කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා...
අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගි වන ලෙස පසුගියදා මා හට ආරාධනා ලැබිණි. එය සංවිධානය කරන ලද්දේ කොළඹ අලුතෙන් පිහිටුවනු ලැබූ විද්වත් කථිකා පවත්වන සංවිධානයක් වූ වීමංසා ආයතනය විසිනි. එම සාකච්ඡාව පැවැත්වූයේ ‘කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත’ ආශ්‍රයෙනි. වීමංසා ආයතනය ආරම්භක අවධියේදී රටේ උණු උණුවේ සාකච්ඡාවට ලක්වෙන ගැටලු සම්බන්ධයෙන් අන්තර්ජාල සාකච්ඡා වට පෙළක්ම පැවැත්වූයේය.
විදේශ ණය අර්බුදය, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් සම්බන්ධ කරගෙන ද, කොළඹ වරාය නගරය සම්බන්ධ පනත, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහභාගි කර ගෙන ද පැවැත්වූ සාකච්ඡා ඒ අතර කැපී පෙනිණි.
කොතලාවල ජාතික ආරක්ෂක විද්‍යාල පනත ද මේ වනවිටත් ඇතැම් විශ්වවිද්‍යාල විද්වතුන්ගේ උද්ඝෝෂණයට නතු වූ එම වර්ගයේම මාතෘකාවක් විය. ඔවුහු කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට අදාළ මූලික කාරණා තුනක් කේන්ද්‍ර කරගත් තර්ක ඉදිරිපත් කළහ. ඒ අනුව උසස් අධ්‍යාපනය මිලිටරිකරණයට (හමුදාකරණයට) ලක් කිරීම, අධ්‍යාපනය මුදලට විකිණීම හා අධ්‍යාපනය ගුණාත්මක අතින් පිරිහීම යන කරුණු කේන්ද්‍ර කරගෙන එම තර්ක ඉදිරිපත් විය. මෙම තර්ක කිසිවක් අන්තර්ජාතික වූ උසස් අධ්‍යාපනයට ප්‍රබල මූලධර්ම සපයමින් ශක්තිමත්ව ගොඩනගන ලද තර්ක නොවේ.
පූජනීය ගවයා
කෙසේ වුවද මා ඉදිරිපත් කරන්නේ වෙනත් කාරණයකි. මෙහිදී ඉදිරිපත් වූ තර්ක වලින් ගම්‍ය වන්නේ අප ශ්‍රී ලංකාව තුළ ගොඩ නගා ක්‍රියාවට නැංවූ අධ්‍යාපන ක්‍රමය ලෝකයේ ‘වඩාත් පරමාදර්ශීයම’ උසස් අධ්‍යාපනය යන්නයි. මෙම පූජනීය ගවයාට කිසිවකු අත නොතැබිය යුතුය. නිසි පරිදි රැකබලා ගැනීමක් නොකළ පෝෂණය වීමකින් තොරව උලාකන මෙකී පූජනීය ගවයා කලක පටන් රෝගී වී ඇති බව මගේ හැඟීමයි. එකී ගවයා බයිපාස් ශල්‍යකර්මවලට භාජන කරනු වෙනුවට එම සත්වයා පූර්ණ ප්‍රතිකර්මවලට භාජන කළ යුතුවේ. අන්තර්ජාල සාකච්ඡාවේදී බයිපාස් සැත්කම යන වචනය ගෙන හැර පෑවේ සාකච්ඡා සභාවේ එක් සාමාජිකාවක වූ ආචාර්ය සුජාතා ගමගේ විසිනි.
සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම දේශපාලන වශයෙන් වැරදි වූවක් වූ නිසා රජයේ ක්‍රමෝපායික ප්‍රවේශය වූයේ සියල්ල සුපුරුදු පරිදි කුණු වී යද්දී අවම වශයෙන් කොටසක් හෝ නිවැරදිව කිරීම සඳහා බයිපාස් සැත්කම දෙසට යොමු වීමයි. උසස් අධ්‍යාපන අංශයේ පවා ඇතැම් බයිපාස් සැත්කම් සාර්ථක භාවයට පත්විය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික ආයතනය (SLIIT) පිහිටුවීම ඊට එක් උදාහරණයකි. ඇතැම් අවස්ථාවල බයිපාස් සැත්කම් සාර්ථක වූයේ නැත. සයිටමය හෙවත් දකුණු ආසියානු තාක්ෂණික හා වෛද්‍ය ආයතනය පිහිටුවීම මෑතකදී සිදුවූ අසාර්ථක බයිපාස් සැත්කම් වලට උදාහරණයකි.
