මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී අදට (08) වසර නවයක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මාදුළුවාවේ සෝභිත මහනාහිමිපාණන් වහන්සේගේ දුරදර්ශීත්වය නොවුවේ නම්, උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය නොපැවතියේ නම් උන්වහන්සේගේ අති දැවැන්ත නායකත්වය මේ සමාජයට ලබා නොදුන්නේ නම් 2015 ජනවාරි මස 08 වැනිදා මේ රටේ ජනතාව ලබාගත් ඓතිහාසික ජයග්‍රහණය බොහෝ දුරට සිහිනයක් වන්නට ඉඩ තිබුණි. එදා ඒ ආකාරයට යුග පෙරළියක් සිදු නොවුයේ නම් අද වනවිට ජනතාව ලබා ගනිමින් සිටින ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ කිසිවක් අත්කර ගත නොහැකි ඒකාධිකාරි පාලන ව්‍යුහයක් රට තුළ ස්ථාපිතව පවතින්නට ඉඩකඩ තිබුණි.
එවැනි තත්වයක් තුළ රටක් ලෙස අද මේ සමාජය යම් හෝ බලාපොරොත්තු දල්වා ගනිමින් සිටින්නේ නම් ඒ සඳහා තීරණාත්මක පදනමක් වැටුණේ එදා උන්වහන්සේ ජාතියට ලබාදුන් නායකත්වය අනුදත් ජනතාව ලබාගත් එකී ජයග්‍රහණය හේතුවෙනි.
ඒ ජයග්‍රහණය මඟින් උන්වහන්සේ ද සමස්ත සමාජය ද අපේක්ෂා කළ ජාතික කාර්යභාර්ය ඒ ආකාරයටම අත්පත් කර දීමට එදා ජනතාවගේ කර මතින් බලයට පත් පාලනය දක්වන ලද පසුබෑම නැතහොත් නොදැක්ම හේතුවෙන් අන් සියල්ලටම පෙර ගිලන් වූයේ උන්වහන්සේය. දේශපාලනික, ආර්ථික හා සමාජීය වශයෙන් මේ රට ගිලන් වෙමින් පවතින බව බොහෝ දෙනෙකුට දැකගත හැකි වූයේ ඉන් පසුවය. අවසානයේ සමස්ත ජාතියම කම්පාවට පත් කරමින් උන්වහන්සේ 2015 නොවැම්බර් මස 08 වැනිදා තම මාතෘ භූමියෙන් සමු ගත්හ.
එහිදී අප අවධානය යොමු කළ යුත්තේ උන්වහන්සේ ප්‍රාර්ථනා කළ, අපේක්ෂා කළ හා සිය ජීවිත කාලය පුරා මහත් වැර වෑයමින් ගොඩනඟා ගැනීමට මැදිහත් වූයේ කුමන ආකාරයේ ශ්‍රී ලංකාවක් ද යන්න පිළිබඳවය. එහෙත් එහිදී උන්වහන්සේ ඒ සියල්ල සඳහා මැදිහත් වූයේ බල දේශපාලනය තුළ කිසිදු තනතුරක් හෝ වරප්‍රසාදයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් යුතුව නොවේ. ඉතාමත් පැහැදිලිව සඳහන් කරන්නේ නම් මාදුළුවාවේ සෝභිත නායක හිමියන් පක්ෂ දේශපාලනයේ නිමග්න වූ භික්ෂූන් වහන්සේ කෙනෙකු නොවීය. උන්වහන්සේ පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවූවා පමණක් නොව භික්ෂූන් වහන්සේලා පක්ෂ දේශපාලනයට අවතීර්ණ වීම ද අනුමත නොකලෙහිය. ඒ බව වාදිභසිංහයාණෝ කෘතියට ලබාදුන් සාකච්ඡාවකදී ද සිය වචනයෙන්ම උන්වහන්සේ අවධාරණය කර ඇත. මටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින්න ආරාධනා ලැබුණා. මම ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි භික්ෂූන් වහන්සේලා පක්ෂ දේශපාලනයට නොයා යුතුයි. කියන එක. අපට ඊට වඩා පුළුල් දේශපාලනයක් තියෙනවා. ඒ තමයි වල්පොළ රාහුල හාමුදුරුවෝ භික්ෂුවකගේ උරුමය පොතෙන් පෙන්වා දීපු යක්කඩුවේ නායක හාමුදුරුවෝ විද්‍යාලංකාර ප්‍රකාශනයෙන් පෙන්වා දීපු පරාර්ථ චාර්යාව’’
