වේ. අවිවාහකයින්ගේ විවාහ ප‍්‍රමාද වේ. ගුරු ග‍්‍රහයා ලග්නයේ හෝ 9 වැන්නේ නම් විවාහ ජීවිතයේ ප‍්‍රශ්න පැන නොනගී. අවිවාහකයින්ට විවාහ ඉක්මන් වේ.

 


රෝගාබාධ


කුමන ස්ථානයක ශනි ගමන් කළත් සතුරු රාශිගත නිසා රෝගාබාධ ඇතිවිය හැකිය. වැඩිහිටි අයට වඩාත් අසුබයි.

 

5


ඔබට සුබ ග‍්‍රහයින් වන්නේ රවි, ගුරු, කුජ පමණි. කුජ අධික සුබපල දෙන අතර තදබල අපල ගෙන දෙන්නේ බුධ ග‍්‍රහයාය. 2015 වර්ෂයේ ඔබට කොහොමද සලකා බැලිය යුත්තේ මෙම පදනම මතය.

 


අධ්‍යාපනය


ප‍්‍රාථමික අධ්‍යාපනය ගැන කියවෙන 5 අධිපති 12 වැන්නේ හැසිරෙන මෙම වර්ෂය තුළදී මූලික අධ්‍යාපනය ලබන අයට එතරම් සුබපල අපේක්ෂා කළ නොහැකිය. උසස් අධ්‍යාපනය ලබන අයට යම් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකි වන්නේ ඔබ රවි, ගුරු, කුජ මහ දශා හෝ අතුරු දශා ලබන කාලය තුළදී සතුටුදායක ප‍්‍රතිඵල ලබාගත හැකි වේ.

 


විවාහය


7 අධිපති සතුරුව ගත කරන මෙම වර්ෂය තුළ ගෘහ ජීවිතයේ ගැටලූ මතුවිය හැකිය. විවාහ අපේක්ෂිත අයගේ බලාපොරොත්තු කල් යනු ඇත. ගුරු 5 වැන්නේ හෝ 12 වැන්නේ පසුවන අයට පමණක් මංගල යෝග උදා වේ.

 


රැකියාව


ශනි සතුරුව 4 වැන්නේ පසුවන බැවින් ඔබ ඉඩකඩම්, යාන, වාහන, දේපළ සම්බන්ධ වෘත්තියක යෙදෙන්නේ නම් පාඩු අලාභ සිදුවිය හැකිය. කුමන රැුකියාවක යෙදුනද 2015 වර්ෂයේ ඉතා ඉහළ සාර්ථකත්වයක් අපේක්ෂා කළ නොහැකිය.

 


රෝගාබාධ


සෙනසුරු මහ දශාව හෝ අතුරු දශා ගත කරන අයට රෝගාබාධ ඇති වේ. වැඩිහිටි අයට විශේෂයෙන් තදබල රෝග ඇති වේ. රවි, ගුරු, කුජ දශා ගත කරන අයට පමණක් යම් සහනයක් ඇත.

 

6


ඔබට සුබ ග‍්‍රහයින් වන්නේ බුධ, සිකුරු පමණී. සිකුරු ඉතාමත් සුබ පල ලබා දෙන අතර, කුජ තදබල පාපි ග‍්‍රහයා වේ. ශනි, ගුරු ඔබගේ ජන්ම කේන්දරයේ යහපත්ව නැතිනම් 2015 වර්ෂය ඔබට සුබ නැත. ගුරු 4, 7, 11 වැන්නේ තැන්පත් අයට සුබ පල ලැබේ. ශනි 3, 11 සහ ලග්නයේ තැන්පත් අයට අසුබයි.

 


අධ්‍යාපනය


සෙනසුරු ඔබගේ ජන්ම කේන්දරයේ යහපත්ව තැනිනම් මූලික අධ්‍යාපනයේ සාර්ථක ප‍්‍රතිඵල 2015 වර්ෂයේදී ලබා ගැනීම අසීරු වේ. උසස් අධ්‍යාපනය ගැන කිව හැක්කේ ඔබගේ ලග්නාධිපති බුධ ලග්නයේ හෝ 10 හෝ තැන්පත් නම් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකිය. සෙනසුරු මහ දශාව හෝ අතුරු දශා ගතකරන අය උත්සාහ ගත යුතු වේ.

 


විවාහය


විවාහ ජීවිතයේ ගැටලූ ඇති නොවේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ.

 


රැකියාව


මුලින් සඳහන් කළ අන්දම බුධ ලග්න්යේ හෝ 10 වැන්නේ තැන්පත්ව බුධ මහ දශාව ගත කරන අයට තමන් කරන කුමන හෝ ව්‍යාපාරයක, රැකියාවක සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකිය. සෙනසුරු මහ දශා අතුරු දශාගත කරන අයට බාධක ගෙන දේ.