අද දවසේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අංශයේ පවතින ප්‍රධාන ගැටලුවේ, රෝග නිධානය සොයා යන්නට අප යොමු වන්නේ නම් මම සියල්ල ගොනුකර එක්තරා මූලික වූ දෝෂයක් මත ගොඩ ගසන්නට කැමැත්තෙමි. එනම් පිටතට නිරාවරණය නොවීමය. උසස් අධ්‍යාපනයේ මෙම අවහිරය මග හරවා ගැනීමේ මූලික කඩඉමක් 2010 රජයේ අනාගත ප්‍රතිපත්තිමය දැක්ම වූ මහින්ද චින්තනයෙන් ඉදිරිපත් කරන ලදී. එය ආසියාවේ ගෝලීය දැනුම් (චින්තන) කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කරලීම උදෙසා ඉදිරියට තබන්නට යෝජනා වූ යෝධ පිම්මකි. කලාපයේ ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් බවට මේ රට පත්ව තිබූ අතීත ශ්‍රී විභූතිය ගැන දක්වමින් මෙම ප්‍රතිපත්ති පත්‍රිකාවේ කාලයක් පුරා සිදුවූ පිරිහීම හඳුනාගෙන තිබිණි.
එමෙන්ම එම ප්‍රතිපත්ති පත්‍රිකාවේ උගත් තරුණයන්ගේ විරැකියාව පිළිබඳ ගැටලුවත් බුද්ධි පාලනය පිළිබඳ ගැටලුවත් අවධාරණය කර තිබිණි. එකී ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයේ අරමුණ ලෙස හඳුනාගෙන තිබුණේ ලෝක අධ්‍යාපනයේ ප්‍රමුඛ කේන්ද්‍රස්ථානයක් බවට මෙරට පත්කොට ශ්‍රී ලංකාව ප්‍රධාන අංශයන්හි ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කරලීමේ අවශ්‍යතා හා සමගාමී වූ චින්තනය (දැනුම) නිර්මාණ කිරීමයි. එවැනි දැක්මක් තුළින් ශ්‍රී ලංකාව උසස් අධ්‍යාපනයේ විශිෂ්ට කේන්ද්‍රස්ථානයක් බවට පත්කරලීමේ ගමන ඉදිරියට ගෙන යා හැකි බව දර්ශනයට හසුකර ගනු ලැබීය.
ගෝලීය දැනුමේ කේන්ද්‍රස්ථානය
රටක් ගෝලීය චින්තන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීමට අවශ්‍ය වන්නේ කුමක්ද? කේන්ද්‍රස්ථානය යන වචනයේ අරුත වන්නේ රෝදයක පරිධිය වෙත විහිදී සම්බන්ධ කරන ගරාදි හෙවත් ඉස්පෝක්ක එකට එක්වන මධ්‍ය ලක්ෂ්‍යය යන්නයි. එවිට ගෝලීය ආර්ථික කේන්ද්‍රස්ථානයක ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එය සෙසු ලෝකය හා බෙහෙවින් සම්බන්ධව තිබීමයි.
කාරණා එසේ නම් උසස් අධ්‍යාපන අංශය සැලකූ විට අප රට ගෝලීය දැනුම් කේන්ද්‍රස්ථානය බවට පත්කරන එකී සම්බන්ධතාව හඳුනා ගන්නේ කෙසේද? එවිට දැනුම රටෙන් ලොවට අපනයනය කිරීමේ හැකියාවත්, ලෝකයෙන් දැනුම රට තුළට ආනයනය කිරීමේ හැකියාවත් පැවතිය යුතුය. රටෙන් ලෝකයට දැනුම අපනයනය කිරීමට නම් රට තුළ දැනුම උත්පාදනය විය යුතු වේ. රට තුළ දැනුම නිෂ්පාදනය (උත්පාදනය) කිරීමට නම්. ඒ සඳහාද රට තුළට දැනුම ආනයනය කළ යුත්තේ එය දැනුම නිෂ්පාදනයට අවශ්‍ය යෙදවුමක් බැවිනි. එය ගෝලීය දැනුම් කේන්ද්‍රස්ථානයක වැදගත්ම වූ අවශ්‍යතාවකි.
