IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


සී ප්ලේන් සහ බෝට්ටු ව්‍යාපෘතියකින් පරාක‍්‍රම සමුද්‍රයේ ගොවි අරගලයක්

සංචාරක බෝට්ටු සේවාවක් පවත්වාගෙන යාම සඳහා සේවා බදුදීම යටතේ මේ වසරේ පෙබරවාරි මාසයේ දී ප‍්‍රසිද්ධ පුවත්පත් මගින් පළකරන ලද දැන්වීමකට අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් එසේ සංචාරක බෝට්ටු පැවැත්වීම සඳහා යෝජිත වී ඇති වැව් හා ජලාශ සංඛ්‍යාව 22 කි. ඉන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පරාක‍්‍රම සමුද්‍ර ජලාශය, මින්නේරි හා ගිරිතලේ යන වැව් මත සංචාරක බෝට්ටු සේවාවන් පැවැත්වීම සඳහා  ලංසු කැඳවා තිබිණි. වසර මුලදී ප‍්‍රසිද්ධ කරනු ලැබූ එම දැන්වීමට අනුව මේ වන විට පොලොන්නරුව නගරයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් පරාක‍්‍රම සමුද්‍ර ජලාශයේ සංචාරකයින් ගේ ප‍්‍රයෝජනය සඳහා එක් යුගල බෝට්ටු සේවාවක් පවත්වාගෙන යමින් සිටි. දැනට පොලොන්නරුව තානායම අසල රඳවා තිබෙන මෙම බෝට්ටුවේ පස් දෙනෙකුට එකවර ගමන් කළ හැකි අතර වැව මධ්‍යයේ පිහිටි කුරුලූ ඳුපත වෙත ගොස් ඒම සඳහා විනාඩි 45 ක එක් ගමන් වාරයකට රුපියල් 200 ක් අයකරනු ලැබේ. මේ අතර ඉකුත් සතියේදී පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයට බටහිරින් වූ කලහගල ධීවර ගම්මානය මතින් ජලාශය වෙත පිවිසුම් මාවතේ වූ විශාල ගස් ගලවා ඉවත් කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව අදහස් පලකළ ස්වාධීන මානව හිමිකම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරුවකු වන සුජීව ගයානාත් මහතා අප හා ප‍්‍රකාශ කර සිටියේ ලබන වසර මුලදී පරාක‍්‍රම සමුද්‍ර ජලාශය මතට ගොඩබෑමට නියමිත සී ප්ලේන් සඳහා වන ගුවන් යානා ධාවන පථය සැකසීමට මෙසේ එම ධීවර ගම්මානය හරහා පරාක‍්‍රම සමුද්‍ර ජලාශය වෙත පිවිසුම් මාර්ගයේ වන ගස් ගලවා ඉවත් කරන බවය.මීගමුව කළපුව මතට සී ප්ලේන් ගොඩ බැස්සීමේ දී වුවමනා වූ ගුවන් පථය සඳහා මීටර් තුනහමාරක් උසැති මීටර් 500 හා මීටර් 1000 දක්වා පළලැති හා කිලෝමීටර් 01 දිග ධාවන පථයක් අවශ්‍ය වූ බව සඳහන්ය. මෙවැනි ධාවන පථයක් කිසිවෙකුට පරිහරණය කළ නොහැකි සේ ආරක්ෂිතව වෙන්කර තැබිය යුතු අතර එවිට ඒ ආශ‍්‍රිත පදිංචිකරුවන් කිලෝමීටර් 02 ක වපසරියක් තුළ ඉවත් කිරීමට සිදුවනු ඇත. එසේ හෙයින් මෙම සී ප්ලේන් ව්‍යාපෘතියේ දී ධීවර ජනතාවට එහි ආරම්භක පියවරේදීම තම පදිංචි ගේ දොර හා රැකියා මාර්ග අහිමි වන්නේය. මෙහිදී වත්මනේ සැලසුම් කරමින් පවතින කලහගල ආශ‍්‍රිත ගුවන් පථයට යෝජිත ධීවර ගම්මානයේ ජීවත්වන ජනතාව මෙහි පදිංචියට පැමිණ වසර 20 කටත් වැඩිය. මේ වන විට එම ගම්මානයෙහි ස්ථිර නිවාස සඳහා ජලය විදුලිය ලබා ගෙන ඇත්තේද නීත්‍යානුකූල අවසරය මතය. එහෙත් මෙම