 


රෝගාබාධ


6 වැන්න අධිපති ශනි සතුරු රාශිගත නිසා රෝගා බාධ ඇති වේ. වැඩිහිටි අයට සෙනසුරු මහ දශාව හෝ අතුරු දශාව ලබා ඇත්නම් කල්ගතවන බරපතළ රෝග ඇතිවිය හැකිය.

 

7


සිකුරු, ශනි, බුධ, කුජ යන ග‍්‍රහයින් ඔබට සුබ පල ගෙන දේ. ශනි බලවත් ලෙස සුබපල ඇති කරන අතර ගුරු පාපීම ග‍්‍රහයා වේ. මේ අනුව බලන කළ 2015 වර්ෂය පුරාවට ඔබට සුබ පල ගෙන දෙයි. ශනි සතුරු රාශියකද පාපී ග‍්‍රහයා ජූලි දක්වා උච්චව සිට ඉන්පසු මිත‍්‍ර රාශිගත වේ.

 


අධ්‍යාපනය


ශනි ඔබේ ලග්නයේ 4 වැන්නේ හෝ 5 වැන්නේ නම් ඔබගේ මූලික අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථක වනු ඇත. බුධ ග‍්‍රහයා ලග්නයේ 9 වැන්නේ, 12 වැන්නේ නම් ඔබ ඉගෙනීමෙන් ඉහළට යනු ඇත. ගුරු ලග්නයේ 8 වැන්නේ 9න් හෝ 12 වැන්නේ නම් ඔබේ අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ.

 


විවාහය


විවාහකයින් අතර එතරම් ප‍්‍රශ්න පැන නොනගී. කුජ 9 වැන්නේ හෝ 12 වැන්නේ නම් තරමක් ප‍්‍රශ්න මතු වේ. විවාහ අපේක්ෂිත අයටද මංගල යෝග උදා කෙරේ.

 


රැකියාව


ඔබේ රැුකියාව ගැන සලකා බැලිය යුත්තේ සඳුගෙනි. සඳු ඔබට එතරම් සුබඵල ගෙන නොදේ. එසේ වුවද පුර සඳුගෙන් උපත ලබා සඳු ලග්නයේ 8 වැන්නේ 10 වැන්නේ පසුවන අයට යහපත් වන අතර රැකියා අපේ්ක්ෂිත අයගේ බලාපොරොත්තුද ඉටු වේ.

 


රෝගබාධ


තුලා ලග්න හිිමියන් වැඩි දෙනෙකු එක්තැන් කරන රෝගාබාධවලට මුහුණ පාන්නේ නැත. එබැවින් ඔබ බිය විය යුත්තේ හදිසියේ ඇතිවන හෘදයාබාධ වැනි තත්ත්වයකටයි.

 

8


ගුරු, රවි, සඳු, කුජ ඔබට සුබ ග‍්‍රහයින් වන අතර සඳු වඩාත් සුබපල ලබා දේ. වඩාත් පාපී ග‍්‍රහයා බුධය. ශනිද පාපි ග‍්‍රහයෙක් වේ. 2011.11.14 සිට ඔබට සෙනසුරු ලග්න එරාෂ්ඨකය ලබා තිබේ. එය 2020. 01. 23 දක්වා පවතී. සනි ඔබේ ලග්නයේ 9, 10 තැන්පත් නම් හා සෙනසුරු මහ දශාව හෝ අතුරු දශාවක් ගත කරන්නේ නම් තදබල අපල සිදුවේ.

 


අධ්‍යාපනය


අධ්‍යාපන කටයුතු ද අඩාල වනු ඇත. ගුරු ග‍්‍රහයා 2, 5, 9 වැන්නේ තැන්පත් නම් පමණක් ඒ අයට මූලික හා උසස් අධ්‍යාපන කඩඉම් පැනගත හැකිය. අන් අයට උසස් ප‍්‍රතිඵල ලබා ගැනීමට දුෂ්කර විය හැකිය.

 


විවාහය


අවිවාහක අයට තවදුරටත් බාධක, ප‍්‍රමාද ඇති වේ. විවාහයින් අතර නොහොඳ  නෝක්කාඩු ඇතිවිය හැකිය.

 


රැකියාව


ඔබගේ රැකියාව ගැන කියන රවි ග‍්‍රහයා, මේෂ, සිංහ, කටක, වෘශ්චික, ධනු මීන රාශිවල ගමන් කරන කාලය තුළ ඔබගේ රැකියාවේ හෝ ව්‍යාපාරවලින් ලාබ, ප‍්‍රගතිය ඇති වේ. සෙනසුරු මහ දශාව ගත කරන්නේ නම් ඔබ කරන රැකියාවේ ප‍්‍රශ්න මතුවිය හැකිය.

