IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එදා අනුරාධපුරය - ඇතුළුනුවර කැණීම්

ශ්‍රී ලංකාවේ ලොකුම පුරාවිද්‍යා කැණීම වන අනුරාධපුර ඇතුළුනුවර කැණීම් අනුව අනුරාධපුර නගරය තරම් දියුණු ශිෂ්ඨාචාරයක ලක්‍ෂණ කි‍්‍රස්තු පූර්ව හයසියේ දී දකුණු ඉන්දියාවේ පවා නොමැති බව එහි කැණීමේ අධ්‍යක්‍ෂ ආචාර්ය ශිරාන් දැරණියගල කියයි. ඇතුළුනුවර කැණීම නව ක‍්‍රමවේදයක් ඔස්සේ විධිමත්ව හා තාර්තිකව සනාථ කෙරෙන පුරාවිද්‍ය සාධක ඔස්සේ ජාත්‍යන්තර කැණීමක් ලෙස පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව හා ජර්මනියේ බර්ලින් විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යඥයෝ පසුගියදා සංරක්ෂණ, පරීක්‍ෂණ,විශ්ලේෂණ හා වර්තා කටයුතු ඇරැඹූහ.බර්ලින් සරසවියේ පුරාවිද්‍යා මහාචාර්ය කායි කොල්මයර් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා නිලධාරීන් සමග නවීන තාක්ෂණික ක‍්‍රමවේදයක් ඔස්සේ කැණීම මෙහෙවයි. ආචාර්ය දැරණියගල කියනුයේ විජය රජුගේ ඉතිහාසයෙන් එපිට ඈත ඉතිහාසයක් ද දියුණු නගරයක් වූ අනුරාධපුරයේ ලෝහ තාක්ෂණ, මැටි නිර්මාණ හා අක්ෂර භාවිතය පැවැති බවත් එවැනි දියුණු නගරයක් දකුණු ආසියාවේම නොතිබූ බවත්ය. ‘‘ මේවගේ ලොකු කැණීමක් ලංකාවේම නෑ. අඩි සීයයි සියයක වළක් මෙහෙම පුරාවිද්‍යා පරීක්ෂණයක් ඉන්දියාවේත් නෑ. ඇතුළුනුවරට අයිති අක්කර 250ක පමණ භූමිය ආරක්ෂිත භූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කොට තිබෙනනේ. ලොකුම ගැටළුව තමා මෙම ඉඩමේ අනවසර පදිංචිකරුවන් සිටීමයි’’ විජය රජුගෙන් පසු අනුරාධපුරය ලෙස නම් තැබූ අනුරාධපුරයේ කි‍්‍රස්තු පූර්ව 400ටත් පෙර නාමය ‘‘අනුරාධ’’ විය හැකි බවට සාධක ලැබී ඇතැයි ද ඒ මහතා කියයි. ‘‘අනුරාධ’’ යනුවෙන් අක්ෂර යෙදූ වළං කැබැල්ලක් එහි අදාල යුගයේ පස් ස්ථරවලින් හමු වූ බවත් කාබන් 14(සී-14) පරීක්ෂණය අනුව එය ක‍්‍රිස්තු පූර්ව 400ට අයත් බවත් ආචාර්ය දැරණියගල පවසයි. අතුළුනුවර යනු අනුරාධපුර පැරණි දළදා මාලිගය පිහිටි භූමියයි. එය මෙරට රජ පෙළපතේ වසස්ථාන සහිත දියුණු නාගරික හා වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත පුරාවිද්‍යා වැඩ බිමකි. විජය රජුගෙන් පෙර ඉතිහාසයේ උදෙනි, සැවැත්, බරනැස් ආදී දියුණු ඉන්දීය නගර පැවැති කාලයේදී ද එම අනුරාධපුර නගරය අතිශය දියුණු නගරයක් ලෙස ඉතිහාසඥයෝ හා පුරාවිද්‍යාඥයෝ පිළිගනිති. මීට වසර 12කට පෙර ආචාර්ය ශිරාන් දැරණියගල මෙම කැණීම ඇරඹුවේ මෙරට ප‍්‍රාග් ඉතිහාසය ලෝකයට විදහා දැක්වීමේ ප‍්‍රධාන කැණීම ලෙසයි. ඒ අනුව බර්ලින් සරසවි කණ්ඩායම එම ඉලක්කය සඳහා තවත් වසර හතරක් පමණ පර්යේෂණ කිරීමට නියමිතය. ජේතවනාරාමය ප‍්‍රතිසංස්කරණයට පෙර ඇතුළුනුවර කැණීමෙන් සොයාගත් ඉපැරැණි යකඩ මුද්දක් බර්ලින් සරසවි සිසුවියෝ පිරික්සති. අඩි 27ක් පමණ හාරා හඳුනාගෙන ඇති කි.පූ. 400 පමණ අනුරාධපුර නගරයේ ගොඩනැඟිලි පාදමක් ඇතුළුනුවර අඩි 100x100 කැණීම් වළ බර්ලින් සරසවි සිසුවියෝ තුසිත අගලවත්ත මහතා සමග බර්ලින් සරසවියේ අයි. ඩොගාන්හාට්, හා ප‍්‍රැන්ෂිෂා ෆෙඞ්රික් පැරණි වළං කටුවක් පිරික්සති. ආචාර්ය ශිරාන් දැරණියගල



අදහස් (0)

එදා අනුරාධපුරය - ඇතුළුනුවර කැණීම්

රෝහිනී Saturday, 19 November 2011 11:23 AM

අපේ ජාතික උරුමයක් වන අනුරාධපුරය රටට ඉතා ආඩම්බරයක්. අපේ ඉතිහාසයේ පුරාණ බව ඔප්පු කිරීමට දරන උත්සාහයට ස්තුතිය ප්‍රකාශ කර සිටින අතර පුරාවස්තු රැකෙන පරිදි එය සිදුවනවානම් වඩාත් සාර්ථක වන බවත් කිව හැකිය.

:       0       1

කුමුදු Wednesday, 06 June 2012 03:45 PM

ශ‍්‍රී ලංකාව තුල ඇත්ත දැනනගන්න තියෙන පත්තරයක් නම් ඒ ලංකාදීප. අපි කියවන්නෙත් දිනපතා ලංකාදීපයයි.

:       0       0

නිරෝෂ් සංජීව Sunday, 15 July 2012 08:29 PM

ලංකාදීප අපේ රටේ ජනතවගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site