සංචාරක ව්‍යාපෘතිය පිළිබඳව යෝජනාව ඉදිරිපත්වූ තැන සිට මෙම ධීවර ගම්මානයේ ජීවත්වන ධීවරයින් හට ජාතික නිවාස අධිකාරියෙන් හෝ වෙනත් රාජ්‍ය නොවන මූල්‍ය ආයතනවලින් හෝ තම නිවාස අලූත්වැඩියාවට හෝ නව නිවාස තැනීමට ණය පහසුකම් ලබාදීම නවතා ඇතැයි ඔවුහු චෝදනා නගති. රජරට වැව් ආශ‍්‍රිතව දක්නට ලැබෙන දියකාවුන් වැනි පක්ෂීන් ඇතැම් කාලවලදී වැව් හරහා ලක්ෂ ගණනින් පියාඹනු දැකීම සාමාන්‍ය දසුනකි. සී ප්ලේන් වැව් දිය මතත් වැව් ජලතලයට තරමක් ඉහළින් ඉගිලීමත් එවැනි කුරුලූ විශේෂ වලද අවසානය වනු ඇති බව මේ පිළිබඳව තම විරෝධය පළ කරන පරිසර වේදීහු පෙන්වා දෙති. පොලොන්නරුව දිස්ත‍්‍රික්කය ගත් කළ පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ ආදී වැව් ආශ‍්‍රිතව සියල්ල රැඳී පවතින්නේ වී ගොවිතැන මතය. වැව් දියවර තම ඒකායන ජීවන  මාර්ගය කරගත් ගොවීහු යල මහ කන්න දෙකම වී ගොවිතැනින් සැනහෙති. තවත් විශාල පිරිසක් වැව් දියෙන් පෝෂිත සරු වී අස්වැන්න සහල් බවට පරිවර්තනය කරමින් ජීවත්වෙති. පිරිසක් ගොවිතැන සඳහා වන කෘෂි උපකරණ නිෂ්පාදනය කිරීමෙන් අලූත්වැඩියා කිරීමෙන් ජීවත්වෙති. දිස්ත‍්‍රික්කයේ ස්ථාපිත විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන වානිජ බැංකු, රක්ෂණ සමාගම් ආදියෙහි ගනුදෙනුකරුවන් අතර සියයට අනූපහක් ම ගොවියෝම වෙති. එහෙයින් වැව හා බැඳුනු මේ කෘෂිකාර්මික ජීවන රටාව තුළ මේ සියලූ ව්‍යාපාර රැඳී පවතී. යෝජිත සී ප්ලේන් ව්‍යාපෘතිය පිළිබඳව අප පොලොන්නරුවේ දිසාපති වරයා සහ වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගෙන් විමසීම් කළද එවැන්නක් පිළිබඳව තමන් තවමත් දැනුවත් වී නැති බව ඔවුහු පවසති. මේ වන විට ප‍්‍රසම්පාදන ලංසු කැඳවා අවසන් කොට තිබෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල සංචාරක මෝටර් බෝට්ටු සේවාව සඳහා පොලොන්නරුවේ ඉහත කී වැව් තුනට අමතරව අනුරාධපුර තිසා වැව සහ නාච්චාඳුව වැවද වෙති. යෝජිත වැව් 22 අතරේ තිබෙන ශ්‍රී ලංකාවේ වැව් අතරේ කන්තලේ වැව, මන්නාරම යෝධවැව, තිස්සමහාරාමයේ තිස්ස වැව හා යෝධ වැවද වැල්ලවායේ හඳපානාගල වැවද වෙති. පොලොන්නරුවට පැමිණෙන විදේශ සංචාරකයින් සඳහා ගුවන් මගින් පොලොන්නරුව වෙත පැමිණීමේදී මෙතෙක් ගුවන් ගමන් සඳහා ප‍්‍රයෝජනයක් ගෙන නැති හිඟුරක්ගොඩ හා සීගිරිය යන ගුවන් තොටුපලවල් යොදාගන්නා ලෙස ඉල්ලා සිටින ගොවීහු සහ ධීවර ජනතාව මෙම ගුවන්තොටුපළවල් දෙකෙහිම සිට පොලොන්නරුව පැරැණි නගරය වෙත ප‍්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණීමට ගතවන කාලය විනාඩි 30 ක් 45 ක් බවද වැඩිදුරටත් පෙන්වා දෙති. මේ දිනවල පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට පවතින්නේ දැඩි නියඟය සහිත කාලගුණයකි. දිස්ත‍්‍රික්කයේ සියලූම ප‍්‍රධාන වැව් හා ජලාශවල ජලය රැඳී ඇත්තේ එහි ගැඹුරුම ප‍්‍රදේශයේ පමණි. පරාක‍්‍රම සමුද්‍රය ජලාශයේ බැලූතෙක් මානයේ ඇත්තේ ජලය සිඳීගිය තණ පිට්ටනි, පමණි. වැවට බැස ජලය සොයා වැව තුළම බොහෝ දුර ඇවිදයාමට සිදුවී තිබේ. පරාක‍්‍රම සමුද්‍රය ජලාශයට නැගෙනහිරින් පිහිටි බැඳිවැව ධීවර ගම්මානයේ සහ ජලාශයට බටහිරින් පිහිටි කලහගල ධීවර ගම්මානයේ වැසියෝ මේ නියඟයෙන් බරපතල ලෙස පීඩා විඳිති. ඔවුන් පානය කිරීමට ද ජලය ලබාගන්නේ පරාක‍්‍රම සමුද්‍රය ජලාශයෙනි. සවස් වෙද්දී බොහෝ දරුපවුල් පිටින් වැවට බසින්නේ අඹුසැමියෝ ධීවර කර්මාන්තයටත් දරු දැරියෝ දිය නෑමටත් පානය සඳහා ජලය ලබාගත හැකි සියලූම වර්ගයේ බූලි, කළගෙඩි, හට්ටි මුට්ටි වැව් දියෙන් පුරවාගෙන නිවසට ගෙන යාමේ යුද්ධයටයි. නියඟය බරපතල ලෙස ධීවර පවුල් ආක‍්‍රමණය කොට තිබෙන මේ වකවානුවේ ඔවුන් සිත් සතන් අවුල් කරමින් රජයේ අලූත් යෝජනාවක් කෙරෙහි ඔවුහු සැක උපදවාගෙන සිටිති. සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමේ පියවරක් ලෙස පරාක‍්‍රම සමුද්‍රය, ගිරිතලේ හා මින්නේරිය ප‍්‍රධාන ජලාශයන්හි මුහුදු ගුවන් යානා (සී ප්ලේන්) ගොඩ බැස්සවීම පිළිබඳව වූ යෝජනාව ගැන ඔවුහු තම බිය පළකර සිටිති. මේ පිළිබඳව කතිකාවක් අරඹමින් ඉකුත් 18 දා කදුරුවෙල පිහිටි සමුපකාර සංගම් ශාලාවට රැුස්වූ ධීවර සහයෝගතා සම්මේලනය හමුවේ අදහස් පළකල පොලොන්නරුව ගොවි සම්මේලනය සභාපති කවුඩුල්ලේ ජයතිස්ස මහතා මෙසේ පැවසීය. ”පොලොන්නරුවෙ අපට වැව කියන්නේ අපේ හුස්ම ටිකයි. මේ හැමදේම රඳා පවතින්නෙ වැවේ වතුර ටිකට පිංසිද්ධ වෙන්නයි. ඉතින් වැවට සීමා තහංචි දාලා, දියුණු කරන්න යන සංවර්ධනයක් ගැන මට නම් හිතාගන්නවත් බෑ. පොලොන්නරුවේ ගොවිතැනත් ධීවර කර්මාන්තයත් දෙවැනි තැනට දාලා සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා කියන්නෙ ආයෙමත් අපි මුලට යනව කියන එකයි. කාලිංග මාඝ යුද්ධයේදී වැව් අමුණු කඩා බිඳ දාලා ශ්‍රී ලාංකිකයාගේ කොඳු ඇට පේලිය වුණු වී ගොවිතැන මරාදමන්න එදා විජාතික බලවේග ගත් උත්සාහයම අදටත් සිද්ධවෙන්න යනවද කියල අපට සැක හිතෙනව.” පරාක‍්‍රම සමුද්‍ර ජලාශය ආසන්නයේ වූ බැඳිවැව ධීවර ගම්මානයේ වෙසෙන බී.ඒ. ඇන්ටනි මෙසේ කියයි. ”සී ප්ලේන් වැවට දානවා කියන්නෙ. ඒ සඳහා ධාවන පථයක් අවශ්‍යයි. ධාවන පථය ඉදිවෙන්නෙ අපේ ධීවර ගම්මානය මැද්දෙන්. එහිදී තමන්ගෙ ගෙවල් දොරවල් අහිමිවන අයට හබරණ ඊරිගෙඔය ගම්මානයෙන් ඉඩම් දෙන බවට කථා තියෙනව. මාලූ අල්ලලා ජීවත්වුනු අපට ඊරිගෙඔයට ගිහින් හේන් කපන්නයි වෙන්නෙ. දැන් වැවේ වතුර අඩියට හිඳිල. අවුරුදු 3-4 කට වතාවක් මේ වගේ නියඟයක් පොලොන්නරුවට එනව. ඒ කාලෙට ගොවිතැනට වතුර මදිඋනාම කෘෂිකර්ම බලධාරීන් බෙත්මක‍්‍රමයට කියල එක කුඹුර දෙකට බෙදල වැඩ කරගන්න