නිදහස් අරගලයේ නිහඬ විප්ලවවාදියා
ශ්‍රී ලාංකික ජාතියට, දේශයට විද්‍යාඥයන්, වෛද්‍යවරුන් මෙන්ම අති දැවැන්ත ව්‍යාපාරිකයන් රැසක් බිහිකර ඇති, විජයවර්ධන පෙළපත, ලංකාද්වීපයේ අනන්‍යතාව තහවුරු කරවීම පිණිස, ලොවට ලබාදී ඇති ජාතික, ආගමික සහ දේශපාලනික උරුමයන් රැසකි. තුඩුගලගේ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම්තුමන්, සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඩෙප් වීරසිංහ මහතාණන්ගේ දියණියක වූ හෙලේනා ඩෙප් වීරසිංහ මෙනෙවිය හා අතිනත් ගැනීමෙන් බිහිවූ දූ පුත්තු ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සහ දේශපාලනික පුනර්ජීවයකට අත්පොත් තැබූහ