උන්වහන්සේ නිරත වූයේ එවැනි දේශපාලනයක මිස තමන්ට බලය ලබා ගැනීම සඳහා හෝ අනෙකෙකුට බලය අහිමි කරලීම අරමුණු කරගත් දේශපාලනයක නොවේ. එහිදී උන්වහන්සේට රට වෙනුවෙන් වූ දර්ශනයක් තිබිණ. එකී දර්ශනය පදනම් වූයේ උන්වහන්සේ පෙන්වා දුන් දස වැදෑරුම් ප්‍රතිපත්ති මතය. එයට අන්තර්ගතව තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය, නීතියේ ආධිපත්‍යය, ජාතික හා ආගමික සංහිඳියාව, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කර ඉහළ ගුණාත්මක ප්‍රතිඵල ලබාගැනීම මානව අයිතිවාසිකම් හා නිදහස සහතික කරගැනීම, කාන්තාවන්ගේ හා දරුවන්ගේ ආරක්ෂාව, පරිසරයේ තිරසරභාවය වැනි කරුණු කාරණා සහතික කෙරෙන ශිෂ්ට සම්පන්න හා නීති ගරුක සමාජයක් නිර්මාණය කරගැනීමේ අධිෂ්ඨානයයි.
එකී අරමුණු ඉටු කරගැනීමේ අපේක්ෂාවෙන් උන්වහන්සේ ගොඩ නැඟූ ශක්තිමත් සංවධාන ව්‍යූහයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පෙන්වාදිය හැකිය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ගොඩනඟමින් හා ඊට සමාරම්භක නායකත්වය ලබාදීම මඟින් උන්වහන්සේ අපේක්ෂා කළේ රටට යහපත් ආණ්ඩුක්‍රමයක් හා ඒ මගින් ජනතාවට වගකියන එමෙන්ම ජනතාව උදෙසා වන ආණ්ඩුකරණයක් නිර්මාණය කර ගැනීමටය. එවැනි ආණ්ඩුක්‍රමයක ඒකාධිපති බලයක් නිර්මාණය කරන ජනාධිපති ක්‍රමයකට කිසිදු ඉඩක් නොමැති බව මෙන්ම 1978 ව්‍යවස්ථාව මගින් නිර්මාණය කර ඇති විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වන තුරු යහපත් ආණ්ඩු ක්‍රමයක් හෝ ජනතාවට වගවන ආණ්ඩුකරණයක් බිහිකර ගත නොහැකි බව සියලු පාර්ශ්වයන්ට වටහා ගත හැකි ආකාරයට ප්‍රකාශ කළ ප්‍රමුඛතම චරිතය උන්වහන්සේය. උන්වහන්සේ ඒ බව රටට ප්‍රකාශ කළා පමණක් නොව ඒ වෙනුවෙන් එඩිතරව පෙනී සිටියහ. තර්ජන, ගර්ජන මැද, උපහාස අපහාස අතර මරණ තර්ජන පමණක් නොව තමන් වහන්සේ ඝාතනය කිරීම සඳහා ගනු ලැබූ සාහසික උත්සහයන් ඉදිරියේ පවා උන්වහන්සේගේ එකී අරමුණ දුර්මුඛ කරලීමට කිසිවකුට නොහැකි විය. ඒ පෙනි සිටීම පුද්ගලයෙකු ඉලක්ක කරගෙන හෝ එක් කණ්ඩායමක් පරාජය කිරීමේ අරමුණකින් සිදුකළ එකක් නොවීය. තම දැක්ම හා රටේ යහපත උදෙසා ගත යුතුව ඇති මග පැහැදිලි කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සිදු කරන ලද පෙනී සිටීමක් විය.
