IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


සුනාමියට ගහගෙන ගියත් ඉරුණු ඇඳුමින්ම වැඩට ආ මාතර මහ දිසාපති


 

2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා සිදුවූ දරුණු සුනාමි ඛේදවාචකයට වසර 10ක් සම්පූර්ණ වීමට මාස කිහිපයක් තිබිය දී වුවද ඔහු අපගේ මතකයේ රැුඳී තිබෙන්නේ කළ සේවාව නිසාය. ඒ මාතර හිටපු මහ දිසාපති ගාමිණී ජයසේකර මහතාය.

සිය කාර්යාලය ද සම්පූර්ණයෙන් සුනාමියට හසුවී තිබිය දී ඔහු ද සුනාමියට හසුව ගසාගෙන ගොස් තිබිය දී ඉතිරි වූ ඇඳි වතේ මඩපිටින් මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අභියසට පැමිණ ඩෙස් එකක් හා පුටුවක් තබා ගෙන රාජකාරි ආරම්භ කළ නිහතමානී හා දක්ෂ රාජ්‍ය නිලධාරියකු ලෙස ඔහු ප‍්‍රකටය.

තිහගොඩ බටුවිට කනිෂ්ඨ විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය හදාරා 05 වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ගාමිණී ජයසේකර මහතාගේ මුල්ගම බෙන්තරය. හෙතෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රවේදී කලා උපාධිධාරියෙකි.

1974 දී ඔහු රාජ්‍ය සේවයට එක්වූයේ අම්බලන්තොට ප‍්‍රාදේශීය ආදායම් නිලධාරිවරයා ලෙසයි. වසර තුනකින් පසු කඹුරුපිටිය ප‍්‍රාදේශීය උපදිසාපති තනතුරට පත්වූ ඔහු 1988 දී මාතර කච්චේරියේ මූලස්ථාන උපදිසාපතිවරයා ලෙස උසස් වීම් ලබා ඇත. 1989 දී එහි අතිරේක දිසාපති II තනතුරට පත්වූ ඒ මහතා ප‍්‍රාදේශීය ලේකම් ක‍්‍රමය ඇති වූ පසු තිහගොඩ ප‍්‍රාදේශීය ලේකම්වරයා ලෙස සේවය කර ඇත.

1995 වසරේ සිට මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත‍්‍රික් ලේකම් ධුරයට පත්වූ ජයසේකර මහතා 2004 අගෝස්තු මාසයේ සිට මාතර මහ දිසාපතිවරයා බවට පත්විය.

තිදරු පියකු වූ ඔහුගේ ආදරණීය බිරිඳ චාලට් ජයසේකර (63) මහත්මිය විශ‍්‍රාමික ගුරු උපදේශිකාවකි. වැඩිමහල් පුතු පැතුම් ජයසේකර (37) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවය කරන අතර දෙවැනි පුතු අමිල ජයසේකර (34) කවුරුත් හඳුනන ජාතික රූපවාහිනියේ දක්ෂ ප‍්‍රවෘත්ති නිවේදකයෙකි. ඔහු රැුකියාව ලෙස හැටන් නැෂනල් බැංකුවේ සේවය කරයි. බාල දියණිය පවිත‍්‍රා ජයසේකර (26) මාතර සම්පත් බැංකුවේ රැුකියාව කරන්නීය.

වසර 34ක කාලයක් රාජ්‍ය සේවයේ නිරත වූ ගාමිණී ජයසේකර මහතා අද වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති උපදේශකවරයකු ලෙස කටයුතු කරයි. එදා මෙන්ම අදත් සෑම ඉරු දිනකම මාතර මහජන පොළ වෙත ගොස් නිවසට අවශ්‍ය එළවළු ආදී බඩු මුට්ටු රැුගෙන ඒම ඔහුගේ සිරිතකි. එහිදී හමුවන වැඩිදෙනකු සමග කතාබහ කිරීම ඔහුගේ නිහතමානී බවේ ලක්ෂණයකි. ගාමිණී ජයසේකර මහතා සුනාමි ව්‍යසනයට හසුවන්නේ ද බඩු මිලදී ගැනීමට මාතර මහජන පොළට ගිය අවස්ථාවකදීය.

