අර්බුදයේ තිත්ත ඇත්ත මහ බැංකුව පවසන පරිදි මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් රජයට විදේශ ණය ගෙවීමට ඇති අතර, ඉන් බිලියන 1.3ක් ගෙවා ඇත. ඒ අනුව තව ඩොලර් බිලියන 2.4ක් ඉදිරියේදී ගෙවිය යුතුය. ලංකාවේ විදේශ ණය ප්රශ්නය බරපතළය. ඊට හේතුව නම් ණය ගැනීම හා ණය යෙදීම කළමනාකරණය කර නොගැනීමය. මේ නිසා ණය ගෙවීමට අවශ්‍ය ආදායම් නැති වී යන තැනකට ලංකාව පත්ව ඇත. 21 June 2021
පෝර ගැන උද්ඝෝෂණවලින් කියැවෙන දේත් සලකා බලන්න රසායනික පොහොර ආනයනය අත්හිටුවීමේ රජයේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී හැම අතින්ම ප්‍රායෝගික ගැටලු මතුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. රටේ විවිධ ප්‍රදේශවල ගොවි ජනතාව තමන්ට පොහොර අවශ්‍ය බව කියමින් උද්ඝෝෂණවල නිරත වෙති. තමන්ගේ වගාවට නිසි අවස්ථාවේදී පොහොර දැමීමට නොහැකි වුවහොත් අස්වැන්න පිළිබඳ තබා ඇති බලාපොරොත්තු අතහැර දැමීමට තමන්ට සිදුවනු ඇතැයි ඔවුහු හඬ නගති. 21 June 2021
ගුණ නැණ බෙලෙන් සිරිලක එකලු කළ වැලිවිට සඟරජ මාහිමියෝ අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දින සැමරුම සහ ජාතික පිරිවෙන් දිනය අදට (19) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 19 June 2021
පාරිශුද්ධ දේශපාලනයේ ලාංකික ප්‍රතිමූර්තිය - ඩඩ්ලි සේනානායක වසර 110කට පෙර 1911 ජුනි 19 වැනිදා උපත ලද ඩඩ්ලි සේනානායක මහතාගේ දේශපාලන භූමිකාව විග්රහ කෙරෙන මේ ලිපියේ පළමුවැනි කොටස ඉකුත් අප්‍රේල් මස 13 වැනිදා දිනපතා ලංකාදීප පත්‍රයේ පළකරනු ලැබීය. එතුමාගේ ජන්ම දිනය සමරමින් අද (19) පළවන්නේ මෙහි දෙවැනි කොටසයි. 19 June 2021
අපට එරෙහි යුරෝපා දුස්රාව ශ්‍රී ලංකාවට දෙනු ලබන ජී.එස්.පී. ප්ලස් බදු සහන අත්හිටුවීම ගැන සලකා බලන ලෙසට යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටිමින් පසුගිය 10 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කළේය. 19 June 2021
ජනතා සහායක් නැත්නම් සංචරණ නීතිවලින් වැඩක් නෑ මේ දිනවල රට අගුලු දැමීමක් ක්‍රියාත්මක වෙනවාදැයි සැකයක් මතුවන බවත් එයට හේතුව එම සැකය මතුවන තරමට මිනිස්සු මහ පාරේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කළ ප්‍රකාශයක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ජනතාව අවශ්‍ය කැප කිරීම් නොකරන්නේ නම් සංචරණ සීමා අවශ්‍යවන කාලය තවත් දීර්ඝ විය හැකි බවද විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළ බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 19 June 2021
දෙපාර්ශව වෛරයේ අවසානය? එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අවසන් මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය භාරගැනීමට තීන්දු කිරීම සහ එජාපයෙන් පළාත්පාලන ආයතනවලට තේරීපත්ව සිටින සභිකයන් 69 දෙනකුගේ සභිකධූර අහෝසි කිරීමට මැතිවරණ කොමිසමට සිදුවීම යන කාරණා ඉකුත් සතියේ දේශපාලන කරළියේ අලුත් අලුත් ප්රවෘත්ති මවන්නට සමත් වූයේය. 18 June 2021
