මානව හිතවාදී දේශපාලනයේ ‘‘කරු සලකුණ’’
ප්‍රවීණ දේශපාලනඥයකු වූ කරු ජයසූරිය මහතාගේ ජන්ම දිනය හෙටට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. මීරිගම, කණ්ඩලම සුන්දර වටපිටාවක් සහිත ගැමි පරිසරයක සැප්තැම්බර් 29 වැනිදා උපන් කරු ජයසූරිය මහතා කඳන්ගමුව රජයේ විද්‍යාලය, කැලණිය ධර්මාලෝක විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය ආදියෙහි සිප් සතර හදාරා, ජාතික සත් සිරිත් හා බෞද්ධාගමික වත් පිළිවෙත් ද මව්පිය පරපුරෙන් දායාද ලෙස ලැබ, ගුණ නැණ සපිරි සදාචාරවත් පෞරුෂයක් උරුම කරගත් ශ්‍රේෂ්ඨ ජන නායකයෙකි.