IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


හැම ආගමකටම ගරු කළ යුතුයි

බුදුදහමට අනුව ධර්මය යනු ලෝකය පාලනය වන විශ්ව නියමය වේග බුදුන්වහන්සේගේ ඉගැන්වීම්ද, ධර්මයට  ඇතුළත් වේ. ඊට හේතුව උන්වහන්සේ විශ්ව නියමට අනුව දේශනා කළහෙයිණි.

කිතු දහමට අනුව ධර්මය යනු දෙවියන්වහන්සේ ගේ වචනය වේ. ක්‍රිස්තුස්වහන්සේ ධර්මයාණෝ හෙවත් වච්නයතුමාණෝ ලෙස ජුවන්තුමාගේ සුවිශේෂ ආරම්භයේ දී හදුන්වාදී තිබේග එහෙයින් ක්‍රිස්තු ධර්මය යනු  ක්‍රිස්තුස්වහන්සේමය.

ආසියා වෙන් ආරම්භ වූ   බුදුදහම මෙන්ම කිතු දහම ද වසර දෙදහසකට වඩා වැඩි කාලයක් පෙරදිග පිලිබිඹුවක් සහ අපරදිග රටවල පැවති ආධ්‍යාත්මික චින්තනයේ පැහැදිලි ප්‍රකාශනයක් පෙන්නුම් කරති. මෙම ආගම් දෙකම  කාලය, දේශය, භාෂා, ජාති, කුල වැනි පටු සීමාවන් අභිබවා සමස්ත ලෝකය පුරා පැතිර තිබේ. එපමණක් නොව වර්තමානයේ, මෙම ආගම් දෙක අදහන  බහුතරයක් එම ආගමීක ශාස්තෘවරුන් අයත් වූ ජාතියට හා රටට හෝ භාෂාවට අයත් නොවීම ද විශේෂ කරුණකි.

බුදුන්වහන්සේ ඉන්දියාවේ පිහිටි කුඩා ප්‍රාන්ත රාජ්‍යයක් වූ නේපාලයේ උපන් ඉන්දු ආර්ය ජාතිකයෙකි. ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ අපෝස්තුලුවරුන් සියලු දෙනම ජෙරුසලමේ උපන් යුදෙව් ජාතිකයෝ වූහ. එහෙත් අද ක්‍රිස්තියානි ආගම අදහන බහුතරයක් අයත් වන්නේ ඉන්දු-ජර්මන් ප්‍රභවයක් ඇති භාෂා කථා කරන යුරෝපීය ජාතීන්ටය. මෙවැනි පසුබිමක් තුළ බුදුන්වහන්සේ වේවා,  ක්‍රිස්තුස්වහන්සේ වේවා වෙන කිසියම් ආගමීක ශාස්තෘවරයකු විසින් වේවා දේශනා කළ ධර්මය සහ ඉදිරිපත් කරනු ලැබූ දර්ශනය පිළිගැනීම කෙරෙහි කිසියම් රටකට, කිසියම් ජනකොටසකට, ජාතියකට, භාෂාවකට පමණක් සීමා නොවන බව පැහැදිලිය. මිනිසා ගේ ආධ්‍යාත්මික සංවර්ධනය සහ සදචාරාත්මක හැඩගැස්වීම සඳහා උපකාරීවන ආගම් හා දර්ශනවාද සමස්ත මානව වර්ගයා සතු බුද්ධිමය හා ආධ්යා ත්මීක උරුමයකිග එම ආගම් හා දර්ශනවාද පිළිබඳව කරුණු සොයාබලා ඒවායේ ඇතුලත් කරුණු තම ජීවිතයට එකතු කර ගැනීමේදීත්, ලෝකයේ පැවැත්ම  පිළිබඳව අවබෝධ කර ගැනීමේදීත්, ඒ පිළිබඳව විමර්ශනය  කිරීමේ අයිතිය සෑමකෙනෙකුටම තිබිය යුතුය.

සියලුම ආගම් ඒවායේ ඓතිහාසික පරිණාමයේදී, විශේෂයෙන්ම, එම ආගමීක ශාස්තෘවරුන් බිහිවූ රටෙන් ඔබ්බට පැතිර යාමේ දී උන්වහන්සේලාගේ මුල් ඉගැන්වීම කිසියම් ප්‍රමාණයකට වෙනස් වී ඒවාට පරිබාහිර වූ වෙනත් කරුණු එකතුවීම අනිවාර්යයෙන්ම සිදු වන්නකි.  විවිධ යුගවල විවිධ රටවල පැවති තත්වයන් සහ අවශ්‍යතාවන් හේතුකොටගෙන මුල් ඉගැන්වීමවල යම් යම් වෙනස්කම් සිදුවිය හැකියග තවද අටුවාචාරීන් සහ ධර්ම ග්‍රන්ත රචනා කළ පුද්ගලයින්ගේ අදහස් හා පසුබිම ද එම දර්ශන පිළිබඳව තම තමන් ගේ පෞද්ගලීක අදහස් ද  ඒවාට  ඇතුල්විය හැකිය.