කියල තියෙන වතුර ටිකට සෑහෙන්න වගා කරන කුඹුරු වපසරිය අඩුකරනව. ඉතින් සී ප්ලේන් බාන්න වැවේ ජල මට්ටම මීටර් 8.3 ක් රඳවාගන්න වුවමනා බව කියනව. එහෙම වුනාම කුඹුරු කරන්න වතුර ගන්න වෙන්නෙ නෑ. සී ප්ලේන් සංචාරයට අපිට වැව පරිත්‍යාග කරල නිකා ඉන්න සිද්ධ වෙනව. මට මතකයි 1980 අවුරුද්දෙ උපාලි විජේවර්ධන මහත්තයගෙ සී ප්ලේන් එකක් පරාක‍්‍රම සමුද්‍ර ජලාශයේ ගමන් කරල අපේ ධීවරයින්ගෙ දැල් ගණනාවක් කැපිල, ඉරිල ගියා. එදා ඒ අය ධීවරයින්ට දැල්වල අලාභය මුදලින් ගෙව්ව. වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති යුද්ධය හමාරවී ගතවන මේ වකවානුවේ පොලොන්නරුව පැරැුණි නගරය නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ ප‍්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් තිබේ. එහෙයින්ම දිනෙන් දින සංචාරකයින් සඳහා නවාතැන් පහසුකම් සැපයීමේ මෙන්ම මග පෙන්වීමේ විවිධ ක‍්‍රමෝපායන් සකසන පොලොන්නරුවේ ව්‍යාපාරික ප‍්‍රජාවට නම් මේ දිනවල කිසිදු ඉසිඹුවක් නැත. සංචාරකයින් සඳහා ප‍්‍රවාහන පහසුකම් සපයන්නෙකු වූ පොලොන්නරුවේ අරුණ කුමාරසිංහ මහතා කියන්නේ මෙම බියවීමට පදනමක් නොමැති බවය. ”මිනිස්සු නිකං කලබල වෙලා. සී ප්ලේන් යන්න වැවේ වතුර පිරිලම තියෙන්න  ඕනෑ නෑ. මේ දවස්වල හිඳිල තියෙන වැවේ තෙප්පම් ඇලෙන් සී ප්ලේන් එකකට ගමන් කරන්න පුලූවන්. හැමදේටම අපේ මිනිස්සු කලබල වෙනවා. සී ප්ලේන් එකෙන් තෙල් කාන්දුවෙන්නෙ නෑ. වැවේ වතුර ඒ නිසා දුෂ්‍ය වෙන්නෙ කොහොමද? සී ප්ලේන් එකකට ගුවන්පථ අලූතෙන් හදන්න වුවමනා වෙන්නෙ නෑ. ධීවරයන්ටත් ගොවීන්ටවත් මේකෙන් හානියක් සිද්ධ වෙන්නෙ නෑ. ලෝකෙ යන අතට අපිත් ගමන් කරන්න  ඕනෑ. ගෝත‍්‍රිකයො වගේ අපි එකම දේ ගැන හිත හිතා කල්ගතකරන්න පුලූවන්ද? අවුරුදු 30 ක්ම අපේ රටට ආගන්තුකයො ආවේ නෑ. ත‍්‍රස්තවාදයෙන් මිදුනු මේ රට ආයෙමත් ලෝකෙට සුන්දර රටක් කියල පෙන්වන්න තියෙන අවස්ථාවයි මේ උදාවෙලා තියෙන්නෙ. ඔහු කීය.



අදහස් (0)

සී ප්ලේන් සහ බෝට්ටු ව්‍යාපෘතියකින් පරාක‍්‍රම සමුද්‍රයේ ගොවි අරගලයක්

නිත්‍යා Saturday, 12 January 2013 03:46 PM

කරන දෙයක් සැලසුමක් ඇතුව කරන්න. (ස)

:       0       0

ජය Saturday, 08 October 2011 11:44 AM

අටුව කඩල පුටුව හදන්න ‍එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 232 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 111 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 236 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 132 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 606 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4815 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site