IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සිබිල් නැන්දාට 90යි

ඩයනා උදයංගනී  

ඡායාරූප  ඉෂාන් සංජීව

ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මියගේ 90 වැනි ජන්ම දිනය අදට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ආයුබෝවේවා,  අනූවට පා තබන සිබිල්‘ චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන්ඩිට් කලාගාරයේදී අද (31) පැවැත්විණි.

සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් අඳින ලද ‘සිදුහත් කුමාරයාගේ කතාව‘ සහ ‘පුදුම රිදී ගස‘ චිත්‍ර එකතුව මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.

වෙත්තසිංහ මහත්මියගේ ජන්ම දිනය වෙනුවෙන් උපන් දින කේක් කැපීම ද ඇගේ දරු මුණුපුරන් සහ හිතවතුන් මධ්‍යයේ මෙහිදී සිදුවිය.

කෙක් කැපීමෙන් අනතුරුව මෙහි නිවේදන කටයුතු කළ නිවේදක නාරද බක්මීවැව මහතා විසින් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඇය පැවසුවේ ලෝකයේම දරුවන්ට විශාල දායාදයක් දීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටින් පිරී ඉතිරී ගිය සිතිවිල්ලක් ඇතිව තමන් කෙදිනක හෝ ලොවෙන් සමුගෙන යන බවයි.

තමන්ගේ දවස ගෙවෙන්නේ කල්පනා කරමින් බව කී සිබිල් වෙත්තසිංහ මහත්මිය තමන්ගේ හදවතේ දරුවන් වෙනුවෙන් කතා රැසක් පවතින බවත් ඒවා සියල්ල ලබාදීමට නොහැකි නමුත් හැකි තරම් දරුවන් වෙනුවෙන් නිර්මාණ කරන බවත් සඳහන් කළාය.

මහාචාර්ය නිමල් ද සිල්වා මහතා මෙහි විශේෂ දේශනය පැවැත්වූ අතර කාටූන් ශිල්පී ගිවන්ත අර්ථසාද්, ව්‍යවසාය සංවර්ධන උපදේශක දීපාල් සූරියආරච්චි යන මහත්වරු  ද මෙහිදී දෙසුම් පැවැත්වූහ.

අනූ වැනි විය සපිරූ සිබිල් වෙත්තසිංහ මහත්මියට සුබ පැතීම සඳහා ඇගේ පවුලේ ඥාතීහු, කලාකරුවෝ , රසික රසිකාවියෝ  ඇතුළු විශාල සිරිසක් මේ   පැමිණ සිටියහ.



අදහස් (4)

සිබිල් නැන්දාට 90යි

Senarath Wednesday, 01 November 2017 03:36 AM

එතුමියට දිගාසිරි සහ නිරෝගී සුවය පතනවා. එතුමිය අපේ රටේ පොඩි දරුවන් වෙනුවෙන් විශාල වැඩකොටසක් කල මාතාවක් .

:       1       394

kumar (galf) Wednesday, 01 November 2017 05:50 AM

මේ වටිනා ලක් මාතාවට ජේසු සමිඳුන්ගේ නාමයෙන් දිගායුෂ පතමි.

:       0       451

aravinda Wednesday, 01 November 2017 10:42 AM

"කුඩ හොරා" මා පොඩි කාලේ කැමතිම පොත.

:       0       2217

Saumya Thursday, 02 November 2017 06:35 AM

සිබිල් නැන්දාට දීර්ගායුෂ සහ නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා.....!!!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site