මේ නිසා මූලික ඉගැන්වීමට වෙනස් විවිධ ආගමීක නිකායන් බිහිවීම සිදුවී ඇත. උදාහරණ වශයෙන් විමුක්තිය සාක්ශාත් කර ගත හැක්කේ ලෝකය හා සත්වයාගේ පැවැත්ම පිලිබඳව ස්වයං අවබෝධයක් තුළින් පමණක් බව මුල් බුදු දහමින් උගන්වනු ලැබීය. එහෙත් පසු කාලීනව මහායාන බුදු දහමේ වර්ධනයත් සමග මනුෂ්යනයාට තනිවම විමුක්තිය සලසා ගැනීම දුෂ්කර බවත්, එය අමිතාභ නම් දෙව්ලොව වැඩ වාසය කරන බුදුවරයකුගේ පිහිටෙන් ලබා ගත හැකිබව විශ්වාස කෙරේ. එමෙන්ම ජේසුස්වහන්සේ පේදුරුතුමාගේ නායකත්වයෙන් ආරම්භ කළ ශුද්ධවූ කතෝලික සභාවට අමතරව එයින් වෙන්වී කතෝලික සභාව සමඟ සමගිව කටයුතු කරන කතෝලික නොවන ක්රිභස්තියානි සභාවන් කීපයක් : එංගලන්ත සභාවල බෞතීස්ත සභාව, මෙතෝදිස්ත සභාව, ලංකා සභාව, ගැලවීමේ සභාවල දකුණු ඉන්දීය සභාවල ප්රෙසස්බිතේරියානු සභාවග- මෙන්ම කතෝලික සභාවට එරෙහිව  පෞද්ගලීක අදහස් වලට අනුව  බිහිවී සිටින ක්‍රිස්තියානි මූලධර්මවාදී නිකායන් විශාල ප්‍රමාණයක් ලොව පුරා පැතිර පවතී.

මිනිසුන් තුළ විවිධ ආගම් සහ සමයාන්තර පිළිබඳව බොහෝ විට අගතියක් පවතින්නේ ඔවුන් ඒවා තුලනාත්මකව අධ්‍යයනය කර නොමැති හෙයිනි. තමා අදහන ආගම පමණක් ශ්‍රේෂ්ඨය යන පිළිගැනීම නිසා ඔවුහු කිසියම් දෘෂ්ටිමය රාමුවක් තුළ  කොටුවෙති. එම රාමුවෙන් ඔබ්බට විහිදෙන කරුණු පිළිගැනීම කෙසේ වෙතත් ඒවා පිළිබඳ සලකා බැලීමේ දී විෂය මූළික ප්‍රවේශයක් අනුගමනය කිරීමට හෝ නැඹුරුවක් නොදක්වන්නේ ඒ නිසාය. ආගම් පවතින්නේ මිනිසා සදහා මිස මිනිසා පවතින්නේ ආගම් සදහා නොවන බවත් තමන් අදහන ආගම පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව එහි අඩංගු කාරණා ප්‍රායෝගිකව යොදාගැනීමෙන්  තම මිනිස් ජීවිතය වඩාත් අර්ථවත්ව ගතකිරීමට  හැකිවන බවවත් අවබෝධ කර ගත යුතුය.

කවර රටක බිහිවූවත්, කුමන යුගයක බිහිවූවත්, කවර ආගමක  හෝ දර්ශනයක නාමයෙන් හැදින්වූවත් ශ්‍රේෂ්ඨ ශාස්තෘවරුන්ගේ චින්තන වෙනස්කම්වලට වඩා බොහෝ සමානකම් දක්නට ඇතිබව ඒ පිළිබඳව කරුණු හැදෑරීමේදී පැහැදිලි වේ.

එහෙත් එක් එක් ආගම් හා දර්ශනයන් හී එකිනෙකට ආවේනික වූ අනන්‍යතා ද පැහැදිලිව දක්නට ලැබේ.