සංරක්ෂණය කළ යුත්තේ ත්රිපිටකයද? ශාසනයද? වර්තමානයේ ජනප්‍රිය බණ දේශනා කරන භික්ෂුන්වහන්සේලා නොයෙක් ආකාරයට දේශනා පවත්වනු ලබන අතර කවි බණ, විරිඳු බණ යනාදිය ද ඊට ඇතුළත්ව ඇත. විද්‍යුත් මාධ්‍යයේ විකාශය වන සමහර බණ දේශනාවල ද ධර්මයේ වෙනස්කම් හා විකෘතිකා ඕනෑ තරම් දැකිය හැකිය. 18 June 2021
ඩී.ආර්. විජයවර්ධනයන්ගේ ලේක්හවුස් දිවිය මෙම ලිපිය මුලින්ම පළවූයේ 1978 ජූනි 11 වැනිදා ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පතේය. ඩී. ආර්. විජයවර්ධනයන්ගේ අභාවයෙන් පසුව එළඹි 71 වැනි වසර සමරනු වස් එය නැවත පළ කරමු. 18 June 2021
ඇන්දවීමේ ඇඳගැනීමේ දේශපාලනය පසුගිය දිනවල මෙරට මාධ්‍ය ලෝකය තුළ නව මාතෘකා කීපයක් ම ඇවිළී ගියේ එක පෙළට සහ එකකට එකක් දෙවැනි වෙන්නේ නැතිව ය. වන්දි ලබා දීමේ අරමුණින් මෙරට ප්‍රධාන නැව්තොට අසලට පැමිණ ගිනිබත්ව මුහුදුබත් වූ නැව පිළිබඳ පුවත ඉන් එකකි. එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය තුළ නගරාධිපතීන් ඇතුළු පිරිස් අශිෂ්ටව හැසිරීම පිළිබඳ පුවත තවත් එකකි. 18 June 2021
පෝර මිටියෙනුත් ගසාකන චෞර රාජ්‍ය නිලධාරියෝ වාරියපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගෙන ආ පොල් පොහොර මිටි 47ක් එම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරියාගේ පෞද්ගලික වෙළෙඳසැලට වංචනිකව රැගෙන ගොස් එම පොහොර වැඩි මිලට ගොවීන්ට විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ගොවිජන සංවර්ධන නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 18 June 2021
ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් පෙළගැසෙති සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගයේ නායකත්වයට පත්වූයේ ද අනතුරුව විපක්ෂ නායකධූරයට පත්වූයේ ද, කිසිසේත්ම සුමට සහ සන්සුන් කාලපරිච්ඡේදයක නම් නොවේය යන්න පිළිගත යුතු කාරණයකි. පක්ෂ නායකයා ලෙසත්, විපක්ෂ නායකවරයා ලෙසත් භූමිකා දෙකකට පණ පෙවීමට ඔහුට සිදුව ඇත්තේ රටම කෝවිඩ්-19 වසංගත තත්ත්වයෙන් වෙළී තිබෙන අවස්ථාවකය. 17 June 2021
ඕස්ට්‍රේලියා සහල් ප්‍රාතිහාර්යයෙන් අපට පාඩමක් ශ්‍රී ලංකාවේ ජනතාව ඈත අතීතයේ පටන්ම වී වගාකොට බත් අනුභව කළහ. මහාවංශයට අනුව වසර දෙදහස් පන්සියයකට පමණ පෙර කුසගින්නේ හෙම්බත් වී තම්මැන්නා වෙරළින් ගොඩබට විජය කුමරු සහ ඔහුගේ පිරිවරට, බිඳී ගිය නෞකාවේ තිබූ සහල් ගෙන කුවේනිය බත් පිස කන්නට දුන්නාය. 16 June 2021
