IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


සීනි වංචාවේ මහමොළ අල්ලනු

කාලයක් තිස්සේ යටගැසී තිබූ සීනි බදු සිද්ධිය යළි එළියට ඇදෙන බව පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයක දී සඳහන් විය. ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 1600කට ආසන්න බදු මුදලක් මේ වංචාව හේතුවෙන් අහිමි වී තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ දී වාර්තා කර තිබුණේ මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ය. ඒ අනුව ඉදිරි කටයුතු අඛණ්ඩව සිදුවුණොත් මේ වංචාවේ සුලමුල හෙළිකර ගැනීම අපහසු නොවනු ඇත.

අදාළ වංචාව සිදුකර තිබුණේ සීනි ආනයනයේ දී කිලෝවකට පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙනි. සීනිවලට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මේ ආකාරයට අවප්‍රමාණ කෙරුණේ 2020 වසරේ ඔක්තෝබර් 13 වැනි දින මධ්‍යම රාත්‍රියේ දී බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබේ. ඒ අනුව මෙය මහා පරිමාණයේ වංචාවක් බවත් එය සිදු කිරීමට දේශපාලන බලවතුන්ගේ සහාය ද ලැබී ඇති බවත් තේරුම් ගැනීම අමාරු නැත. එවැනි දේශපාලන තල්ලු‍වක් නොතිබුණා නම් මේ තරම් කාලයක් මේ ආකාරයේ මහා පරිමාණ වංචාවක් යට ගසා තැබෙන්නේ ද නැත. රජයට පාඩු වූ කෝටි 1600න් කොටසක් වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයන් අතට ද තවත් කොටසක් එම වංචාව කිරීමට අත-හිත දුන් දේශපාලන බලවතුන් අතට ද ලැබුණු බවට ද කතා දෙකක් ද නැත.

මේ රට පාරාදීසයක් වී තිබෙන්නේ සංචාරකයන්ට පමණක් නොවේ. රටේ ජාතික ධනය සූරාකන ව්‍යාපාරිකයන් වශයෙන් පෙනී සිටින කම්බා හොරුන්ට ද මේ රට පාරාදීසයකි. එයට අතීතයේ සිට උදාහරණ දැක්විය හැක. පීරිසි කුට්ටම් 06ක් අල්ලස් වශයෙන් ලබාගත් රජයේ සේවකයකු අල්ලස් ගැනීමේ වරදට හසුවෙද්දී කෝටි සිය ගණනින් වංචාකරන පුද්ගලයන් දේශපාලනඥයන්ගේ කරට අත දමාගෙන කිසිදු දඬුවමක් නොලබා බේරී සිටීමෙන් පෙනී යන්නේ මේ රටේ ක්‍රියාත්මක වංචනිකයන්ගේ පරාදීසයේ තරමය. මේ වංචනික පාරාදීසයේ තෝරුන් මෝරුන්ට දඬුවම් ලැබෙන්නේ නැත. අසු වන්නේත් දඬුවම් ලබන්නේත් හාල්මැස්සන් පමණි.

මේ රටේ ආර්ථිකය මහා අර්බුදයක ගිලී යාමට තුඩු දී ඇති එක් හේතුවක් වන්නේ මෙවැනි මහා පරිමාණ වංචා සිදුවීමය. වංචනිකයන් අල්ලා කොටුකර අධිකරණය ඉදිරියට පැමිණවීමට කොතරම් තද නීති රීති දැමුවද වංචනික පුද්ගලයන්ගේ බල පුළුවන්කාරකම් හමුවේ ඒ නීති රීතිද නිහඬ වන්නේ නම් එයින් පැවසෙන්නේ මේ වංචා කිරීමට දේශපාලන උදව් ද තිබෙන බව ය. එය නීතියේ ආධිපත්‍යයට ද කෙරෙන අභියෝගයකි.

මහා බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලිපියක් ලියා ඇති ආර්ථික විද්වතකු බදු ගෙවන්නන්ගේ මුදල් සහ රජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වටිනා අදහසක් සඳහන් කර තිබිණි. බදු ගෙවන්නන්ගේ මුදල් රජය මගින් එකතුකර වියදම් කිරීමේ දී සහ කළමනාකරණය කිරීමේ දී විනිවිදභාවයකින් කටයුතු කිරීම වැදගත් බවත් ඒ පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීම ද සිදුවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි ආයතනයක් සමඟ අලු‍ත් ණය පහසුකම් ලබාගැනීමට සිදුකෙරෙන සාකච්ඡාවල දී රටේ බදු මුදල් සහ ණයගැතිභාවය පිළිබඳ ඉහළම මට්ටමේ විනිවිදභාවයක් පවත්වාගෙන යාම ණය ආපසු ගෙවා ගැනීමේදී සිදුවිය හැකි අවදානම අඩු කිරීමක් බවද එම ආර්ථික විශේෂඥයා විසින් පෙන්වා දී තිබිණි. මේ අදහස් ඉතා වැදගත් වශයෙන් අපි සලකමු.