 


රෝගබාධ


වයස් භේදයකින් තොරව සුළු සුළු හෝ රෝග වලින් කල්ගතවන නිදන්ගත රෝග සෑදේ.

 

9


කුජ, රවි, ගුරු, සඳු ඔබට සුබ ග‍්‍රහයින් වන අතර වඩාත් සුබ ග‍්‍රහයා කුජය. බුධ තදබල පාපී ග‍්‍රහයා වේ. 2014.11.02 සිට ඔබට සෙනසුරු ලග්න එරාෂ්ඨකය ලැබීය. ශනි ඔබට පාපි ග‍්‍රහයෙක් නිසා තරමක අපල ගෙන දෙනු ඇත.

 


අධ්‍යාපනය


ඔබේ මූලික අධ්‍යාපනය ගැන කියවෙන 5 වැන්න අධිපති කුජ ග‍්‍රහයා 5 වැන්නේ, 2 වැන්නේ 12 වැන්නේ නම් ඔබ ඉදිරිපත් වන තරග විභාගවලින් ජයගනු ඇත. උසස් අධ්‍යාපන කඩ ඉම පසු කළ හැක්කේ රවි 9 වැන්නේ, 5 වැන්නේ නම් පමණී. රවි මහ දශාව ගත කරන්නේ නම්ද යහපත්ය. ශනි ග‍්‍රහයා දුබලව ඇත්නම් තරමක අසීරු වනු ඇත.

 


විවාහය


ඔබේ විවාහ ජීවිතයේ එතරම් ගැටලූ පැන නොනගී. විවාහ වන වයසේ පසුවන ධනු ලග්නයේ උපන් අයට 2017.01.23 දිනට ප‍්‍රථම විවාහ වන්නේ නම් යහපත්ය.

 


රැකියාව


රැකියාවේ ප‍්‍රශ්න පැන නොනගී. එසේ වුවද ඔබ කරන කුමන හෝ රාජකාරිය අවංකව ඉටුකරන්න නැතිනම් රැුකියාව අහිමිවීම, හිරේ විලංගුවේ වැටීමට පවා ඉඩ ඇත. බුද්ධිමත්ව කටයුතු කරන්න.

 


රෝගාබාධ


සෙනසුරු ලග්න එරාෂ්ඨය ගතකරන බැවින් වරින් වර රෝග මතුවිය හැකිය. වැඩිහිටි අයට තරමක තදබල රෝග ඇති වේ. ප‍්‍රවේශම් විය යුතුය.

 

10


ශනි, බුධ, සිකුරු ඔබට සුබ ග‍්‍රහයින් වේ. සිකුරු හොඳම සුබ ග‍්‍රහයා වන අතර කුජ තදබල අපල ගෙන දෙන පාපී ග‍්‍රහයා වේ. ඔබට සුබ ග‍්‍රහයෙකු වූ ශනි සතුරු රාශිගතව 11 වැන්නේ ගමන් කරන අතර ගුරු ග‍්‍රහයා ජූලි මාසය දක්වා 7 වැන්නේය. ගුරු ඔබට සුබ අසුබ ගෙන දෙන්නේ ජන්ම කේන්දරයේ තැන්පත් ස්වභාවය අනුවය.

 


අධ්‍යාපනය


ඔබේ ප‍්‍රාථමික හා උසස් අධ්‍යාපනයට එතරම් බාධක නැත. ඔබ 2015 වර්ෂය තුළ පෙනී සිටින තරග විභාග වකවානුව තුළ බුධ මහ දශාව හෝ අතුරු දශා ගත කරමින් සිටිය හොත් උසස් ප‍්‍රතිඵල ලබාගත හැකිය.

 


විවාහය


විවාහ ජීවිතයේ කිසිදු ප‍්‍රශ්න පැන නොනගී. අවිවාහකයින්ට මංගල යෝග උදා වී තිබේ.

 


රැකියාව


ඔබ කුමන රැකියාවක හෝ ව්‍යාපාරයක යෙදී සිටියද ප‍්‍රශ්න පැන නගී. ආදායම් තත්ත්වය එතරම් සතුටුදායක නොවේ. සෙනසුරු, සිකුරු වැනි දශා ගත කරන අයට ආදායම සරු වේ.

 


රෝගාබාධ


ඔබට එක්තැන් කරන බරපතළ රෝග ඇතිවන්නේ රවි, සඳු, කුජ වැනි ග‍්‍රහයෙකුගේ මහ දශාවත්, අතුරු දශාවත් ගත කරන්නේ නම් පමණී. ඔබට වැඩිකල් විඳවන රෝග සාදන්නේ නැත.