සිය ජීවිතයේ අමිහිරිතම හා භයානකම අත්දැකීම පිළිබඳව යළි සිහිපත් කරමින් අදහස් දැක්වූ ඔහු එය මෙසේ විස්තර කළේය.

බොහෝ වෙලාවට මම ඉරිදාට පොළේ යනවා. 2004 දෙසැම්බර් 26 වැනිදා මාතර පරෙවිදුව උපෝසථාගාරයේ බෝ පැළයක් රෝපනය කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා. ඊට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙන්න හිටියේ වැඩබලන ස්ථානාධිපති හා එවකට අගමැතිව සිටි වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. උදෑසන 9.30 පවත්වන්න තිබූ උත්සවය හවසට කල් දාන්න කියලා ඊට පෙර දින ඔහු අපට උපදෙස් ලබාදී තිබුණා. ඒ නිසා මා එදා උදෙන්ම පොළට ගියා. නිවසේ සිට නිල කැබ් රථය පදවාගෙන ගියේ මායි.

කැබ් රථය වෙරළ පාරේ නවතා පොළට ගිහින් හෙමින් සීරුවේ බඩු මිලදී ගත්තා. ඒ අතරතුර දී මා දන්නා හඳුනන කිහිපදෙනකු සමග කතා බහ කළා. අවසානයේ මා බෑගය ද රැුගෙන කැබ් රථය ළඟට එන්න ආවා. මම පොළට යන්න එන අතරතුරේ දී මගේ දුව නූපේ පන්තිය අසල බස්සවලයි ආවේ.
වෙරළ පාරට එනවිටම ඒ අවට සිටි කට්ටිය කෑ ගහන්න පටන් ගත්තා අන්න මුහුදෙන් ලොකු රැුල්ලක් එනවා කියලා. වෙනදත් මුහුද රළු වන නිසා මා එය ගණන් ගත්තේ නැහැ.

 

ගසාගෙන ගොස් පොඩිපට්ටම්වූ වාහනය.

 

ඒ සමගම අඩි 35ක් විතර උස රළ පහරක් ඈත එනවා දැක්කා. එවිට මම ගොඩබිම දෙසට දුවන්න පටන් ගත්තා. ඒ රළ පහරට පාරේ නවතා තිබූ ත‍්‍රිරෝද රථ, යතුරුපැදි ආදී වාහන සෙල්ලම් බඩු වගේ ගසාගෙන යනවා දැක්කා.

ඒ සමගම පැමිණි තවත් රළ පහරකට මා හසුවුණා. තත්පරයක්වත් ගියේ නැහැ. මට කර කියා ගන්න දෙයක් නැති වුණා. කොහෙද කඩයක යකඩ පොල්ලක් ඉබේටම වගේ මගේ අතට හසුවුණා. මම ඒක අල්ලගෙන ඉන්න කොට තවත් විශාල රළ පහරක් ආවා.

යකඩ පොල්ල ද කඩාගෙන මා වතුරට ගසාගෙන ගියා. අඩි 10 කට වඩා වැඩි වතුරේ හිස උඩට එන විට මා හුස්ම ගන්නවා. ආපසු යටට යනවා. යළි උඩට මතුවෙනවා. ඒ වෙලාවේ මට මරණ බිය දැනුනා. මගේ බිරිඳ හා දරුවන් අවසන් වශයෙන් සිහිවුණා. ඥාති හිතවතුන් මතක් වුණා. මොනවා වුණාද කියලා මා දන්නේ නැහැ. ඒත් වතුරට  ඕනෑ විදියට මා හිටියා.

ටික වේලාවක දී මම ගිහින් වැටිලා හිටියේ සාරි සෙන්ටර් එක අසල විජයගිරි හෝටලයේ පිටුපසටයි. ගොඩැල්ල වගේ උස් තැනක මා රැුඳුනා. එතැනට ආවේ කඩවල වහල උඩින්ද කඩ මැදින් ද කියලා මා දන්නේ නැහැ. මට හිතා ගන්න බැරිවුණා.

එතැන ලොකු අරලිය ගහක් තිබුණා. මම හෙමිහිට ගිිහින් අරලිය ගහ උඩට නැග්ගා. ඒ අසල ගොඩනැගිල්ලක උඩ සිටි අය කෑගහන්න ගත්තා ගහේ ඉන්න එපා ඊළඟ රැුල්ලට අහුවේවි කියලා.