2015 ආණ්ඩු පෙරළිය එහි ප්‍රතිඵලය විය. එහෙත් ජාතියේ අවශ්‍යතාව වෙනුවෙන් සිදුකළ යුතුව පැවති වගකීම පිළිබඳව උන්වහන්සේගේ නිර්දේශය මත ජනතාව විශ්වාසය තබා බලය පවරා දුන් අය වෙතින් එය ඉටු වුයේ ද යන්න අප අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. රටක් ලෙස අප අත්විඳි බොහෝ ඛේදවාචකයන්ට තුඩු දුන් කරුණු කාරණා අදට ද යාවත්කාලීන වන්නේ එවැනි තීරණාත්මක වැරදි හා මගහැරීම් නිසාමය.
අද වනවිට මේ රටේ සබුද්ධික බහුතර ජනතාව ඒ බව තේරුම් ගෙන සිටීම ඉතා වැදගත්ය. මේ රටේ ජනතාව අද වනවිට System Changeනොහොත් ක්‍රම වෙනසක් ඉල්ලා සිටින්නේ ඒ නිසාය. ඒ සඳහා වන තම අපේක්ෂාව ද පෙනී සිටීම ද ඔවුන් විසින් ඉතා පැහැදිලි ලෙස මේ වනවිටත් ප්‍රදර්ශනය කර තිබේ.
මේ රටේ අපේ හාමුදුරුවරු එකතු වෙලා කළ යුතු මහා මෙහෙවරක් තියෙනවා. ඒක තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් ඇති. මේක තමයි විනාසෙට මුල. මේකේ තියෙන ඡන්ද ක්‍රමය මන්ත්‍රීවරු පත් කරන ක්‍රමය ඔක්කොම වැරදියි. ඒවායින් මේ රටට මහා විනාශයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යමයි.’’
(මාදුළුවාවේ සෝභිත හිමි සිය 70 වන ඡන්ද දිනයදා රට හමුවේ සිදුකරන ලද ප්‍රකාශයකි.)
(***)
කරු ජයසූරිය
සභාපති,
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.
දශක කිහිපයක් පුරා කාව්‍ය ග්‍රන්ථ විසිපහක් පමණ රචනා කරමින් සිංහල කවියෙහි තමන්ටම අනන්‍ය කවි ලකුණක් නිර්මාණය කරන්නට සමත් වූ ඔහු කුමාර හෙට්ටිආරච්චි ය. ඔහ
විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුමැතිය දීමේ යෝජනාවට අත්සන් කළේ 1948 දෙසැම්බර් 10 වැනිදාය. එයින් ලංකාව පමණක් නොව ලෝකයේ සියලුම රටවලට මානව හිමිකම්
අවසානයේ එය එසේ සිදුවිය. වසර 13 ක් තිස්සේ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට, එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ගෙන ගිය උත්සාහය සාර්ථක විය.
කොවිඩ් වසංගතයේ බලපෑම ලෝක ආර්ථිකයෙහි අර්බුද ඇති කළේය. භූ දේශපාලනය හා තාක්ෂණයේ දියුණුව බොහෝ රටවල තත්වය තවත් සංකීර්ණ කර ඇත. රටවල් ගණනාවක බරපතළ පෙරැළි සිද
උතුරු, නැගෙනහිර පළාත්වලට සීමාවූ දේශපාලන පක්ෂ හැර වෙනත් කිසිදු පක්ෂයක් මෙතෙක් නොලැබූ තරම් විශාල බලයක් මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ලැබී තිබේ.
මේ ගෙවෙමින් තිබෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ පළමු මාසයයි. අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසුව සාමාන්‍ය ආකාරයේ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වූයේද මේ සතියේ
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම
සාධාරණ සමාජයක් පැතූ මාදුළුවාවේ සෝභිත නාහිමි
Danuja Perera Saturday, 09 November 2024 01:17 AM
එතුමාට ආසන්නවත් හාමුදුරු නමක් දකින්නවත් නෑනේ අද..!!!
Ahmed (Gulf) Friday, 15 November 2024 08:02 PM
අද සෝභිත හිමියන්ගේ සිහිනය සත්‍ය වශයෙන්ම සැබැ වුනා..