 

11


රවි, ශුක‍්‍ර, ශනි, කුජ, බුධ යන ග‍්‍රහයින් ඔබට සුබ පල ගෙන දේ. සිකුරු ඉතාමත් සුබ පල උදාකරන අතර වඩාත් පාපී ග‍්‍රහයා ගුරුය. 2015 වර්ෂය පුරාවට ඔබට සුබපල දෙන සෙනසුරු 10 වැන්නේ සතුරු රාශිගතවද වඩාත් අසුබපල දෙන ගුරු 6 වැන්නේ උච්චවද ජූලි මස දක්වා පසු වේ.

 


අධ්‍යාපනය


බුධ ග‍්‍රහයා 5 වැන්නේ 8, වැන්නේ තැන්පත් නම් ප‍්‍රාථමික හා උසස්  අධ්‍යාපන කටයුතු සාර්ථක වනු ඇත. ඉදිරිපත් වන තරග විභාගවලින් ජය ලැබෙනු ඇත. බුධ මහ දශාව හෝ අතුරු දශාව ගත කරන කාලය තුළ ඉදිරිපත් වන  ඕනෑම තරග විභාගයකින් ඔබට නිසක ජය ලැබෙනු ඇත.

 

විවාහය


ඔබට සුබ ග‍්‍රහයෙකු වූ රවි ඔබේ විවාහය ගැන වග කියයි. රවි 3, 7 වැන්නේ නම් විවාහ ජීවිතයේ ප‍්‍රශ්න පැන නොනගින අතර විවාහ අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු ඉටුවේ.

 


රැකියාව


කුම්භ ලග්න හිමි  ඕනෑම තනතුරක් දරණ අයට 2015 වර්ෂයේදී තදබල ප‍්‍රශ්න මතුවේ. බොහෝ අයට දරණ තනතුරු අහිමි වේ. චෝදනාවන්ට මුහුණ දීමට සිදුවිය හැකිය.

 


රෝග


ගුරු රෝගස්ථානයේ ජූලි දක්වා පසුවන බැවින් රෝග ඇතිවිය හැකිය.

 

12


ඔබට සුබ ග‍්‍රහයින් වන්නේ ගුරු, සඳු, කුජ යන ග‍්‍රහයින්ය. වඩාත් සුබපල කුජ ගෙන දෙන අතර සිකුරු තදබල පාපී ග‍්‍රහයා වේ. සෙනසුරු 2015 වර්ෂය පුරාවට 9 වැන්නේ වන අතර ලග්නාධිපති ගුරු 4 වැන්නේය.

 


අධ්‍යාපනය


ඔබගේ ලග්නාධිපති ගුරු බලවත්ව ඇත්නම් මෙම වර්ෂයේදී ඔබ ඉදිරිපත් වන  ඕනෑම තරග විභාගයකින් ජයගත හැකිය. ගුරුද දුබලව සෙනසුරු මහ දශාව හෝ අතුරු දශාව ගත කරන්නේ නම් ඔබේ බලාපොරොත්තු එසේ ඉටු නොවේ.

 


විවාහය


ඔබටද විවාහ ජීවිතයේ ගැටලූ එතරම් ඇති නොවේ. විවාහයක් අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වේ. සෙනසුරුගේ බලපෑම මත විවාහ ප‍්‍රමාදවීම් ඇතිවීමටද ඉඩ තිබේ.

 


රැකියාව


රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වේ. දැනට නිරත රැකියාවේ උසස්වීම් ලබාගත හැකිය. මෙහිදීද සෙනසුරුගේ බලපෑම ඇත්නම් ප‍්‍රමාදවීම් ඇති වේ.


රෝගාබාධ: සෙනසුරු සතුරු රාශිගත වීම මත යම් යම් රෝග ඇති වේ. සෙනසුරු මහ දශාව හෝ අතුරු දශාව ලබා ඇති වැඩිහිටි අයට තරමක තදබල රෝගවලින් පීඩාවට පත්විය හැකිය.

 



අදහස් (0)

2015 ඔබට කොහොමද?

කේ.සිරි Tuesday, 30 December 2014 06:53 PM

මේ මහත්තය නම් ගොඩක් ධනාත්මකව ලියල තියෙනවා. වෙන අය ලිවාම කියවන්න වත් හිතෙන්නේ නැ. අඳුරෙන් අඳුරටම යන්න තමා ඒ අය ලියන්නේ. කියවන්නත් අප්‍රසන්නයි. ඇත්ත උනත් කියන විදියක් තියනවනේ. නමුත් ඉතින් ඒ අය කියන විදියට කාටවත්ම වගතුවක් නෑ. මෙහෙම සමබරව ලිවට ඔබට ස්තුතියි. . (නදී)

:       0       2

සිසිර Wednesday, 07 January 2015 02:54 PM

හොදයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 409 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 250 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 82 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 313 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 223 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 274 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site