මම හෙමිහිට ගහෙන් බැහැලා එන විට පුද්ගලයකුගේ අතක් කැපිලා ලේ විදිනවා දැක්කා. ලේ ඒම නවත්වන්න මොකක් හරි කරන්න කියලා ඔහු මගෙන් ඉල්ලා සිටියා. මගේ කලිසම් සාක්කුවේ තිබූ ලේන්සුව රැගෙන මම ඔහුගේ අතේ ගැට ගසා ලේ එන එක නතර කර ගත්තා.

වටේටම වතුර පිරිලා තිබුණා. මා ඉන්නේ කොතැනද කියලා අහගත්තෙත් ගොඩනැගිල්ලක උඩට වෙලා හිටපු අයගෙන්. ඒ වන විට මගේ එළවළු මල්ල ගසාගෙන ගොස් තිබුණා. කලිසම හා කමිසයත් බාගෙට ගැලවිලයි තිබුණේ. ඇඟ පුරාම මඩ. කණ්ණාඩි දෙකත් නැහැ. කාටවත් මාව හඳුනාගන්න බැරිවුණා.

සාරි සෙන්ටර් එක අසල ගොඩනැගිල්ලක සිටි අය මට උඩට එන්න කියලා කෑ ගැහුවා.

මා බොහොම අමාරුවෙන් තාප්පයක් අල්ලාගෙන ඒ දිගේ හෙමිහිට ඉස්සරහට ගියා. ඒ අසල ලොරියක් ද පෙරළී තිබුණා. මගේ පිටුපසින් ද කිහිප දෙනකු පැමිණියා. ලොරිය උඩ සිටි අයකු ඒකට ගොඩවෙන්න මට අත දුන්නා. පිටුපසින් පැමිණි අය මට උඩට නගින්න තල්ලූවක් දුන්නා. ලොරිය උඩට නැගලා ඒ අසල ගොඩනැගිල්ල මතට යන්න පුළුවන් වුණා.

ටික වේලාවක් එතැන ඉඳලා මා හෙමිහිට පාරට බැස්සා. ඒ වෙලාවේ හැම තැනම මළ මිනී, වාහන පෙරළිලා හරියට විශාලා මහනුවර වගේ. මේ මාතර ද කියලා මට හිතාගන්න බැරි වුණා. මා ක‍්‍රමයෙන් ප‍්‍රධාන බස් නැවතුම්පොළ පහු කරලා ඉස්සරහට ගියා.

මාතර යුද හමුදා කඳවුර ඉදිරිපිට එදා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අද වන විට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ තුවාලකරුවන් රෝහල වෙත රැුගෙන යමින් සිටියා. මම එතැනට ගියත් චන්දන වික‍්‍රමරත්නට හෝ කිසිදු පොලිස් නිලධාරියකුට මාව හඳුනාගන්න බැරිවුණා. මා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ළඟට ගිහින් නිල ඇඳුමට තට්ටුවක් දැම්මා.

ඇඟට තට්ටු කළේ කවුද කියලා ඔහු හොඳින් බලන විට මේ අපේ දිසාපතිතුමානේ කියලා ඉබේටම කියවුණා. ඒ වන විට මගේ දකුණු අත හා දකුණු කකුල තුවාල වෙලයි තිබුණේ මම චන්දනට කීවා ගෙදර අය බය වෙලා ඇති මාව ගෙදරට ගෙනිහින් දාන්න කියලා. ඒත් පාර අවහිර වෙලා තිබූ නිසා ගෙදරට යන්න බැරිවුණා.

මම ඉක්මනින් පොලිසියට ගියා. එතැනට මහින්ද යාපා අබේවර්ධන ඇමතිතුමත් ඇවිත් හිටියා. මොකද දිසාපතිතුමා කියා ඔහු මගෙන් ඇහුවා. මම දුව ගැන හොයන්න  ඕනෑ කියා ඇමැතිතුමාට කීවා. එවිට ඔහුගේම වාහනයෙන් දුවගේ පන්තිය ළඟට ගියා. එතැන කවුරුවත් හිටියේ නැහැ. පසුව නගරය පුරා දුව සොයමින් ඇවිදින විට ඇය යහළුවන් පිරිසක් සමග ගබඩා වීදියේ ආරක්ෂිත ස්ථානයක සිටිය දී හමුවුණා. මගේ ඇෙඟ් ලේ දැකලා දුව හොඳටම බය වුණා.

