දීර්ඝ කාලයක් මුළුල්ලේ ලෝකයේ සංවර්ධිත රටවල භෞත චිකිත්සාව වර්තමානය වන විට අපේ රටේ ද සෑම රෝගයක් සඳහාම භාවිතා කිරීමට රෝගීහු පුරුදු වී සිටිති. කිසිම රසායනික ද්‍රව්‍යයක් මේ ප‍්‍රතිකාර සඳහා යොදා නොගැනීම එයට ප‍්‍රධාන හේතුවයි. ඖෂධ මගින් එසේත් නැතිනම් රසායනික ද්‍රව්‍ය මගින් ප‍්‍රතිකාර කරන විට එයින් ද්වීතියික ආබාධ හෝ සංකූලතා රෝගියා තුළ හටගනී. භෞත චිකිත්සාවේදී යොදා ගැනෙන්නේ භෞතික ක‍්‍රම නිසා කිසිම ද්වීතියික ආබාධයක් හෝ සංකූලතා ඇති වීමට ඉඩකඩක් නැත. ආලෝකය, තාපය, ශබ්දය, විද්‍යුතය, චුම්භකත්වය, ගුරුත්වාකර්ශනය වැනි ශක්ති ප‍්‍රභේදත් භෞතික ව්‍යායාමත් යොදා ගනිමින් කරන ප‍්‍රතිකාර ක‍්‍රමවේදය භෞතචිකිත්සාව නමින් හැඳින් වේ. භෞත චික්ත්සක ප‍්‍රතිකාර ලබාදෙන පුද්ගලයා භෞත චිකිත්සක නිලධාරියාය. අපේ රටේ භෞත චිකිත්සක සේවාවේ වසර 20ක් තරම් දිගු ඉතිහාසයක පළපුරුද්දක් ඇති ප‍්‍රවීණ භෞතචිකිත්සක නිලධාරියකුගෙන් අපි මේ සම්බන්ධව බොහෝ කරුණු විචාලෙමු. ඔහු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ භෞත චිකිත්සක ඒකකයේ ප‍්‍රධාන භෞත චිකිත්සක නිලධාරි ජාලිය උඩුවැල්ල මහතාය. මේ ඔහුගේ පැහැදිලි කිරීමේ පෙළගැස්මයි. ”කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇති භෞත චිකිත්සක ඒකකය අපේ රෝහල් පද්ධතිය තුළ තිබෙන ඉතාම ප‍්‍රතිඵලදායක, රෝගීන්ට විශාල සේවාවක් සැලසෙන ඒකකයක්. රිජ්වේ ළමා රෝහල ආරම්භ වන්නේ 1895 වසරේ දීයි. මෙහි භෞත චිකිත්සක ඒකකයක් ආරම්භ කළේ 1960 වසරේ දීය. මුල් කාලයේ මේ කටයුතු සිදුවුණේ එංගලන්තයේ භෞත චිකිත්සාව පිළිබඳ පුහුණුව ලබා මෙහි පැමිණි අය අතින්. දැනට විශේෂයෙන්ම ළමයින් සඳහාත්, ඊට අමතරව බාහිර රෝගීන් ලෙස වැඩිහිටියන්ටත් ප‍්‍රතිකාර ගත හැකි මධ්‍යස්ථානයක් ලෙසත් මෙම ඒකකය හඳුන්වන්න පුළුවන්. ලංකාවේ සෑම ප‍්‍රදේශයකින් වගේම රෝගීන් මේ ඒකකයට පැමිණෙනවා. දැනට රෝගීන් 30,000ක් පමණ ලියාපදිංචි වී දිනපතා ප‍්‍රතිකාර ලබාගන්නවා. භෞත චිකිත්සාව ප‍්‍රධාන වශයෙන් කොටස් හතකට බෙදෙනවා. විද්‍යුත් චිකිත්සාව, ප‍්‍රතිකාරමය ව්‍යායාම, ජල චිකිත්සාව, උරස් චිකිත්සාව, ප‍්‍රතිකාරමය ඝර්ෂණය, ඉරියව්ගත කිරීම හා ආධාරක ආශ‍්‍රයෙන් කෙරෙන ප‍්‍රතිකාර මේ කොටස් හතයි. භෞත චිකිත්සක ප‍්‍රතිකාර රෝගියා ඇගයීමට ලක්කිරීමෙන් පසුව තීරණය වෙයි. රෝගියාගේ වයස