අතීතයෙන් වර්තමානයට ආවර්ජනයක්
හම්බන්තොට දිස්ත්රික්කයේ ගමක් වූ ගැටමාන්නේ උපන් මගේ පියා, සෑම් විජේසිංහ ඔහුගේ දකුණේ උරුමය ගැන ආඩම්බර වූයේය. ඔහු, ඩී.එම්. රාජපක්ෂ, ඔහුගේ සොයුරු ඩී.ඒ. රාජපක්ෂ සහ ඔවුන්ගේ පවුලේ අය හොඳින් දැන හඳුනාගෙන සිටියේය. සෑම් 1981 දක්වා දශක 2 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාව සිටියේය.