බියගමින් අහිමිවූ පවුලේ කොරෝනා ඛේදවාචකය බියගම ගෝනවල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ තිදෙනකු කොරෝනා ආසාදිතව මියයාමේ සංවේග ජනක ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම නිවසේ ගෘහ මූලිකයා ඉකුත් 1 වැනිදා රාගම රෝහලේදී ද ඔහුගේ පියා 4 වැනිදා එම රෝහලේදීම මව නිවසේදීම ද මියගොස් ඇතැයි බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. 16 June 2021
කොරෝනාට බිය නොවූ සජිත්ගේ අවිනිශ්චිත බිය කෝවිඩ්-19 වෛරසය ආසාදිතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දින කිහිපය ගතකළේ නගරයේ කාර්යබහුල පෙදෙසක පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්ය. 15 June 2021
සාහිත්‍ය ක්ෂේත්රය අද වඳ පීදිලා වගෙයි කවියකු, කෙටිකතා රචකයකු, නවකතාකරුවකු, විචාරකයකු, පුවත්පත් කලාවේදියකු මෙන්ම තීරු ලිපි රචකයකු ද වන තිඹිරියාගම බණ්ඩාර මහතා පාඨක විචාරක සමාජයේ සංවාදයට තුඩු දෙන කෘති රැසක් ලියා පළ කළ අයෙකි. 15 June 2021
ථෙරවාදී ත්‍රිපිටක සංරක්ෂණ පනතක් අවශ්‍ය ඇයි? ථෙරවාද ත්‍රිපිටක සංරක්ෂණ පනත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු දැනට නීති කෙටුම්පත් අංශයේ කෙටුම්පත් වෙමින් පවතී. යෝජිත මෙම පනත සම්බන්ධයෙන් සමාජය තුළ පක්ෂව හා විපක්ෂව විවිධ ආකාරයේ කතාබහ සිදු වෙමින් පවතින බව පෙනේ. මේ ඒ පිළිබඳ විමසුමකි. 15 June 2021
දැවැන්ත අර්බුදයකට බ්රේක් දැමීමක් තෙල් මිල ඉහළ දැම්මේ ඇයි? මීට වඩා අඩු මිලට තෙල් අලෙවි කළ නොහැකිද? මිල සූත්‍රය තිබුණා නම් මෙතරම් පීඩනයක් ඇතිෙවන්නේ නැහැ නේද? බස් ගාස්තු ඇතුළු අනෙක් වියදම් වැඩි වීම, රට වසා තැබීමේ ආර්ථික පාඩුව යනාදී කරුණු සම්බන්ධව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග කළ සාකච්ඡාවකි මේ. 15 June 2021
ජනතාවට විහිළු සපයන ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීම ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් බවට හඟවන ලකුණු පහළ වෙමින් තිබේ. ආණ්ඩුව මගින් ගනු ලැබූ තීරණය ප්‍රකාශයට පත්කළ විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයත් එයට ප්‍රතිචාර දක්වමින් ගම්මන්පිල ඇමැතිවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ලබාදුන් පිළිතුරත් හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබෙන බව බැලූ බැල්මට පෙනී යයි. 15 June 2021
කෙළින් වැඩකර රහසක් ඉතිරිකර සමුගත් රජීව මහා ඛේදනීය සිදුවීමකින් අපගේ සොයුරා අපට අහිමි වී දැන් වසරක් ගෙවී තිබේ. කාලය විසින් සියල්ල සුවපත් කරනු ඇතැයි කියමනක් තිබුණද ඔහුගේ වියෝවෙන් සිතට දැනුණු ශෝකයත් කම්පනයත් මෙතෙක් වියැකී ගොස් නැත. එම ශෝකය වියැකී යාම වෙනුවට සිදුව ඇත්තේ ඔහුගේ වියෝවෙන් හිත හදා ගැනීමට අප නේකවිධ අරගලයක යෙදීමය. මෙම වියෝව සිදුවූයේ පසුගිය දශකයේ අපට අපගේ දෙමාපියන් සහ තවත් ඥාතියකු අහිමි වීමෙන් අනතුරුවයි. ඔහු අපගෙන් වෙන්ව ගිය ශෝකය කිසිම අයුරකින් දුරුකරගත හැකි නොවන තරම්ය. 14 June 2021