ගෝලීය දැනුම් කේන්ද්‍රස්ථානයක අප දැනුම ආනයනය හා අපනයනය සිදුකරන්නේ කෙසේද? ඒ සඳහා මුලින්ම අපගේ විශ්වවිද්‍යාල වල විදේශ ශිෂ්‍යයන් අධ්‍යාපනය ලැබිය යුතුය. දැනුම අපනයනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එවිට, ඊට ප්‍රතිලාභ ලෙස විදේශ විනිමය මෙරටට ලැබේ. ඒ හැරුණු කොට අපගේ ශිෂ්‍යයන් ද ගෝලීය පරිසරයක් තුළ ඉගෙනුම ලබමින් විදේශ සිසුන් සමග තරගකාරී ලෙස එම අධ්‍යාපනය ලැබිය යුතුය. අනෙක් අතට අපගේ විශ්වවිද්‍යාල තුළ විදෙස් රටවලින් පැමිණෙන මහාචාර්යවරුන් ඉගැන්වීමේ යෙදිය යුතුය. එවිට සිදුවන්නේ දැනුම ආනයනය කිරීමකි. ඒ හැරුණු කොට අපගේ මහාචාර්යවරුන් ගෝලීය පරිසරයක් තුළ විදේශීය මහාචාර්යවරුන් සමග තරගකාරී ලෙස ඉගැන්වීමේ යෙදිය යුතුය.
එක්තරා සාකච්ඡා සංසදයක මා මෙම කතාව කී විට එක් අයෙක් මෙසේ කීවේය. ‘‘එතකොට මහාචාර්යවරයෙක් හැටියට ඔබතුමාගේ තැනත් අභියෝගයට ලක්වේවි.’’
ඒ කතාව හරියට හරිය. එය අතිශයින් සත්‍ය වූවකි. මා තරගකාරී ලෙස කටයුතු නොකරයි නම් මා මෙම වෘත්තියෙන් පිටමංව යා යුතුය. එහෙත් ඒ සමගම වඩාත් තරගකාරීව කටයුතු කරන්නකු බවට පත්වීමේ අවස්ථාව මට ලැබිය යුතුය.
පොදුවේ ගත් කල දැනුම් කේන්ද්‍රස්ථානයක්ය යන්නේ අර්ථය, දැනුම නිර්මාණය කිරීම, දැනුම භාවිත කිරීම හා නිෂ්පාදිත දැනුම දසත බෙදාහරින මධ්‍යස්ථානයක්ය යන්නයි. එම නිසා දැනුම් කේන්ද්‍රස්ථානය පර් යේෂණ උදෙසාත්, ඒවා පළකිරීම උදෙසාත්, ඉගැන්වීම උදෙසාත් නව දැනුම නිර්මාණය කොට ලොව සැබෑ ලෙස පවතින ගැටලු විසඳා ගැනීමට එම දැනුම ඉවහල් කරගන්නා අද්විතීය ස්ථානයක් විය යුතුය.
සුළුතරයක් සඳහා නිදහස් අධ්‍යාපනය
1980 ගණන්වල අග භාගයේ මගේ විද්‍යාපති පශ්චාත් උපාධිය උදෙසා විදේශ රටක මා අධ්‍යයනයේ නිරතව සිටි කාලයේදී ශ්‍රී ලංකාවේ අප නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද ලබන බව විදෙස් මිතුරන්ට මා කී විට ඔවුහු නිතරම වික්ෂිප්ත භාවයට පත්වූහ.
අධ්‍යාපනය කියන්නෙ නොමිලේ දෙන භාණ්ඩයක් නොවෙයි. ආර්ථිකමය පිළිතුරක් දෙමින් එවිට ඔවුහු මට කීවෝය. වික්ෂිප්ත භාවයට පැමිණ ඔවුන් දුන් පිළිතුරෙන් කාරණා තුනක් ගම්‍ය වූයේය. පළමුවැන්න ශ්‍රී ලංකාවේ පවතින ආකාරයේ නිදහස් අධ්‍යාපනය ලෝකයේ පොදුවේ පවතින්නක් නොවේය යන්නයි. දෙවැන්න අධ්‍යාපනය සැපයෙන්නේ නොමිලේ නොවේය යන්නය. එය යම් වියදමක් වැය වන කටයුත්තක් වන අතර එම වියදම කවුරුන් හෝ දැරිය යුතුය.