අනතුරුව ඇමතිතුමයි මමයි මාතර මහ රෝහලට ආවා. එවිට හැම තැනම මළ මිනී තිබුණා.

පසුව රෝහල් අධ්‍යක්ෂක කේ.අයි. පද්මතිලක මහතා හමුවුණා. මගේ තුවාල හා කම්පන තත්ත්වය දැකලා ඔහු කීවා රෝහලේ නතර වෙන්න කියලා. මම බලමු කීවා. මාතර රෝහලේ පිටගැස්ම එන්නත් ඉවරවී තිබූ නිසා මහින්ද යාපා ඇමතිතුමා ඒ එන්නත් ගේන්න කඹුරුපිටිය රෝහලට පිටත්ව ගියා.
මා රෝහලෙන් එළියට ඇවිත් නැවතත් බෝධිය ළඟට ගියා. එහිදී ගෙදරට දුරකථන ඇමතුමක් ගත්තා. එවිට බිරිඳ හඬා වැළපෙන්න පටන්ගත්තා. මම කීවා අඬන්න එපා මා ජීවතුන් අතර ඉන්නවනේ කියලා. ලොකු පුතා අවසන් වශයෙන් දික්වැල්ලේ දී කතා කළ බවත් ඉන්පසුව ඔහු ගැන තොරතුරක් නොමැති බවත් බිරිඳ කීවා. අපි පුතා සොයාගමු. දුවත් හොඳින් ඉන්නවා කියා මා තවදුරටත් ඇයට කීවා.

 

කාර්යාලයේ දේපල විනාශ වී.

 

ඒ වන විට විවිධ රාජ්‍ය ආයතන නිලධාරීන් මාතරට එමින් සිටියා. මම මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය තිබූ තැනට ගියාම මේස පුටු පරිගණක සියල්ල වතුරට ගහගෙන ගිහින්. ඒ වෙලාවේ මගේ ඇස්වලින් කඳුළු වැටුණා. දැන් කරන්න දෙයක් නැති නිසා බෝධිය ළඟට ඇවිත් පුටුවක් හා බංකුවක් තබාගෙන මඩ ඇඳුම පිටින්ම සහන සේවා කටයුතු කරන්න පටන් ගත්තා. බෝධියේ ශබ්ද විකාශන යන්ත‍්‍ර පාවිච්චි කරලා රාජ්‍ය නිලධාරීන් එතැනට රැුස්කර ගත්තා.

මගේ නිල වාහනයට කුමක් වෙලාද කියා මම එතැනට රැුස්වූ කිහිප දෙනකුගෙන් ඇහුවා. එවිට ප‍්‍රාදේශීය ලේකම්වරයෙක් කීවා කොටුවේගොඩ තාප්පයක් උඩ වාහනය කුඩු පට්ටම් වෙලා තිබෙන බව. ඒක දැක්කම මට හිතුනා මම කැබ් රථයට ගොඩවෙලා හිටිය නම් මේ වනවිටත් මැරිලා කියලා.
මාතර දිස්ත‍්‍රික්කයේ මාතර, දෙවිනුවර, වැලිගම, දික්වැල්ල ප‍්‍රාදේශීය ලේකම් වසම්වල ග‍්‍රාම සේවා කොට්ඨාස 72ක් මේ විපතට හසුවෙලා තිබුණා. පවුල් 22,768 ක් අවතැන් වෙලා. නිවාස 8018ක් විනාශ වෙලා. පුද්ගලයින් 1840ක් මිය ගිහින්. ඒ අතර දරුවන් 385 දෙනකු සිටියා. දරුවන් 199 දෙනකුගේ මව්වරු මිය ගිහින්. දරුවන් 134 කගේ පියවරුන් මිය ගිහින්. මව හා පියා යන දෙදෙනාම මිය ගිය දරුවන් 52ක් හිටියා. මේ තත්ත්වය මත සියලූම දෙනාට සහන කඩිනමින් සලසන්න මා සියලූම ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නා. අවශ්‍ය බඩු මුට්ටු කඩවලින් හරි ණයට ලබාගන්න මම  ඕනෑම දෙයකට අත්සන් කරන්නම් කීවා. ඒ අනුව මාතර බෝධිය ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය කරගෙන මා සහන සැලසීමේ කටයුතු ආරම්භ කළා.
එදින සවස මහින්ද රාජපක්ෂ මහතා ගුවනින් ව්‍යසනය නිරීක්ෂණය කර මාතරට ආවා. අපි මාතර පොලිසියේ සාකච්ඡාවක් පැවැත්වූවා. එතැනට රැුස්වූ අය මම සුනාමියට හසුවූ ආකාරයත් පුතා ගැන තොරතුරක් නොමැති බවත් කීවා. පසුව සමෘද්ධි නිලධාරී මහත්මයෙක් මට කමිසයක් ගෙනත් දුන්නා. කලිසම්වල ප‍්‍රමාණය නොදන්නා නිසා කලිසමක් ගෙනාවේ නැහැ කීවා.

මම මඩ තැවරුණු කමිසය ගලවලා ඒ කමිසය ඇඳගත්තා. සවස ඇඟපත හෝදා ගන්න පොඞ්ඩක් ගෙදරට ගියා. ඒ යන විට ගොඩක් දෙනෙක් ගෙදරට ඇවිත් සිටියා. ඔවුන් තැන තැන අඬමින් සිටියා. ගෙදර මළ ගෙයක් වගේ නිසා මා ඇඟ සේදීම පසෙක තබා නැවතත් මාතර බෝධිය ළඟට ආවා. එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඞී.ඩබ්ලිව්. ප‍්‍රතාපසිංහ මහතාට හා යුධ හමුදා කඳවුරේ කපිතාන් මදනායක මහතාට ලොකු පුතා අතුරුදන් බව කීවා.
ඔහු සොයා ගැනීම සඳහා රාත‍්‍රී අප දික්වැල්ල නගරයට ගියා. මුළු දික්වැල්ලම විනාශ වෙලා. වෙරළ අයිනේ ප‍්‍රධාන පාර අවහිරවී තිබූ නිසා කැකණදුර පැත්තෙන් ගියේ. යුධ හමුදාව පාර පිරිසුදු කරගෙන දික්වැල්ලට එන බව කීවා. අපි දික්වැල්ල බෙලිඅත්ත රෝහල්වලට ගොස් පුතාව තුවාලකරුවන් අතර සිටිනවද බැලූවා. අවතැන්ව සිටි ස්ථානවලට ගොස් පරික්ෂා කළා. ඒත් නැහැ. අවසානයේ තාත්ත කෙනකුට දකින්න බැරි දෙයක් වූ පුතාගේ මළ සිරුර මෘත ශරීරාගාරවලවත් තියේද කියා සොයා බැලූවා. ඒ වෙනුවෙන් කාලය මිඩංගු කිරීම අපරාධයක් වන නිසා අප නැවතත් මාතර දෙසට ආවා.
ඒ වන විට බෙලිදෙනිය හංදිය අසල බුදු පිළිමයක් මුහුද අයිනේ ඒ ආකාරයට තියෙනවා දැක්කා. අවට සියලූ දේ විනාශවෙලා. බුදු පිළිමයට කිසිම හානියක් වෙලා නැහැ. ඒක හරි ආශ්චර්යමත් දසුනක්.

නැවත මාතර බෝධිය ළඟට ඇවිත් සිරිත් පරිදි රාජකාරි වැඩ කළා. සුනාමියට හසුවෙලත් පුතා ගැන තොරතුරක් නැතිවත් මා රාජකාරි කරන බව මාධ්‍යවල විකාශය වුණා.

ඒක දැකපු ඇඹිලිපිටිය ඥාති පිරිසක් ඉතා ඉක්මනින් පුතා වාහනයක නග්ගා මාතරට පිටත් කර එවා තිබුණා. ඒ පහුවැනිදායි. සුනාමිය එනවාත් සමගම පුතා ආපස්සට ඇඹිලිපිටිය බලා යන බසයක නැගලා පිටත්ව ගිහින් තිබෙනවා.

එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් මේ ව්‍යසනය බලන්න මාතරට පැමිණියා. මා කළ සේවාව පිළිබඳව ඇයත් අගය කළා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒ වෙලාවේ ක්ෂණික තීරණ දෙකක් ගත්තා. සියලූම දිසාපතිවරු  ඕනෑම තීරණයක් ගන්න පුළුවන් නිසි බලධාරීන් බවට පත් කළා. ඊට අමතරව සහන සලසන්න දිස්ත‍්‍රික්කයට මිලියන 10ක් ලබාදුන්නා.

