නව පනත් අර්බුදයට විසඳුමක්ද?
2022 වර්ෂයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයේ මූල හේතු ගණනාවකි. ඉන් ප්රධාන තැනක් හිමි වන්නේ, දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන යනු ලබන ඉහළ අයවැය සහ ගෙවුම් ශේෂ හිඟයයි. මෙම පරතරය පියවීමට දේශීයව සහ විදේශීයව ණය ගැනීමට දිගින් දිගටම සිදු විණි. ණය බර ආර්ථිකයට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගියේය. එසේම, සාර්ව ආර්ථික ස්ථායිතාව බිඳවැටුණු අතර, ඒ හේතුවෙන් විදේශීය මෙන්ම දේශීය ආයෝජනවලට අහිතකර පරිසරයක් නිර්මාණය විය. එබැවින්, ආර්ථික වර්ධනය සහ සංවර්ධනය තිරසාර නොවීය.