ගාසා තීරයේදී අසාර්ථක වුණු ජාත්‍යන්තරය හමාස්වරුන් එල්ල කළ ප්‍රාථමික ගණයේ රොකට් ප්‍රහාර හා සැසඳූ විට ගාසා තීරයට ඊශ්‍රායල්වරුන් එල්ල කළේ අනුකම්පා විරහිත, හැඟීම් විරහිත, කොහෙත්ම ඒ හා සමානුපාතික නොවන දරුණු ප්‍රහාරය. 14 June 2021
ජාතික අර්බුදයක්: පංගුපේරු එපා සැවොම එක්වෙමු කොවිඩ් වයිරස ව්‍යාප්තියෙන් ශ්‍රී ලංකාව ද නරක තැනකට දෛනිකව තල්ලු වෙමින් තිබේ. නිදසුනකට ජනගහණයට සාපේක්ෂව විමසා බැලුවොත් මෙරට දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන ඉන්දියාවේ මෙන් දෙගුණයකි. ඊට ප්රමුඛ විසඳුමක් හැටියට සැලකෙන එන්නත්කරණයෙන් ද අපේක්ෂිත ඉලක්ක කරා යන්නට තවම අපට හැකි වී නැත. සැබැවින්ම ගෝලීය වශයෙන් ගත්තත් එන්නත්කරණය ප්රශස්ත ලෙස කළ රටවල් හා නොකළ රටවල් ලෙස කාණ්ඩ දෙකක් දැකිය හැකිය. 14 June 2021
සංචරණ නීතියට අවනතව උවදුර ඉක්මනින් පිටුදකිමු සංචරණ සීමා දික් කරනවා ද ලිහිල් කරනවා ද යන තීරණ අතරේ රට දෝලනය වෙමින් තිබියදී කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ලබන 21 වැනිදා අලුයම 4.00 දක්වා සංචරණ සීමා දීර්ඝ කරන බවය. 14 June 2021
ලෝකයේ ධනවත්ම රංගන ශිල්පියා ටයිලර් ටයිලර් පෙරී චිත්‍රාගාරය නිසාම උපයාගත් මුදලින් ප්‍රකෝටිපතියකු වී සිටින ඇමරිකානු නළු ටයිලර් පෙරීගේ සම්පූර්ණ වත්කම මේ වන විට ඩොලර් මිලියන 1000 ක් හෙවත් ඩොලර් බිලියනයක් ඉක්මවා තිබේ. ලෝකය පුරා වෙසෙන රංගන ශිල්පීන් අතරේ අංක එකේ කෝටිපතියා ඔහු බවට පත්ව සිටී. 13 June 2021
එන්නතේ පිළිවෙතේ අපිළිවෙත ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගයේ වත්මන් ස්වභාවය අනුව අපට මෙම රෝගය පාලනය කර ගැනීමට හැකිවේදැයි කෙනකු සැක සිතීමද සාධාරණය. 12 June 2021
අවශ්‍යතාව දැන දැනම නිරෝධායන නීති කඩන අමනයෝ කැස්බෑව හල්පිට ප්‍රදේශයේ මංගල උත්සව ශාලාවක් සහිත හෝටලයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු ඇතුළු දස දෙනකු කැස්බෑව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතාට ඉදිරිපත් කිරීමෙන් පසුව චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා අයකුට රුපියල් හාරදහසක් බැගින් පොදුවේ රුපියල් 40,000ක දඩ මුදලක් නියම කරනු ලැබීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර 12 June 2021
“හයිවේ” පස් ජාවාරම ගම්පහ ‘පස්’ දැන් රත්නපුරයේ මැණික්වලටත් වඩා ඉල්ලමක් වී තිබෙන ආකාරය දක්නට හැකිය. වාණිජමය වශයෙන් ඉහළ වටිනාකමකින් යුත් කොළඹ හා ගම්පහ ‘ඉඩම්’ ලෙස කුඹුරු හා වගුරු බිම් ගොඩ කරන්නට යොදාගත් පස්වල වටිනාකම තවත් වැඩි වූයේ කොළඹ-නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම ආරම්භයක් සමගය. 12 June 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026