වසරක් පාසා ශ්‍රී ලංකාවේ සිසුන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින බවත් රජයට නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය පිරිනැමිය හැක්කේ එම සංඛ්‍යාවෙන් සියයට දහයකට පමණක්ය යන්නත් සැවොම දන්නා කරුණකි.
අප විරෝධය පාන්නේ එම සියයට දහයකගේ වරප්‍රසාද ආරක්ෂා කරගන්නටයි. එවිට සියයට 90 කගේ නිදහස් අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය අවහිර වෙයි. අපි එම සියයට 90කට නිදහස් අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය නොසලකා හරින්නෙමු.
යමෙකුට එම සියයට 90 ටම නිදහස් අධ්‍යාපනය දිය යුතු බවට තර්ක කළ හැකිය. එහෙත් එය කළ නොහැකි බව අපි දනිමු. ඇරත් ඒ තුළින් උසස් අධ්‍යාපනයේ අපගේ මූලික ගැටලුව විසඳෙන්නේ නැත.
සරසවියේ මගේම වසරේ මිතුරකු වූ මහාචාර්ය අතුල රණසිංහ ආචාර්ය උපාධිය සඳහා කළ පර් යේෂණය නම් කර තිබුණේ. 'A Pearl of Great Price: The Free Education System in Sri Lanka' යනුවෙනි. (මහා මිලකට මුතු කැටයක්. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය) ඔහුගේ පර් යේෂණය ඔස්සේ අනාවරණය කරගනු ලැබූ මතභේදයට තුඩුදෙන කරුණු කිහිපයක් මම උපුටා දක්වන්නෙමි. පවුල් පසුබිම සහ අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කරගැනීම අතර ප්‍රබල සම්බන්ධතාවක් පවතින බව එම පර් යේෂණයෙන් හෙළිදරව් විය. ඉන් අර්ථවත් වනුයේ ඓතිහාසික නිදහස් අධ්‍යාපනයෙන්, ඍජුව යන වියදම හැරුණු කොට වෙනත් හේතු නිසා අධ්‍යාපනය නවතා දමන සිසුන් දිරිමත් වී නැති බවයි. වෙනත් වචන වලින් කිවහොත් මෙහි තේරුම නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් වඩාත්ම ඵල ප්‍රයෝජන ලබා ඇත්තේ පොහොසත් පවුල්වල දරුවන් බවයි.
මෙම ලිපිය කියවන ඔබ බොහෝ දෙනකුට මෙම කියමනට එකඟවීම අසීරු බව හැඟී යනුයේ අප බෙහෝ අය ජීවිත ජයගෙන ඇත්තේ නිදහස් අධ්‍යාපනයෙන් බැවිනි. මෙයින් ඉස්මතු වන වැදගත් කාරණය නම් එක් පුද්ගලයකු සාර්ථකත්වයට පත්වන විට පුද්ගලයන් නව දෙනකු ඉවත විසිවීමයි.
රතු ගඩොල
නිදහස් අධ්‍යාපන ක්‍රමය බොහෝ දෙනා හඳුන්වන්නේ ළදරු පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා යන මහා වටිනාකමක් ඇති මුතු ඇටයක් ලෙසයි. නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන විට බොහෝ දෙනාට එවකට සිටි අධ්‍යාපන අමාත්‍යවරයා වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරගේ නම අමතකය. 1943 දී නිදහස් අධ්‍යාපනය උදෙසා නිර්දේශ ඉදිරිපත් කළ විශේෂ කමිටුවට නායකත්වය දුන්නේ එතුමාය.