විවිධ ආගමීක කණ්ඩායම් අතර අනනෝන්‍ය අවබෝධය ගෞරව සහ පිළිගැනීම වර්ධනය කළ හැක්කේ  ආගමීක වශයෙන් හුදකලාව කටයුතු කිරීමෙන් නොව විවිධ ආගම් හා ඇදහීම් පිළිබඳව තුලනාත්මක ඇගයීමක් කිරීමෙනි. තමන් අදහන ආගම ධර්මය නිසි අවබෝධයකින් අදහන්නා කිසි කලෙක අන්‍යාගම් හා දර්ශනයන් පහත් කොට හෝ නිගරු කොට සලකන්නේ නැත.

බුදුදහම හා ක්‍රිස්තියානි ආගම් අතර මෙන්ම අනෙක් ආගම් අතර ද  ඒවායේ ඇතුළත් සදාචාරාත්මක ක්‍රම පද්ධතියේ වෙනස්කම් මෙන්ම  සමානකම් පවතින බව අවබෝධ කරගත් විට තමා අදහන ආගම මෙන්ම අනෙකුත් ආගම් ධර්මයන් ගෞරවකොට සැලකීමටද බැතිමතුන් අතර අනනෝන්‍ය අවබෝධය වර්ධනයවී සමගිය, සමාදානය හා සහසම්බන්දතාව වර්ධනය කරගැනීමටද පිටුවහලක් වනු ඇත. කිසියම් ආගම් ධර්මයක් අවශ්‍ය වන්නේ මිනිසුන් අතර සමගිය සමාදානය ඇතිකරගනිමින් මනසින් උසස් පූර්ණ මිනිසුන් බවට පත්වීමට මිස එකිනෙකා අභිබවා යන්නට නොවේ. කිසියම් ධර්මයකින් අප භේද කරන්නේනම් එය ආගම් ධර්මයක් වන්නේ කෙසේද ?

ලිංටන් නිහාල් ප්‍රනාන්දු පියතුමා
පාදුවා, ඉතාලි



අදහස් (0)

හැම ආගමකටම ගරු කළ යුතුයි

රනිල් Friday, 04 January 2013 10:46 AM

100% හරි

:       4       0

සදරුවන් Saturday, 22 December 2012 07:47 PM

දෙකම එක වගේ කියලාද කියන්නේ.. එහෙනම් බුදු දහම විතරක් අදහමු හැමෝම..!(නු)

:       0       1

දිනේෂ් Sunday, 23 December 2012 02:47 PM

ඔයාලා කියන දේ හරි. ඒත් අපේ බෞද්ධ උරුමයන් විනාශ වෙද්දී අපිට බලාගෙ‍‍න ඉන්නද කියන්නේ? (නි)

:       0       0

නලින් Wednesday, 02 January 2013 05:19 PM

ඒ කතාව අත්ත (දී)

:       0       0

රා‍ජිත Saturday, 22 December 2012 09:05 PM

ඇත්තටම උපුල්ගේ අදහස හරි.. ආගම් කියන දේ තියෙන්නේ මිනිසුන්ගේ ජීවිත හදා ගන්න මිසක් ඒක නිසා ගහ මරා ගන්න නෙමෙයි..!(නු)

:       0       0

උපුල් මීගමුව Saturday, 22 December 2012 11:31 AM

ටමන්ගේ ආගම පමණක් හරි අනිත් ආගම් වැරදි කියා හිතන යට හොද පිළිතුරක් ඔබ වහන්සේ දී තිබෙනවා (විශේෂයෙන් ශ්‍රී ලංකා වේ අයට). අනික මේ ආගම බොරුවක් නම් අවුරුදු දෙදහස් ගණන් පවතින්න විදියක් නැනේ . එම නිසා ඔබට ස්තුතියි...! ජේසු පිහිටයි..!(නු)

:       0       0

සදරුවන් Sunday, 06 January 2013 12:29 PM

සර්ව බලධාරී කියන්නෙත් බුදු දහමේ කියැවෙන මාර්ගයක් තමයි. (නි)

:       0       0

ලාරා Saturday, 22 December 2012 11:36 PM

අම්මෝ! සෞදියට අපේ අම්මලා, නංගිලා යවන්න නම් එපා. වදින්නම්. (නි)

:       0       0

නිත්‍යා Tuesday, 08 January 2013 02:51 PM

ඒකනම් ඇත්ත තමයි (ස)

:       0       0

චින්තක Sunday, 23 December 2012 11:21 PM

ආගම්වලට ගරුකරන එක බොහොම පින් ඇති දෙයක් (දී)

:       0       0

අමිල Friday, 04 January 2013 04:12 PM

ඇත්ත අපේ වගකීමක් ඒක (දී)

:       0       0

ධම්ම Saturday, 05 January 2013 05:53 PM

සෑම ආගමකටම අපි ගරු කරන්න ඕනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 25 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 59 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 767 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 501 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 386 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1661 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 688 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 178 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1209 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site