රජයට රුපියල් කෝටි 1600ක අලාභයක් සිදු කිරීමෙන් නොනැවතී එකී වංචාව වසර දෙකක පමණ කාලයක් යට ගසා තිබීමෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය බදු මුදල් සහ ණය සම්බන්ධයෙන් පැවැති ආණ්ඩුව කිසිදු විනිවිදභාවයකින් කටයුතු කර නොමැති බවය. මේ හේතුවෙන් රට මහත් බලාපොරොත්තු තබා සිටින මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීමේ අරමුණට බාධා එල්ල විය හැකි බවද පෙන්වා දිය යුතුය.

මහා පරිමාණයේ වංචා සිදුවීම අපේ රටේ පමණක් සිදුවන ක්‍රියාවක් නොවේ. එසේ වුවද එවැනි වංචාවක් සාධක සහිතව හෙළිදරව් වීමේ දී ආණ්ඩුවකට අතපය හකුළුවාගෙන එය නොදැක්කා සේ සිටීමට හැකියාවක් නැත. රජයට කෝටි සිය ගණනින් බදු ආදායම් අහිමි වනවිට එය සිදුකළ පුද්ගලයන් හෝ කණ්ඩායම් හෝ පිළිබඳ උපරිම විමර්ශන සිදුකර වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීමට රජය කටයුතු නොකරන්නේ නම් එම වංචාවේ කළු පැල්ලම රජය මතද තවරා ගැනීමකි. එහි වගකීමෙන් මිදීමට මහජනයාට වගකියන ආණ්ඩුවකට හැකියාවක් නැත.

සීනි වංචාව සිදුවූ අවධියේ ඒවා ගෙන්වූ ව්‍යාපාරිකයන් පිරිසක් කියා තිබුණේ තමන් බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදෙන බවය. ඒ අර්ථයෙන් ගත් විට වෙළෙඳපොළේ සීනි කිලෝවක මිල රුපියල් 40කින් පමණ අඩුවිය යුතුව තිබිණි. එහෙත් සිදුවූයේ වෙළෙඳපොළේ සීනි මිල තවත් ඉහළ යාමය. මේ වංචාව මහ දවාලේ සිදුකළ මහා සොරකමක් වශයෙන් ඒ දවස්වලම හංවඩු ගැසුණේ මේ හේතුවෙනි. අඩුම තරමින් දැන්වත් මේ වංචාවේ මහ මොළකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය.

(***)



අදහස් (3)

සීනි වංචාවේ මහමොළ අල්ලනු

fairoos Monday, 15 August 2022 02:52 PM

මහ මොළකරු හොයාගන්න ටිකක් අමාරුවෙයි අපේ පොලීසියට සහ රටේ නීතියට.

:       1       12

nak Tuesday, 16 August 2022 08:17 AM

සීනි විතරක් නොවෙයි ආනයනය කරනා සෑම භාණ්ඩයකින්ම බදු වංචා සිදුවන බව නොදන්නේ පමණයිද? තෙල් ගෑස් ගල් අඟුරු යකඩ වැනි මහා පරිමාණ ආනයන වලදී බදු අඩුකර දුන් උදල් ඇමතිවරු කවුදැයි මුලු රටම දන්නා නමුත් පොලීසියේ බබාලා පමණක් ඒ ගැන නොදනී

:       0       7

Rohan Tuesday, 16 August 2022 03:37 PM

මේ කතාව සම්පුර්ණ ඇත්ත. පොහොට්ටු අයිතිකාරයයි .....පිරමිඩ් අයිතිකරයයි ගේම් එක ලස්සනට ගහනවා. මුන්ට පන පිටින් පනුවෝ දාන්න ඕන. අපිත් චන්දෙ දුන්න ගොටාවත් හදයි කියල.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 554 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 405 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 312 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1472 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 80 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 687 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 605 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 153 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1180 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site