කෙසේ වුවද ඉතාම වැදගත් කාරණය නම් මෙම කමිටුවට අදාළ වූ කාරණාවලට උසස් අධ්‍යාපනය යන්න අයත්ව නොතිබීමයි. එහිදී යෝජිතව තිබූ නිදහස් අධ්‍යාපනය යන්නට උසස් අධ්‍යාපනය අයත් වූයේ නැත. ප්‍රතිපත්තිය විවේචනයට ලක් කළ එක් අයකු කියා සිටියේ මහා වටිනාකමකින් හෙබි මුතු ඇටය රතු ගඩොල් කැටයක් මෙන් ගැලවී, රැස්වීම් 90 කින් සමන්විත විශේෂ කමිටුවේ 88 වැනි රැස්වීම් වාරයේදී කමිටු සාමාජිකයන්ගේ ඔලුගෙඩි මත කඩා පත්වුණු බවයි.
අවසාන වශයෙන් මා මතුකරන තර්කය මහා වටිනාකමකින් හෙබි මුතු ඇටයට විරුද්ධව එල්ල කරන්නක් නොවේ. එය ඊට පක්ෂ විරුද්ධ දිසාවට එල්ල වූ තර්කයකි. එක් අතෙකට ස්වල්ප දෙනකුට නොව බොහෝ දෙනකුට ප්‍රබල පදනමක විහිදුණු ප්‍රතිසංස්කරණවලින් ඒ වෙත පිවිසිය හැකිය. අනෙක් අතට වඩාත් වැඩි වටිනාකමකින් යුතු ගෝලීය මට්ටමකට ඒ තුළින් පිවිසිය හැකිය.
(***)
2021/8/8 වැනි දින Sunday Times
පුවත්පතේ පළවූ 'Brick that fell onthe Head'
ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 1 වැනිදා සිය ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩ සටහන ඉදිරිපත් කිරීමේ දී එහි අවශ්‍යතාව පැහැදිලි කරමින් මෙසේ ප්‍රකාශ කළ
ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලුතින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූ
මෙම වසරට අදාළව යෙදී ඇති රජයේ හෝ නිවාඩු දින විසි හතරෙන් විසි දෙකක්ම යෙදී ඇත්තේ සතියේ වැඩ කරන දවස් අතරටය. රජයේ නිවාඩු දින දෙකක් පමණක් සෙනසුරාදා සහ ඉරිදා ද
මෑත දශක කිහිපය තුළ සංවර්ධනය වෙමින් පවත්නා රටවල්වල දරිද්‍රතාව අවම කිරීම සඳහා බහුල ලෙස යොදාගත් මෙවලමක් ලෙස ක්ෂුද්‍ර මූල්‍යකරණය හඳුනාගත හැකිය. අඩු ආදාය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ කතාවේදී ප්‍රකාශයට පත්කළ නව බදු සංශෝධන අතරින් ඉතිරිකිරීමේ ගිණුම් සඳහා වූ රැඳවුම් බද්
මෙරට සංගීතයෙහි අමරණීය පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ ජීවන මංතලාවේ ඔහුට හමුවූ විවිධ චරිත සොයා යෑමේ දී අමරදේවයන්ගේ නිර්මාණාව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සියයට 10 කට දී සියයට 90 ක වරම් කැපීම
Cisco Wednesday, 18 August 2021 02:03 PM
සයිටමය වහලා දාන්න වුනේ අධික ලාභාපේක්ෂාවෙන් කටයුතුකළ නිසා. එම ආයතනය තනිකරම මුදලාලි කෙනෙක් සතු වූ නිසා මිස රටේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට ආරම්භ නොකල නිසා. අධ්‍යාපනය ලබාගැනීමට මිලක් ගෙවිය (නිදහස් වුනත්) යුතුයි. එය ඍජුව හෝ වක්‍රව අප විසින් ගෙවනු ලබයි. නමුත් SLIIT ආයතනය එසේ ආරම්භ වූවක් නොව එය කළමනාකරණය කරනු ලබන්නේ මුදලාලි කෙනෙකු නොවේ. අධ්‍යාපනය පුද්ගලීකරණය කළයුතුයි කියන අය මේ වෙනස වටහා ගත යුතුවේ. ලෝකයේ දීප්තිමත් විශ්ව විද්‍යාල බොහෝවිට එරට රජයට හෝ වෙනත් ලාභ නොලබන ආයතන වලට අයත්ය. අප රටේත් එවැනි උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට අප සහයෝගය දිය යුතුයි. ඒ සමගම ඒ ආයතන ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා නිසි නියාමනයකට ලක්කල යුතු අතර දක්ෂ දරුවන් හට ශිෂ්‍යත්ව ලබා දිය යුතුයි...