සුනාමි ව්‍යසනය පිළිබඳ මතකය අද වන විට බොහෝදෙනකුට අමතක වී ඇත්දැයි ගාමිණී සේනානායක මහතාගෙන් විමසූ විට හේ මෙසේ කීය. මම සුනාමියට මැරිලා ඉපදුන කෙනෙක්. ඒ නිසා මටවත් සුනාමියට හසුවූ කිසි කෙනකුටවත් ඒ පවුල්වල අයටවත් කවදාවත් ඒ අත්දැකීම අමතක කරන්න බැහැ. ඒත් අද සමහරු වැරදි වැඩ කරන්නේ සදාකාලිකව ජීවත් වෙනවා වගේ. ඒත් අපි සංසාරේ හැටි අවබෝධ කරගත්තා. මැරෙනතෙක් ඒ ව්‍යසනය අමතක වෙන්නේ නැහැ.

අලූතින් රාජ්‍ය සේවයට එක්වන අයට ලබාදිය හැකි පණිවුඩය කුමක්දැයි ඇසූ විට ඔහු මෙසේ කීවේය.

”අපි කිසි වෙලාවක තනතුරු නාම පසුපස යන්න හොඳ නැහැ. අපේ අවසන් ඉලක්කය මහජනතාවට සේවය කිරීමයි. මේ තරම් දෙයක් වෙලත් මට තිබුණා රෝහල්ගත වෙලා ඉන්න. ඒත් මම එහෙම කළේ නැහැ. පුළුවන් හැටියට වැඩ පටන් ගත්තා. එසේ නොවුනා නම් මාතර දිස්ත‍්‍රික්කය තවත් අරාජික වෙන්න තිබුණා. හැම වෙලාවෙම තමන් ගැන විතරක් හිතන්නේ නැතිව වැඩ කරන්න  ඕනෑ. සාමූහිකව වැඩ කළොත්  ඕනෑම අභියෝගයක් පහසුවෙන් ජයග‍්‍රහණය කරන්න පුළුවන්.”

කෙසේ වෙතත් මේ තරම් විපතකට පත්ව සිටියදීත් මහජනතාවට සේවය කිරීමට කැපවූ මාතර හිටපු මහ දිසාපති ගාමිණී ජයසේකර මහතා සියලූ දෙනාටම ආදර්ශමත් චරිතයකි.

ඔහු ඒ කළ විශිෂ්ට සේවාව සියලූ දෙනාගේ ගෞරවයට පාත‍්‍ර විය. මුදල් පසුපස හඹා යන යුගයක ගාමිණී ජයසේකර වැනි මහජන හිතවාදී අවංක මිනිසුන් මේ රටට තවත් අවශ්‍ය වනු ඇත. එමනිසා ඔහුගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝය.

මුහුද අයිනේ ඒ ආකාරයට තියෙනවා දැක්කා. අවට සියලූ දේ විනාශවෙලා. බුදු පිළිමයට කිසිම හානියක් වෙලා නැහැ. ඒක හරි ආශ්චර්යමත් දසුනක්. අපි ගොඩක් වෙලා ඒ දිහා බලන් හිටියා. එදා පෝය දවසක් නිසා හඳ එළියත් හොඳින් වැටිලා තිබුණා. මුහුදු වෙරළ ගස් කොලන් නොමැතිව ලස්සන පරිසරයක තිබුණා.

නැවත මාතර බෝධිය ළඟට ඇවිත් සිරිත් පරිදි රාජකාරි වැඩ කළා. සුනාමියට හසුවෙලත් පුතා ගැන තොරතුරක් නැතිවත් මා රාජකාරි කරන බව මාධ්‍යවල විකාශය වුණා.

ඒක දැකපු ඇඹිලිපිටිය ඥාති පිරිසක් ඉතා ඉක්මනින් පුතා වාහනයක නග්ගා මාතරට පිටත් කර එවා තිබුණා. ඒ පහුවැනිදායි. සුනාමිය එනවාත් සමගම පුතා ආපස්සට ඇඹිලිපිටිය බලා යන බසයක නැගලා පිටත්ව ගිහින් තිබෙනවා.

එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් මේ ව්‍යසනය බලන්න මාතරට පැමිණියා. මා කළ සේවාව පිළිබඳව ඇයත් අගය කළා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒ වෙලාවේ ක්ෂණික තීරණ දෙකක් ගත්තා. සියලූම දිසාපතිවරු  ඕනෑම තීරණයක් ගන්න පුළුවන් නිසි බලධාරීන් බවට පත් කළා. ඊට අමතරව සහන සලසන්න දිස්ත‍්‍රික්කයට මිලියන 10ක් ලබාදුන්නා.

සුනාමි ව්‍යසනයෙන් මට විශාල අත්දැකීම් සමුදායක් ලැබුණා. ඊට අමතරව කළ සේවය වෙනුවෙන් වීර චූඩාමනී ජනාධිපති සම්මානයත් හිමිවුණා. ඉතා ඉක්මනින් මාතර නගා සිටුවන්න විශාල පිරිසක් මට උදව් කළා.

ඔහු ඒ කළ විශිෂ්ට සේවාව සියලූ දෙනාගේ ගෞරවයට පාත‍්‍ර විය. මුදල් පසුපස හඹා යන යුගයක ගාමිණී ජයසේකර වැනි මහජන හිතවාදී අවංක මිනිසුන් මේ රටට තවත් අවශ්‍ය වනු ඇත. එමනිසා ඔහුගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝය.

 



අදහස් (0)

සුනාමියට ගහගෙන ගියත් ඉරුණු ඇඳුමින්ම වැඩට ආ මාතර මහ දිසාපති

මධුශානි හේවදේව Thursday, 26 June 2014 08:40 AM

මේ වගේ නිලධාරීන් ගැන අහන්නත් සන්තෝසයි. හැම කෙනාටම මෙතුමා ආදර්ශයක්. (ස)

:       0       0

ක්‍රිෂාන් දිස්සනයකේ Tuesday, 24 June 2014 06:45 PM

මා මොහු හදුනනවා සත්‍යගරුක සැබෑ පුද්ගලෙයක්. (අ)

:       0       0

අසෝකා Monday, 30 June 2014 12:50 AM

මමත් හිතනවා මාතර මේ තරමට ගොඩගන්න හැකිඋනේ ඔබවැනි නිලධාරීන් නිසා. නමුත් ඔබ යටතේ සේවය කල සමහරු නම් සේවය කලේ ඒවා හරියට ඔවුන්ගේ පුද්ගලික බුදලයක් හැටියටයි. (දී)

:       0       0

රජින්ද Saturday, 28 June 2014 02:33 PM

හැකිනම් මීලග ජනාධිපති වන්න...!!! දැන් අපේ රට සොයන්නේ ඔබවැනි ධාර්මික, යුක්තිගරුක පුද්ගලයින් පමණයි...!!! ඔබට දීර්ඝායු...!!! (දී)

:       0       0

ආනන්ද Wednesday, 25 June 2014 08:54 PM

සැබෑ මානව හිටවාදී ආදර්ශමත් පියෙක්, රජයේ සේවකයෙක්. ඔබට දිර්ඝායුෂ ලැබේවා (දී)

:       0       0

සිසිර Monday, 07 July 2014 10:41 AM

ඔබවන් නිලධාරීන් තව තවත් බිහිවේවා. ඔබට දීර්ඝායුෂ ලැබේවා.! (නදී)

:       0       0

ශාන්ති Saturday, 28 June 2014 02:09 AM

දැන් අපට අවෂ්‍ය මේ වගේ නිලධාරින් නේද

:       0       0

අශෝක දීගොඩ ගමගේ Wednesday, 25 June 2014 11:48 AM

ඔහු නියම මහත්මයෙක්. දීර්ඝායු වේවා. (ස)

:       0       0

සුජා Sunday, 29 June 2014 02:44 PM

මම ඔබතුමා ගැන අහල තිබෙනවා..ඒත් මේ සිද්ධිය අද.. දැක්කේ .මට ඇඩුනා ලිපිය කියවද්දී ..ඔබට දීර්ඝයු (දිල්)

:       0       0

තෙන්නකෝන් Tuesday, 24 June 2014 11:10 PM

මම මෙම දිසාපතිතුමා හොඳින් දන්නා කෙනෙක්. සියලු රජයේ නිලධාරීන් මෙතුමා ආදර්ශයට ගනිත්වා! (නි)