අනුව, රෝගයේ අවධිය අනුව ප‍්‍රතිකාර වෙනස් වෙයි. ස්නායු රෝග, කැඩුම් බිඳුම්, විකලාංග රෝග, රක්තවාත රෝග, ස්වසන රෝග, ළමා රෝග හා ක‍්‍රීඩා අනතුරු වැනි රෝග ඇගයීමේ දී විශේෂිත ඇගයීම් ක‍්‍රම භාවිත වෙනවා.” භෞත චිකිත්සක ඒකකය ඇතුළත ආබාධ සහිත දුවා දරුවන් වෙනුවෙන් ප‍්‍රතිකර්ම ක‍්‍රියාදාමයන්ට අදාළ විවිධ උපකරණවලින් පිරී ඇත. සමනලූන් මෙන් එහා මෙහා දුවපැන දඟලන වයසේ පසුවුවද ඔවුන්ගේ ශාරීරික ආබාධ වෙනුවෙන් මව්පියවරුන්ගේ ළයේ පැතිරෙන දුක් ගින්දර ඔවුන්ගේ මුහුණුවල දිස්වේ. සැබවින්ම මේ දුවා දරුවන්ට දෙපයින් නැගී සිටින්නටත් විවිධ ශාරීරික ඌණතාවලින් සුවය ලබන්නටත් අත දෙන මෙම ඒකකයේ සියලූ නිලධාරීන් විශාල පුණ්‍යකර්ම සිදුකරගන්නා පුණ්‍යකර්මවල කොටස්කරුවෝ ය. ”මෙම ඒකකයේ නිලධාරීන් නිලධාරිනියන් 13 දෙනකු සේවයේ යෙදෙනවා. ඔවුන් විශාල කැපවීමකින් කටයුතු කරනවා. දිනකට දරුවන් 200ක් පමණ මෙතැනින් ප‍්‍රතිකාර ගන්නවා. වාට්ටු 20ක පමණ සිටින රෝගීන් අප උදේ හවස පරික්ෂාවට ලක්කරනවා. බාහිර රෝගීන්ට උදේවරුව වෙන් කරලා තියෙනවා. මෙතැනට එන බාහිර රෝගීන් බොහෝ දෙනකු පරික්ෂා කළාම ඔවුන් ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් නිවැරදි ඉරියව්වලින් සිට නොකිරීම නිසා රෝගී තත්ත්වයට පත් වූවන්. ඒ වගේම මෙතැනට එන රෝගීන් 100ක් ගත්තම රෝග ලක්ෂණ සියයකින් යුක්තයි. විශේෂයෙන්ම අංශභාගයට ගොදුරු වූවන්ට මෙම ඒකකය විශේෂයි. කෝටි ගණනක් වටිනා ජාත්‍යන්තර මට්ටමේ උපකරණ මෙහි තිබෙනවා. ජල චිකිත්සාව කෙරෙන්නෙ මෙතැන විතරමයි. ජලයේ ඉපිලෙන ගුණය යොදාගෙන කෙරෙන ප‍්‍රතිකාර මීට අයත්. භෞතික ව්‍යායාම්, පේෂි ඇදීමට ලක්කරන ව්‍යායාම්, හන්දි තදවීම් වළක්වන ව්‍යායාම්, ශක්තිජනක ව්‍යායාම්, සමායෝජන ව්‍යායාම් ආදී ව්‍යායාම් වර්ග කිහිපයක් මෙතැන කෙරෙනවා. කුඩා දරුවන්ට සිදුවන ආබාධ නිරීක්ෂණය කළාම දරුවා ලැබීමට සිටීමට මවට විශේෂිත රෝග නිසා ඇතිවන ආබාධ, දරුවා උදරය තුළ අක‍්‍රමවත්ව සිරවීම නිසා ඇතිවන ආබාධ, නොමේරූ ළදරු ඒකකයේ සිටිය දී නොසැලකිල්ල මත දරුවන්ට සිදුවන ආබාධ වැනි ආබාධ විශේෂයෙන් දකින්නට තිබෙනවා. බොහොමයක් ප‍්‍රතිකර්ම කෙරෙන්නේ උපකරණ ආශ‍්‍රිතවයි. ඇවිදින ආධාරක, විශේෂිත පුටු, විශේෂිත උපකරණ ආශ‍්‍රයෙන් මේවා කෙරෙනවා. නිව්මෝනියා, ඇස්මා, ආතරයිටිස් වැනි ස්වසන රෝගවලටත් මෙම ඒකකයේ විශේෂ ප‍්‍රතිකාර