සාමාන්‍යයෙන් රජයේ දේපල පමණක් නොව භාණ්ඩාගාරයේ මුදල් පවා තම තමන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගැනීමේ චෝදනා එල්ල වෙන්නේ දේශපාලනඥයන්ට එරෙහිවය. ඇතැම් විට එවැනි චෝදනා රජයේ නිලධාරීන්ට ද එල්ල වෙන අවස්ථා තිබේ. ගලා යන ජලයෙන් දිය දෝතක් ගත්තට වරදක් නැතැයි සිතන නිලධාරීහු එවැනි දූෂිත, වංචනික ක්‍රියාවලට සම්බන්ධ වෙති. හතර වටෙන්ම තමන්ගේ හැන්දෙන් තමන්ගේම පිඟානට ඇති තරම් බෙදා ගන්නා සිදුවීම් දකින විට ඒ ගැන ඔවුන්ට ද සිතක් පහළවීම ගැන එක අතකින් පුදුමයට පත්විය යුතු නැත.
මාතර කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද සිදුවී ඇතැයි කියන්නේ එවැනි ක්‍රියාවක් බව බැලු බැල්මට පෙනී යයි. කඹුරුපිටියේ ඉතා ඉහළ උපයෝගිතාවකින් යුත් රජයේ ඉඩමක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේම නිලධාරීන් 33ක් අතරේ බෙදා ගැනීම එම සිද්ධියයි. අපගේ ලංකාදීප පුවත්පතේ සඳහන් පරිදි මාතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් තිස්තුන් දෙනකුගේ නමට මෙම ඉඩමෙන් අක්කර 05ක් පවරා ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිල්ලට අනුව එක් නිලධාරියකුට පර්චස් 20ක් බැගින් ලබාදී ඇති බවද සඳහන්ය. ඉතා ඉහළ වටිනාකමක් ඇති ඉඩමකින් පර්චසය රුපියල් දහසකට තක්සේරු කර ඒවා පවරා ගැනීමට ක්‍රියා කිරීමෙන් එම නිලධාරීන් සිදුකර ඇත්තේ බරපතළ වංචනික ක්‍රියාවකි. එවැනි ක්‍රියාවලට ඉඩක් තිබිය යුතු නැත.
රජයේ සමහර ඉඩම් රටේ පුරවැසියන්ගේ අවශ්‍යතා අනුව ඔවුන්ට බෙදා දීමට කටයුතු කරන අවස්ථා තිබේ. ඒ අවස්ථාවල දී පවතින රජය මගින් ගනු ලබන දේශපාලනික තීන්දු මෙන්ම වෙනත් පෙදෙස් මත ද එවැනි අකාරයට රජයේ ඉඩම් බෙදා දීම සිදු කිරීම වැරැද්දක් වශයෙන් දැකිය නොහැක. ඉඩම් අඟලක හිමිකමක් නොමැති පුරවැසියකුට පර්චස් දහයකට නොව පහළොවක ඉඩම් කැබැල්ලක් ලබාදීමට කිසිවකුත් එරෙහි වන්නේත් නැත. එහෙත් මේ අවස්ථාවේදී ඉඩම් බෙදාදීම සිදුවී ඇත්තේ නැති බැරි පිරිසකට නොවේ. රජයේ රැකියාවල නියුතු එසේම ඉඩම් පිළිබඳ කටයුතු කිරීමට බලය පවරා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේම රාජකාරි කරන නිලධාරීන් තමන්ගේම නමට ඉඩම් කුණු කොල්ලයට ලබා ගැනීමය. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල දී මෙම ඉඩම වෙනත් කාර්යයක් සඳහා යොදා ගන්නා ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට හා මාතර දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබියදීත් එම ඉඩමෙන් අක්කර 05ක් හොර රහසේම මෙසේ බෙදාගැනීම බලවත් වරදකි. එවැනි වැරදි කිරීම රාජ්‍ය සේවයේ කීර්තිනාමය පළුදු කිරීමකි.
රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලයට තමන්ගේ නමට ලියාගන්නා නිලධාරීන් පමණක් නොව දේශපාලකයෝ ද වෙති. රටේ ජනතාවට නම් මහ දවාලේ සිදුවන මෙවැනි ඉඩම් ‘‘කොල්කෑම්’’ පිළිබඳ හොඳට අසා පුරුදුය. එසේ තිබියදී සමහරුන් ඊට විරෝධය නොදක්වන්නේ තමන්ට ද කවදා හෝ රජයේ ඉඩමකින් කෑල්ලක් කුණු කොල්ලයට ලබා ගැනීමට හැකිවේය යන බලාපොරොත්තුව ඔවුන්ගේ ද සිතේ කොනක රැඳී තිබෙන නිසා විය හැකිය. එහෙත් බහුතර දෙනා මෙසේ රජය සතු ඉඩම් කොල්ල කෑමේ ක්‍රියාවලියට සහමුලින්ම විරුද්ධය. එහෙත් තමන්ට වඩා ධනවත් බලවත් පිරිසකට එරෙහිවීමට ශක්තියක් නොමැති නිසා මේ වැඩිදෙනා නිහඬව සිටිති. එහෙත් කඹුරුපිටිය සිදුවීමේදී මේ අසාධාරණ, අයුක්ති සහගත වංචනික ක්‍රියාව පිළිබඳ තොරතුරු සොයාගෙන ඒ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට කව්රුන් හෝ පියවර ගෙන තිබේ. සිද්ධිය රට හමුවේ දිග හැරුණේ ඒ හේතුවෙනි.
අදාළ පරීක්ෂණ මේ වනවිට අල්ලස් කොමිසම මගින් ආරම්භ කර තිබේ. එම පරීක්ෂණ හැකි ඉක්මනින් අවසන් කර මේ නිලධාරීන් සිදුකර ඇති වැරැද්දට ඔවුන්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතුය. මෙවැනි වැරැදි ඉදිරියේ දී හෝ අධෛර්යවත් කළ හැක්කේ එවැනි ක්‍රියාමාර්ගයකින් පමණි.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හැන්ද අතේ තියාගෙන ඉඩම් බෙදාගත් නිලධාරීහු
Chandima Tuesday, 19 March 2024 01:32 PM
හරියට මන්ත්‍රීලා වුණා ම ඡන්දේ දීලා උන්ට ගෙවන වාහනවල තීරැ බදු කපා හැරියා වගේ වැඩක්ද?