:       0       0

නන්දික Tuesday, 01 July 2014 02:59 PM

වර්තමානයේ මේ අද්විතීය සේවයේ ඔබ වැනි මහතෙකු සොයි ගැනීම කළු නික හොයනවා වැනිය . මොකද දැන් ඇත්තේ වැඩිවශයෙන් තම බඩගෝස්තරය ගැන හිතන මිනිසුන්ය . නමුත් මේ ලිපිය කියවීමේදී ඔබ මේ රටට ආභරණයකි .(දී)

:       0       0

අජිත් Saturday, 28 June 2014 07:17 PM

හොද ආදර්ශමත් චරිතයක්. ඔබට දීර්ගයුස ලැබේව.(දී)

:       0       0

නදින්ද්‍රා Saturday, 05 July 2014 05:22 AM

ගරු ජනාදිපති තුමනි, ඔබතුමා ලඟ මෙවැනි අවංක මිනිසුන් ඉද්දී ඔබතුමා මෙවැනි අය හොදින් හඳුනන ජනතාවගේ හිතවතෙක් වෙලා හිදිද්දීත් මට හිතාගන්න බැරි ඔබගේ නාමය වනසන නරි ලංකරගෙන රටේ හා ජාත්‍යන්තරයේ නම කැතකරන්නේ ඇයි කියලා. (නදී)

:       0       0

දයා Wednesday, 25 June 2014 12:38 PM

මෙම නිලදාරියා ඉතා අවංක කාර්ය ශුර නිහතමානී අයෙකු බව මා අත්දැකීමෙන් දන්නේ 1970 ගන්න වල සිටය. එවකට එතුමා කඹුරුපිටිය උප දිසාපතිතුමා වශයෙන් කටයුතු කරද්දී මා පාසැල් යන කුඩා කොලු ගැටයකි. මෙතුමාගෙන් මා ආදර්ශයට ගත් දේ බොහොමයි. අද දවසේ මෙවන් නිලදාරීන්ගේ අඩුව පෙනේ. ඔබ තුමාට සහ පවුලේ සැමට චිරන් ජයතු....!!! (නදී)

:       0       0

ලියොන් ගුනවර්දන Monday, 24 November 2014 07:08 PM

අද සැම පහසුමක්ම බුක්ති විඳිමින් මහේසාක්‍ය ලීලාවෙන් වැජඹෙන රජයේ නිලදාරින්ට මෙන්ම දේශපාලඥයන්ට ආදර්ශයක් දුන් සුනාමි දින ගෙදරට එළවලු ගන්න ගොස් දියරළට අසුවී ගසක රැදී දිවි බේරාගෙන අවස්තානුකුලව රාජකාරිය කළ දැන් ජනාදිපතිතුමාගේ උප්දේශකයකු ලෙස සේවය කරන මෙතුමාව රාජ්‍ය පරිපාලන ඇමති පදවිය දීමට කාලය එළඹී ඇත (නදී)

:       0       0

හැරිසන් Friday, 11 July 2014 04:21 AM

ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ආරියවංශ Friday, 11 July 2014 04:21 AM

මානව හිතවාදී අවංක රාජ්‍ය නිලධාරියෙකි. ඔබතුමාට හා පවුලේ සැමට දීර්ඝායුෂ පතමි. (නි)

:       0       0

දයාල් Wednesday, 25 June 2014 12:51 PM

හැකිනම් මට මෙතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න. (නි)

:       0       0

නිලුපුල් Monday, 14 July 2014 09:38 AM

ඔබ තුමා කල එම උදාර සේවය ඔබට මේ ගෞතම බුදු සසුන තුළදීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීමට උපකාර වේවා.....! (ස)

:       0       0

මාලනී Wednesday, 16 July 2014 05:36 PM

සුනාමියෙන් ඔබතුමා බේරුනේ ගුණවන්තබව නිසි ලෙස ඔබතුමා තුළ තිබෙන නිසයි. දීර්ඝායුෂ පතමි. (නි)

:       0       0

හපුතන්ත්‍රි Thursday, 26 June 2014 08:31 AM

ඔබ වැනි මිනිසුන් රටට වාසනාවන් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 237 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 116 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 246 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 616 3

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4825 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site