තිබෙනවා.” ”මෙම ඒකකයට රුපියල් ලක්ෂ දහයක රාජ්‍ය නොවන ආයතනයක පරිත්‍යාග මත ලැබුණු ප‍්‍රතිකාරමය ක‍්‍රීඩාංගණය ඉතාම විශේෂිතයි. ආබාධිත කුඩා දරුවන්ට විනෝදවීම සඳහාත්, ප‍්‍රතිකර්මයක් ලැබෙන ආකාරයටත් විශේෂිත ක‍්‍රියාකාරකම් හා උපකරණවලින් මෙම ඒකකය සමන්විතයි. ඒ වගේම දැඩි සත්කාර ඒකක තුනක්, නොමේරූ ළදරු ඒකකයක්, පිළිස්සුම් ඒකකයක් අප සතුව තිබෙනවා.” ජාලිය උඩුවැල්ල මහතා පවසන පරිදි විශේෂයෙන්ම ජපානයේ වැනි රටවල ආබාධිත පුද්ගලයින්ට සමාජයේ දී දක්වන විශේෂ ළැදියාව, ඔවුන් සාමාන්‍ය ජනතාවගේ ක‍්‍රියාකාරකම්වලට සමාන්තරව ජීවත්වීමේ පසුබිම මෙම රෝගීන්ගේ මානසිකත්වය සුබදායී කරන්නට සමත් වෙයි. නමුත් අපේ රටේ ආබාධිත පුද්ගලයන් මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි. ජපානයේ හිරෝෂිමා ඛේදාන්තයෙන් විශාල පිරිසක් ආබාධ වීම එරට පාලකයන් මොවුන් කෙරේ වැඩි අවධානයක් යොමුකරන්නට සමත් වී ඇත. එනයින් බලන කල තිස් වසරක යුද්ධයෙන් ආබාධිත වූ අපේ රණවිරුවන් කෙරෙහි ද දැක්විය යුතු බව ජාලිය මහතාගේ අදහසයි. කෙසේ වුවද හෙට දවසේ රට දැය බාරගන්නට දෑස් දල්වා සිටින ආබාධයන්ට ලක්වූ අපේම සොඳුරු දුවා දරුවන්ට දෙපයින් නැගී සිටීමේ ශක්තියත්, ඔවුන්ගේ සියලූ ක‍්‍රියාකාරකම් නිසියාකාරව කර ගැනීමේ ප‍්‍රතිකාරයන් ලබාදීමටත් ඔවුහු ඇපකැපවී සිටිති. සැබවින්ම එය ප‍්‍රතිකාරයකට වඩා පුණ්‍ය කර්මයකි. මීට රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ ගන්නා උත්සාහය ප‍්‍රශංසනීය බව කිව යුතුය.
ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලුව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්රශ්නය ඉහළ යන බව නිශ්
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද
වසර තුන්දහසක පමණ ශ්රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර
එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ
සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත්ර
වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ්රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප්රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්රී පාද ස්ථ
සමනල පැටවුන්ගේ අඳුරු වු ලෝකයට එළිය දෙන සෞඛ්‍ය ප‍්‍රතිකාර ඒකකය
janath Tuesday, 10 January 2012 08:20 PM
හොදයි