IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සිංහල සංගීතයේ චෙලෝ වාදකයා නිහඬ වෙයි

(අකිල බද්දෙවිතාන)

ප්‍රවීණ සංගීත ශිල්පියකු වන සෝමපාල රත්නායක මහතා අද(18) අලුයම අභාවප්‍රාප්ත විය.

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ සොහොයුරකු වන සෝමපාල රත්නායක මහතා ජනප්‍රිය ගීත රැසකට තනු නිර්මාණය කළ අයෙකි.

හදිසියේ රෝගීවීම හේතුවෙන් ඊයේ(17) කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටි ඔහු අද(18) අලුයම ජීවිතක්ෂයට පත්විය.

ඩී. ජේමිස් රත්නායක හා අබේකෝන් මායාදුන්නේ සුමනාවතී මාපියන්ට දාව මහනුවර, කඩුගන්නාව ප්‍රදේශයේ උපත ලැබූ සෝමපාල රත්නායකයන් කඩුගන්නාව මහා විද්‍යාලයේ දී කේ.එම්.සුගතපාල මහතා යටතේ සංගීතයට අත්පොත් තැබීය.

ගායන ශිල්පී වික්ටර් රත්නායක ඇතුළු සහෝදර සහෝදරියන් 11 දෙනකුගෙන් යුතු පවුලේ ඔහු සිව්වැන්නා විය.

1960 දශකයේ දී ගොවි හමුදාවට බැඳුණු ඔහු පසුව වනජීවී දෙපාර්තමේන්තුවේ ද සේවය කර ඇත. පසුව සංගීතය කෙරෙහි ඇති නැඹුරුව හේතුවෙන්ම 1968 දී රජයේ ලලිත කලා ආයතනයට සම්බන්ධවන සෝමපාල රත්නායකයන් ආර්.ඒ.චන්ද්‍රසේන මහතා යටතේ සංගීතයේ පරතෙර සොයා ගියේය.

හේවුඩ් ආයතනයේ සිටි සමයේ දී ඔහුට සිය බිරිය වූ මේරි මාග්‍රට් මායාදුන්නේ හමුවී ඇති අතර ඇය සංගීත ගුරුවරියක් විය. ඔවුන් දෙපළට දූ පුතුන් සිව්දෙනෙකි. නමුත් එක් දරුවකු කුඩා අවදියේම මියගොස් ඇත.

පසු කලෙක චෙලෝ වාදනයට රුචිකත්වය දැක්වූ සෝමපාල රත්නායකයන් 70 සිට 90 දශක දක්වා මෙරට සියලු සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ චෙලෝ වාදකයා වීමට භාග්‍යය ලැබුවේය. චෙලෝ වාද්‍ය භාණ්ඩය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කරවීමට ඔහු විශාල දායකත්වයක් දරා ඇත.

හන්තානේ කතාව සිනමාපටය ඔස්සේ චිත්‍රපට සංගීතයට යොමුවන ඔහු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ටයිටස් තොටවත්තයන්ගේ ‘හඳයා‘ සිනමා පටයෙන් සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේය. ගිවන්ත අර්ථසාද් ගේ ‘දුටුගැමුණු‘ කාටුන් චිත්‍රපටය, උතුමාණනී, සාගරයක් මැද, කොටි වළිගය, නොමියෙන මිනිස්සු, අන්තිම රැය ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් වර්ණවත් වූ චිත්‍රපට අතර විය.

බිළිඳුනේ දරුවනේ, සිහිනෙන් ඇවිදින, මලක් නැති ගසක් වී, අරුන්දතී තාරකාව වැනි ගීත රැසකට තනු නිර්මාණයෙන් ද ඔහු දායක වී ඇත.

චිත්‍රපට 80කට පමණ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ සෝමපාල රත්නායකයන් මිය යන විට 69 වැනි වියේ පසුවිය.

ඔහුගේ දේහය වත්තල, උස්වැටකෙයියාව පිහිටි නිවසේ තැන්පත් කර ඇත.



අදහස් (2)

සිංහල සංගීතයේ චෙලෝ වාදකයා නිහඬ වෙයි

Athula Wednesday, 19 July 2017 07:55 AM

සංගීතවේදියාණනි, ඔබට නිවන් සුව .

:       0       4

Nishantha Wednesday, 19 July 2017 10:55 PM

සමාදානයේ සැතපේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site